ගොළු හදවතක් ... හංසි(swan) ප්‍රේමයට අවැසිනම් නොකියාම පැමිණෙන්න රහසේම හද තුලින් දුහුල් මල් පූදින්න කාටවත් ඇස නොගැටි හද කුටිය ඇරදෙන්න නැත කිසිදු අවසරක් ලොවෙන් ඇය අරගන්න පිපෙන්නේ මල තනිව තනි හිතක රහසේම ලියන්නෙ කවි නිතින පෙති පුරා ඔහු ගැනම විඳින්නේ හද ගොළුව මුව වදන් නොම පිටව සොයන්නේ පැතු නෙතයි මුළු ලොවට රහසේම එහෙත් පෙම් මල් නැගෙයි මේ අඳුරු කුටිය වට ඒ කුසුම් නොදනී වි ...
හිත මිතුරු සුළඟට ආයෙමත් ලියමි .......... හංසි(swan) හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන් මහ අඳුර සමග වැහි පොද මෙහි රැගෙන එන ලෙසින් යලි කිසිදු දිනක ඈ නොඑතියි නිසැකවම දනිම් වැහි වැටුනොත් මේ ශේෂ කඳුළු නතර වේ සැනින් ......... //විදි පුරා වතුර පිරී හෙමින් හෙමින් මාවත දිග ඉතිර යාවි දැන් ආගිය මග ලකුණු තෙමී යනවානම් මතක ලකුණු නිධන් වේ කෙමෙන් හිත මිතුරු සුළඟ ළඟ එන වැහි ...
රෝස ගස සහ සමනළ තටුව හංසි(swan) ප්‍රේමයක් අහිමිව වසත් කලදීම මැලවුන කෘෂව ගිය කටුගස විටෙක කුසුමින් බරවුන නැවුම් පඳුරකි රෝස කටු තුඩග ලෙලෙදෙන ඉරුණු සමනල තටුව බොහෝ තතු කියන ශේෂ වූ මතකයකි සමුගැනීමක දුක්බර පෙරදින ගොදුරු ගැටුමක රෝස කටු ප්‍රහාරෙට නොසැලුනු කටුස්සෙකි අරනේක පැහැ ගෙන තවමත් දඩයමේ යන මල් හලා හැම විකසිත මළගමට අද සැරසෙන රෝස ගස තනිවයි මදනල ට ඉඩ දී සමනළ තටුව පා කර ...
දත් හංසි(swan) හැමෝම දන්නවනේ හංසි කියන්නේ හාවෙක් වගේ හරි අහිංසක ගෑල්ලමයෙක් කියල. මම කිව්වේ හාවෙක් වගේ අහිංසක කියල හොඳේ දැන් හාවෙක් කිව්වම මේ පහල රූපෙ වගේ තඩි කන් දෙකකුයි දිග හා දතකුයි තියන එකියක් මවාගන්න එපා හරි. මම කිව්වනේ ලස්සන හින්දැරි කෙල්ලෙක්. ^_^ හැබැයි මේ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න තිබ්බ අපේ දත් දොස්තර මාම නොහිටියානම්. එහෙනම් අද හංසි තියෙන්නෙ මීයෙක් වගේ පොඩි ...
නින්ද හංසි(swan) 138 කොටුව කොටුව කොටුව කොටුව යාන්තන් ඇහැපියවුනා විතරයි කන ගාවම ඉඳන් කොන්ද කෑගහනව -_- මහ ජරා දවසක් අප්ප ඊයෙ පාන්දර දෙක වෙනකන් අමාරුවෙන් ඇස්ගෙඩි දෙක ඇහැරවගෙන report ලියල ලියල නිදාගන්න හැදුව විතරයි මගුල් windows update එකක් එනවා.මෙච්චර දවස් හිටිය මෙලෝ සද්දයක් නෑ .ඉඳල ඉඳල රෑ ඇහැරිලා නිදාගන්න කොටම ඉතින් update එනව.bilgates පරම්පරාවටම ප්‍රේම කරන්නේ ඒ වෙලේට තමයි.ඇත්තමයි කියන්නේ අන්න ඒ ...
තවත් දවසක් හංසි(swan) අද විශේෂ දවසක් .වෙන මොකවත් නිසා නෙමෙයි අද මගේ අතිජාත අති ප්‍රේමණීය අතිසුන්දර අය්යන්ඩිය ගෙ උපන්දීනේනේ. හි හී වර්ණනා වැඩිද මන්දා කමක් නෑ අදවගේ දවසක තමයි ඔහොම කියවෙන්නෙ .තරහ ගිය වෙලාවක නම් ඔය අති ප්‍රේමණීය වදන් මොකවත් නෑ .ගස් ගෙම්බා , ඇට ගෙම්බා ,වල් ඌරා .. හාවෝ මුවො අරුණු කොට ලෝකේ ඉන්න හැමසතාම ඉතිං කියවෙනවා . කොහොම කොහොම හරි සැප්තැම්බර් ...
සුද්දිට හංසි(swan) කුසුම මගෙද මා නතුකර රස වින්දබඹරු නැතිද මා නැති තැන ලුහුබැන්දමුලා වුනිද මා නුඹටම පෙම් බැන්දකිලුටු කුසුම් පෙති දැක ඉන්නේ කෝමසිපිරි ගෙදර රෑ දහවල නිදි මැරුවනුඹෙ තනියට සිත දුවවිත් මුර කෙරුවමා සතු අමිල රුවනක්වන් රුවැති ලඳමේ සිත් වහන් කොට වෙනතක ගියෙ කෝමකාසි දිදුල දෑස නිලංකර උනි දනේක බඹරු මත් දළ විද සැඟවුනි දසළු පිලි අහර නැති දා නුඹ දුක් වී ...
අතීත මතක : අය්යගෙ කතා ;) හංසි(swan) මම : අය්යේ .. අය්යේ ...අය්ය : ඕ ...මම : අය්යේ ..මට කතාවක් ලියන්න මාතෘකාවක් කියන්නකො.අය්ය : "අය්ය " :D මම : අය්ය ? එහෙනම් ලියන්න වෙන්නෙ කරපු මගෝඩි වැඩ තමා.අය්ය : ඕ .. ^_^මම : එහෙම නෙවේ .. මට සුරංගනා කතාවක් ලියන්න එකක් කියන්නකෝ අය්ය : "සුරංග අය්ය “ :Dමේ සති දෙහෙකට විතර කලින් අපේ අය්යගෙන් කතාවක් ලියන්න අහද්දි ...
අද විශේෂ දවසක් ^_^ හංසි(swan) ඩෝං ..පටෝං .. ඩෝං ...මිත්‍රවරුනි ,සහෝදර සහෝදරියනි ,මචංලා, මචීලා... තව ... නැන්දේ ,මාමේ, අය්යේ , අක්කේ, නංගියේ , මල්ලියේ ... අද දින පවත්වන මේ සුවිශේෂී උත්සවයට සපැමිණි ඔබ සැවොම සාදරයෙන් පිළිගන්නවා.කෝ අය්යෙ... හපොයි ඇයි මේ හිටං ඉන්නෙ ඉඳගන්න ඉඳගන්න .. ආ නංගී අද හරි හැඩයිනෙ එන්න..අය්යෝ මේ ඔය තෑග්ග දෙන්න බැරිය පස්සෙ. මෙතනින් ඉඳ ගත්තනම්. කෝ මේ වේටර් ..ආ මේ ...
මම ආසම පාට හංසි(swan) ඔයා ආස පාට මොකක්ද ?වෙරළ දිගේ බර අඩි තියන ගමන් පිටිපස්සෙන් එන එයාගේ කටහඬ ඇහුන.ම්ම්ම් ...මම තව පියවරක් ඉස්සරහට යන්නේ නැතිව නැවතිලා දුඹුරු ක්‍රීම් මිශ්‍ර තෙත වැලි දිහා බලන් හිටිය.ගුරු පාට .. මට ඉබේටම කියවුනා.මොකක් ගුරු පාට ??ඔව් ..ගුරු පාට අර දුඹුරු ක්‍රීම් මිශ්‍ර පාටක් තියෙන්නෙ ..අන්න ඒක....ඔයා දන්නවද අපි පොඩි කාලෙ ඉඳන්ම මොන්ටිසෝරියේ ඉඳන්ම ගස් පාට කලේ මොන පාටද ...
මධු අක්කා හංසි(swan) අන්න මධු අක්කා අලුත් කඩයක් දාලලු .. ඒ අම්මගේ කටහඬ ආ එහෙමද ..කොහෙද දාල තියෙන්නෙ ?මොන කඩයක්ද ?දානවැයි කිව්වට මං හිතුවේ නෑනේ ඔච්චර ඉක්මනට කඩයක් දායි කියලකෑම කඩයක්ලු දාල තියෙන්නෙ... ස්වර්ණ ඇන්ටි තමයි කිව්වේ. මධු අක්කත් පස්සේ අපිට කෝල් කරනවයි කිව්වෙ.ඔහොම හරි නැගිටිනවානම් හොඳයි හැමදේම පිරිමියෙක් වගේ තනියම නෙ කරන්නෙ .. හ්ම්ම් බලමුකෝ මම පස්සේ ෆ්‍රී වෙලාවක අක්කට කතාකරන්නම්කො ... ...
ගොඩපර හංසි(swan) සති ගානකට කලින් පුංචි දළු විතරක් තිබ්බ ගොඩපර ගහේ එක අතු රිකිල්ලක් දැන් වෙද්දී පාට වැටිලා ඉර එලියට දිස්නේ දිදී දිලිසෙනව.වටේ පිටේ තියන ගොඩපර මල් වල සුවඳට කිතිකැවිල නැළවෙන සුළඟත් එක්කම ගොඩපර අතුත් හෙමින් හෙමින් පැද්දෙනව.හුළඟේ තාලේටම කොලත් හෙමි හෙමින් තාලේ අල්ලනවා.පොඩ්ඩක් හරි තාලෙ බිඳෙන්නේ හදිසියෙන් ඇවිත් කඩා පාත්වෙන මාල ගිරවියන්ගෙන්.අදත් උන් ඇවිත් ගොඩපර ගෙඩිවලට රණ්ඩු කරද්දී ඊයෙ පෙරේද දළු ...
තාරකා මාළු හංසි(swan) තවත් එක් අලුත් දවසක සුන්දර උදෑසනක් .උදෑසන ප්රබෝධය හැමතැනම පැතිරිලා .එක මහල්ලෙක් උදෑසනම මුහුදු වෙරළට ඇවිත් .වෙරළ අසල තිබ්බ ගල්පඩියකට වෙලා ඈත වෙරල දිහා බලහිටිය ඔහුගේ ඇස් අහම්බෙන් වගේ යොමුවුනේ වෙරල දිගේ ඈතින් දුවන් එන තරුණයෙක් .ඔහු සැබවින්ම කඩවසම් තරුණයෙක් .ප්‍රබෝදයෙන් පිරුන ඔහුගේ මුහුණ දිහා බලන් හිටිය මහල්ලා මේ තරුණයා දිහා හිස නැබුරු කරලා ඕනෑකමින් බලන් හිටියේ ඔහු දුවනවටත් වඩා ...
සුරංගනී හංසි(swan) ගමේ බස් එක ජම්බුගස් මුල්ලෙන් හැරිලා පන්සල පහුවෙනවත් එක්කම මට මතක් වෙන්නෙ එකම එක්කෙනෙක්.ජම්බුගස්මුල්ල හංදිය හැරෙන තැනම වෙලත් එක්ක තියන පුංචි පාරෙ ඇතුලට ගියාම මොනවද තියෙන්නෙ කවුද ජීවත්වෙන්නෙ කියල කියන්න මම හරියටම දන්නේ නැහැ හැබැයි ඒ හරියේ අවට මලගෙයක් වෙන දවස් වලට මුළු පාරම සුදු කොඩිවලින් සරසන නිසා මම දන්නව ඒ පාරෙ කෙලවර කොහෙම හරි කනත්තක් ඇති කියල.අදත් බස් එක ...
ඉයන් මාමාගෙන් අභියෝග , කැමතිම සිංදු , විභාග මැද මම :/ හංසි(swan) කලණ අය්යගෙ පෝස්ට් එකක් මුහුණු පොතේ දැකල එතනින් ඉයන් මාමගෙ බ්ලොගේට රිංගල වෙච්ච අකරතැබ්බේ කොහොමද කිව්වොත් ළඟ එන විභාග අස්සෙ පාඩම් කරන්න තිබ්බ සටහන පැත්තකින් තියල යූ බටේ සිංදු අහන්න ගත්ත. මේ අය්යලයි මාමලයි ලස්සන සිංදු දාල අපිව අවුස්සද්දි කොහොමද ඉන්නෙ. :( බැරිම තැන මමත් ආසම සිංදු ටික තේරුවා. සිංදු ටික තෝරද්දී කල්පනා උනදේ තමයි ඇත්තටම ඉයන් මාමාට සිංදු 16 ...
ආදරය ගැන නොකී කතාවක් හංසි(swan) අද වැලන්ටයින් ..මුහුණු පොත පුරා හදවත් වලින් සැරසිල. පරණ යාළුවො, අලුත් යාළුවො, බැඳපු යාළුවො, බඳින්න බලාගෙන ඉන්න අය මේ ඔක්කොටම අද වැලන්ටයින්. මටයි කියල ඉතින් ලොකු වෙනසක් නෑ. තාම තනිකඩ වීමේ ප්‍රීතිය සමරනව. ඒ අතර ඉඳල හිටලා හිතේ තිබ්බ ආලවන්ත කම් එහෙමත් එහෙන් මෙහෙන් මතක් වෙනවලු. 'ගොඩපර' කතාවේ දෙවෙනි කොටස ආදර වන්තයින්ගේ දවසේ ලියන්නත් හිතුවට මොකද දෙවෙනි කොටසක් ලියන්න තියන ...
'සිල්වත්' උපාසකය හංසි(swan) දොහොත් මුදුන් ගෙන සුදු පිරුවට ඇඳසිල්වත පෙන්වයි මුහුණු පොතේකන බොන විට දිත් බත්පත අතගාධර්මය දිගහැර බෙදා දෙතේඉඳ හිට ඔබ මොබ උකුසු ඇස් යවාඕපදුපයක් සොයා යැතේචීත්ත ඇඳගෙන සිල්වත් උතුමෝකපුටෙකු වැමරුව හැටි කියතේ ...
යමු හංසි(swan) යමු මාවතක ...බොරළු පිරි සියුම් පා රිද්දන ගල් තැලුම් ඇතිවන යමු මාවතක ...තවත් දුර දෙපා අඩි රත්වෙන දාහයෙන් බැට කන යමු මාවතක .....නොසැලීම කටු කොහොල් මග දිග පැන ඇවිත් හූරන යමු මාවතක ....කෙලවරට ගිමන් හල දිස්වන බොහෝ ජන රැස්වෙන කියමු ආගිය කතා රස විඩාබර දුරුකොට පිපාසය සංසිඳ යමු මාවතක ....යලිත් දුක් සතුට සම සම එකා මෙන් පොදිබැඳ ..යමු ....ජිවිතේ ගමන් ...
පෙප්සි කඩේ මී මැස්සා හංසි(swan) මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද .... ? පාට පාට සමනලුන්ට හිනා පපා හාද වෙන්ට පැණි කුරුල්ලො වටකරගෙන සියුම් හඬින් ගී ගයන්න ඒ ඔක්කොම යනෙන විටදි මා කොහිදැයි මතක් වෙන්න චපල මලේ චපල මලේ මටනම් බැහැ තවත් ඉන්ට මුහුදේ මාළු එකෙක් නොවේ තව ඉන්නව මං දන්නවඒත් ඉතින් මල් හැමෝම චපල බවත් මට හැඟෙනවා තවත් මොකට ආලෙ වෙන්නෙ මගේ ...
අහන් ඉන්න අහගෙන ඉන්න -2 හංසි(swan) කතාවේ මුල් කොටස මෙතැනින් කතාවෙ ඉතිරිය ..............ෆෝන් එකේ මැසේජ් එක දැක්ක ගමන් මම කොච්චර කලබල උනාද කිව්වොත් ඒ වෙලේම අර කොල්ලට කෝල් එකක් ගත්ත.හෙලෝ ... මේ අර ..මේ ..කොටුවේ හම්බුනා කෙනාද කතා කරන්නේ ..මේ අර ...මට ෆෝන් එක දුන්නේ ..මට එහා පැත්තෙන් ඇහෙන්නේ හීන් කෙඳිරියක් ....ලාවට අමාරුවෙන් හෙලෝ කියනව ඇහුන. එච්චරයි එතනින් එහාට කිසිම සද්දයක් නෑ ...මම ආයෙත් කතා කරා ...