තනි තරුවේ ... හංසි(swan) දුරයි ..ගොඩාක් දුරයි ....ළඟාවෙන්න බැරි තරමට ඔයා දුරට ගිහින් .... එත් ඔයා දන්නවද ....මගේ ඇස් තාමත් ඔයාගෙන් ඉවතට ගන්න බැරිවෙලා . . ~(නිහඬතාවය ...)~ . මම ඔයා දිහා තාමත් බලාගෙන ...වචන ඔක්කොම හිරවෙලා වගේ.. ....ඔයාට ඇහෙනවද ? .... මගේ හිත ගොඩාක් දේවල් කියනව ..ඔයාට ඇහෙනවද ? රෑ හරිම නිහඬයි . කවුරුත්වත් නැ ...මායි හුදෙකලාවයි විතරයි . . ~(නිහඬතාවය ...)~ ...
තාත්තා හංසි(swan) වෙලාවකට "චූටි දුව " වෙලාවකට "පොඩ්ඩි " වයස අවුරුදු 20 කටත් වැඩී එත් මං තාම තාත්තගේ චූටි දුව ...අද අම්මාවරුන්ගේ දිනයලු ..මට අද තාත්ත ගැන ලියන්න හිතුන . තාත්තා ....හ්ම්ම් කොච්චර නම් ලියන්න තියනවද තාත්ත ගැන ....මං චූටිකාලේ මට තාත්ත එක්ක වැඩිය ඉන්න හම්බුනේ නෑ හමුදාවේ අයට නිවාඩු අඩුයිනෙ. තාත්තත් එන්නේ මාසෙකට සැරයක් ඒ ආවත් ඉන්නෙත් දවස් හතක් , අටක් ...
අතීත මතක -අති විශේෂ ක්‍රීඩා හැකියාව :P හංසි(swan) ඔන්න අද අතීත කතාවක් තමයි කියන්න යන්නෙ. මේ අතීත කතාව මතක් උනේ පහුගිය දවසක මගේ සහතික දාපු ෆයිල් එක අහම්බෙන් දැක්ක වෙලේ.පොත් අල්මාරිය අස් කරන ඉන්න කොට අහම්බෙන් දැක්ක ඒ නිල් පාට ෆයිල් එක සීරුවෙන් අතට ගත්ත.මම ඉතිං මේකේ සහතික එකින් එක වැඩිවෙන කල් කොච්චර කෙල හලන් බලන් හිටියද. ඒ කාලේ මට සහතික වැඩිකරගැනීමේ පිස්සුවක් තිබ්බනෙ .ඇත්තම කිව්වොත් අපේ අය්යන්ඩි ...
ගෙඹි කවි හංසි(swan) මේ අවුරුද්දට මං බ්ලොගේට ආවේ කවද්ද ? අම්මෝ ජනවාරි ..මේ අප්‍රේල් නේ ... දෙය්යනේ මාස කීයක් බ්ලොගේ අතහැරලා ගිහින්ද ? බ්ලොගේ පාලුවට ගිහිල්ල .. :( හ්ම්ම් ..මොනවා කරන්නද මේ කැම්පස් වැඩ වලට හිර උන නිසා කිසිම දෙයක් ලියන්න බැරි උනා.කතාවක් ලියන්න වත් කිසිම අදහසක් ඔලුවට ආවේ නෑ .දෙතුන් පාරක්ම ලියන්න හදල බාගෙට ලියල gmail draft වලට දාපු කතා කීපයක්ම තිබ්බත් ...
මට හිත් කියවන්න පුලුවන්නම් ... හංසි(swan) ජීවිතේ සමහර අවස්ථා එනව කියාගන්න බැරි විදිහට අසරණ වෙන... කෑගහල අඩන්න හිතෙනව.. ඒත් කෑගහන්න බෑ ලෝකයට ඇහෙයි කියල . හිත ඇතුලින් ඒ වෙනුවට අඩනවා වැලපෙනවා බැන ගන්නවා හැමදේම හිතත් එක්ක විඳිනවා විඳවනවා සමහර වෙලාවට හිතෙනවා මිනිස්සුන්ගේ හිත කියවන්න පුලුවන්නම් කියල... මේ හොඳට කතාකරල ගොඩක් සමීපව ඉන්න යාලුවෝ පස්සේ ජීවිතේට හමු උනේ නැති ගානට වෙනස් වෙනවා වැරැද්ද කාගේද කියලවත් හොයාගන්න බෑ ...
..... හීන .... හංසි(swan) ඇයි මිනිස්සු හීන වලට මෙච්චරම ආස .ඒ මිනිස්සු ජීවත් කරන්නේ හීන නිසා .කවදාවත් ලැබෙන්නෑ කියල දැන දැනත් ඒ හීනවලටම ඇලිල ඉන්නෙ ඇයි ?ඔයාටත් හීන ගොඩක් තියනවා නේද ?ඔයා දන්නව සමහර හීන ගොඩාක් ඈතයි කියල .ඒත් ඇයි තාමත් ඒ හීන වලට ආස ..හේතු ගොඩක් ඇති ..ම්ම්ම් මට හිතෙන්නෙ ඒ හීන හිතන හැමවෙලේම අලුත්වෙලා හීනෙ තවත් ලස්සනකරනවා .තවත් ලස්සන කොටසක් හීනෙට එකතුවෙනව ...
යාචකයින් ..........හිඟන්නො හංසි(swan) වැදගත් විදිහකට කිව්වොත් යාචකයින් නැත්නම් කියන්නේ හිඟන්නෙක් ....මේ කොයි විදිහට කිව්වත් කියන්නේ කවුරුගැනද කියල අපි දන්නව .සමහර විට ඔයාලා හිඟන්නන්ට සල්ලි දීලත් ඇති... දීල වැඩක් නෑ කියල අහක බලලත් ඇති මේක ලියද්දි අතීතයේ මගේ මතකයේ රැදිච්ච හිඟන චරිත ගොඩාක් මතක් වෙනවා. ඉස්සර මම පොඩි කාලේ පත්තරේකට කතාවකුත් දැම්ම වගේ මතකයි ඒ වයසක හිඟන සීය කෙනෙක් ගැන.මට ඉස්සර හිතුනේ ළමයි ඇත ...
අවුරුද්ද .. හංසි(swan) එයාලට අවුරුදු ලු ..ඇයි මට ??? මටත් අවුරුදු .. හැබැයි මේ අවුරුද්ද අතීතය එක්ක සංසන්දනය කරන්න තරම් ඇඟට දැනෙන සිංහල අවුරුද්දක් නෙමේ ..ම්ම් එකට හේතු ගොඩයි ..."ආච්චි නැතිවෙලා අවුරුද්දක් වත් නෑනෙ පුතේ අවුරුද්ද ට මොකුත් හදන්න යන්නේ නැ " අම්ම මෙහෙම කිව්වම මගේ හිතේ තිබ්බ හැමදාම අවුරුද්දට අපේ ගෙදර හදන විශේෂ සමනළ හඩේ තියන කොකිස් එක කවුරු හරි ඇවිල්ල උස්සන් ...
මගේ පළමු බ්ලොග් සටහන හංසි(swan) ම්ම්ම් ..කොහොමද මේක පටන් ගන්නේ .මටම හිත ගන්න බැ .කොහොම උනත් මේක තමි මගේ පළමු බ්ලොග් සටහන..... .කාලයක් තිස්සේ හිතේ තිබ්බ දෙයක් .diary වල ලියන්න බැරි ,timeline වල පොස්ට් කරන්න බැරි ගොඩක් අයට කියාගන්න ඕන උන මගේම අදහස් වලට හොඳම දේ බ්ලොග් එකකින් කියන්න පුලුවන්නම් ...ම්ම්ම් ...බලමු මේ බ්ලොග් එකෙන් මන් ඒ හැමදේම කියාවි එක්කෝ නොකියවී ..ඉන්න මේ තාම ආරම්බය ...
මම රෝස පොහොට්ටුවක් හංසි(swan) හිරු උදෙන්ම ඇහැරිලා. නැගෙනහිර පැත්තේ ඉඳන් හෙමින් හෙමින් නැග නැග ඇවිත් වලාකුළු අස්සෙන් අස්සෙන් රිංගල හිරු කිරණ පොලවට විදිනවා.වලාකුළු අස්සෙන් ගිය හිරු කිරණ වල රන්පාට සායම් වලාකුළු හැමතැනම ගෑවිලා.ඒ ගෑවිච්ච කහ රන් පාට සායමුත් එක්ක එකට ගුලිවෙලා අතවැල් පටලව ගෙන හිටිය වලාකුළු දැන් හෙමින් හෙමින් ඈත්වෙලා තව තව හිරු කිරණට පොලව එන්න ඉඩ දෙනව.ඒ ආපු හිරු කිරණක් මූනට වැදුන රතු ...
මේ නිහඬබව මිදින්න .... හංසි(swan) මම ආසයි නිහඬ බවට හැබැයි මේ නිහඬ බවට නෙමෙයි.නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න කලබල කාරී නැති නිහඬ බවට ආසයි.එත් කතා කරන්න කවුරුත් නැති පාළුව තනිකම දැනෙන මේ නිහඬ බවට මම බයයි.ඒ නිසා කතා කරන්න ..වචනයක් හරි ...කතා කරන්න .. මේ නිහඬබව කොච්චර හිත රිදවනවද කියල ඔයා දන්නවද...මේ නිහඬ බව හිත කොච්චර පාරනවද කියල ඔයා දන්නවා නම් ඔයා මා එක්ක කතා කලාවි.ඒත් තාමත් ...
අවුරුදු දා හංසි(swan) හ්ම්ම්...අවුරුද්දත් ඉවරයි .හෙට අවුරුදු උත්සවයක්. :D ..අහ් !!..කියන්න බැරිඋනානේ අවුරුද්ද හිතපු තරම් අප්සෙට් උනේ නෑ .කොහොම හරි අම්මට කියල හැම කෑම ජාතියක්ම හදව ගත්ත.(එත් පොඩි අවුලක් .... වෙනද හදන සමනළ කොකිස මේපාර හදන්න බැරිඋනා එකේ මිට ගැලවිලා ආයෙ ගන්න දෙයක් නැතිවෙන්නම ...එත් අද කවුදෝ තවත් සමනල කොකිසක් ගෙනල්ල කෑම පාර්සලෙක :/ )..අවුරුදු දවසේ අය්යත් ගෙදර නෑ ...එහෙම කියල අඩුවක් නෑ ...