Cobra Pond at Mihintale - මිහින්තලේ නාග පොකුණ sirilaka sarisara ‛නාග සොන්ඩි’ ලෙස වංශ කතාවන්හි හැඳින්වෙන මෙම පොකුණ මිහින්තලා ආරාම සංකීර්ණයේ ජල අවශ්‍යතා සැපරීම සඳහා තිබූ ප්‍රධාන පොකුණ වෙයි. මෙය නාග පොකුණ ලෙස හඳුන්වනු ලබන්නේ මෙහි ගලක කොටා ඇති පෙන සතක් සහිත නාග රූපය නිසා විය හැකිය. මෙම පොකුණේ ජලය, එයට සම්බන්ධ නල මාර්ග ඔස්සේ පහතින් වූ සිංහ පොකුණටත් දාන ගෙයටත් ජලය සැපයූ බවට සාධක සොයාගෙන තිබේ. ආදි සිංහලයාගේ ජල ...
Lion Pond at Mihintale - මිහින්තලේ සිංහ පොකුණ sirilaka sarisara නාග පොකුණේ සිට ගලා ආ ජලය මෙයට වෑහෙන්නට ඇත්තේ මෙම පිහිල්ලෙන් විය හැක සිංහ පොකුණ ලෙස හඳුන්වනු ලබන්නේ මිහින්තලයේ මැද මළුවේ ඇති ආරාම සංකීර්ණයට අයත් දිය පිහිල්ලකි. මෙය ආරාමයේ වාසය කළ භික්ෂූණ් වහන්සේලාගේ ස්නානය සඳහා ඉදිකරන ලද්දක් බැව් පැහැදිලිය. සජීවී ප්‍රමාණයේ සිංහයකු ඉදිරිපාද ඔසවාගෙන සිටිනා ආකාරයෙන් නිර්මාණය කොට ඇති මෙහි මෙම සිංහයාගේ මුඛයෙන් ජලය වහනය වීමට සලස්වා ඇත. මෙයට ජලය ...
Man and the Horse at Isurumuniya - ඉසුරුමුනියේ මිනිසා සහ අශ්ව හිස sirilaka sarisara ඉසුරුමුණි විහාරයේ පර්වත මධ්‍යයෙහි පොකුණේ බිම සිට අඩි පහලොවක් උසින් පර්වතයේම අර්ධ උන්නතව නෙළා ඇති අශ්ව ශීර්ෂයක් සහ මනුෂ්‍ය රුවකි. මනුෂ්‍ය රුවේ ඉරියව් අනුව ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වියයුතුය. කඳ සෘජුව තබා ගනිමින් වම්පස පොළොව මත දිගා කොට, දකුණු පස ඔසවා, නවාගෙන හිඳගෙන සිටින ස්වරූපයෙන් නිරූපිත මනුෂ්‍ය කැටයමේ වමත භූමි ස්පර්ශ වෙද්දී දකුණත දකුණු පසේ දණහිස මත තබාගෙන සිටියි. පුද්ගලයාගේ දැස් වම් ...
Sandakadapahana at Anuradhapura - අනුරාධපුරයේ සඳකඩපහණ sirilaka sarisara සඳකඩපහණේ ඓතිහාසික පසුබිම කැටයම් කලාව යනු මහින්දාගමනයෙන් පසුව ලංකාවට ලැබුනු දායාදයකි. ලාංකේය කැටයම් කලාව පිළිබඳ හැදෑරීමේදී වාහල්කඩ, කොරවක්ගල,මුරගල, පියගැටපෙළ මෙන්ම සඳකඩපහණට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.ථූපාරාම රෝහල් සංකීර්ණයේ තවමත් නිරුපද්‍රිතව ඇති සදකඩපහණපැරණි විහාර දොරටුවක අංගයක් වන සඳකඩපහණ පසුකාලීනව රජමාලිගා වැනි ප්‍රභූ ගොඩනැගිලි ආශ්‍රිතවද දක්නට ලැබේ. විහාරයකට ඇතුලු වීමේදී පළමුව පයගැටෙන කැටයම් සහිත වූ අර්ධ කවාකාර ගල් පඩිය "සඳකඩපහණ" ලෙස හදුනාගැනේ. සශ්‍රීකත්වය ...
කෝණේස්වරම් කෝවිල පැරණි බෞද්ධ පුදබිමකි - Koneswaram kovil was bult on a Buddhist temple sirilaka sarisara ත්‍රිකුණාමලයේ ෆ්රෙඩ්රික් බලකොටුවේ පිහිටි කෝනේස්වරම් කෝවිල වූ කලී මධ්‍යතන යුගයට අයත් දෙමළ කෝවිලක් ලෙස බොහෝ විස්තරවල සදහන් වේ. නැගෙනහිර පිහිටි හින්දු ආගමික මධ්‍යස්ථානය ලෙස ද සදහන් වන්නේ මෙයයි. පැරණි චෝල සහ දෙමළුන් පස්දෙනා අප රට ආක්‍රමණය කොට පැවති සමයේ ගොඩගනන ලද්දක් බව පැවසේ. ශිව දෙවියන්ට පුද කොට ඇති මෙය ‘කෝණ - ඊශ්වර’ වී පසුව ‘කෝණේස්වරම්’ බවට පත්වී ඇත. දෙමළ ...
පලාබද්දල පාරෙන් සිරිපා වන්දනාවේ ගියෙමු -To Siripada Peak via Palabathgala Trail sirilaka sarisara පලාබද්දල විහාරය සිරිපා කරුණා කිරීම සදහා ප්‍රධාන වශයෙන්ම මාර්ග 4ක් තිබේ. ඒවා නම් රත්නපුර බලාබද්ද මාර්ගය, කුරුවිට එරත්න මාර්ගය, හැටන් මාර්ගය හා දැරණියගල මාර්ගය වේ. මේ අතුරින් පහසුතම හා ඉක්මන් මාර්ගය වන්නේ හැටන් වන අතර දුෂ්කරතම මාර්ගය වන්නේ දැරණිගල මාර්ගයයි. එබැවින් වැඩිදෙනෙකු සිරිපා කරැණාකරන්නට යොදාගන්නේ හැටන් මාර්ගය වේ. හැටන් හා කුරුවිට එරත්න මාර්ග ඔස්සේ සිරිපා කරුණාකොට තිබූ බැවින් මෙවර සිරිපා ...
බෝපත්පිටිය ඇල්ල - Bopathpitiya Falls sirilaka sarisara බෝපත්පිටිය ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්රික්කයේය. මෙහි මුල් නාමය මෙහි සදහන් පරිදි බෝපත්පිටිය වුවත් වර්තමානයේ භාවිත කරන්නේ බෝපත් ඇල්ල යන නාමයයි. මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ පත්‍රයක ස්වරූපයට සමාන හෙයින් මෙම දිය ඇල්ල බෝපත් ඇල්ල නමින් හඳුන්වයි. මෙය මීටර් 30 (අඩි 98) උසින් යුක්ත වේ. මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ...
මහනුවර රජමාළිගා සංකීර්ණය - Palace Complex of Kandy sirilaka sarisara දළදා මාළිගාව හා පත්තිරිප්පුව උඩරට රාජධානි සමයේ ඉදිකරන ලද රජ මාළිගා අතුරින් අද ශේෂව පවතින්නේ මහනුවර රජමාළිගාව පමණයි. මෙය සිංහලයේ අන්තිම රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රජ වාසලයි. මෙහි තිබූ ගොඩනැඟිලි බොහෝමයක් විනාශ වී ගොස් ඇති අතර දැනට දක්නට ලැබෙන කොටස් බ්‍රිතාන්‍ය ජාතිකයන් ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි ප්‍රතිසංස්කරණය කර ඇත.මුලින්ම මහනුවර රජමාළිගයක් නිර්මාණය කරනු ලැබුවේ ගම්පොල විසූ 3 වන වික්‍රමබාහු ...
තනිවැල්ලේ දේවාලය - Thaniwelle Dewalaya sirilaka sarisara ශ්‍රී ලංකාවේ රජකම් කළ ප්‍රාදේශීය රජවරුන්අතුරින් උඩුගම්පොල සකල කලා වල්ලභ රජුට හිමිවන්නේ මුල් තැනකි. ක්‍රි.ව 1477-1496 අතර කෝට්ටේ රජකම් කළ අට වැනි වීර පරාක්‍රම රජු දෙවනුව සරණ පාවා ගත් අග බිසවගේ බාල සොයුරියගේ කුසින් මෙලොව එළිය දුටු කුමාරවරුන් දෙදෙනා ගෙන් පළමුවැන්නා මොහුය. දෙවැන්නා තනිය වල්ලභ කුමරුය. පිය රජුගේ ඇවෑමෙන් අග බිසව ගේ පුතුන් සිව් දෙනා අතුරින් වැඩිමල් පුතු වන ...