තාරකා මාළු හංසි(swan) තවත් එක් අලුත් දවසක සුන්දර උදෑසනක් .උදෑසන ප්රබෝධය හැමතැනම පැතිරිලා .එක මහල්ලෙක් උදෑසනම මුහුදු වෙරළට ඇවිත් .වෙරළ අසල තිබ්බ ගල්පඩියකට වෙලා ඈත වෙරල දිහා බලහිටිය ඔහුගේ ඇස් අහම්බෙන් වගේ යොමුවුනේ වෙරල දිගේ ඈතින් දුවන් එන තරුණයෙක් .ඔහු සැබවින්ම කඩවසම් තරුණයෙක් .ප්‍රබෝදයෙන් පිරුන ඔහුගේ මුහුණ දිහා බලන් හිටිය මහල්ලා මේ තරුණයා දිහා හිස නැබුරු කරලා ඕනෑකමින් බලන් හිටියේ ඔහු දුවනවටත් වඩා ...
දින පොතක සටහන්................ හංසි(swan) දිනපොතේ හැමදේම ලියන එක හරි නෑනේ .. කපල කොටලා අවශ්‍ය ටික විතරක් මෙතන ලිව්වා ... ;) 2014.05.30 ......................................අදත් තාත්ත එක්ක බයික් එකේ යද්දි ෆොටෝස් ගත්ත .නිදි කිර කිර බයික් එකේ ගිහින් එකාපාරටම කොහෙන්දෝ ඇහිච්ච නලා සද්දෙකට ඇහැරෙනකොට වැල්ලවත්ත හරියෙ ... ටිකක් පොද ගහන වෙලාවක් ඈත මුහුද එක්ක තිබිච්ච අහස එච්චරම ලස්සන නෑ ෆොටෝ ගත්තට වැඩක් නෑ .එත් මුහුද පැත්තට එහා ...
නංගි මම වැරදිද ? හංසි(swan) මේ කතාව ලියන්නද නැද්ද කියල මම දෙපාරක් හිතුව මේ කතාවෙන් හිතන්න දෙයක් තියනව.. කතාවේ කියවෙන චරිත ගැන ඔයාලට කියන්න දෙයක් තියෙයි .කතාව කියවල ඉවර උනාම ඔයාලට හිතෙයි මේ කතාවේ කියන අයගෙන් එක්කෙනෙක් වැරදී කියල හැබැයි ඔයාට වැරදී කියල හිතෙන කෙනා තව කෙනෙක්ට වැරදි නැති වෙන්න පුළුවන් ..හැමදේම තීරණය වෙන්නෙ ඔයාල ඒ චරිතදිහා බලන කෝණය අනුව .මේක ගොතපු කතාවක් නම් නෙමෙයි ...
මෙවන් අය්යල වාසනාවන් .... :P හංසි(swan) Interval ඉවරයි අපි ඔක්කොම වාඩිවෙලා හිටියේ lecture hall එකේ ඊළඟට තියන වැඩසටහනට .කට්ටිය හැමෝම හිටියේ හිතට අරගෙන .අපි දැන් කුළුඳුල් ජේෂ්ඨයෝ නෙ juniors ල ගෙන් මාරම සැලකිලි කොහේ හිටියත් කටපුරා හිනාවෙනව ;) හරි දැන් වැඩසටහන පටාන් ගන්න යන්නේ වැඩසටහන ..හ්ම්ම් ...පොඩි 'පුනුරුත්ථාපන' වැඩසටහනක් .(මේකෙ වෙන්නෙ juniors ල එක එක්කෙනා ඉස්සරහට ගිහින් එයාල ගැන විස්තර කියල අන්තිමට අපි කියන දේ කරන්න ...
තනි තරුවේ ... හංසි(swan) දුරයි ..ගොඩාක් දුරයි ....ළඟාවෙන්න බැරි තරමට ඔයා දුරට ගිහින් .... එත් ඔයා දන්නවද ....මගේ ඇස් තාමත් ඔයාගෙන් ඉවතට ගන්න බැරිවෙලා . . ~(නිහඬතාවය ...)~ . මම ඔයා දිහා තාමත් බලාගෙන ...වචන ඔක්කොම හිරවෙලා වගේ.. ....ඔයාට ඇහෙනවද ? .... මගේ හිත ගොඩාක් දේවල් කියනව ..ඔයාට ඇහෙනවද ? රෑ හරිම නිහඬයි . කවුරුත්වත් නැ ...මායි හුදෙකලාවයි විතරයි . . ~(නිහඬතාවය ...)~ ...
තාත්තා හංසි(swan) වෙලාවකට "චූටි දුව " වෙලාවකට "පොඩ්ඩි " වයස අවුරුදු 20 කටත් වැඩී එත් මං තාම තාත්තගේ චූටි දුව ...අද අම්මාවරුන්ගේ දිනයලු ..මට අද තාත්ත ගැන ලියන්න හිතුන . තාත්තා ....හ්ම්ම් කොච්චර නම් ලියන්න තියනවද තාත්ත ගැන ....මං චූටිකාලේ මට තාත්ත එක්ක වැඩිය ඉන්න හම්බුනේ නෑ හමුදාවේ අයට නිවාඩු අඩුයිනෙ. තාත්තත් එන්නේ මාසෙකට සැරයක් ඒ ආවත් ඉන්නෙත් දවස් හතක් , අටක් ...
මට හිත් කියවන්න පුලුවන්නම් ... හංසි(swan) ජීවිතේ සමහර අවස්ථා එනව කියාගන්න බැරි විදිහට අසරණ වෙන... කෑගහල අඩන්න හිතෙනව.. ඒත් කෑගහන්න බෑ ලෝකයට ඇහෙයි කියල . හිත ඇතුලින් ඒ වෙනුවට අඩනවා වැලපෙනවා බැන ගන්නවා හැමදේම හිතත් එක්ක විඳිනවා විඳවනවා සමහර වෙලාවට හිතෙනවා මිනිස්සුන්ගේ හිත කියවන්න පුලුවන්නම් කියල... මේ හොඳට කතාකරල ගොඩක් සමීපව ඉන්න යාලුවෝ පස්සේ ජීවිතේට හමු උනේ නැති ගානට වෙනස් වෙනවා වැරැද්ද කාගේද කියලවත් හොයාගන්න බෑ ...
..... හීන .... හංසි(swan) ඇයි මිනිස්සු හීන වලට මෙච්චරම ආස .ඒ මිනිස්සු ජීවත් කරන්නේ හීන නිසා .කවදාවත් ලැබෙන්නෑ කියල දැන දැනත් ඒ හීනවලටම ඇලිල ඉන්නෙ ඇයි ?ඔයාටත් හීන ගොඩක් තියනවා නේද ?ඔයා දන්නව සමහර හීන ගොඩාක් ඈතයි කියල .ඒත් ඇයි තාමත් ඒ හීන වලට ආස ..හේතු ගොඩක් ඇති ..ම්ම්ම් මට හිතෙන්නෙ ඒ හීන හිතන හැමවෙලේම අලුත්වෙලා හීනෙ තවත් ලස්සනකරනවා .තවත් ලස්සන කොටසක් හීනෙට එකතුවෙනව ...
යාචකයින් ..........හිඟන්නො හංසි(swan) වැදගත් විදිහකට කිව්වොත් යාචකයින් නැත්නම් කියන්නේ හිඟන්නෙක් ....මේ කොයි විදිහට කිව්වත් කියන්නේ කවුරුගැනද කියල අපි දන්නව .සමහර විට ඔයාලා හිඟන්නන්ට සල්ලි දීලත් ඇති... දීල වැඩක් නෑ කියල අහක බලලත් ඇති මේක ලියද්දි අතීතයේ මගේ මතකයේ රැදිච්ච හිඟන චරිත ගොඩාක් මතක් වෙනවා. ඉස්සර මම පොඩි කාලේ පත්තරේකට කතාවකුත් දැම්ම වගේ මතකයි ඒ වයසක හිඟන සීය කෙනෙක් ගැන.මට ඉස්සර හිතුනේ ළමයි ඇත ...
අවුරුදු දා හංසි(swan) හ්ම්ම්...අවුරුද්දත් ඉවරයි .හෙට අවුරුදු උත්සවයක්. :D ..අහ් !!..කියන්න බැරිඋනානේ අවුරුද්ද හිතපු තරම් අප්සෙට් උනේ නෑ .කොහොම හරි අම්මට කියල හැම කෑම ජාතියක්ම හදව ගත්ත.(එත් පොඩි අවුලක් .... වෙනද හදන සමනළ කොකිස මේපාර හදන්න බැරිඋනා එකේ මිට ගැලවිලා ආයෙ ගන්න දෙයක් නැතිවෙන්නම ...එත් අද කවුදෝ තවත් සමනල කොකිසක් ගෙනල්ල කෑම පාර්සලෙක :/ )..අවුරුදු දවසේ අය්යත් ගෙදර නෑ ...එහෙම කියල අඩුවක් නෑ ...
අවුරුද්ද .. හංසි(swan) එයාලට අවුරුදු ලු ..ඇයි මට ??? මටත් අවුරුදු .. හැබැයි මේ අවුරුද්ද අතීතය එක්ක සංසන්දනය කරන්න තරම් ඇඟට දැනෙන සිංහල අවුරුද්දක් නෙමේ ..ම්ම් එකට හේතු ගොඩයි ..."ආච්චි නැතිවෙලා අවුරුද්දක් වත් නෑනෙ පුතේ අවුරුද්ද ට මොකුත් හදන්න යන්නේ නැ " අම්ම මෙහෙම කිව්වම මගේ හිතේ තිබ්බ හැමදාම අවුරුද්දට අපේ ගෙදර හදන විශේෂ සමනළ හඩේ තියන කොකිස් එක කවුරු හරි ඇවිල්ල උස්සන් ...
මගේ පළමු බ්ලොග් සටහන හංසි(swan) ම්ම්ම් ..කොහොමද මේක පටන් ගන්නේ .මටම හිත ගන්න බැ .කොහොම උනත් මේක තමි මගේ පළමු බ්ලොග් සටහන..... .කාලයක් තිස්සේ හිතේ තිබ්බ දෙයක් .diary වල ලියන්න බැරි ,timeline වල පොස්ට් කරන්න බැරි ගොඩක් අයට කියාගන්න ඕන උන මගේම අදහස් වලට හොඳම දේ බ්ලොග් එකකින් කියන්න පුලුවන්නම් ...ම්ම්ම් ...බලමු මේ බ්ලොග් එකෙන් මන් ඒ හැමදේම කියාවි එක්කෝ නොකියවී ..ඉන්න මේ තාම ආරම්බය ...