මංගලාරාමයේ සිද්ධිය ගැන ජනපති පාර්ශ්වයෙන් පිළිතුරු Neth FM Off-Air මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ කිසියම් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වන බවට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කිසිඳු තහවුරු කිරීමක් සිදු කර නොතිබූ බව ජනාධිපති පෞද්ගලික ලේකම් එරික් වීරවර්ධන මහතා නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළා. විහාරස්ථානවල ඇති විවිධ පිංකම් සහ උත්සව වෙනුවෙන් ආරාධනා රැසක් ලැබෙන බවත් කාලය ලැබෙන පරිදි ඒවාට ප්‍රමුඛස්ථානය දී ජනාධිපතිවරයා කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා. කෙසේවෙතත් මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් ...
‘විද්‍යා’ ඝාතන පරීක්ෂණවලට පොලිස් ලොක්කෙක්ගෙන් බාධා Neth FM Off-Air යාපනය විද්‍යා දැරියගේ ඝාතන පරීක්ෂණවලට ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකුගෙන් විවිධ බලපෑම් එල්ල වෙමින් ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. පොලිස් අරංචි මාර්ග ප්‍රකාශ කළේ මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණයේ වාර්තාවට අනුව ඉදිරි විමර්ශන සිදු කිරීමට බාධා වන ලෙස මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියා විවිධ බලපෑම් සිදු කරන බවයි. යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළා. එහි වාර්තාව මේ ...
නාමල්ට FCID කැඳවීමක් Neth FM Off-Air පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ අද (11) දිනයේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් කර තිබෙනවා. ඒ, රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළවයි. රග්ර් ක්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් සිලෝන් ප්‍රිමියර් ක්‍රීඩා සමාජයට රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රිස් සමාගමට දැනුම්දීමක් කරනු ලැබ ...
යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වීමේ වාසි දැන් ලංකාවට ලැබෙනවා Neth FM Off-Air යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වීමෙන් පසු වාසි රැසක් දැනටමත් ශ්‍රී ලංකාවට හිමිවී ඇතැයි ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. හෙතෙම පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ මත්ස්‍යයින් මෙට්ට්‍රික් ටොන් සියයකට වඩා අපනයනය කර ඇති බවයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. යුරෝපා මත්ස්‍ය තහනම පැවති සමයේ ශ්‍රී ලංකාවට ලැබීමට තිබූ ප්රතිලාභ රැසක් ...
1700 කට අද ද්විත්ව පුරවැසිභාවය Neth FM Off-Air වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ දක්වා පුද්ගලයින් දස දහසකට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පවසනවා. එහිදී මසකට 1500 ක පමණ පිරිසකට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට කටයුතු කර ඇති බවද සඳහන් කළා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තවත් පුද්ගලයින් එක්දහස් හත්සියයකට අද (11) දිනයේ ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන බවයි. එස්.බී. නාවින්න මහතා මෙම අදහස් ...
ප්‍රංශයේ කඳුළු මැදින් පෘතුගාලයට ගිය යුරෝ කුසලානය (PHOTOS) Neth FM Off-Air 2016 යුරෝ පාපන්දු කුසලානය දිනා ගැනීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්රමුඛ පෘතුගාල කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී සත්කාරක ප්‍රංශය පරාජය කරමින්. පෘතුගාල කණ්ඩායම තරගය ජය ගත්තේ ගෝල 01 ට බිංදුවක් ලෙසයි. නියමිත කාලයේදී දෙපිලම ගෝල වාර්තා කිරීමට සමත් වූයේ නැහැ. අනතුරුව ලබා දුන් අතිරේක කාලයේදී එක් ගෝලයක් වාර්තා කිරීමට පෘතුගාලය සමත් වුණා. පෘතුගාල පාපන්දු කණ්ඩායම ප්‍රධාන පෙළේ පාපන්දු කුසලානයක් දිනා ...
ජන සටනට පණ පොවන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම් Neth FM Off-Air ලබන 28 වනදා ආරම්භ කෙරෙන ‘‘ජන සටනට පණ පොවන පාද යාත්‍රාව’’ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අද (10) මූලික සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි නිවසේදීයි. මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ලබන 28 වනදා පාද යාත්‍රාව මහනුවරින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බවයි. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ කුමන ...
හවුල්කාර රජයක් පිහිටුවීමට ටර්න්බුල් සූදානම් Neth FM Off-Air හවුල්කාර රජයක් පිහිටුවීමට සූදානම් බව ඕස්ටේ්රලියානු මහ මැතිවරණයෙන් ජයගත් අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසනවා. කෙසේවෙතත් ඔහුගේ පාලක කන්සර්වේටිව් පක්ෂය මහ මැතිවරණයෙන් ජයගත්තේ සුළු වැඩි ඡන්ද ප්‍රතිශතයකින්. මේ හේතුවෙන් අස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය වීමේ ඉඩකඩක්ද මතුව ඇති බවයි විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ. The post හවුල්කාර රජයක් පිහිටුවීමට ටර්න්බුල් සූදානම් appeared first on Neth News. ...
ජනපතිගේ නම සඳහන් සමරු ඵලකය මංගලාරාමයේ විහාරාධිපති හිමියන් විසින් කඩා දමයි (PHOTOS) Neth FM Off-Air මඩකලපුව මංගලාරාම විහාරයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා නොපැමිණීම හේතුවෙන් උරණ වූ මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් එම විහාරස්ථානයේ ජනාධිපතිවරයාගේ නම සඳහන් කර තිබු සමරු ඵලකය කඩා ඉවත් කර තිබෙනවා. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද (10) මඩකලපුව දිස්ති‍්‍රක්කයේ සංචාරය කල අතර එම උත්සවයට සහභාගි වු උතුරු නැගෙනහිර උප ප්‍රධාන සංඝනායක මඩකලපුව මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් තම ...
මලල ක්‍රීඩාවේ ශ්‍රී ලංකා වාර්තා හෙල්ලෙයි Neth FM Off-Air 94 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ඉෂාර සඳරුවන් සමත් වුණා. ඒ, මීටර් 05 ක දක්ෂතාවක් දක්වමින්. මීට අමතරව කාන්තා සත්ප්‍රයාම ඉසව්ව නියෝජනය කළ ලක්ෂිකා සුගන්ධි ක්‍රීඩිකාවද නව වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ ලකුණු හාරදහස් පන්සිය හතලිස් හතක් රැස් කර ගනිමින්. අයේෂා මධුවන්ති ක්‍රීඩිකාව මිටිය විසි කිරීමේ ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවූයේ මීටර් 44.14 ක ...
අභ්‍යන්තර සාමය දිනා ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන තැනට Neth FM Off-Air අභ්‍යන්තර සාමය උදාකර ගැනීමට පසුගිය වසරේ කැපවූ ලෝකයේ රටවල් 163ක් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මඩකලපුව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට අද (10) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. රටේ සියලු ජනතාවගේ සංස්කෘතීන් ආරක්ෂා කරමින් ගතයුතු දේශපාලන තීන්දු ගන්නා බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ. The post අභ්‍යන්තර සාමය දිනා ශ්‍රී ...
නිෂා බිස්වාල් ශ්‍රී ලංකාවේ සංචාරයක Neth FM Off-Air දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය මේ සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි. එහිදී ඇය මෙරට රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, දේශපාලන නායකයින් සහ සිවිල් සංවිධාන කි්රයාකාරිකයන්ද හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. දෙරට අතර ආර්ථික සහයෝගීතාවය, ප්රජාතන්ත්රවාදී පාලනය සහ ප්රතිසන්ධාන කටයුතු පිළිබඳ නිෂා බිස්වාල් මහත්මිය මෙහිදී සාකච්ඡා කරනු ...
ලසන්ත ඝාතනය ගැන චිත්‍ර දෙකෙන් තොරතුරු මතුවෙයි Neth FM Off-Air මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන් පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු රැසක් ලැබී තිබෙනවා. ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකුගේ රුව චිත්‍රයට නගා ඉකුත් දා මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. එහි තොරතුරු පදනම් කර ගනිමින් එම චිත්රවලට සමාන බව කියන පුද්ගලයින් 06 දෙනෙකු පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ ...
ලිඳකට වැටී කාන්තාවක් අභිරහස් ලෙස මියයයි (PHOTOS) Neth FM Off-Air හක්මන පන්විල ප්‍රදේශයේදී කාන්තාවක් ලිඳකට වැටී අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 69 ක අවිවාහක කාන්තාවක්. මෙම කාන්තාව තමන් සියදිවිනසා ගන්නා බව බොහෝ අවස්ථාවලදී පැවසූ බවයි ගම්වාසීන් කියා සිටියේ. කෙසේවෙතත් මෙය දිවිනසා ගැනීමක් දැයි මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය ප්‍රකාශ කළා. The post ලිඳකට වැටී කාන්තාවක් අභිරහස් ලෙස මියයයි (PHOTOS) ...
මඩකලපුව ගුවන් පථය ජනපති අතින් විවෘත වෙයි Neth FM Off-Air මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ප්‍රතිසංස්කරණය කරන ලද ගුවන් පථය සහ මගී පර්යන්තය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (10) විවෘත කෙරුණා. නවීකරණය කරන ලද ගුවන් පථයට ගොඩ බැස්වූ පළමු ගුවන් යානයෙන් ජනාධිපතිවරයා පැමිණීමද විශේෂත්වයක්. නව ගුවන් පථය මීටර් 1560 ක දිගකින් යුක්තයි. මධ්‍යම ප්‍රමාණයේ ගුවන්යානා සඳහා පහසුකම් සලසමින් එය නවීකරණය කර තිබෙනවා. The post මඩකලපුව ගුවන් පථය ජනපති අතින් විවෘත ...
විදුලි බලයෙන් ක්‍රියාත්මක නවතම ගුවන් යානයක්(PHOTOS) Neth FM Off-Air විදුලිබලයෙන් ක්‍රියාත්මක වන X – 57 හෙවත් ‘මැක්ස්වෙල්’ ගුවන්යානය හඳුන්වාදීමට නාසා ආයතනය සමත්ව සිටිනවා. ඉන් ගුවන් මගීන්ට සැලසෙන විශාල යහපතක් වන්නේ ගමනට ගතවන කාලය අඩු කර ගැනීමට හැකිවී තිබීමයි. අඩු ඉන්ධන පරිභෝජනයේ වාසිය ලබාගැනීමට මෙම යානයෙන් හැකිවන බවයි පැවසෙන්නේ. ගුවන්යානයේ පියාපත් 2 හි විදුලි මෝටර් 14ක් ස්ථාපිත කර ඇති අතර එමඟින් යානය ඉදිරියට පැදයාමට අවශ්‍ය ප්‍රචාලනය සපයන අතර මෙම තාක්ෂණය ...
තරුණිය සහ තරුණයාගේ වීඩියෝව SHARE කරන්න එපා – මෙන්න නොදත් ඇත්ත (EXCLUSIVE) Neth FM Off-Air තරුණියක සහ තරුණයකු සම්බන්ධ අසභ්‍ය වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතා බහට ලක්ව ඇති අතර ඇතැම් වෙබ් අඩවි අසත්‍ය කරුණු නාට්‍යනුසරයෙන් එළිදක්වමින් එම වීඩියෝව මගින් ප්‍රචාරයක් ලබා ගැනීමට උත්සහ කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් www.nethgossip.lk වෙත අදහස් දක්වමින් නීතිවේදීන් සඳහන් කළේ අගතියට පත් පාර්ශ්වය පැමිණිලි නොකළද පොලිසියට මීට එරෙහිව කටයුතු කළ හැකි ...
යුරෝ පාපන්දු ශූරයින් තෝරන දා පොලිසිය සීරුවෙන් Neth FM Off-Air 2016 යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට ප්‍රංශ පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අනියුක්ත කිරීමට අපේක්ෂිත පොලිස් නිළධාරීන් සංඛ්‍යාව පන්දහසක්. පැරිස් නගරය මෙන්ම තවත් ප්‍රධාන ස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් ආරක්ෂාව දැඩි කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. අවසන් මහා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය තුලද ආරක්ෂාව දැඩි කරනු ඇති. යූරෝ කුසලානයේ අවසන් මහා තරගය ...
‘වකුගඩු සටන’ කෘතිය එළිදැක්වීම අගෝස්තුවේ Neth FM Off-Air වෛද්‍ය චන්න ජයසුමනගේ වකුගඩු සටන කෘතිය එළි දැක්වීම එළඹෙන අගෝස්තු මස 02වනදා සවස 3.30ට පැවැත්වෙනවා. ඒ කොළඹ තුම්මුල්ලේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදීයි. හිටපු කෘෂිකර්ම ලේකම් විජේරත්න සකලසූරිය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය , දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන්ගේ දේශණද එහිදී පැවැත්වීමට නියමිතයි. The post ‘වකුගඩු සටන’ කෘතිය එළිදැක්වීම අගෝස්තුවේ ...
ඕස්ටේ්රලියානු මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය Neth FM Off-Air ඕස්ටේ්රලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ පාලක කන්සර්වේටිව් පක්ෂය එරට මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ ඉකුත් සතියේ පැවති මහමැතිවරණයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි. ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පාලක කන්සර්වේටිව් පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබෙනවා. The post ඕස්ටේ්රලියානු මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය appeared first on Neth News. ...