නිහැඬියාවකට පසු ........ හංසි(swan) පහුගිය මාස හතර තිස්සෙම හැමදාම උදේ අටට මහරගම ඔරලෝසු කනුව හරියෙන් තියන ඒ පාන් බාගයක් වගේ පොඩි රෝස බස් එකට නැග්ග,දුවල ගිහින් footboard එකේ එල්ලුන ඒ කෙට්ටු උස ගෑනු ළමය තව දවස් කීපයකින් ඒ හරියෙන් වත් යන්නේ නැතිවෙයි.මහරගම පොළ මැදින් එක එක එළවලු ජාති බල බල ගිය ,පොළ දාට පහුවෙනිදා පොලේ ඉතිරිවෙච්ච කුණු ගොඩවල් මැදින් නහය වහගෙන පැන පැන ගිය ...
මේ නිහඬබව මිදින්න .... හංසි(swan) මම ආසයි නිහඬ බවට හැබැයි මේ නිහඬ බවට නෙමෙයි.නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න කලබල කාරී නැති නිහඬ බවට ආසයි.එත් කතා කරන්න කවුරුත් නැති පාළුව තනිකම දැනෙන මේ නිහඬ බවට මම බයයි.ඒ නිසා කතා කරන්න ..වචනයක් හරි ...කතා කරන්න .. මේ නිහඬබව කොච්චර හිත රිදවනවද කියල ඔයා දන්නවද...මේ නිහඬ බව හිත කොච්චර පාරනවද කියල ඔයා දන්නවා නම් ඔයා මා එක්ක කතා කලාවි.ඒත් තාමත් ...
තවත් එක් මිනිසෙක් හංසි(swan) පාරේ එහා කොනේ ඉඳන් මෙහා කොනටම මම අතුගාගෙන එනව.කරාස් කරාස් ගාල ඉදල් පාර සිමෙන්ති පොලව හූරගෙන යනව.ටික ටික පාර පිරිසිදු වෙනව.කුණු ඔක්කොම කුණු කරත්තෙට එකතුවෙනව.පාර ලස්සන වෙනව.මිනිස්සු හිරිකිතයක් නැතිව පාරේ ඇවිදිනව. මම ..හ්ම්ම් මම .. කරගැට ඇවිච්චි ගොරෝසු අත්ලෙන් ඉදල් මිට කිටි කිටියේ අල්ලාගෙන තව තව කුණු එකතු කරනවා.රෝද දෙකේ මගේ වාහනය කුණු වලින් පිරෙනකන්ම ඉදලට නිවනක් නොදී අතුගානවා අතුගානවා ...
මම රෝස පොහොට්ටුවක් හංසි(swan) හිරු උදෙන්ම ඇහැරිලා. නැගෙනහිර පැත්තේ ඉඳන් හෙමින් හෙමින් නැග නැග ඇවිත් වලාකුළු අස්සෙන් අස්සෙන් රිංගල හිරු කිරණ පොලවට විදිනවා.වලාකුළු අස්සෙන් ගිය හිරු කිරණ වල රන්පාට සායම් වලාකුළු හැමතැනම ගෑවිලා.ඒ ගෑවිච්ච කහ රන් පාට සායමුත් එක්ක එකට ගුලිවෙලා අතවැල් පටලව ගෙන හිටිය වලාකුළු දැන් හෙමින් හෙමින් ඈත්වෙලා තව තව හිරු කිරණට පොලව එන්න ඉඩ දෙනව.ඒ ආපු හිරු කිරණක් මූනට වැදුන රතු ...
2015 සිනා බෝ වේවා !!! :) :) :) හංසි(swan) 2014 පරණ අවුරුද්දට හැමෝම ආයුබෝවන් කියල දැන් 2015 අලුත් අවුරුද්දත් සමරන්නත් පටන් අරන්. 31 වෙනිදා රෑ මන්සියට නින්ද ගිහිං හිටිය මට රෑ දොළහට විතර කන් අඩි පැලෙන්න ඇහුන රතිඤ්ඤ සද්දෙට නම් ඇස් පියාන ඉන්න බැරිඋනා.ඊට පස්සේ අලුත් අවුරුදු සුබ පැතුම් ගොඩයි.හිතට ආපු නැවුම් බවයි සතුටයි එක්ක හැමෝටම සුබ පැතුව.ඔයාල හැමෝටම සුබ පැතුම් තොගයක්ම එන්නැති නේද ? 31 රෑ පාටි දාපු ...
වැස්ස වැස්ස හංසි(swan) අද ගොරවන්නේ නම් නෑ ඒත් එලියෙ සූ ගාල වහිනවා. කලින් තිබ්බේ පොද වැස්සක් එළියේ තිබ්බ හිස් සැමන් ටින් එකට ටක් ටක් ටක් කියල වැටුන වතුර බින්දු දැන් අලුත් ම තාලයක් අල්ලල.හරියට වේග රිද්ම සංගීතයක් වගේ.වැස්සත්එක්ක එන සීතලට ටොමිය පාපිස්සෙ ගුලිවෙලා. හරියට දුඹුරුපාට පුළුන් ගුලියක් වගේ.අම්මලත් කලින්ම නිදාගෙන.මම විතරක් මේ මහ රෑ ඇහැරගෙන.... සීතලයි....සිනිදු කොට්ටයක් තුරුලුකරන් කකුල් දෙකම වැහෙන්න පොරෝනයක් පොරවාගෙන ...
සුදු වෑන් හංසි(swan) අක්කල අය්යලට මහපොළ මට කුඩාපොලක් වත් නෑ මාමල නැන්දලාට රත්තරං මට තම්බක්ක වත් නෑ එතනින් ඉවර නෑ අම්මට අලුත් DVD player එකක් ළඟ ළඟ නත්තලට අය්යට මල් මන්දිරෙන් කෑමක් එතකොට මට විතරද මෙහෙම -_-බ්ලොගේ හංසයයි කියල මං හංසයෙක් කිව්වේ මොකාද ? ? ? හැමෝටම තෑගි මට විතරක් .... සුදු වෑන් :'(ජාත්‍යන්තර කුමන්ත්‍රණ මේව ජාත්‍යන්තර කුමන්ත්‍රණ :( ...
දුක දැනුන දවසක් හංසි(swan) ඊයෙත් අදත් පෙරේදාත් වාට්ටුව කෙලවර නුඹව නොදුටුවා නොවෙයි නංගියේ හැමදාම ගොඩවදින පිලිකා රෝහලේ හිසට අතගසා සුසුම් හෙල හෙලා අත වනන මරණය දෙස බලා හුන් දස දහස් ලෙඩුන් අතරේ නුඹව පෙනුනේ නුඹේ ඔය පියකරු වත නිසාම වෙන්ටැතිසිනහව හොරු ගෙනිච්ච ඔය මුණුනේ විඩාබර පුංචි ඇස් දෙකඅතොරක් නැතිව බයිබලය පුරා දිවෙද්දී අනේ පව් කියවුනේ නොදැනීමයි නුඹට නිනව්වක් නැත ගෙවෙන උදයක් දහවල රැයක් නුඹට ...
අතීත මතක -අති විශේෂ ක්‍රීඩා හැකියාව :P හංසි(swan) ඔන්න අද අතීත කතාවක් තමයි කියන්න යන්නෙ. මේ අතීත කතාව මතක් උනේ පහුගිය දවසක මගේ සහතික දාපු ෆයිල් එක අහම්බෙන් දැක්ක වෙලේ.පොත් අල්මාරිය අස් කරන ඉන්න කොට අහම්බෙන් දැක්ක ඒ නිල් පාට ෆයිල් එක සීරුවෙන් අතට ගත්ත.මම ඉතිං මේකේ සහතික එකින් එක වැඩිවෙන කල් කොච්චර කෙල හලන් බලන් හිටියද. ඒ කාලේ මට සහතික වැඩිකරගැනීමේ පිස්සුවක් තිබ්බනෙ .ඇත්තම කිව්වොත් අපේ අය්යන්ඩි ...
කෘතිම හදවතක් හංසි(swan) මුල්ම දවසේ ඔහු දුටු විට ලබ් ඩබ් ගා ගැහුණු මෙ හද ඩග් ඩග් ගා මහහයියෙන් කම්පන දුන්නා මල් හීසර කොහේ වැදුනද රිදුනෙත් නෑ මගෙ හදවත හැදෙ කොතැන ආල කවක් ගෙතෙමින් තිබුණානෙතට නෙතක් එක වුන විට හදට හදක් යාවුනාද ආල හැඟුම් මෝදු වෙවී දළු ලා වැඩුනා මුළු හදින්ම ආදරෙලු ඔහු ජීවය පුදනවාලු රෝස මලක් මට දීලා ආදරේ කිව්වා එහෙම කියූ මා ...
මුරණ්ඩු සිත -නිදහස සොයා යාම හංසි(swan) චූටි දුව මම හෙට අනුරාධපුරේ මලගෙදරකට යනවා මාමත් එක්ක. තාත්ත හෙට වැඩ ඇරිලා එහෙම්මම පාටි එකකට යනවා කිව්ව.ඔය හෙට ගෙදරනෙ ඉන්නෙ පරිස්සමින් ඉන්න හොඳේ.හොඳට දොරවල් අගුලුදාළ ඉන්න.කවුරු ආවත් දොර අරින්න එපා.බල්ලව ඇරල තියන්න.ආධාර කාරයෝ එයි රැවටෙන්න එපා ළඟටවත් යන්න එපා හොරුත් එනවා ඔය වගේ. ගේ ඇතුලටම වෙලා ඉන්න හරිද. තාත්ත ගියාට පස්සෙ ගේට්ටුව ඇතුලින් ඉබ්බා දාගන්න .මොනවහරි වුනොත් ටක් ගාල ...
සිත් සංවාද හංසි(swan) එදා හරි නිහඬ දවසක්.විභාගය ඉවරවෙලා නිසා ටික දවසක නිවාඩුවක්.හවස් වරුවෙ කම්මැලි කමේ ඉන්නකොට මට සින්දු අහන්න හිතුන. නිහඬ බවයි හුදකලාවයි මං ආසම සිංදුයි.මේ තුන සංයෝජනය වුනාම හිතට දැනෙන වින්දනය ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.earphone එක කනේ ගහගෙන ඇඳට වෙලා නිවාඩු පාඩුවේ සිංදු අහන් ඉන්නකොට ජීවිතේම පාවෙලා යනවා වගේ හරිම සැහැල්ලුයි.එදත් ඔය වගේ දවසක් මං අහන හිටියේ කසුන් කල්හාරගේ සිංදු .රොමෑන්ටික් ...
මල්සරා වෙත ලියමි ;) හංසි(swan) අද මහ අප්සට් දවසක් කැන්ටිමේ කාපු friday special බත් එකේ රහක් වත් දැනුනේ නෑ අප්ප චික් ... .උදේ පාන්දරම එයාව දැක්කනේ .මට හාට් අටෑක් හැදුන්නැති එක පුදුමයි.හිත තාමත් අඬනවා....අනේ දෙවියනේ උඩ ඉන්න දෙයියෙක්වත් මා දිහා බලන්නකො.මගේ පරම පවිත්‍ර අති උත්තම පූජනීය හද මඩලටමයි මෙහෙම වෙන්නෙ. මගේ හිත වා වන්නේ නැ.ඇත්තමයි අප්ප මෙහෙම දුක්ඛිත ජීවිතයක් කුමටද?? මං පනිනවා බේරේවැවට ඔව් අද ...
අසම්මතය හංසි(swan) කෙටි කතාව වෙලාව රාත්‍රී දහයට විතර ඇති. පාරේ තිබ්බ ලයිට් කණුවට ඔරලෝසුව අල්ලල මම වෙලාව බැලුව. හරියටම දහයයි තිහයි එයා තාම නෑ.මම කීපාරක් වෙලාව බැලුව ද හ්ම්ම් ... මට මතක නෑ .මං හිතන්නෙ දහදොළොස් වතාවකට වැඩි.එයා අද එන්නැති වෙයිද ? අනේ මන්ද ..මං හිතන්නෙ මං අද ගොඩක් නොඉවසිලිමත් වෙනදාටත් වැඩිය නොඉවසිලිමත්. කියාගන්න ගොඩාක් දේවල් හිතේ තියාගෙන. කොයි වෙලේ කියගන්නද බැරිව ...
සිතුවම හංසි(swan) බිත්තිවල කුඩා කවුළු වලින් ඉර එලිය කාමරයට වැටී ආලෝකවත් වී ඇත.ඔහු තව විනාඩි කිහිපයක් ඇඳ මත වැතිරී බිත්තියේ එල්ලා තිබු දින දර්ශනය දෙස බලා සිටියේය.එහි ඉලක්කම් නොපෙනෙන තරමට තැනින් තැන කුරුටු ගා ඇත.මාසයේ අවසන් දිනය පමණක් තද රතු පැහැති පාට කූරකින් රවුම් කර ඇත ."තව එක දවසයි .අද මම කොහොම හරි චිත්‍රෙ ඉවර කරන්න ඕන" .ඔහු තමාටම කියගත්තේය.තවදුරටත් ඇඳෙහි වැතිර ...
බොයිලර් හංසි(swan) මං ඉපදුනෙ පුංචි ගොවිපලක ගොවිපොළක් කිව්වම ඔයාල හිතින් මවා ගනී එක යායට ලස්සනට තණකොළ වැවිච්ච පොළවක නිදහසෙ එහෙමෙහෙ තණකොළ කකා යන හරක් රංචු ඉන්න ,චුටි චුටි පණු පැටව් ඇහිඳින් යන කුකුල්ලු ඉන්න,කෙළවරක තියන පොඩි පොකුණක නිදහසේ ජල ක්‍රීඩා කරන තාරාවෝ ඉන්න ලස්සනම ලස්සන ගොවිපොළක්.ඒත් මං එච්චර වාසනාවන්තයෙක් නෙමෙයි.මං ඉපදුනේ පුංචිම පුංචි කුකුල් කූඩුවක.හුස්ම ගන්නවත් ඉඩක් නැති හරිම අපිරිසිදු කුකුල් කූඩුවක.අඳුරු ...
තවත් දවසක් හංසි(swan) අද විශේෂ දවසක් .වෙන මොකවත් නිසා නෙමෙයි අද මගේ අතිජාත අති ප්‍රේමණීය අතිසුන්දර අය්යන්ඩිය ගෙ උපන්දීනේනේ. හි හී වර්ණනා වැඩිද මන්දා කමක් නෑ අදවගේ දවසක තමයි ඔහොම කියවෙන්නෙ .තරහ ගිය වෙලාවක නම් ඔය අති ප්‍රේමණීය වදන් මොකවත් නෑ .ගස් ගෙම්බා , ඇට ගෙම්බා ,වල් ඌරා .. හාවෝ මුවො අරුණු කොට ලෝකේ ඉන්න හැමසතාම ඉතිං කියවෙනවා . කොහොම කොහොම හරි සැප්තැම්බර් ...
කියා දෙන් මගේ හිතට හංසි(swan) අළු පාට වලාරෝද වසා නිල් වන් අහස වැහි බින්දු ඇද වැටෙයි හෙමි හෙමින් සීරුවට හිස මතට වැටෙන බිඳු රූටමින් දෙකොපුලට ගලායයි කඳුලුසේ ඔච්චමට මෙන් සිතට තෙමි පෙඟී කඳුළින්ම තෙත බරිත වු හිතට තව කඳුළු කුමකටද දෙකොපුලින් රූටන්න ඔබ එදා ගිය පටන් ගිලන් වු මේ හිතට අරමුණක් නැත තවම දිවිය දිගු මං යන්න වීදී වල ගලා යන කුණු කසල පිරි වතුර ...
මධු අක්කා හංසි(swan) අන්න මධු අක්කා අලුත් කඩයක් දාලලු .. ඒ අම්මගේ කටහඬ ආ එහෙමද ..කොහෙද දාල තියෙන්නෙ ?මොන කඩයක්ද ?දානවැයි කිව්වට මං හිතුවේ නෑනේ ඔච්චර ඉක්මනට කඩයක් දායි කියලකෑම කඩයක්ලු දාල තියෙන්නෙ... ස්වර්ණ ඇන්ටි තමයි කිව්වේ. මධු අක්කත් පස්සේ අපිට කෝල් කරනවයි කිව්වෙ.ඔහොම හරි නැගිටිනවානම් හොඳයි හැමදේම පිරිමියෙක් වගේ තනියම නෙ කරන්නෙ .. හ්ම්ම් බලමුකෝ මම පස්සේ ෆ්‍රී වෙලාවක අක්කට කතාකරන්නම්කො ... ...
ජයන්ත් හංසි(swan) ලෙක්චර්ස් ලෙක්චර්ස් ලෙක්චර්ස් ...හැමදාම ලෙක්චර්ස් ...එක දිගටම ලෙක්චර්ස් අහද්දිත් එපා වෙනවා .නිදිමත ලෙක්චර් කෙනෙක් ආවොත් සොරි තමයි .ඒ වෙලාවට ඇස් දෙකට නොකරන දෙයක් නෑ .සමහර වෙලාවට ඇස් දෙක අරගෙනම නින්ද යනවා .සමහර වෙලාවට සීගිරි කුරුටු ගී වගේ notes පොතේ ලියවෙනවා .නිදිමත දරාගන්නම බැරිවුනොත් කොහේ හරී බෑග් එකක් අස්සේ තියන ටොෆි එකක් අරන් කනව එකත් නිදහසේ කන්න බෑනේ. :(ටොෆි කොලය දිග ...