අසත්‍ය ප්රවෘත්ති ගැන පියවර ගන්න යයි Neth FM Off-Air රටේ නිදහස් මාධ්‍ය වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින් හා ජන මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරමින් රජයටත්, ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ නායකයන්ටත් එරෙහිව නිර්මාණය කළ අසත්‍ය ප්රවෘත්ති ඇතැම් මාධ්‍ය පළ කරමින් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙවැනි සාවද්‍ය ප්රවෘත්ති පළ කිරීමට එරෙහිව දැනට පවතින මාධ්‍ය නියාමන හා නීතිමය යාන්ත්‍රණ මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ...
මාධ්‍යවේදියා පහර කයි Neth FM Off-Air පහර කෑමකට ලක්වූ සත්හඬ පුවත්පතේ මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මහතා ගාල්ල නෙළුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගාල්ල නෙළුව දෙල්වල ආඳාදොල හරස් කරමින් ඉදි කෙරෙන ජල විදුලි බලාගාරය හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳ අදහස් පළ කිරීම තමන්ට පහරදීමට හේතුව බවයි ඒ මහතා පැවසුවේ. The post මාධ්‍යවේදියා පහර කයි appeared first on Neth News. ...
මිල අඩු කෙරෙන භාණ්ඩ ලයිස්තුව මෙන්න Neth FM Off-Air සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූණු, වියලි මිරිස්, කරවල, කිරිපිටි යන අත්‍යවශය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ 15 ක මිල සංශෝධනය හෙට (13) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ පිළිබඳ අද (12) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රවී කරුණානායක මහතා අදහස් පළ කළා. එහිදී හෙතෙම පැවසුවේ දීර්ඝ කාලයක් සඳහා මෙම නම් කෙරෙන භාණ්ඩ ස්ථාවර මිලක් යටතේ පවත්වාගෙන යෑමට කටයුතු කරන ...
ගීතා යයි ද? (AUDIO) Neth FM Off-Air ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට රාවයක් පැතිර යනවා. පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මියගේ නමද ඒ අතරට අයත් බවයි පැවසෙන්නේ. ඒ සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහ මහත්මිය සමග නෙත් නිවුස් කළ සංවාදය පහතින් අහන්න. The post ගීතා යයි ද? (AUDIO) appeared first on Neth News. ...
‘අය කළ වැට් බද්ද යළි ජනතාවට ගෙවන්න’ Neth FM Off-Air මැයි දෙවැනිදා සිට අද දක්වා රටේ සියලු ජනතාව ගෙවා ඇති වැට් බද්දට සිදු වන්නේ කුමක්ද යන්න ඒකාබද්ධ විපක්ෂය ප්‍රශ්න කරනවා. වැට් බද්ද සම්බන්ධයෙන් අද (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව පැවසුවා. එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ මෙම වැට් බද්ද හරහා රජය ජනතා මුදල් පික්-පොකට් ...
නාමල්ගෙන් රැඳවියන්ට ‘යෝග’ අභ්‍යාස Neth FM Off-Air රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර රැඳවියන්ට යෝග අභ්‍යාස උගන්වමින් සතුටින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒ, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට අද (12) පැමිණි අවස්ථාවේදීයි. ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් හා රෝහිත රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී මාධ්‍යයට අදහස් පළ කර සිටියා. රෝහිත රාජපක්ෂ මහතා ...
සහන දෙන ගැසට් නිවේදනය හෙට Neth FM Off-Air අත්‍යාවශ්‍ය භාණ්ඩ 15 ක් පාලන මිලක් යටතේ අලෙවි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (13) නිකුත් කිරීමට නියමිත බවයි රජය පවසන්නේ. The post සහන දෙන ගැසට් නිවේදනය හෙට appeared first on Neth News. ...
කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ පිටිපන අවහිර වෙයි Neth FM Off-Air ශිෂ්‍ය භික්ෂූන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ අවහිරතාවයක් ඇති වී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය පිටිපන මංසන්ධියෙන් මෙලෙස අවහිර වී ඇති බවයි. පාලි සහ බෞද්ධ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා හෝමාගම පිටිපන මංසන්දියේදී මෙම විරෝධතාවයේ නිරත වන්නේ ශිෂ්‍ය මර්ධනය නවතන ලෙසට බල කරමින්. The post කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ පිටිපන අවහිර වෙයි appeared first on Neth ...
ජවිපෙ යළි ආයුධ අතට ගන්න සූදානම්? Neth FM Off-Air සාමාකාමීව දේශපාලනය කර අපේ පක්ෂය 83 දී තහනම් කරා. ඒ ආකාරයෙන් යලිත් තහනම් කරන්න උත්සාහ කරෝතින් අපි යලිත් ආයුධ අතට ගන්නවා ගන්නවාමයි. දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ මහතා මෙසේ ප්‍රකාශ කලේ දකුණු පළාත් සභාවේ සැසිවාරය අතර තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතැති මන්ත්‍රීවරුන් හා උණුසුම් වාග් ප්‍රහාරයක් ඇති වු අවස්ථාවේ දීය. 12 දින දකුණු පළාත් සභාව සභාපති ...
ආදරණීය කතාවක් ගැන අධිකරණයෙන් පාඩමක් Neth FM Off-Air දුම්කොළ හා මද්‍යසාර ප්‍රවර්ධනය වන අයුරින් දර්ශන ඇතුළත් ආදරණීය කතාවක් චිත්‍රපටය තිරගත කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස දුම්කොළ හා මධ්‍යසාර අධිකාරිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (12) ප්‍රතික්ෂේප කළා. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා පැවසූයේ දුම්කොළ හා මද්‍යසාර අධිකාරි පනත යටතේ හෝ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ වාරණ නියෝගයක් නිකුත් කිරීමට විධි විධාන නොමැති බවයි. ...
නීෂා බිස්වාල් පැමිණෙයි Neth FM Off-Air දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය දිවයිනට පැමිණ තිබෙනවා. බංග්ලාදේශයේ ඩකා නුවර සිට මිහින් ලංකා ගුවන් සේවයට අයත් MJ – 502 දරණ ගුවන් යානයෙන් අද (12) පස්වරුවේ නීෂා බිස්වාල් මහත්මිය දිවයිනට පැමිණියා. එහිදී ඇය මෙරට රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, දේශපාලන නායකයින් සහ සිවිල් සංවිධාන කි්රයාකාරිකයන්ද හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ...
බස් ගාස්තු වැඩි කිරීමට අනුමැතිය Neth FM Off-Air බස් ගාස්තු සියයට 06 කින් වැඩි කිරීමට අනුමැතිය ලැබී තිබෙනවා. අදාළ වැඩි කිරීම් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව රුපියල් 08 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 09 දක්වා ඉහළ යනු ඇති. බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන්නේ අගෝස්තු මස පළමුවැනිදා සිටයි. The post බස් ගාස්තු වැඩි කිරීමට අනුමැතිය appeared first on Neth News. ...
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී මුදල් අයකැමිවරයෙකුට පහරදීමක් Neth FM Off-Air දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී අද (12) දහවල් කළහකාරීව හැසිරුණු පිරිසක් මුදල් අයකැමිවරයෙකුට තියුණු ආයුධවලින් පහර දී පලාගොස් තිබෙනවා. තුවාල ලැබූ මුදල් අයකැමිවරයා රෝහල්ගත කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. පහරදීම සිදුකළ අය හඳුනා ගැනීම සඳහා සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරන බව පොලිසිය පැවසුවා The post දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී මුදල් අයකැමිවරයෙකුට පහරදීමක් appeared first on Neth News. ...
ජෙරම් ටේලර් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි Neth FM Off-Air බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජෙරම් ටේලර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු තවදුරටත් එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරගවලට සහභාගි වන බවයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ. ටෙස්ට් තරග 46කට සහභාගි වී ඇති ජෙරම් ටේලර් කඩුලු 130ක් දවාගෙන සිටිනවා. ඉනිම 73කදී ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 856ක්. ශතකයක් සහ අර්ධ ශතකයක් ...
අන්තරේ කැඳවුම්කරු නිදහස් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ Neth FM Off-Air රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් විශ්ව විද්‍යාල කිහිපයක් ඉදිරිපිට අද උද්ඝෝෂණ පැවැත්වෙනවා. වයඹ විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය, සෞන්දර්ය විශ්ව විද්‍යාලය, අග්නිදිග විශ්ව විද්‍යාලය, කොළඹ වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය පීඨය මෙලෙස උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථාන කිහිපයක්. නයිවල, කුරුණෑගල සහ තංගල්ල එච්.එන්.ඩී.ඒ. ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණ සිදුකෙරෙනවා. ලහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීම ...
කබැල්ලෑවගේ පැටව් දැකලා තියෙනවද Neth FM Off-Air කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ නිවසකට පැමිණි තැඹිලි පාට කුඩා සතෙකු කුරුණෑගල වනජීවී නිලධාරීන් වෙත පෙන්වීමෙන් පසුව කබැල්ලෑවාගේ පැටවෙකු බවට හඳුනාගෙන තිබෙනවා. පොල්පිතිගම පදිංචි නන්දන ඒකනායක මහතාට මේ කබැල්ලෑ පැටවා හමුවූ අතර මේ වන විට පින්නවල සත්තු වත්තට බාරදී තිබෙනවා. කබැල්ලෑවා සැඟවී ජීවත් වෙන සතෙකු ලෙස හැඳින්විය හැකි අතර පැටවෙකු එළිමහනේ දක්නට ලැබෙන්නේ ඉතා කළාතුරකින්. The post කබැල්ලෑවගේ පැටව් දැකලා තියෙනවද appeared first ...
අන්තවාදීන් ත්‍රී’මලේ බෝ ගසක් කපලා (PHOTOS) Neth FM Off-Air ත්‍රිකුණාමලය , සාම්බල්තිව් මංසන්ධියේ තිබු බෝධි වෘක්ෂය කපා දමා බුදු මැදුරට හානි කිරිම අන්තවාදින්ගේ ක්‍රියාවක් බව සිංහලේ ජාතික බල මුළුවේ ජාතික සංවිධායක අරඹේපොල රතනසාර හිමි පවසයි. නිලාවේලි පාරේ, සාම්බල්තිව් මංසන්ධියේ තිබු බෝධි වෘක්ෂය (10) දා කිසියම් පිරිසක් කපා එහි බුදු මැදුරට හානිකර තිබිම සම්බන්ධයෙන් සොයා බැලිමට පැමිණි රතනසාර හිමියෝ එසේ පැවසිය. තව දුරටත් අදහස් දැක්වු අරඹේපොල රතනසාර හිමියෝ මෙය ආගම් ...
තේ බොන්නේ ආප්ප කාලද Neth FM Off-Air කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලඥයන් දෙදෙනෙකු වන පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පසුගියදා කළුතර විහාරස්ථානයකදී මුණගැසුනා. ඒ නාගොඩ විජේමාන්න බෞද්ධ මධ්‍යස්ථානයේ “සෙත්සිරි උයන” චෛත්‍යයට කොත පැලැන්දවීම සහ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ අවස්ථාවේදීයි. රාජිත සේනාරත්න අමාත්‍යවරයා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් දිගින් දිගටම විමසා සිටියේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවයි. දෙදෙනාම ...
නාමල්ට ගෙදරින් කන්න වෙයි වගේ Neth FM Off-Air රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආහාර නිවසින් ගෙන්වා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ (11) රාත්‍රී ඔහු ආහාර ලබාගෙන ඇත්තේ බන්ධනාගාරයෙන්. ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ලැබුණු රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නාමල් රාජපක්ෂ මහතා ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ ලබන ...
වැට් තීන්දුව දැන් පාර්ලිමේන්තුව අතේ Neth FM Off-Air වැඩි කෙරුණු වැට් බද්දෙන් මහජනතාව බේරාගැනීමේ අවස්ථාව දැන් පාර්ලිමේන්තුවට ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. වැට් බදු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) පැනවූ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් කොළඹ අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව පැවසුවේ. සියයට 11ක්ව පැවති වැට් බද්ද ඉකුත් මැයි මස 2 වෙනිදා සිට සියයට 15ක් දක්වා වැඩි කෙරුණා. ...