අබුඩාබියේදීය, දයාබර ස්වාමිනී. ......හිසට වහල නිල් අහසයි...... අබුඩාබියේ දීය, දයාබර ස්වාමිනී ......කිලිටි වූ ගැහැනියක ලෙස ඔබට ලියන්නෙමි.නොකිලිටිව ඔබ සැවොම අහෝ රැක ගත නොහැක.මගේ පවු සමාකර මේ ලිපිය කියවන්න.....අරාබියෙ මොලේ නැති කාලකන්ණින් සමග,වැතිර හිඳ වෛරයේ ගිනි ගොඩේ පැහෙන්නෙමි,මා සිරුර මගේ නොව අනුන්ගේ යැයි සිතා,දිරාමය දිරාමය ගණන් කර බලන්නෙමි.මේ අපා දුකට මා පත් කලේ මගේ රටයි,මගෙ රටේ මහ එකාලයි උන්ගේ පන්තියයි,එන්ට හැකි නම් උන්ට කරන දේ දන්නවා,ගමන් බල කරදාසි ...
අමරණීය සේකර ......හිසට වහල නිල් අහසයි...... මම නුඹ කඩා බිඳ දමා අලුතින් නිර්මාණය කරමි " යි කවියා සමාජයට කීය. එබසට සමාජයට හිනා ගියේය. "මම නුඹ කඩා බිඳ දමා අලුතින් නිර්මාණය කරමි"යි, සමාජය කවියාට කීය. (මක්නිසාදයත්)ඉස්කෝලේ යන කාලේ කවි පොත් කියවනකොට හිතට හොඳට සෙට් වෙන කවි ඩයරි එකේ මම ලියන්න පුරුදු වුණා.එකේ තිබුන සේකර ගේ මේ කවි ටික පොස්ට් එකක දාන්න හිතුන.ජීවිතය පිලිබඳ නොදුටු පැතිකඩක් සේකරගේ ...
"සරසවිවිරුවන්" වෙනුවෙන් ලියවුනු ගීතයක් ......හිසට වහල නිල් අහසයි...... හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳලු තලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ.... හන්තාන අඩවියේ කුසුම වදුලු තුරු සිරස හමාගෙනමේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ.....කුසින් අඩක් දළ අහරින් සකසාකෙසඟ සිරුරු රළු යහනේ සතපාඅනියත හෙට ගැන සිතමින් විද්‍යා ශිල්ප කලා වන පොත් කරනා....මානව මානවිකාවන්ගේ නලියන රුධිරේ උණුසුම් සුසුමයි ප්‍රේමයේ සුවඳ නොවේ ......පීඩනයෙන් තැනසර හිස ඔසවාපෙරමුණ ගත් වරදට වෙඩි සර කාමළ සොයුරන් සිහි ...
කොරියාවට ගියෙමි - I ......හිසට වහල නිල් අහසයි...... සීතල එක හැන්දෑවක,එහා මෙහා මුව නොපෙනෙන ,අන්ධකාර මාවතකට,පා තැබීමි ඇවිදින්නට.ගිනිකණ වී ගැන අඳුරෙන්,නොපෙනෙයි මට ඒ මාවත,අඳුරින් අඳුරට ඇදෙනා,ඈත දිවෙන පටු මාවත.සිනා හඬකි, මත් අඳුරකි,අඳුරේ සැඟවුණු එළියකි,මෝදුවේවි ආලෝකය,දෑස් හුරුවුනා අඳුරට.එතෙක් අඳුරු ඒ ලෝකය,මදක් එලිය කර දිස්විය,අන්ධකාරයක සැඟවී,අඳුර ගෙනා ආලෝකය. රාත්‍රියේ විදිය.ඒ දිලෙන පහන් කණු,තැනින් තැන එලිය කොට,අඳුරු මුලු මවාලයි.ඒ අඳුරු මුලු තුලින්,අවදිවූ ලෝකයක්,වෙන කාටදෝ හොරෙන්,රඟදෙයි.දුටුවෙමි,නිවී නිවී දිලෙන තාරකා,අන්ධකාරයේ ගිනිපුලිඟු,දුම් දමන.කෝ උංගා.......ෂ්..
සජීවී නිවන ......හිසට වහල නිල් අහසයි...... ථේර ථේරී ගාථා තුල අඩංගුවන , නිර්වාණය පිලිබඳව රහතන්වහන්සේලා විසින් දේශනාකොට වදාළ විවිධාකාර වූ පැහැදිලි කිරීම් තුල ගැබ්ව ඇත්තේ මහා චමත්කාර බවක්. නිවන් දුටු සිතකින් , නිවන පිලිබඳ ගයන්නාවූ මේ සොඳුරු අදහස් නිවන පිලිබඳ මගේ සිතේ තිබුනු ශුන්යබවක සෙවනැල්ලක් වැටුණු අජීවී අදහස සජීවී කොට බොහෝ මටසිලුටු කළා කිව්වොත් හරි. නිර්වාණය යනු මිනිස් සිතක උදාවිය හැකි අසීමිත නිදහසයි , සුන්දරත්වයේ උපරිමයි ...
"මහ උළු ගෙදර ජීවිතය" හෙවත් "ඇතුලේ life එක" ......හිසට වහල නිල් අහසයි...... "පොඩි කෑල්ල පන්සීයයි....... ලොකු කෑල්ල දාහයි....... රතු අක්කගේ *** අස්සේ දාගෙන ගෙනාපුවා...... රෑ වෙනකොට බඩු ඉවරයි...." සෝමපාල අයියා මෙසේ ගිරිය කඩාගෙන බෙරිහන් දෙමින් එහා මෙහා ඇවිදී.ඔහු මේ විකුනන්නේ කුඩුය.වෙළදපොළ , මෙරට දණ්ඩනීති සංග්‍රහයට යටත් නොවන ප්‍රසිද්ධ සිථාන වලින් එකක් වන මැගසින් බන්ධනාගාරයයි.පිටත ලෝකයේ පවතින නීතිවිරෝධී සහ නීතිවිරෝධී නොවන ද්‍රව්‍ය බන්ධනාගාරය තුල තුන් හතර ගුණයක මිලකට සාමාන්‍යයෙන් අලෙවි වෙයි.බන්ධනාගාරයට තුලට මුදල් ...
ෂෙහාන්ගේ පෙති මෝල සහ පලමු වතාවට පොලිසියට ......හිසට වහල නිල් අහසයි...... මේක කියවද්දී මේකත් මතක තියා ගන්න පෙති විතරක් නෙවෙයි ඕනම drugs ජාතියක් කරන්නේ ප්‍රකෘති මනස විකෘති කරන එක.drugs වලින් විකෘති වූන මනස ඒ වෙලාවට විතරයි සුන්දර.ඒත් ප්‍රකෘති මනස ජීවිත කාලය පුරාවටම සුන්දරයි.drugs වලට පුරුදු උනොත් වෙන්නේ ඒ සුන්දර ප්‍රකෘති මනස සදහටම අපිට නැති වෙන එක."මචං නන්නාදුනන මළගෙයක් තියනවා ආතල් එකක් ආතල් එකක් දාමුද"දවසක් හවස ආපු කෝල් එකක් නිසා හැමදේම ...
සෙන් කතාවක් ......හිසට වහල නිල් අහසයි...... දවසක් ආරණ්‍යවාසි භික්ෂුන් වහන්සේ දෙනමක් පිඩුසිඟ වැඩ අවසානකර ආපසු ආරණ්‍යට යමින් හිටියා.එදා වැසි සහිත දවසක් නිසා පාරේ යන්න බැරිතරම් හැම තැනම වතුර පිරුණු මඩ වලවල්.ඔහොම යනකොට වැඩිමහල් භික්ෂුව දැක්කා විශාල මඩවලකින් පැන ගන්න බැරුව පාරේ නැවතිලා ඉන්න ලස්සන කාන්තාවක්(පට්ට කෑල්ලක්).ඒක දැක්ක වැඩිමහල් භික්ෂුව එතනට ගිහින් අර කාන්තාව දෑතින් වඩාගෙන මඩ වලෙන් එහා පැත්තට ගෙනිහින් තිබ්බා.ඊට පස්සේ නැවත ආරණ්‍යට එන්න ...
නන්දා අක්කා ගේ ජීවන ගීතය ......හිසට වහල නිල් අහසයි...... ගොඩක් වෙලාවට මම යාලුවොත් එක්ක සෙට් වෙන්නේ දෙහිවල ගල්කිස්ස beach side එකේ,කොහේ හරි වත්තක,මුඩුක්කුවක වගේ තැන් වල තමයි.පොලිස් බය නැති තැනක් වෙන්නත් එපැයි.මගේ යාළුවො කිව්වම ඉන්නේ එක එක ජාතියේ අය.මාළු වෙළෙන්දෝ,රස්තියාදුකාරයෝ කියල සමාජය හංවඩු ගහන එවුන්,campus යාලුවොත් සෙට් වෙනවා.අපට නම් ආතල් එකක් ගත්තම ඕනෑම තැනකදී නැතුවම බැරි චරිතයක් තමයි නන්දා මාලිනිය.ඇය කොතරම්ම හදවත් වලට සමීප උනාද කිව්වොත් "නන්දා අක්කා" කියල ...
ගෝර්කි ......හිසට වහල නිල් අහසයි...... මම O/L කරන කාලේ පොත් ගුල්ලෙක්. මොනා හරි හේතුවක් නිසා ගෝර්කි ගේ "මිනිසුන් අතර" පරිවර්තනයේ තිබුණ ඡේද 3ක් කවි පොතේ ලියාගෙන තිබුණා........."නුඹ හිතන්නේ මා ඒකිව රවටන බව එකී දන්නේ නැතැයි කියලද?.ඔහු මගෙන් ඇසීය.මා දෙස බලා ඇසක් අඩවන් කොට කහිමින් ඔහු මෙසේද කිවේය."ඒකි ඒ ගැන දන්නවා ..! ඒකි කැමති ඒකිව රවට්ටනවට .ඒ වැඩේදී හැම දෙනාටම ලැජ්ජාවක් දැනෙනවා.කිසිකෙනෙක් කිසිවෙක්ට ආදරය කරන්නේනෑ .නිකම් ...
අපි නොදන්න ප්‍රභාකරන්ලා ......හිසට වහල නිල් අහසයි...... "අහෝ මිනිසුනි , වියරුව හඹා එන ඝාතකයා කවුරුදැයි හැදින්නාද ඔබ. මා කියන්න අසන්න. සිතුවිල්ලේ බලය ක්ශය වී ගියේ යම් තැනකද , යම් විටකද , ඉඩ ලද ඒ ඇසිල්ලේ බුර බුරා නැගෙන බලය පිලිබඳ ම්ලේච්ඡ සිතුවිල්ලයි ඒ. ඉදින් මම මරණය රජකරන දේශයට ජීවිතය නාදය කැටිකොට ගෙන ආමි" ඔහු කීය.ඒ 1985 මැයි 14 වෙනිදා පසලොස්වක දවසක්ය. උදයේ මගේ සැමියා ආවේ ඇදහිය ...
මා දුටු මිනිසා ......හිසට වහල නිල් අහසයි...... දිනෙක මා නිසලව,මිනිසෙකු දෙස බල සිටින විටක,"මෙය කුමක්ද"යි මට සිතිනි.මේ විශාල විශ්වයේ,ඉතා අල්ප,මේ කුඩා මිනිසා දෙස ,හුදෙක් මම බලා සිටියෙමි.එතෙක් මා සංකීර්ණ යැයි සිතා සිටි,මේ පුංචි මිනිසා තුල මා දුටුයේ,ඒකාකාර ලෙස විශ්වයේ පැතිර ගත්,එකම අජීවී ස්වරූපයකි.සොබාදම නිමවූ මේ,අරුම පුදුම යන්ත්‍රය තුල,මා මෙතෙක් සොයාලු "සජීවී" බව,නොමැති බව මට පසක් විය.සුළඟක් හමා යනුයේ කෙසේද,එලෙසම ගලා යන ජීවයක්,කාලයක් මිස,එය තුල මට අවැසි ...
කමත ......හිසට වහල නිල් අහසයි...... පැට්රල් ලාම්පුවක බිඳුණු,විදුරු පටියක සිදුරෙන්,රිංගා ගත් සමනලයෙක්,එහි උණුසුම් සුවය විඳියි.එහි විහිදී යන එලියට,හමා ඇදෙන කාටූ පුසුඹ,හිමිදිරියක බට මිහිදුම,මෙන් ඈතට යසට පෙනෙයි.නිල්ලෙන් මතු වූ තරු කැළ,පාවී යන නුබ ගැඹරට,අවදි කරයි අහස් කුසම,දෙවු ලොව මිහි බට විලසට.ඔසවාගෙන තම දරු කැළ,අඳුරු නෙතින් විඩාබරව,බලා සිටී අඩවන් සඳ,සොබාදමක දරුවන් දෙස.මිහිකත දහදියෙන් දොවා,සරු අස්වනු පුදින්නට,කළුවන් රළු මඩෙක ඔවුන්,බල වික්‍රම පෑ අන්දම.ඉතිරුණු සුදු පෙනකැටි රළ,ගංදිය ආවඩයි උදය,අරුණ ...
සිංහලයන්ටම කඩේයන සිංහල ජාතිවාදය ......හිසට වහල නිල් අහසයි...... උබලට තියන ඇත්ත ප්‍රශ්නේ තමයි කාලයක් තිස්සේ සිංහලම එවුන් ටිකකට කඩේ යන එක. වෙන කවුරුත් නෙවෙයි සිංහලම එවුන් ටිකක් උබලව අන්දන්න පටන්ගත්තට පස්සෙ තමයි හැබෑවටම උබලට කෙලවෙන්න පටන් ගත්තේ. මොකද උන් දන්නවා ගේම් එක. උන් දන්නව උබලගේ මොරාල් එක කොහෙද තියෙන්නේ කියලා. ඒක වැඩකරන්නෙ කොහොමද කියලා. එක එක කාලෙට එක එකා ඇවිත් එක එක පාට රෙදි අන්දල යනකොට උබල ...
නොමියෙන මියගිය ප්‍රේමය ......හිසට වහල නිල් අහසයි...... අකීකරු වූ සුළං රොදක්,සියොළඟ පිස හමා ඇදෙයි,ඒ සුළගේ මුදු පහසේ ,ඔබේ සුවඳ ගලා හැලෙයි.වලාපටල සුළං සරට,ලතාවකට ගලා හැලෙන,අහස් ගඟක් පසුබිම් කොට,ඔබේ රූපය මැවී පෙනෙයි.විල් ඉවූරේ සඳපානක,හුදෙකලාව උන් මා හට,සොබාදමෙහි නුඹව දැනෙයි,නිහඬ ආත්මයක් ලෙසින්.වෙඬරු පිඩක් මෙන් උණුසුම්,බොළඳ මගේ හද පෙර දින,සිරවූනු ගල් කැටයක් මෙන්,අද මාගේ සිතට දැනෙයි. සිසිල් නිසල විල් තීරයෙ,උණුසුම් රළු රැලි නංවා,ප්‍රාණය නැති මගේ සිරුර,ගිලා බසිනු මැවී පෙනෙයි.ඈත ...
මොණරමාලු සහ අලකොල ......හිසට වහල නිල් අහසයි...... අහන්න / බාගන්න....මොණරමාලු උඩඅල්ලේ නොවෙද තියෙන්නේඅපට මාලු අලකොල දෝ අදත් කුඩම්මේ........එකම මවුරටට කවදත් අපි අම්මා කියන්නේසෙන්කඩගල මුල්කිරිගල පැටවු එකම තුරුල්ලේවෙනස්කමක් හිතන්නෙපා හිතට දුකයි කුඩම්මේ......මොණරමාලු උඩඅල්ලේ නොවෙද තියෙන්නේඅපට මාලු අලකොල දෝ අදත් කුඩම්මේ........අප්පා නැති ඇහේ කඳුලු කාගෙත් හීතලයි නේඑහෙව් උන්ට හිත පිරෙන්න අලකොල දෝ බෙදන්නේඉතින් කුඩම්මා කවදද අපට "පුතා" කියන්නේ........ ...
විප්ලවයක සෝ ගීතය ......හිසට වහල නිල් අහසයි...... ගීතය අසන්නකවමදාවත් නොඑන ගමනක් ගියාදෝ වැහිලිහිණියෝලිහිණියෝ....ලිහිණියෝ......ලිහිණියෝ නාඹරවියේ තටුසැලූ කලු වාතලේ...කවමදාවත් නොඑන ගමනක් ගියාදෝ වැහිලිහිණියෝආදරේ මදු ගීතිකා නොව නුඹ මුවඟ රැඳුනේදියට හැඬුදා පවස වෙනුවටනුඹෙ ගෙලද සිඳුනේ...කවමදාවත් නොඑන ගමනක් ගියාදෝ වැහිලිහිණියෝලිහිණියෝ....ලිහිණියෝ......සුලං කෝඩය කපාගෙන නුඹ පියාඹන වේලේහඹා ගිනිබිඳ , පෙලා හිරිහැර ,කලාදෝ නොදැනේ...කවමදාවත් නොඑන ගමනක් ගියාදෝ වැහිලිහිණියෝලිහිණියෝ....ලිහිණියෝ...... ...
කොරියාවට ගියෙමි - II ......හිසට වහල නිල් අහසයි...... සිරිපොද සිරි බිඳිති සරසිදෙවුලොව බට මල් වැස්සකිසිනිදු සුවැති සේද අඟනසදලු තලා සිරි නරඹති.කානු පිරී ඉතිරි ගොස් ගේ අස්සට වතුර ගලතිදණක් තෙමී සිටින තොපටමුරූගසන් වරුසාවකි.වරුසාවෙන් සේදුනු සඳමත්වූ සිත මත් කරවයිවරුසාවෙන් සේදුනු සිත් මතින් විඩාවී ගොරවයි. කුසුම් සුවඳ තවරාගත්මිහිබට සුරඟන කෙල්ලක්නිල් පොකුණේ රන් කොතලින් දිය කෙළිනා සැටි මනරම්.එය කවියකි.සුරඟන නැත.ඒ ලතාය.කානුව උඩ වකුටුගැසීසලෙලු හිඟන සිත සෝදයිඇයට වඩා කොට ටැප් එකදවසේ කුණු සෝදාලයි.හොකි ...
භික්ෂුවකට පෙම්බැඳි තරුණිය ......හිසට වහල නිල් අහසයි...... හිමි සඳ ජිනරතන අරණෙහි වැඩ වසන හැම සඳ ඔබ දකින පෑරෙයි හද පෙමින ඔව් මා ජිනරතන පිඩුසිගමින් වඩින ඔබගෙන් දන් ලබන ගීතය අසන්න වනෙහි බවුන් වඩන දරුවෙකි මා බුදුරදුගේ අකැපය මා හට ගිහිගේ රාගය ඇවිලෙයි ඔබගේ බුදුබණ පිටුදුටු නෙතගේරන්වන් පහන් සිරුරේ රල රැලි ලෙලදෙයි සිව්රේ ගැලෙමින් පස්කම් මිහිරේ ඇවිදිමු මේ දිගු සසරේ හිමි සඳ ජිනරතන පෑරෙයි හද පෙමින පළමුව ...
අනාගතේ එක දවසක ......හිසට වහල නිල් අහසයි...... අනාගතේ එක දවසක මේ පායන ඉර හඳ යටනිහඬව ගලනා කාලය වෙනස්කරයි සුපුරුදු ලෙස....මාගේ ප්‍රීතිමත් නිවෙස.සැමවිට මෙලවූ ගෙයි ලිප නිවී යාවි දල්වන තෙක් සදහට උණු බත් මුට්ටිය හිස්ව යාවි කැඩී බිඳී.ගෙමිදුල සහ වත්ත පිටිය කුණුරොඩු වී හැඩි වී ගොස් වත්ත පුරා අඩි පාරත් වදුල වැවී වැසී යාවිනිලට වැවුණු කුඹුරු පොඩ්ඩඅස්වද්දනු ඇත තවකෙකු වැදුණු ගොයම එබව නොදැනපෙරමෙන් කිරි වදිනු නිසැකඅනාගතයකට නොරිසිව පරම්පරාවක ...