පාඩම් කිරීමේ කලාව සහ Mind Mapping හංසි(swan) මේ දවස් වල හරියට නින්ද යන්නෙත් නෑනෙ. රෑ 11 විතර නිදාගන්න ගිහින් ඔහේ කල්පනා කර කර ඉන්න ගමන් මං හිතුව ඊළඟට ලියන්නෙ මොකක්ද කියල. තියන කම්මැලි කමට බාගෙට ඉවර කරපු කතා දෙකක් සම්පූර්ණ කරලා දානවද කියල හිතල අන්තිමට හිතුව නෑ මම වෙනස් දෙයක් ලියන්න ඕනෙ කියල. එහෙම හිතල තමා මේක ලියන්න ගත්තෙ.අද ලියන්න යන්නෙ මයින්ඩ් මැප් ' Mind Map' ගැන. ...
ජයන්ත් හංසි(swan) ලෙක්චර්ස් ලෙක්චර්ස් ලෙක්චර්ස් ...හැමදාම ලෙක්චර්ස් ...එක දිගටම ලෙක්චර්ස් අහද්දිත් එපා වෙනවා .නිදිමත ලෙක්චර් කෙනෙක් ආවොත් සොරි තමයි .ඒ වෙලාවට ඇස් දෙකට නොකරන දෙයක් නෑ .සමහර වෙලාවට ඇස් දෙක අරගෙනම නින්ද යනවා .සමහර වෙලාවට සීගිරි කුරුටු ගී වගේ notes පොතේ ලියවෙනවා .නිදිමත දරාගන්නම බැරිවුනොත් කොහේ හරී බෑග් එකක් අස්සේ තියන ටොෆි එකක් අරන් කනව එකත් නිදහසේ කන්න බෑනේ. :(ටොෆි කොලය දිග ...
මියැදුන මලක් හංසි(swan) ඔයාගේ ආදරේ මම තේරුම් ගන්න මෙච්චර කල් ගත්තේ ඇයි කියල මම තාමත් පසුතැවෙනව.මිනිස්සු කියන්නේ ආදරේ අන්ධයි කියල.නැහැ ආදරවන්තයොයි අන්ධ..........එදා මේ දේ මම හරියට තේරුම් ගන්තනම් මම අද හිතින් මෙච්චර අඬන්නේ නෑ.මම මේ පොත කීපාරක් පෙරලුවද කියල මම දන්නේ නෑ.දහපාරක් සිය පාරක් දස දහස් පාරක් නෑ ඊටත් වැඩිය වෙන්නැති.දවස පුර මතක් වෙන මතක් වෙන හැම තත්පරේටම,පැය, සති, දවස්, අවුරුදු ...හැම තිස්සෙම ...
බත් කූරා හංසි(swan) මාගේ පොත් මේසෙ අයිනක පොඩි සතෙක් දඟලනව. පොල්ලක් වගේ දිග නැට්ටක්.විනිවිද පෙනෙන පිහාටු හතරක් පිහාටු අස්සේ හීනියට දැල් වියල.ම්ම්ම් ..ඇඟ කොලපාටයි ඔලුවටත් වඩා හෙන පොල් ඇස් ගෙඩි දෙකක් ..මූණ ඉස්සරහින් එලියට පැනල. මූ වෙන මොකෙක්වත් නෙවෙයි ඉතින්, පොඩි පහේ බත් කූරෙක්. :D මූ මොකද මේ මහ රෑ මගේ මේසේ උඩට වෙලා කරන්නෙ. වත්තෙ මලක එහෙම වහල ඉඳිද්දී පොටෝවක් ගන්නකොට බලන්නකො.හෙන ...
මගේ ගිරවී කොහෙද කියන් හංසි(swan) වෙනදට වඩා කලියෙන් ගොම්මන ඇවිත් අහස ආක්‍රමණය කරනවිට කළුවරට අතරමං වුන විහඟුන් එකා දෙන්න කෑ ගසමින් මුළු පරිසරයම කළඹමින් ගම් මැද්දේ සිට වනය දෙසට පියඹන්නට විය. සුළං කපා ඇසිල්ලකින් කැලඹ වූ පරිසරය සංසුන් වීමටත් මත්තෙන් වෙනදා මෙන්ම ඉංගිරීසි ඉසෙඩ් අකුර මෙන් පාර පුරා එහෙට මෙහෙට වැනි වැනි පැද්දි පැද්දි එන අරනේලිස් ගෙ තාල නැති ජෝතිපාලගේ සිංදුවක් පරිසරයට මුසුවිය.තාලයක් නැති ගොරෝසු ...
අහන් ඉන්න අහගෙන ඉන්න -3 (අවසාන කොටස) හංසි(swan) පළමු කොටසදෙවන කොටස....................................වෙලාව පහයි දහයයි .වෙනදට හැමදාම දුම්රිය කාලසටහන හතර පස්වතාවක් බලල ටිකට් එකක් ගන්නකන් ඉස්පාසුවක් නැතුව ඉන්න මම අද ටිකට් ගන්න තැනට ගියේ ඔහේ යන්නම් වාලේ.පඩිපෙළ නැගගෙන ගියේත් ඊයේ වෙච්ච සිද්ධි මතක් කර කර. හිතට මහ බර ගතියක් දැනුන වතුර පුරෝගෙන පිපිරෙන්න ඔන්න මෙන්න හදන වැහි වලාකුලක් වගේ. ඇත්තටම මට පිස්සු මම මොකටද ඔය කොල්ල ගැන ඔච්චර වද වෙන්නේ.අනෙක ...
සුබ උදෑසනක් !! :) හංසි(swan) සුබ උදෑසනක් !! :) උදේ පාන්දරම කවුරුම හරි කෙනෙක් හිනා වෙලා සුබ උදෑසනක් කීවොත් ඔයාගේ දවස කොයි වගේද ? සමහරවිට ගොඩක් අඳුරන සමීපතයෙක් වෙන්න පුළුවන් එහෙමත් නැතිනම් අඳුරන්නෙම නැති වැඩට යන ගමන්, පාරේ, බස් එකේ හම්බවෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම කෙනෙක් හිනාවෙලා සුබ උදෑසනක් කිව්වොත් තියන ප්‍රශ්න චුට්ටකට හරි අමතක වෙලා ඉබේම මූණේ හිනාවක් ඇඳෙනව නේද ? චුට්ටක් හරි හිත ...
නංගි මම වැරදිද ? හංසි(swan) මේ කතාව ලියන්නද නැද්ද කියල මම දෙපාරක් හිතුව මේ කතාවෙන් හිතන්න දෙයක් තියනව.. කතාවේ කියවෙන චරිත ගැන ඔයාලට කියන්න දෙයක් තියෙයි .කතාව කියවල ඉවර උනාම ඔයාලට හිතෙයි මේ කතාවේ කියන අයගෙන් එක්කෙනෙක් වැරදී කියල හැබැයි ඔයාට වැරදී කියල හිතෙන කෙනා තව කෙනෙක්ට වැරදි නැති වෙන්න පුළුවන් ..හැමදේම තීරණය වෙන්නෙ ඔයාල ඒ චරිතදිහා බලන කෝණය අනුව .මේක ගොතපු කතාවක් නම් නෙමෙයි ...
සිත් සංවාද හංසි(swan) එදා හරි නිහඬ දවසක්.විභාගය ඉවරවෙලා නිසා ටික දවසක නිවාඩුවක්.හවස් වරුවෙ කම්මැලි කමේ ඉන්නකොට මට සින්දු අහන්න හිතුන. නිහඬ බවයි හුදකලාවයි මං ආසම සිංදුයි.මේ තුන සංයෝජනය වුනාම හිතට දැනෙන වින්දනය ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.earphone එක කනේ ගහගෙන ඇඳට වෙලා නිවාඩු පාඩුවේ සිංදු අහන් ඉන්නකොට ජීවිතේම පාවෙලා යනවා වගේ හරිම සැහැල්ලුයි.එදත් ඔය වගේ දවසක් මං අහන හිටියේ කසුන් කල්හාරගේ සිංදු .රොමෑන්ටික් ...
සමනලයට එන්න දෙන්න හංසි(swan) පුංචි කාලේ ඉස්කෝලෙදි මට මතකයි අපි සමනල්ලු හැදුව.සමනල්ලු කිව්වම ඔයගොල්ලෝ හිතුවේ කඩදාසි වලින් හදන සමනල්ලු කියලද නෑ නෑ ඇත්තම ඇත්ත සමනල්ලු .කීය වසරේද කියල නම් මතක නෑ මම හිතන්නේ 5,6 වසර වලදී වෙන්න ඕන.අර මතකද කතුරුමුරුංග ගස්වල කොළ අස්සේ හැංගිලා ඉන්න කොළ පාට දිග පනුවො ඔලුව ලඟම තියන පුංචි කකුල් අඬු වලිනුයි පස්ස හරියෙ තියන කකුල් අඬු වලිනුයි අත්ත ...
නිදහසේ පියාඹන කුරුල්ලෙක් හංසි(swan) එදා මුළු දවසම කොලඹ ඇවිදල හෙම්බත් වෙලා හිටියෙ. ඊලඟ කෝච්චියට පැය බාගයක් වෙලාව තියන බව දැනගෙන මම ස්ටේශම ගාව තියන කෑම කඩේකට ගියේ බඩගින්න වැඩිකමට. පහුගිය දවසක පදික වේදිකාව ගැට්ටෙ අතුල්ලල පාන් කපන පිහියක් මුවහත් කරනව දැක්ක නිසාම කිසිම කෑමක් කන්න ප්‍රියක් තිබ්බෙ නෑ. ඒනිසාම සිසිල් බීම බෝතලයක් අරගෙන මම වාඩිවෙන්න තැනක් බැලුව.වටේටම සෙනඟ පිරිල. වේටර් කොලුවට මෙලෝ සිහියක් ...
විහඟුනේ නික්ම යනු ... හංසි(swan) විහඟුනේ නික්ම යනු මේ කවුළු අද්දරින් වලා අතරින් සැඟව යනු දෑස් මානයෙන් ප්‍රේම ගී මුතු පබළු දමා සැඩ ගං මතින් මේ පාළු මකන්නට යලිදු මෙහි එනු සැනෙන් හදේ විල් දිය කැළඹි නැගී ආ දුක් රසෙන් ප්‍රේමයේ රස අමාවියැකිලා හදවතින් මා ගයන වියෝ ගී අමුණාල සීරුවෙන් විහඟුනේ ගයනු මැන මේ සවන් අද්දරින් මේ ඉරත් සඳ තරුත් හිනැහෙනා මානයෙන්ඔහු ගෙවන නව දිවිය ...
දම් පාට ටියුලිප් හංසි(swan) ඒක ටිකක් අමාරු කාලයක්. වීදි පුරා ඇවිදල ඇවිදල හෙම්බත්වෙලා මං ගොඩ උනේ ලඟම තියන තැබෑරුමට.ඒකත් මිනිස්සු වැඩිය ගැවසෙන්නේ නැති අඳුරු තැබෑරුමක්. හිසට උඩින් මාත් එක්ක දවස පුරා ඇවිද්ද ඉර නිසා දැන් තෙහෙට්ටුයි.උගුර කට වේලිල දිව ගිලෙන්න වගේ. ඔක්කොටමත් වඩා දනිස් පොල්කටු කෑගගහ තැනක් හොයන්නෙ කකුල් දෙකට නිදහසක් ඉල්ල ගන්න.සාක්කු හිස්වෙලා සිදුරු මතුවෙලා තියෙද්දිත් අමාරුවෙන් අහුල ගත්තු කාසි කීපයකින් මම වයින් ...
මුරණ්ඩු සිත -නිදහස සොයා යාම හංසි(swan) චූටි දුව මම හෙට අනුරාධපුරේ මලගෙදරකට යනවා මාමත් එක්ක. තාත්ත හෙට වැඩ ඇරිලා එහෙම්මම පාටි එකකට යනවා කිව්ව.ඔය හෙට ගෙදරනෙ ඉන්නෙ පරිස්සමින් ඉන්න හොඳේ.හොඳට දොරවල් අගුලුදාළ ඉන්න.කවුරු ආවත් දොර අරින්න එපා.බල්ලව ඇරල තියන්න.ආධාර කාරයෝ එයි රැවටෙන්න එපා ළඟටවත් යන්න එපා හොරුත් එනවා ඔය වගේ. ගේ ඇතුලටම වෙලා ඉන්න හරිද. තාත්ත ගියාට පස්සෙ ගේට්ටුව ඇතුලින් ඉබ්බා දාගන්න .මොනවහරි වුනොත් ටක් ගාල ...
දින පොතක සටහන්................ හංසි(swan) දිනපොතේ හැමදේම ලියන එක හරි නෑනේ .. කපල කොටලා අවශ්‍ය ටික විතරක් මෙතන ලිව්වා ... ;) 2014.05.30 ......................................අදත් තාත්ත එක්ක බයික් එකේ යද්දි ෆොටෝස් ගත්ත .නිදි කිර කිර බයික් එකේ ගිහින් එකාපාරටම කොහෙන්දෝ ඇහිච්ච නලා සද්දෙකට ඇහැරෙනකොට වැල්ලවත්ත හරියෙ ... ටිකක් පොද ගහන වෙලාවක් ඈත මුහුද එක්ක තිබිච්ච අහස එච්චරම ලස්සන නෑ ෆොටෝ ගත්තට වැඩක් නෑ .එත් මුහුද පැත්තට එහා ...
මෙවන් අය්යල වාසනාවන් .... :P හංසි(swan) Interval ඉවරයි අපි ඔක්කොම වාඩිවෙලා හිටියේ lecture hall එකේ ඊළඟට තියන වැඩසටහනට .කට්ටිය හැමෝම හිටියේ හිතට අරගෙන .අපි දැන් කුළුඳුල් ජේෂ්ඨයෝ නෙ juniors ල ගෙන් මාරම සැලකිලි කොහේ හිටියත් කටපුරා හිනාවෙනව ;) හරි දැන් වැඩසටහන පටාන් ගන්න යන්නේ වැඩසටහන ..හ්ම්ම් ...පොඩි 'පුනුරුත්ථාපන' වැඩසටහනක් .(මේකෙ වෙන්නෙ juniors ල එක එක්කෙනා ඉස්සරහට ගිහින් එයාල ගැන විස්තර කියල අන්තිමට අපි කියන දේ කරන්න ...
හදවතට කියන වග නම් හංසි(swan) මහද කම්පනය වනු මුදු සියුම් ස්වර රිද්මයෙන් ඉපිලී නොයනු නැටවෙන ප්‍රීති ප්‍රමෝදයෙන් සියුම් ගැස්මක් වුවද ගිලිහෙනා ග්‍රහණයක් විඳි නොවිඳි ස්පර්ශ අග රිදුම් දෙන කටු තුඩක් සීතලක් .. දැඩි සීතලක් ලෙයත් මිදෙනා සීතලක් මහද චංචල නොවෙනු..ජීවිතය අනියත තැනක් ප.ලි . පින්තූරය දැක්ක ගමන් ලියන්නම හිතුන..කවියක්ම නෙවේ ..ඒත් ඔහේ කුරුටු ගෑව ... ...
වැස්ස වැස්ස හංසි(swan) අද ගොරවන්නේ නම් නෑ ඒත් එලියෙ සූ ගාල වහිනවා. කලින් තිබ්බේ පොද වැස්සක් එළියේ තිබ්බ හිස් සැමන් ටින් එකට ටක් ටක් ටක් කියල වැටුන වතුර බින්දු දැන් අලුත් ම තාලයක් අල්ලල.හරියට වේග රිද්ම සංගීතයක් වගේ.වැස්සත්එක්ක එන සීතලට ටොමිය පාපිස්සෙ ගුලිවෙලා. හරියට දුඹුරුපාට පුළුන් ගුලියක් වගේ.අම්මලත් කලින්ම නිදාගෙන.මම විතරක් මේ මහ රෑ ඇහැරගෙන.... සීතලයි....සිනිදු කොට්ටයක් තුරුලුකරන් කකුල් දෙකම වැහෙන්න පොරෝනයක් පොරවාගෙන ...
ඉතින් එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමී... හංසි(swan) කවිය කවිය කිව්වම මතක් වෙන සිංදුව මොකක්ද ?"කවිය ඔබ......තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසීසිත දෙගිඩියාවෙන් තවම නොලියූකවිය ඔබකවිය ඔබ......."මම හරි නේද ? :)හැබැයි කාලෙකට පස්සෙ මම අලුත් සිංදුවක් ගෙනාව. ඒකෙ නමත් 'කවිය' .......හිතට දැනෙන වචන තියන ලස්සනයි කියන්න පුළුවන් සිංදුවක්. වචන ටික පහල කොටල යන්නම්. අමතක නොකර සිංදුව අහන්න :) බොහෝ පෙම් කවි ලියු පසුවදසියුම් කැපුමක් මෙන් රැදීනොලී කවියක් තිබිය නොහැකිදහදේ යම් රිදුමක් දිදීතියුණු ...
සිතුවම හංසි(swan) බිත්තිවල කුඩා කවුළු වලින් ඉර එලිය කාමරයට වැටී ආලෝකවත් වී ඇත.ඔහු තව විනාඩි කිහිපයක් ඇඳ මත වැතිරී බිත්තියේ එල්ලා තිබු දින දර්ශනය දෙස බලා සිටියේය.එහි ඉලක්කම් නොපෙනෙන තරමට තැනින් තැන කුරුටු ගා ඇත.මාසයේ අවසන් දිනය පමණක් තද රතු පැහැති පාට කූරකින් රවුම් කර ඇත ."තව එක දවසයි .අද මම කොහොම හරි චිත්‍රෙ ඉවර කරන්න ඕන" .ඔහු තමාටම කියගත්තේය.තවදුරටත් ඇඳෙහි වැතිර ...