ඉබ්බන්කටුව ජලාශයේ තරගෙට පිහිනීම Neth FM Off-Air පොලිස් ජල ක්‍රීඩා හා ජීවිතාරක්ෂක සංගමය, දඹුල්ල පොලිසියට අනුබද්ධ රන්ගිරි ආදී සිසුන්ගේ ජල ක්‍රීඩා හා ජීවිතාරක්ෂක සංගමය එක්ව සංවිධානය කළ සැතපුම් දෙක පිහිනුම් තරගය තරගකරුවන් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඊයේ (10) දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේදී පැවැත්වුණා. දිවයිනේ පළාත් රැසක පාසල් හා ජීවිතාරක්ෂක සංගම්වල තරගකරුවන් මෙහිදී තරග වැදුණා. The post ඉබ්බන්කටුව ජලාශයේ තරගෙට පිහිනීම appeared first on Neth News. ...
බන්ධනාගාර නිළධාරියාගේ දිවි බේරන්න සිරකරුවන් සිරකුටි කඩා එළියට පැනලා – සිසිටීවි කැමරාවේ සටහන් වෙයි! Neth FM Off-Air සිරකරුවන් පිරිසක් එකතු වී බන්ධනාගාර නිළධාරිවරයෙකුගේ ජීවිතයක් බේරාගත් පුවතක් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. සිරකරුවන් 8දෙනෙකු මාංචු දමා සිරගත කල, තාවකාලික සිර කුටියක් අසළ රාජකාරි කල බන්ධනාගාර නිළධරිවරයෙකුට හදිස්සියේ හෘදයාබාධයක් වැළඳී තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ මෙම සිරකරුවන් තම සිරකුටිය ද කඩාගෙන විත් බන්ධනාගාර නිළධාරිවරයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා උදව් ඉල්ලා කෑගසා තිබෙනවා. පසුව උදව්වට පිරිස් පැමිණ ඇති අතර හෘදයාබාධයට ලක් වූ ...
“ගමේ දරුවා ගමට සීමා කරලා” Neth FM Off-Air අද වන විට සියයට විස්සකින් පමණ සෑම දෙයකම මිල වැඩි වී ඇති බවත් ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කල්පිටිය ප්‍රදේශයේදී භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළා. අද ගමේ ඉගෙන ගන්න දුප්පත් දරුවා ගමට සීමා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. පාසල් ...
රුසියාවේදී පිහිනුම් ඉසව්වෙනුත් ලංකාවට රන් පදක්කමක් (UPDATE) Neth FM Off-Air රුසියාවේ පැවැත්වෙන 06 වන ආසියානු පාසල් ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලේදී තවත් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ, පිරිමි මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වෙන්. එහිදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් මෙම රන් පදක්කම දිනා දුන්නේ තත්පර 58.74 ක දක්ෂතාවක් වාර්තා කරමින්. එම රන් පදක්කමත් සමග ශ්‍රී ලංකාව මේ වන විට දිනා සිටින රන් පදක්කම් ගණන දෙකක්. කොටහේන ...
ඩෙංගු මඩින්න බැරි වැඩිහිටියන්ගේ ආකල්ප නිසයි Neth FM Off-Air ඩෙංගු රෝගය පාලනය කිරීමට විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති දියත් කළද මෙතෙක් ඩෙංගු රෝග පාලනයක් පැහැදිළිව දක්නට ලැබෙන්නේ නැහැ. නෙත් නිවුස් ඒ පිළිබඳ විමසා සිිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මියගෙන්. ඇය එහිදී අවධාරණය කළේ කුමන වැඩසටහන් දියත් කළද වඩා වැදගත් වන්නේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම බවයි. පාසල් දරුවන්ගේ ආකල්ප වෙනස් කරමින් කටයුතු කළත් වැඩිහිටියන්ගේ ...
ගම්මන්පිලගේ පෙත්සමට අවසර Neth FM Off-Air පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබාදුන්නා. ඕස්ටේ්රලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් මගින් ලබාගත්තේ යැයි කියන සිද්ධියකට තමා අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණා. ඒ අනුව ගම්මන්පිල මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු මස 15 වන දින ...
නොලද ආදරය ගැන යුරේනි හෙළිදරව් කරයි! Neth FM Off-Air නිළියක, ගායිකාවක ,නිරූපණ ශිල්පිණියක මෙන්ම නිවේදිකාවක ලෙස ද අප හමුවට එන යුරේනි නොෂිකා පසුගිය සති අන්ත පුවත්පතකට අපූරු සාකච්ඡාවක් දී තිබුණා. ඒ ඇගේ නොලැබුණ ආදරය ගැන. යුරේනිට මේ කියන පෙම්වතා හමුවෙලා තියෙන්නේ මීට අවුරුදු දෙකකට විතර කලින් සංගීත කටයුත්තකට ගිය මොහොතකලු.එතැනට මේ කියන පුද්ගලයත් ඇවිදින් හිටියාලු. දුටු ගමනින්ම ඔහු පිළිබඳ ආදරයක් ඇති නොවුණ බවත්, කාලයක් යාලුවෝ විදියට ඇසුරු කළායින් පසුව ...
ඇතැම් ඉන්ධනවල මිල වැඩි වෙලා Neth FM Off-Air ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු කර නොමැති බව ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ඒ, පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් ඉහළ දමා ඇති බවට පළවී තිබූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගාල්ලේදී මාධ්‍ය අමතමින්. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රජය සහ ඉන්දියානු තෙල් සමාගම අතර 2007 ...
බඩු මිල අඩුකරන්න ආණ්ඩුව ජාත්‍යන්තර සහය පතයි Neth FM Off-Air අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් හෙට (12) දිනයේ ජීවන වියදම් කමිටුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි. ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් හෝ 12 ක් සඳහා උපරිම මිලක් නියම කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි. මේ අතර භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ නෙත් නිවුස් ...
සනී ගැන පුවතකින් බොලිවුඩය කැළඹෙයි!! Neth FM Off-Air සුරූපි සනී ලියෝන් ගායිකාවක් වීමට යන සූදානමක් ගැන පුවතක් පසුගිය දා බොලිවුඩය පුරා කතා බහට ලක් වුණා. මාධ්‍ය වාර්තා දක්වා තිබුණේ ඉදිරියේ දී තිරගත වීමට නියමිත චිත්‍රපටයක් සඳහා ඇය මෙසේ ගායනයෙන් දායක වී ඇති බවයි. ගීතයක් පටිගත කරන අයුරු දැක්වෙන, ඇය ඇගේ ට්විටර් ගිණුමේ පලකල ඡයාරූපයක් මෙම පුවත නිර්මාණය වීමට හේතු වෙලා තිබුණා. කොහොම වුණත් සනී මෙම පුවත ප්‍රතික්ෂේප ...
හිඟන්නන්ටත් කෝටි ගණනින් පොලු තියන “Expo Lanka” සහ “Rajadhani Expresss” Neth FM Off-Air දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් මිලියන සියයක මුදලක් මෙතෙක් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි දුම්රිය වෘත්තීය සමිති, අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා. 2011 වසරේ සිට පෞද්ගලික ආයතන දෙකකින් අදාළ මුදල් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා මේ පිළිබඳව සඳහන් කළේ මේ වන විට “Expo Lanka” සමාගමෙන් රුපියල් මිලියන ...
ළඟම පාසල හොඳම පාසල කරයි Neth FM Off-Air ළඟම පාසල හොඳම පාසල බවට පත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් පාසල් හත්දහසක වැඩකටයුතු ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එක් එක් පළාතට රුපියල් මිලියන 50 සිට 400 දක්වා ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ. ප්‍රධාන ව්‍යාපෘති 04 ක් සහ අනු ව්‍යාපෘති 06 ක් යටතේ මෙම පාසල් සංවර්ධනය කරනු ඇති. මේ යටතේ බස්නාහිර පාසල් 797 ...
වික්‍රමසිංහ බ්‍රදර්ස් – ශ්‍රී ලංකා පොලිසියේ සහෝදර සමාගම Neth FM Off-Air ලංකාවේ අලුත්ම සහෝදර සමාගම ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේය. එම සහෝදර සමාගම පිහිටුවූයේ වික්‍රමසිංහ සොයුරෝය. එක බඩවැල කඩාගෙන පැමිණි මේ වික්‍රමසිංහ සොයුරන් තුන්දෙනාම ඩී.අයි.ජී.ලා හෙවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ය. වික්‍රමසිංහ පවුලේ අලුත්ම නියෝජ්‍ය පොලිස්පතිවරයා වසන්ත වික්‍රමසිංහය. ඔහු උසස්වීම් ලබන විට සේවයේ නිරතව සිටියේ වවුනියාව කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසිනි. වසන්ත වික්‍රමසිංහ ඩී.අයි.ජී. වන විට ඔහුගේ වැඩිමහලු සොයුරන් දෙදෙනාත් ඩී.අයි.ජී.ලා වී හුන්නහ. මෙයට පෙර මෙම ...
ගෝඨා FCID එයි Neth FM Off-Air හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි. The post ගෝඨා FCID එයි appeared first on Neth News. ...
විම්බල්ඩන් ටෙනිස් කිරුළ ඇන්ඩි මරේට Neth FM Off-Air 2016 විම්බල්ඩන් පිරිමි ටෙනිස් ශූරතාව දිනා ගැනීමට බි්රතාන්යයේ ඇන්ඩි මරේ සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී කැනේඩියානු ක්‍රීඩක මිලොස් රවුනික් පරාජයට පත් කරමින්. අවසන් ලකුණු සටහන දැක්වූයේ 6 -4 ක්, 7 – 6 ක් සහ 7 – 6 ලෙසයි. ඇන්ඩි මරේ, විම්බල්ඩන් පිරිමි ටෙනිස් ශූරතාව දිනා ගත් දෙවන අවස්ථාව මෙය වනවා. 1935 වසරෙන් පසු එවැනි දස්කමක් දැක්වූ පළමු බි්රතාන්යය ජාතික ...
බස් අනතුරකින් 29 කට තුවාල Neth FM Off-Air මහනුවර මඩොල්කැලේ ප්‍රදේශයේදී අද (11) පෙරවරුවේ ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් විසිනව (29) දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ අතරට ළමුන් 06 දෙනෙකු ද ඇතුළත්. කබරගල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා. ඒ, බස් රථයේ දුනු කැඩී යාම හේතුවෙන්. අනතුරින් තුවාල ලැබූ 11 දෙනෙකු රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඒ අතරට ළමුන් තිදෙනෙකුද ඇතුළත් ...
හමුදාවෙන් දහතුන් දහසක් ඉවත් වෙයි Neth FM Off-Air සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කළ පොදු සමා කාලය හෙටින් (12) අවසන් වනවා. අදාළ කාලය තුළ මේ දක්වා හමුදා සාමාජිකයින් දහතුන්දහස් හයසිය හතලිස් හත් දෙනෙකු (13647) නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී ඇති බවයි හමුදා මාධ්‍ය අධ්යක්ෂ බි්රගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේ. යුද හමුදා සාමාජිකයින් දොලොස් දහස් තුන්සිය හතලිස් හතක් ...
දකුණු සුඩානය යළි යුද්ධයකට තල්ලු වෙයි Neth FM Off-Air දකුණු සුඩානයේ යළි ගැටුම්කාරී තත්වයක් හට ගෙන තිබෙනවා. ඒ, සන්නද්ධ කණ්ඩායමක් විසින් ජුබා නුවරට ප්‍රහාර එල්ල කිරීමත් සමගයි. දකුණු සුඩානයේ උප ජනාධිපතිවරයාට හිතවාදී හමුදා කණ්ඩායම් පවසන්නේ රජයේ හමුදා විසින් සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කරන බවයි. එරට ජනාධිපතිවරයාට හිතවාදී කණ්ඩායම් සහ ඔහුගේ ප්‍රතිවාදියෙකු වන උප ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් අතර පවතින ගැටුම්වල ඉහළ යාමක් ලෙසටයි විදෙස් මාධ්‍ය මෙය වාර්තා කර ඇත්තේ. The post ...
මහමෙව්නා රක්ෂිතයේ ගින්න තවත් ඇවිළේ Neth FM Off-Air ඇල්ල පොලිස් වසමේ හල්පේ ප්‍රදේශයේ මහමෙව්නා උයන රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර දෙදහසකට හානි සිදුව ඇතැයි පොලිසිය පවසනවා. කෙසේවෙතත් ගින්නෙන් කිසිඳු ජීවිත හානියක් සිදුවී නැහැ. ඊයේ (10) පස්වරුවේ හටගත් ගින්න මෙතෙක් සම්පූර්ණයෙන්ම පාලනය කිරිමට හැකිවී නැතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. කුඹල්වෙල භාවනා අසපුව අසළ කැලයට ඇවිලුණු ගින්න හේතුවෙන් භාවනා අසපුවේ කුටිවලට හානියක් සිදුව නැතැයිද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. ඇල්ල පොලිස් ...
නිවාස 14 ක් ගින්නට බිලි Neth FM Off-Air බදුල්ල රිදීපාන පුවක්ගොඩමුල්ල වතුයායේ නිවාස පෙලක ඊයේ (10) රාත්‍රියේ හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා. එම ගින්නෙන් නිවාස 14 ක් විනාශ වී ඇති බවයි මේ වන විට වාර්තා වී ඇත්තේ. ජිවිත හානි මෙතෙක් වාර්තා වී නොමැති අතර නිවාසවල බඩුබාහිරාදිය ද ගින්නට හසුවී ඇති බවයි නිවැසියන් පවසන්නේ. සිදුවු හානිය හා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. බදුල්ල පොලිසිය, බදුල්ල මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය ...