බස් ගාස්තුව ගැන අන්තිම තීන්දුව අද Neth FM Off-Air බස් ගාස්තු සම්බන්ධයෙන් සිය නිර්දේශ කැබිනට් මණ්ඩලය වෙත අද (12) ඉදිරිපත් කෙරෙන බව එම නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ විද්වත් කමිටුව පවසනවා. එහි ප්‍රධානී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා පැවසුවේ බස් ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ද කැබිනට් මණ්ඩලයේදී ගැනෙනු ඇති බවයි. සිය නිර්දේශ සකස් කළේ ප්‍රධාන කරුණු 4ක් සැලකිල්ලට ගනිමින් බවද ඒවා සම්බන්ධයෙන් බස් ...
ඒකාබද්ධ විපක්ෂයේ 4ක් ආණ්ඩුවට Neth FM Off-Air ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙකු ආණ්ඩුවට එක්වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි පවසනවා. ඔවුන් බදුල්ල, පොළොන්නරුව, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයයි. මෙම මන්ත්‍රීවරුන් හතර දෙනා දැනටමත් ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු මගහරිමින් ආණ්ඩුවට වාසි වන අන්දමින් කටයුතු කරමින් සිටින බවද දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියා. The post ඒකාබද්ධ විපක්ෂයේ 4ක් ආණ්ඩුවට appeared first on Neth ...
නාමල් නිසා මහින්දත් බන්ධනාගාරයට (VIDEO) Neth FM Off-Air රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) පස්වරුවේ වැලිකඩ නව මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියා. එම වීඩියෝව පහතින් දැක්වේ The post නාමල් නිසා මහින්දත් බන්ධනාගාරයට (VIDEO) appeared first on Neth News. ...
මත මඩින්න ජනපති ත්‍රිවිධ හමුදාව බල ගන්වයි Neth FM Off-Air දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමෙන් හොඳ රටක් ගොඩනැගිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද වන සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ නිර්මාතෘ සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ 45වන ගුණ සමරු උත්සවයට අද සහභාගි වෙමින්. මේ අතර ‘මතින් නිදහස් රටක්’ ජාතික වැඩසටහන යටතේ පුත්තලම ආනන්ද ජාතික පාසලේ අද (11) පැවති ...
ලංකාවට තවත් පදක්කම් දෙකක් Neth FM Off-Air රුසියාවේ පැවැත්වෙන ආසියානු පාසල් ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලේදී තවත් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී සිටිනවා. මෙම පදක්කම් දිනාගත්තේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති සහ වලල ඒ. රත්නායක විද්‍යාලයේ ලක්ෂානා ඒකනායක විසින්. මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට ඔවුන් තරග වැදුණා. The post ලංකාවට තවත් පදක්කම් දෙකක් appeared first on Neth News. ...
ඉන්ධන බද්දත් වැඩි කෙරේ Neth FM Off-Air ඉන්ධන සඳහා බද්ද වැඩිකර ඇතත් එයින් සාමාන්‍ය පාරිභෝගිකයින්ට බලපෑමක් ඇති නොවන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ගාල්ලේ පැවති උත්සවයකදීයි. “රජය සහ ඉන්දියන් තෙල් සමාගම අතර ඇතිවුණ ගිවිසුමකට අනුව සාමාන්‍ය ඩීසල් සහ පෙට්‍රල් වලට අමතරව ඒ අයගේ යම් නිෂ්පාදන සම්බන්ධයෙන් මිළ වැඩිකිරීම සඳහා ඒ අයට 2007 වර්ෂයේ අවසරයක් දීලා තිබෙනවා. ...
විදුලි උප පොළක් ආසන්නයේ රක්ෂිතයක ගින්නක් Neth FM Off-Air ලංකා විදුලිබල මණ්ඩලයේ දෙනියායේ පිහිටි උප පොළකට යාබද රක්ෂිතයේ අද (11) දහවල් ගිනි ගැනීමක් ඇති වුණා. සුළං හේතුවෙන් මෙම ගින්න ඉතා ඉක්මනින් පැතිර ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. කෙසේ වෙතත් අධිබල විදුලි රැහැන් ගින්නෙන් ආරක්ෂා කරගැනීමට හැකි වී තිබෙනවා. ගින්න නිවා දැමීමට මාතර මහනගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක්ද පිටබැද්දර සහ කොටපොල ප්‍රාදේශීය සභාවන් හි ජල බවුසර් ද යොදා ...
ඉන්දියාවේත් අයි.එස්. අවදානමක් Neth FM Off-Air අයි.එස්. ත්‍රස්ත තර්ජනයක් සම්බන්ධයෙන් ඉන්දියාව විමසිලිමත් වී සිටිනවා. එරට ආරක්ෂක අංශ ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. කේරළයේ මුස්ලිම් ජාතිකයින් 9 දෙනෙකු අයි.එස්. සංවිධානය සමග ඒකාබද්ධව කටයුතු කර ඇති බවට තොරතුරු ලැබීම මීට ආසන්නම හේතුව වී තිබෙනවා. The post ඉන්දියාවේත් අයි.එස්. අවදානමක් appeared first on Neth News. ...
නාමල් මැගසින් බන්ධනාගාරයට Neth FM Off-Air රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආවා. ඒ, ධාරාණිපාත වර්ෂාවක් ද ඇදහැලෙමින් තිබියදීයි. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා. ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සංවර්ධනය සඳහා ක්‍රිෂ් ආයතනය ...
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් රජයේ ආදායමට බලපෑමක් නෑ Neth FM Off-Air වැට් හා එන්.බී.ටී. බදු සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත මෙම මාසය අවසන් වීමට පෙර සම්මත කරගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවයි. ලබන 23 වෙනිදා එහි දෙවනවර කියවීම සිදුකෙරෙනවා. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් තිබෙන බැවින් එහිදී මෙම කෙටුම්පත සම්මත කරගැනීමට ද හැකිවනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ...
අතුරු තහනම් නියෝගය පාරිභෝගිකයින්ගේ ජයග්‍රහණයක් (VIDEO) Neth FM Off-Air වැට් හා එන්.බී.ටී. බදු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) පැනවූ අතුරු තහනම් නියෝගය පාරිභෝගිකයින්ගේ ඓතිහාසික ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අද පැවති නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි. අදාළ වීඩියෝව පහතින් බලන්න The post අතුරු තහනම් නියෝගය පාරිභෝගිකයින්ගේ ජයග්‍රහණයක් (VIDEO) appeared first on Neth News. ...
කාකි ඇඳුමින් මැණික් ගරන හැටි Neth FM Off-Air කාකි ඇඳුමින් මැණික් ගරන හැටි අද බැලුම්ගලින් The post කාකි ඇඳුමින් මැණික් ගරන හැටි appeared first on Neth News.
නෝර්වේ රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට ආරාධනයක් Neth FM Off-Air නෝර්වේ රාජ්‍යයේ ලබන මස පැවැත්වෙන ලෝක ප්‍රසිද්ධ ධීවර ප්‍රදර්ශනයට සහභාගි වන්නැයි ශ්‍රී ලංකාවට නිල ආරාධනයක් ලැබී තිබෙනවා. මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද මෙම ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා අංශ ගණනාවකින් තාක්ෂණික සහ මුදල් ආධාර ලබාදීමට ද නෝරවේ රාජ්‍ය ඉදිරිපත් වී සිටිනවා. The post නෝර්වේ රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට ආරාධනයක් appeared first on Neth News. ...
ශ්‍රී ලංකාවේ පිරිමි Sex Videoවලට මේතරම් බය ඇයි? (පාඨකයාගේ ලිපිය) Neth FM Off-Air අසභ්‍ය වීඩියෝ නිර්මාණය කිරීම සහ සන්තකයේ තබා ගැනීම මෙරට නීතිය අනුව වරදකි. නීතියට අනුව වරදක් වුවද පෙර කී කාරණා දෙකම රටතුළ නොඅඩුව සිදු වන්නකි. අසභ්‍ය ඡායාරූප හෝ වීඩියෝ පට පරිගණක හෝ ජංගම දුරකතන තුළ ගබඩා කරගෙන ඇතැයි කියා පොලිස් නිලධාරීන් විසින් කොපමණ තරුණ පිරිසක් පොලිසි තුළට කුදලාගෙන ගොස් ඇත්ද? සාමාන්‍ය පුද්ගලයින් මේ වරදට පොලිස් කූඩුවල ලැග අධිකරණයටද ගොස් දඬුවම් වින්දද, පොලිස් නිලධාරීන් ...
දියණියගේ විශේෂ වැඩකට ජනපති හෙට එංගලන්තයට! Neth FM Off-Air ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට එංගලන්තය බලා පිටත්ව යන බව වාර්තා වනවා. ඒ සිය දෙවැනි දියණියගේ උපාධි පිරිනැමීමේ උත්සවය වෙනුවෙන්. එංගලන්තයේ (University of Staffordshire with flying colours) ස්ටැෆර්ඩ්ෂයර් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය අවසන් කළ ධාරණි සිරිසේන මෙනවියගේ මෙම උපාධි ප්‍රධානෝත්සවය සඳහා ජනපති තුමන් පෞද්ගලික මට්ටමින් සහභාගිවීමට නියමිත බවයි පැවසෙන්නේ. ඒ අනුව ජනාධිපති තුමන් හෙට(12) එංගලන්තය බලා පිටත්ව ගොස්, එළඹෙන 16 ...
හිටපු ආරක්ෂක ලේකම්වරයකුගේ ෆෝන් එක උස්සලා! Neth FM Off-Air හිටපු ආරක්ෂක ලේකම්වරයකුට අයත් රුපියල් 84,000ක් පමණ වටිනා ජංගම දුරකතනයක් බලහත්කාරයෙන් රැගෙන පලා ගිය පුද්ගලයකු මොරටුමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මුල්ලේරියාව පදිංචි සැකකරු මත්කුඩුවලට ඇබ්බැහිවූවෙක් බව පැවසේ. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. The post හිටපු ආරක්ෂක ලේකම්වරයකුගේ ෆෝන් එක උස්සලා! appeared first on Neth News. ...
කාන්තාවන් 1500කට අසභ්‍ය වීඩියෝ යැවූ සල්ලාලයා! Neth FM Off-Air කාන්තාවන් 1500 දෙනෙකුට අසභ්‍ය වීඩියෝ, ඡයාරූප, කෙටි පණිවුඩ යැවූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. 31 හැවිරිදි මොහොමඩ් අකීල් නම් මෙම පුද්ගලයා සතුව කාන්තාවන් 2000ට අධිකගේ දුරකථන අංක පැවති බව ඉන්දියානු පොළීසිය පවසනවා. තමාට සිතුන අංකයකට අමතා, එම අංකය කාන්තාවකගේ නම් ඇයට මෙම අසභ්‍ය වීඩියො, ඡායාරූප, පණිවුඩ යැවීමට මොහු කටයුතු කොට ඇති බව සඳහන්. ඔහු සෑම කාන්තාවකටම මේ ආකරයේ අසභ්‍ය ...
VAT අත්හිටුවයි Neth FM Off-Air වැට් බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි කරමින් ඉකුත් මැයි මස 2 වෙනිදා සිදුකෙරුණු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එන්.බී.ටී. හෙවත් ජාතිය ගොඩනැගීමේ බද්ද සඳහා සිදුකෙරුණු සංශෝධන ද මේ සමග තාවකාලිකව අත්හිටුවනු ඇති. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ගොනුකර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කෙරුණා. පෙත්සම ...
නාමල් ගලවාගන්න මම යන්නේ නැහැ Neth FM Off-Air අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන් අධිකරණයට හෝ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නොයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ නාමල් රාජපක්ෂ මහතා තම පුතෙකු වුවත් ඔහු දේශපාලනඥයෙකු වන බවයි. ඉකුත් සමයේ තවත් දේශපාලනඥයින් කිහිපදෙනෙකුම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණු ...
නාමල් අත්අඩංගුවට Neth FM Off-Air පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතා අද (11) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට එහි පැමිණියා. The post නාමල් අත්අඩංගුවට appeared first on Neth News. ...