හදවතට කියන වග නම් හංසි(swan) මහද කම්පනය වනු මුදු සියුම් ස්වර රිද්මයෙන් ඉපිලී නොයනු නැටවෙන ප්‍රීති ප්‍රමෝදයෙන් සියුම් ගැස්මක් වුවද ගිලිහෙනා ග්‍රහණයක් විඳි නොවිඳි ස්පර්ශ අග රිදුම් දෙන කටු තුඩක් සීතලක් .. දැඩි සීතලක් ලෙයත් මිදෙනා සීතලක් මහද චංචල නොවෙනු..ජීවිතය අනියත තැනක් ප.ලි . පින්තූරය දැක්ක ගමන් ලියන්නම හිතුන..කවියක්ම නෙවේ ..ඒත් ඔහේ කුරුටු ගෑව ... ...
මගේ ගිරවී කොහෙද කියන් හංසි(swan) වෙනදට වඩා කලියෙන් ගොම්මන ඇවිත් අහස ආක්‍රමණය කරනවිට කළුවරට අතරමං වුන විහඟුන් එකා දෙන්න කෑ ගසමින් මුළු පරිසරයම කළඹමින් ගම් මැද්දේ සිට වනය දෙසට පියඹන්නට විය. සුළං කපා ඇසිල්ලකින් කැලඹ වූ පරිසරය සංසුන් වීමටත් මත්තෙන් වෙනදා මෙන්ම ඉංගිරීසි ඉසෙඩ් අකුර මෙන් පාර පුරා එහෙට මෙහෙට වැනි වැනි පැද්දි පැද්දි එන අරනේලිස් ගෙ තාල නැති ජෝතිපාලගේ සිංදුවක් පරිසරයට මුසුවිය.තාලයක් නැති ගොරෝසු ...
දත් හංසි(swan) හැමෝම දන්නවනේ හංසි කියන්නේ හාවෙක් වගේ හරි අහිංසක ගෑල්ලමයෙක් කියල. මම කිව්වේ හාවෙක් වගේ අහිංසක කියල හොඳේ දැන් හාවෙක් කිව්වම මේ පහල රූපෙ වගේ තඩි කන් දෙකකුයි දිග හා දතකුයි තියන එකියක් මවාගන්න එපා හරි. මම කිව්වනේ ලස්සන හින්දැරි කෙල්ලෙක්. ^_^ හැබැයි මේ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න තිබ්බ අපේ දත් දොස්තර මාම නොහිටියානම්. එහෙනම් අද හංසි තියෙන්නෙ මීයෙක් වගේ පොඩි ...
ආදරය ගැන නොකී කතාවක් හංසි(swan) අද වැලන්ටයින් ..මුහුණු පොත පුරා හදවත් වලින් සැරසිල. පරණ යාළුවො, අලුත් යාළුවො, බැඳපු යාළුවො, බඳින්න බලාගෙන ඉන්න අය මේ ඔක්කොටම අද වැලන්ටයින්. මටයි කියල ඉතින් ලොකු වෙනසක් නෑ. තාම තනිකඩ වීමේ ප්‍රීතිය සමරනව. ඒ අතර ඉඳල හිටලා හිතේ තිබ්බ ආලවන්ත කම් එහෙමත් එහෙන් මෙහෙන් මතක් වෙනවලු. 'ගොඩපර' කතාවේ දෙවෙනි කොටස ආදර වන්තයින්ගේ දවසේ ලියන්නත් හිතුවට මොකද දෙවෙනි කොටසක් ලියන්න තියන ...
ගොඩපර හංසි(swan) සති ගානකට කලින් පුංචි දළු විතරක් තිබ්බ ගොඩපර ගහේ එක අතු රිකිල්ලක් දැන් වෙද්දී පාට වැටිලා ඉර එලියට දිස්නේ දිදී දිලිසෙනව.වටේ පිටේ තියන ගොඩපර මල් වල සුවඳට කිතිකැවිල නැළවෙන සුළඟත් එක්කම ගොඩපර අතුත් හෙමින් හෙමින් පැද්දෙනව.හුළඟේ තාලේටම කොලත් හෙමි හෙමින් තාලේ අල්ලනවා.පොඩ්ඩක් හරි තාලෙ බිඳෙන්නේ හදිසියෙන් ඇවිත් කඩා පාත්වෙන මාල ගිරවියන්ගෙන්.අදත් උන් ඇවිත් ගොඩපර ගෙඩිවලට රණ්ඩු කරද්දී ඊයෙ පෙරේද දළු ...
හිමි අහිමි හංසි(swan) මම තේ කෝප්පය දිහා නොඉවසිල්ලෙන් බලන් හිටිය. විනාඩි දහයක් තිස්සෙම තේ කෝප්පයේ රවුමට රවුමට කැරකැවෙන තේ හැන්ද මාව තව තවත් අවුස්සනව.මම අරවින්දගේ මුණ දිහා බැලුව. අරවින්ද තාමත් තේ කෝප්පය දිහා බලාගෙන හිත තේ කෝප්පය පතුලටම ගිහිල්ල හොයාගන්න බැරිව දඟලනවා වගේ.ආයෙත් තේ හැන්ද උස්සල සිනී කෝප්පයට දාන්න යනකොටම මම මගේ අතේ තිබ්බ තේ හැන්දෙන් හය්යෙන් කෝප්පයට දෙපාරක් තට්ටු කලා අරවින්ද එකපාරටම ...
අහන්න වෙලාවක් තියෙයිද ? හංසි(swan) මට මතක නැහැ එකම එක දවසක් සින්දුවක් අහන්නේ නැතිව රැයක් ගෙවපු ඒ තරමට සංගීතෙට මම ආසයි.ඇයි මම විතරද ඔයාලත් එහෙමනෙ නැද්ද ? හිත හොරා ගන්න සමහර සිංදු සරින් සැරේ නැවත නැවත වාදනය වෙන්නේ අපිටත් නොදැනීම. සිංහල සින්දු විතරක් නෙවේ ඕනෑම රටක ඕනෑම භාෂාවක හිතට අල්ලන සින්දුවක් තිබ්බොත් මම අහනවා ඒ අතරිනුත් හින්දි සින්දු වලට නම් වෙනමම ඇබ්බැහියක් තියනවා ඒක වෙනම ...
පෙප්සි කඩේ මී මැස්සා හංසි(swan) මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද .... ? පාට පාට සමනලුන්ට හිනා පපා හාද වෙන්ට පැණි කුරුල්ලො වටකරගෙන සියුම් හඬින් ගී ගයන්න ඒ ඔක්කොම යනෙන විටදි මා කොහිදැයි මතක් වෙන්න චපල මලේ චපල මලේ මටනම් බැහැ තවත් ඉන්ට මුහුදේ මාළු එකෙක් නොවේ තව ඉන්නව මං දන්නවඒත් ඉතින් මල් හැමෝම චපල බවත් මට හැඟෙනවා තවත් මොකට ආලෙ වෙන්නෙ මගේ ...
සුරංගනී හංසි(swan) ගමේ බස් එක ජම්බුගස් මුල්ලෙන් හැරිලා පන්සල පහුවෙනවත් එක්කම මට මතක් වෙන්නෙ එකම එක්කෙනෙක්.ජම්බුගස්මුල්ල හංදිය හැරෙන තැනම වෙලත් එක්ක තියන පුංචි පාරෙ ඇතුලට ගියාම මොනවද තියෙන්නෙ කවුද ජීවත්වෙන්නෙ කියල කියන්න මම හරියටම දන්නේ නැහැ හැබැයි ඒ හරියේ අවට මලගෙයක් වෙන දවස් වලට මුළු පාරම සුදු කොඩිවලින් සරසන නිසා මම දන්නව ඒ පාරෙ කෙලවර කොහෙම හරි කනත්තක් ඇති කියල.අදත් බස් එක ...
අහන් ඉන්න අහගෙන ඉන්න -3 (අවසාන කොටස) හංසි(swan) පළමු කොටසදෙවන කොටස....................................වෙලාව පහයි දහයයි .වෙනදට හැමදාම දුම්රිය කාලසටහන හතර පස්වතාවක් බලල ටිකට් එකක් ගන්නකන් ඉස්පාසුවක් නැතුව ඉන්න මම අද ටිකට් ගන්න තැනට ගියේ ඔහේ යන්නම් වාලේ.පඩිපෙළ නැගගෙන ගියේත් ඊයේ වෙච්ච සිද්ධි මතක් කර කර. හිතට මහ බර ගතියක් දැනුන වතුර පුරෝගෙන පිපිරෙන්න ඔන්න මෙන්න හදන වැහි වලාකුලක් වගේ. ඇත්තටම මට පිස්සු මම මොකටද ඔය කොල්ල ගැන ඔච්චර වද වෙන්නේ.අනෙක ...
අහන් ඉන්න අහගෙන ඉන්න -2 හංසි(swan) කතාවේ මුල් කොටස මෙතැනින් කතාවෙ ඉතිරිය ..............ෆෝන් එකේ මැසේජ් එක දැක්ක ගමන් මම කොච්චර කලබල උනාද කිව්වොත් ඒ වෙලේම අර කොල්ලට කෝල් එකක් ගත්ත.හෙලෝ ... මේ අර ..මේ ..කොටුවේ හම්බුනා කෙනාද කතා කරන්නේ ..මේ අර ...මට ෆෝන් එක දුන්නේ ..මට එහා පැත්තෙන් ඇහෙන්නේ හීන් කෙඳිරියක් ....ලාවට අමාරුවෙන් හෙලෝ කියනව ඇහුන. එච්චරයි එතනින් එහාට කිසිම සද්දයක් නෑ ...මම ආයෙත් කතා කරා ...
අහන් ඉන්න අහගෙන ඉන්න හංසි(swan) එදා හොඳටම වැඩ වැඩි උන දවසක්.ඔෆිස් එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා එලියට බහිද්දි හයයි කාලත් පහුවෙලා. ඉර වහගෙන වියන වලාකුල් අඳුරු සේලෙ නිසා මුළු කොළඹම දැන් කලුපාට වීගෙන යනවා කලුපාට සෙවනැලි මිනිස්සු බීප් බීප් සද්ද දාන වාහනවල ලයිට් එලියට එකපාරටම මතුවෙලා ආයෙත් අඳුරේ ගිලෙනවා.ඒ මදිවට හවස වැහැපු වැස්සත් එක්ක පාරත් මඩවෙලා.හයි හීල්ස් වලටත් ඔට්ටු උන මඩ තලි ඇඟිලි කරු අතරිනුත් ...
නින්ද හංසි(swan) 138 කොටුව කොටුව කොටුව කොටුව යාන්තන් ඇහැපියවුනා විතරයි කන ගාවම ඉඳන් කොන්ද කෑගහනව -_- මහ ජරා දවසක් අප්ප ඊයෙ පාන්දර දෙක වෙනකන් අමාරුවෙන් ඇස්ගෙඩි දෙක ඇහැරවගෙන report ලියල ලියල නිදාගන්න හැදුව විතරයි මගුල් windows update එකක් එනවා.මෙච්චර දවස් හිටිය මෙලෝ සද්දයක් නෑ .ඉඳල ඉඳල රෑ ඇහැරිලා නිදාගන්න කොටම ඉතින් update එනව.bilgates පරම්පරාවටම ප්‍රේම කරන්නේ ඒ වෙලේට තමයි.ඇත්තමයි කියන්නේ අන්න ඒ ...
බත් කූරා හංසි(swan) මාගේ පොත් මේසෙ අයිනක පොඩි සතෙක් දඟලනව. පොල්ලක් වගේ දිග නැට්ටක්.විනිවිද පෙනෙන පිහාටු හතරක් පිහාටු අස්සේ හීනියට දැල් වියල.ම්ම්ම් ..ඇඟ කොලපාටයි ඔලුවටත් වඩා හෙන පොල් ඇස් ගෙඩි දෙකක් ..මූණ ඉස්සරහින් එලියට පැනල. මූ වෙන මොකෙක්වත් නෙවෙයි ඉතින්, පොඩි පහේ බත් කූරෙක්. :D මූ මොකද මේ මහ රෑ මගේ මේසේ උඩට වෙලා කරන්නෙ. වත්තෙ මලක එහෙම වහල ඉඳිද්දී පොටෝවක් ගන්නකොට බලන්නකො.හෙන ...
මියැදුන මලක් හංසි(swan) ඔයාගේ ආදරේ මම තේරුම් ගන්න මෙච්චර කල් ගත්තේ ඇයි කියල මම තාමත් පසුතැවෙනව.මිනිස්සු කියන්නේ ආදරේ අන්ධයි කියල.නැහැ ආදරවන්තයොයි අන්ධ..........එදා මේ දේ මම හරියට තේරුම් ගන්තනම් මම අද හිතින් මෙච්චර අඬන්නේ නෑ.මම මේ පොත කීපාරක් පෙරලුවද කියල මම දන්නේ නෑ.දහපාරක් සිය පාරක් දස දහස් පාරක් නෑ ඊටත් වැඩිය වෙන්නැති.දවස පුර මතක් වෙන මතක් වෙන හැම තත්පරේටම,පැය, සති, දවස්, අවුරුදු ...හැම තිස්සෙම ...
පොඩ්ඩො හංසි(swan) දැන් කලේ මොන්ටිසෝරි ළමයි 'රෝස මලේ නටුවෙ කටූ' කිව්ව කාලෙ ගිහින්. ඒ වෙනුවට දැන් කියන්නෙ 'රාජ මාලිගේ පරවියා ' වගේ කියල.බොරුනම් ඔය ගෙදර ඉන්න පොඩි එකාගෙන් හරි අහල පහල ඉන්න පොඩි එවුන්ගෙන් හරි අහල බලන්න අපිට වඩා හොඳට මුළු සින්දුවම කියයි.මොන්ටිසෝරි ටීච කෙනෙක් වෙච්ච අපේ අම්ම ගෙදර ඇවිත් කියන කතා තමයි ඔය.මට මතකයි අම්ම කිව්ව ගිය අවුරුද්දෙ එම්. ඩී. ධනුෂ්ක ...
සමනලයට එන්න දෙන්න හංසි(swan) පුංචි කාලේ ඉස්කෝලෙදි මට මතකයි අපි සමනල්ලු හැදුව.සමනල්ලු කිව්වම ඔයගොල්ලෝ හිතුවේ කඩදාසි වලින් හදන සමනල්ලු කියලද නෑ නෑ ඇත්තම ඇත්ත සමනල්ලු .කීය වසරේද කියල නම් මතක නෑ මම හිතන්නේ 5,6 වසර වලදී වෙන්න ඕන.අර මතකද කතුරුමුරුංග ගස්වල කොළ අස්සේ හැංගිලා ඉන්න කොළ පාට දිග පනුවො ඔලුව ලඟම තියන පුංචි කකුල් අඬු වලිනුයි පස්ස හරියෙ තියන කකුල් අඬු වලිනුයි අත්ත ...
යලි අප හමුවේවි හංසි(swan) මට මගේ අතීතය ආයෙත් මතක් උනා.මතකයෙන් සම්පූර්ණයෙන් ඈත්වෙලා ගිය ඒත් ආයෙත් අහම්බෙන් කොහෙන්දෝ ඉඳල හිතට පැනල වද දෙන මතකයක් නෙමෙයි.හිත අස්සක හැංගිල ඉන්න, පාළුව දැනුනම ලඟට එන්න හදන ලඟට ඇවිත් ආයේ ආයෙ ඒ පරණ සිද්ධි හැමදේම එකින් එක ගලපල ලස්සන චිත්‍ර පටියක් හිත ඇතුලෙන් පෙන්වන මම ගොඩක් නෑ ගොඩාරියක් නෑ ඊටත් වැඩියෙන් ආදරය කරන අතීතයක්, ලාවට අමතක වෙන ඒත් හැම ...
ගෙඹි කවි හංසි(swan) මේ අවුරුද්දට මං බ්ලොගේට ආවේ කවද්ද ? අම්මෝ ජනවාරි ..මේ අප්‍රේල් නේ ... දෙය්යනේ මාස කීයක් බ්ලොගේ අතහැරලා ගිහින්ද ? බ්ලොගේ පාලුවට ගිහිල්ල .. :( හ්ම්ම් ..මොනවා කරන්නද මේ කැම්පස් වැඩ වලට හිර උන නිසා කිසිම දෙයක් ලියන්න බැරි උනා.කතාවක් ලියන්න වත් කිසිම අදහසක් ඔලුවට ආවේ නෑ .දෙතුන් පාරක්ම ලියන්න හදල බාගෙට ලියල gmail draft වලට දාපු කතා කීපයක්ම තිබ්බත් ...
හිමිදිරිය හංසි(swan) නිල් ගොයම ගැබ්බරව රන් කරල් නැමි බිමට කොළ පලස සිප ගනියි හෙමි හෙමින් සීරුවට නියර දිග විසිර ගිය තුෂර බිඳි වටකුරුව මුතු පබළු සේ දිලෙයි තෘණ පියලි අග රැඳුන වලාකුළු කැටි මතින් පෙරා එන රිවි කිරණ මගේ කඩුක්කන් පාට හොරා විත් මට නොකිය මීදුමත් දෙබෑකර පොලව හා ලංවෙත්ම රන් පාට ඉහිරවයි මුළු දෙරණ නැහැවෙන්න කිචි බිචිය හඬ නගන සියොත් කැල ...