ගෝඨාභයගේ හමුදා ආරක්ෂාවෙන් කොටසක් ඉවත් කෙරේ Neth FM Off-Air හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාවෙන් කොටසක් අද (12) ඉවත් කෙරෙනවා. ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අනියුක්ත කිරීමට නියමිතයි. තමන්ට සපයා ඇති හමුදා ආරක්ෂාව ඉවත් නොකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් කිසියම් තැනැත්තෙකුගේ ආරක්ෂාව සඳහා යොදවන්නේ කවුරුන්දැයි තීරණය කරන්නේ ආරක්ෂක මණ්ඩලය විසින් බවයි ආරක්ෂක අමාත්‍යංශය කියා සිටියේ. The post ගෝඨාභයගේ හමුදා ...
පෙම්වතාගේ චපලකම දැක, පෙම්වතිය පෙම්වතාට මැහුම් 18 දාන්න වැඩක් දීලා! Neth FM Off-Air තම පෙම්වතා වෙනත් තරුණියක් සිප වැළඳගන්නා අයුරු දැකීමෙන් කෝපයට පත් තරුණියක් ඔහුට පහර දී තියුණු තලයකින් කපා කොටා තුවාල කල පුවතක් වාර්තා වනවා. Joylene Cunningham නම් මෙම තරුණිය කළ පහර දීමෙන් තරුණයාගේ 18 පොලකට මැහුම් දමා ඇති බවයි වාර්තා වන්නේ. පසුව අධිකරණය වෙත ඉදිරිපත් කළ මෙම තරුණිය අවුරුදු දෙක හමාරක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා. තම පෙම්වතිය තමාට වංචා කරන ...
FCIDය මනූෂටත් ගැටළුවක් Neth FM Off-Air පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග දූෂණ විරෝධී විමර්ශනවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් නැවත වරක් කතාබහක් ඇති වී තිබෙනවා. ඊයේ (11) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් තමන්ට ද ගැටළු පවතින බවයි. මෙම වැඩසටහනට සහභාගි වූ පාර්ලිමේන්තු ...
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා Neth FM Off-Air බණ්ඩාරවෙල කොලතැන්න ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය මත ලොරි රථයක් පෙරලීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. කොළඹ සිට බදුල්ලට පැණිබීම ප්රවාහණය කරමින් තිබු ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම ස්ථානයේ සිදුවු 50 වන රිය අනතුර මෙය බවද පැවසෙනවා. The post උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා appeared first on Neth News. ...
පාන් මිල යළි ඉහළට? Neth FM Off-Air පාන් ඇතුළු බේකරි ආශ්රිත නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වෙතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. බේකරි ආශ්රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල සියයට 20 කින් පමණ ඉහළ යැම මෙම තත්ත්වයට හේතුව බව ද හෙතෙම සඳහන් කළේය. භාණ්ඩවලට පනවා ඇති බදු වැඩි කිරීම හේතුවෙන් ෆාම් ඔයිල්, මාගරින්, ලුණු, සීනි ඇතුළු බේකරි ආශ්රිත නිෂ්පාදන සඳහා ...
බි්රතාන්ය අගමැති පුටුව බාරගන්න ‘තෙරේසා මේ’ සූදානම් Neth FM Off-Air බි්රතාන්ය වඩාත් සාර්ථක හා යහපත් රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙන යාමට කැපවන බව එරට අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා වී සිටින ‘තෙරේසා මේ’ පවසනවා. වත්මන් අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරුන් සිය ධුරයෙන් හෙට (13) ඉල්ලා අස්වීමට නියමිතයි. අනතුරුව ‘තෙරේසා මේ’ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඇය මේ වන විට කටයුතු කරන්නේ බි්රතාන්යයේ ස්වදේශ කටයුතු ලේකම් ලෙසයි. පාලක කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය සඳහා වූ සටනින් ඇය ...
ශ්‍රී ලංකා , පාකිස්තාන ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද Neth FM Off-Air ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තාන ’ඒ’ කණ්ඩායම අතර සිව්දින ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ (11) තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 370ක් ලබාගෙන සිටියා. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 250ක් පමණයි. ඒ අනුව පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වඩා ...
කොටි බලන්න යාල පීරන ඇමති Neth FM Off-Air කොටි බලන්න යාල පීරන ඇමති ගැන අද බැලුම්ගලින් දැනගන්න The post කොටි බලන්න යාල පීරන ඇමති appeared first on Neth News.
නාමල් ගිය විදියටම මහින්දත් ගිහින්! Neth FM Off-Air පසුගිය රජය සමයේ ඔහු කළැයි කියන මූල්‍ය අපරාධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව ඔහු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත ඉදිරිපත් කළ අතර ඔහුව ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇය නියෝග කළා. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා අතඅඩංගුවට ගෙන බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේ සහ මීට ...
සරසවි සිසුවාගේ සිරුර ඇඳේ! Neth FM Off-Air මොරටු සරසවියේ සිසුවෙකුගේ බව කියන මළ සිරුරක් හමුවී තිබේ. කටුබැද්ද ප්‍රදේශයේ බෝඩිමක ඇඳක් මත තිබී මෙය හමු වූ බව පොලිසිය කියයි. සිද්ධිය පිළබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් පවසයි. The post සරසවි සිසුවාගේ සිරුර ඇඳේ! appeared first on Neth News. ...
දරුවෙකු අපයෝජනය කළ කාර්යය සහායකවරයෙකු අත්අඩංගුවට Neth FM Off-Air වයස අවුරුදු 7ක පිරිමි දරුවෙකු අපයෝජනය කළ බවට සැකපිට කිලිනොච්චියේ පාසලක කාර්යාල කාර්යය සහායකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දරුවා පාසල් වේලාවෙන් පසු අමතර පන්තියකට සහභාගි වීමට යමින් සිටියදී සැකකරු ඔහු රවටාගෙන කිසියම් ස්ථානයකට රැගෙන ගොස් අපයෝජනය සිදුකර ඇති බවයි පොලිසියට ලැබුණු පැමිණිල්ලේ දැක්වෙන්නේ. මීට පෙර ද අවස්ථා කිහිපයකදී දරුවන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු චෝදනා ලබා තිබෙනවා. වයස අවුරුදු 29ක් වන ...
උසස් පෙළ ප්‍රවේශපත්‍ර ලැබී නැත්නම් පැමිණිලි කරන්න Neth FM Off-Air මෙවර උසස් පෙළ විභාගය සඳහා ප්‍රවේශපත්‍ර තවමත් ලැබී නොමැති නම් ඒ පිළිබඳ තමන්ට පැමිණිලි කරන්නැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පාසල් අයදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මගින් ද පෞද්ගලික අයදුම්කරුවන්ට ඔවුන්ගේ ලිපිනවලට ද ප්‍රවේශ පත් ලැබීමට සලස්වා ඇති බවයි. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්වල සංශෝධන සිදුකිරීමට ඉල්ලීම් කිරීම ...
”රංගනගෙන් ප්‍රවේශම් වන්න ” ප්‍රවීන ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙකු අනතුරු අඟවයි! Neth FM Off-Air එළඹෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලියේ දී ටෙස්ට් තරගවලදී රංගන හේරත් පා දඟ පන්දු යවන්නකු ලෙස වඩාත් බලපෑමක් ඇති කරනු ඇතැයිද ඔහුගේ පන්දු යැවීම ගැන වඩාත් අවධානයක් යොමු විය යුතු බවද හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් වේග පන්දු යවන ක්‍රීඩක රොඩ්නි හොග් පවසයි. කෙසේ වුවත් එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු පිල වේගපන්දු යවන්නන් හය දෙනකුගෙන් සමන්විත වීමත්, දක්ෂ පා දඟ පන්දු ...
බැසිල් නිසා ඒකාබද්ධ විපක්ෂය දෙදරයි Neth FM Off-Air හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලෙන් ආරම්භ කෙරුණු ආණ්ඩු විරෝධී ප්රතිසන්ධාන ප්‍රාදේශීය ජනහමු මාලාව ඒකාබද්ධ විපක්ෂය විසින් අවලංගු කර තිබෙනවා. පක්ෂ නායකයින් සහ සෙසු මන්ත්‍රීවරුන් වැඩිදෙනෙකුගේ දැඩි විරෝධය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වූ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ප්‍රබල විවේචන ඉදිරිපත් වූ බවද ...
බුරුත දැව ජාවාරමක් වටලයි Neth FM Off-Air වවුනියාව ඕමන්ත රක්ෂිතයේ සිදුකෙරුණු දැව ජාවාරමක් පොලිසිය විසින් හෙළිකරගෙන තිබෙනවා. මෙම රක්ෂිතයෙන් බුරුත ගස් කපා ඒවා ප්‍රවාහනය කිරීමෙන් ජාවාරම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ (11) පස්වරුවේ කළ වැටලීමකදී සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබුණු බුරුත දැව කඳන් හා ලෑලි තොගයක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ. The post ...
අලුත් රේගු පනතින් කුඩු ජාවාරමටත් සහන ලැබේදැයි ජවිපෙ සැකයෙන් Neth FM Off-Air වත්මන් ආණ්ඩුවේ දූෂණ මර්දන වැඩසටහන සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නැවත සැක පළ කරනවා. එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවා. “මේ ආණ්ඩුව දූෂණ වංචා සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග අරගනිමින් ඉන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකින්. එහෙම නැතුව ඇත්තටම දූෂණ වංචා හෙළිදරව් කරලා අදාළ අයට දඬුවම් දීමේ ක්‍රියාවලියක් නෙමෙයි වෙන්නේ. මේ ආණ්ඩුව එෆ්.සී.අයි.ඩී නඩු ගොනු කරන විදිහට ...
විගණකාධිපති දෙපාර්තමේන්තුවට වැරදිලා – අජිත් පී. කියයි Neth FM Off-Air නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ප්‍රශ්නගත ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවට කිසිදු අලාභයක් සිදුවී නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. අදාළ ප්‍රශ්නයට පාදක වුණු විගණන දෙපාර්තමේන්තුවේ අතුරු වාර්තාව සකස් කිරීමේදී කනිෂ්ඨ නිලධාරීන් අතින් ගණනය කිරීමේ දෝෂ ද සිදුවී තිබෙන බවයි ඔවුන් කියා සිටියේ. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මේ පිළිබඳව කරුණු දැක්වූ හඬපටය පහතින් දැක්වේ. මේ අතර අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ...
නාමල් මුසම්මිල්ගේ වාට්ටුවේ Neth FM Off-Air රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ රඳවා තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා රඳවා සිටින්නේ ද මෙම වාට්ටුවේයි. තවත් රැඳවූවන් 20 දෙනෙකු පමණ ද එහි රඳවා සිටිනවා. ඔවුන් සියලුදෙනා විශේෂ ආරක්ෂාව ලබාදිය යුතු රැඳවූවන් බවයි බන්ධනාගාර ආරංචි කියා සිටියේ. නාමල් රාජපක්ෂ මහතා ඊයේ (11) රාත්‍රී ...
පොලිස් ස්ථානාධිපතිවරු 10කට ස්ථාන මාරුවීම්? Neth FM Off-Air පොලිස් ස්ථානාධිපතිවරුන් දස දෙනෙකුට ස්ථාන මාරු ලබාදීමට පොලිස් මූලස්ථානය නිර්දේශ කර තිබෙනවා. මෙම නිර්දේශ සැලකිල්ලට ගෙන ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අවසන් තීරණයට එළඹෙනු ඇති. ඒ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව ලබන බ්‍රහස්පතින්දා රැස්වීමට නියමිතව තිබෙනවා. ස්ථාන මාරු සඳහා නිර්දේශ වී සිටින ඇතැම් ස්ථානාධිපතිවරුන් එකම සේවා ස්ථානයක වසර 4කට වඩා වැඩි කාලයක් සේවය කළ අයයි. අනෙක් අය විනය කඩකිරීම් සම්බන්ධයෙන් ...
බැලුම්ගල අනාවරණයක් පොලිස්පතිගේ අවධානයට Neth FM Off-Air සීතාවක ගෙඟ් නීති විරෝධීව මැණික් ගැරීම සම්බන්ධයෙන් නෙත් එෆ්.එම්. රේඩියෝවේ බැලුම්ගල වැඩසටහනින් ඊයේ (11)කෙරුණු අනාවරණයට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අවධානය යොමුව තිබෙනවා. මෙම මැණික් ගැරීම සඳහා සහාය ලබාදෙන බවට කිරිඳිවැල පොලිසියට ද චෝදනා එල්ල වුණා. පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් සිය සෘජු අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ කිරිඳිවැල පොලිසියේ නිලධාරීන් 4 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ...