දැඩි සුළඟකින් නිවාස සහ දේපළ රැසකට හානි (PHOTOS) Neth FM Off-Air දිවයිනේ ප්‍රදේශ කිහිපයක හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස හා දේපළවලට හානි සිදුව තිබෙනවා. නාත්තන්ඩිය නගරය හරහා හමා ගිය සුළඟකින් නිවාස 09 කට සහ විදුලි පහන් කණු 07 කට හානි සිදුවී මාරවිල – නාත්තන්ඩිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවී තිබුණා. පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කළේ අද (10) පෙරවරු 7.00 ට පමණ පැවති වැසි සහිත සුළං තත්ත්වය සමග ...
“සිර කළ සිසුන් නිදහස් කරන්න” Neth FM Off-Air අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු සියලුම සිසුන් වහා නිදහස් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට බල කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි දේශපාලන මණ්ඩලය සඳහන් කළේ සාමකාමී හා සාධාරණ ශිෂ්‍ය උද්ඝෝෂණවලට පහරදෙමින් ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගෙන ආණ්ඩුව සිදුකරන මෙම මර්දනකාරී පිළිවෙත තරයේ හෙළා දකින බවයි. “පසුගිය ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවද ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය කිරීමට ...
ඡායා කැබිනට් මණ්ඩලය ආවේ අකුරු වැරදීමකින් – කැබිනට් මණ්ඩලයම අහෝසියි Neth FM Off-Air ඒකාබද්ධ විපක්ෂය ඡායා කැබිනට් මණ්ඩලය නම් කර ඇත්තේ වචන වැරදීමකින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වෙන්නප්පුව සිරිගම්පල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ ආශිර්වාද පිංකමෙන් අනතුරුව පැවති ජනහමුවට සහභාගීවෙමින් හෙතෙම සඳහන් කළේ අගමැති ඉවත්වන විට කැබිනට් මණ්ඩලයම ඉවත්වන බැවින් දැන් ඡායා කැබිනට් මණ්ඩලයක් නොමැති බව යි. “ආණ්ඩුව වෙස්මිනිස්ටර් ක්‍රමයකට යන්න ලෑස්ති වෙන නිසා තමයි අපිත් ඒකට සූදානම් වුණේ. කොහොම ...
සාලාවේ උද්ඝෝෂකයන්ට එරෙහිව මහජන පීඩා පැමිණිළි 08 ක් Neth FM Off-Air සාලාව යුද හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ ප්‍රදේශවාසීන්ට එරෙහිව පොලීසිය විසින් පවරන ලද නඩුවේ ප්‍රගතිය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට (11) විමසා බැලෙනවා. ඉකුත් සිකුරාදා පෙරවරුවේ ප්‍රදේශවාසීන් පිරිසක් අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය අවහිර කරමින් සාලාව යුද හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, තමන්ට නිසි පරිදි සහන නොලැබුණ බව පවසමින්. එම උද්ඝෝෂණ හේතුවෙන් සිදුවූ මහජන පීඩා පිළිබද කොස්ගම පොලිස් ස්ථානයට ...
ඒකාබද්ධ විපක්ෂයෙන් දැවැන්ත පා ගමනක් Neth FM Off-Air යහපාලන ආණ්ඩුවට එරෙහිව මහනුවර සිට කොළඹ දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. මාතර ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ලක්ෂ 5 කට අධික ජනතාවක් ඒකරාශි කර ගනිමින් මෙම විරෝධතා පා ගමන පවත්වන බවයි. මේ මස අවසානයේ එම විරෝධතා පා ගමන පවත්වන බවද මන්තී‍්‍රවරයා සදහන් කළා. ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරියේදී ...
පාර්ලිමේන්තුවෙන් දෙන වාහන බලපත්‍රය ‘විකුණුවේ නැත්තේ’ මේ තිදෙනා පමණයි Neth FM Off-Air තීරු බදු රහිත වාහන ගෙන්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන වාහන බලපත්‍රය විකුණා නැත්තේ අතුකෝරළ පවුල සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පමණක් බව ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ ඇගේ නමින් හම්බන්තොට වරායට ගෙන්වා ඇති වාහනය පිළිබඳව කළ කරුණු විමසීමකදී යි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන වාහන බලපත්‍රය අනුව එම වාහනය ගෙන්වා ඇති බවත් තමන් බලපත්‍රය විකුණා මුදල් හම්බ නොකරන ...
පැහැර ගැනුණු තරුණයා රෝහලේදී මියයයි Neth FM Off-Air පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පැහැර ගෙන ගොස් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පාදුක්ක පොලීසිය කළ වැටලීමකදීයි. ඊයේ (09) රාති‍්‍ර 11.00 ට පමණ කිසියම් පිරිසක් විසින් මෙම තරුණයා පැහැරගෙන ගොස් තිබුණා. වාහන තුනකින් පැමිණි පිරිසක් මෙම පැහැර ගැනීම සිදුකර තිබූ බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ. පැහැර ගැනීම සිදුකළ පුද්ගලයන් අදාළ තරුණයාට පහරදී ...
යුරෝපා සංගමයේ කොන්දේසි පනස් හය 16 ට බස්සයි Neth FM Off-Air ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ශී‍්‍ර ලංකාවට ලබාදීම සඳහා යුරෝපා සංගමයෙන් පනවා තිබූ කොන්දේසි 56, 16 දක්වා අඩුකර තිබෙනවා. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ලබාගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවට සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බවයි. ඒ අනුව ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශී‍්‍ර ලංකාවට ලැබෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි මාස දෙක ඇතුළත ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කළ ...
ලොකු ආඳෙක් කැකිරාවෙන් (PHOTOS) Neth FM Off-Air අඩි 05 ක් පමණ දිගැති කිලෝ 12 ක් පමණ බරැති විශාල ප්‍රමාණයේ ආඳෙකු කැකිරාව ප්‍රදේශයේ මහවැලි ඇළකින් හමුවී තිබෙනවා. තිබ්බටුවැව ප්‍රදේශයේ මහවැලි ඇළකදී ඊයේ (09) මෙම ආඳා තමන්ට හමුවූ බව කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේ පදිංචි දිනූෂ සම්පත් ජයවර්ධන පැවසුවා. තමන්ට හමුවූ විශාල ආඳා පිළිබඳව අදහස් දැක්වූ සම්පත් මහතා, “මේ වගේ විශාල ආඳෙකු මම මගේ ජීවිත කාලයටම දැකල නැහැ. මේ අය අපේ ...
” වීඩියෝ කළේ මොබයිල් එකකින්..තිබ්බේ දොර යට ” – රහසින් කළ වීඩියෝවේ තොරතුරු මෙන්න Neth FM Off-Air ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන සුලේකා ජයවර්ධන දෙහිවල පිහිටි නිමි ඇඳුම් අලෙවිසැලක ඇඳුම් මාරු කරන කුටියක දී ඇඳුම් මාරු කරන අවස්ථාව වීඩියෝ කළ සේවකයෙකු අධිකරණය හමුවට ගෙන ගිය පුවත ඔබට මතක ඇති. එම සිදුවීම සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ කුඩා කාලයේ සිට ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම සිදු කළ යුතු බවයි. මොකක්ද එදා සිද්ධවුණේ? මම දෙහිවල ...
සරාගී වැඩි නිසා Raaz 4 වැඩිහිටියන්ට පමණක් වන ලකුණු (VIDEO) Neth FM Off-Air ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ Raaz චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය ලබන සැප්තැම්බර් මස 16 වන දා තිරගත වීමට නියමිතයි. Raaz Reboot ලෙස නම් කර ඇති මෙය Vikram Bhatt ගේ අධ්‍යක්ෂණයක්. ජනප්‍රිය නලු Emraan Hashmi සහ Kriti Kharbanda මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා. මීට පෙර නිර්මාණය වූ රාස් චිත්‍රපට වලට වඩා මෙය වෙනස් කතා පුවතක් රැගත් චිත්‍රපටයක් බවයි වාර්තා ...
‘ලංසා සහ තලතා’ ගෙන්වූ සුඛෝපභෝගී වාහන ගැන කතා කරයි Neth FM Off-Air තමන් සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කරන ලද්දේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස තමන්ට හිමි වූ වාහන ආනයන බලපත්‍රයෙන් බව නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තමන් කිසිවිටෙකත් තම අමාත්‍යාංශයෙන් වාහන ලබාගෙන නොමැති බවයි. අමාත්‍ය තලතා අතුකෝරල සහ නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා යන මහත්ම මහත්මින් විසින් ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇති සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ...
“මම දේශපාලනයට කැමැතියි” -දේශපාලන පිම්ම ගැන මාලිංගගෙන් හෙළිදරව්වක් Neth FM Off-Air ලසිත් මාලිංග පහුගිය දවසක රන්ජන් රාමනායක මහතා හමුවීමත් සමග ඔහු දේශපාලනයට පැමිණෙන බවට වාර්තා පළ වුණා. ඒ පිළිබඳව තොරතුරු පුවත්පත් සාකච්ඡාවක් අතරතුර දී ඔහු විසින් හෙළිකර තිබෙනවා. එම හෙළිදරව්ව පහතින් දැක්වෙනවා. ක්‍රීඩාවට සමුදී දේශපාලනයට සම්බන්ධ වෙන බවක් කියවෙනවා.? හරි පුදුමයි. මට වඩා මා ගැන දන්නෙ මේ රටේ සමහර පිරිස් වීම. මම දේශපාලනයට කැමැතියි.ඒත් මට දේශපාලනය ගැන පරිණත දැනුමක් නෑ. ඉතින් ...
දඩයක්කාරයා හමුවේ මරු වැළඳ ගත් ‘වන ජීවී නිලධාරියාගේ’ දුවටයි පුතුටයි අත්වන දුක්බර ඉරණම Neth FM Off-Air වනජීවි නිලධාරීන් කීප දෙනෙක් පසුගිය 05 වැනිදා හම්බන්තොට වල්සපුගල වන රක්ෂිතයට පැමිණි අවස්ථාවේ අඩවි වන සහායක ජගත් සෙනෙවිරත්න දඩයක්කරුවකු සමග පොරබැදීමේ දී වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්වූ පුවත ඔබට මතක ඇති. රාජකාරිය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ මේ නිලධාරියා වලස්මුල්ල හොරේවල පදිංචිකරුවෙකු වන අතර ඔහුට රුපියල් ලක්ෂ 3 ක වන්දියක් ලබා දීමටත් අවමඟුල් උත්සව කටයුතු වනජීවි අමාත්‍යාංශ මුදලින් ඉටුකිරීමටත් වනජීවි ඇමැතිවරයා පියවර ...
අභ්‍යවකාශයට පමණක් පෙනෙන “සහරා කාන්තාරයේ ඇස” ඡායාරූපයට හසුවේ (PHOTOS ) Neth FM Off-Air “සහරාවේ ඇස” යන නමින් හැඳින්වෙන සුවිශේෂ භූ සලකුණක් මේ මිහි මත තිබෙනවා. සහරාවේ ඇස යන පදයෙන් කියැවෙන පරිද්දෙන්ම එකී විශේෂිත භූ සලකුණ තිබෙන්නේ සහරා කාන්තාරය තුළයි. මොරිටානියා රාජ්‍යයේ මධ්‍යම පෙදෙසට වන්නට ඇති අවුඩනේ (Ouadane) නැමැති කුඩා නගරයට ආසන්නව පිහිටි මෙම භූ සලකුණ කිලෝමීටර 40ක පමණ විශ්කම්භයක් යුතු අඩු වැඩි වශයෙන් වෘත්තාකාර හැඩයක් ගන්නා එකක් බවයි පැවසෙන්නේ. මේ භූ සලකුණ වඩාත් ...
සමාජ ජාලා වෙබ් අඩවි වලට වැට බැඳෙයි!! Neth FM Off-Air පසුගිය දිනවල බංගලාදේශයට එල්ල වූ අයි එස් ත්‍රස්ත ප්‍රහාරය නිසා එරට සමාජ ජාලා වෙබ් අඩවි මගින් පැතිරෙන ජිහාඩ් න්‍යාය පත්‍රය මැඩ පැවැත්වීමේ මෙහෙයුමක් රජය විසින් ආරම්භ කොට ඇති බව වාර්තා වෙනවා. බංගලාදේශයේ ජිහාඩ් කල්ලි සීඝ්රයෙන් හිස එසවීමේ ප්‍රවණතාවක් ඇතිවී ඇති බවත්,පසුගිය දිනවල එල්ල වූ ප්‍රහාරයට සමාජ ජාලා වෙබ් අඩවි විශාල බලපෑමක් එල්ල කොට ඇති බවත්,ත්රස්තයන් දිගින් දිගටම සමාජ ජාලා වෙබ් ...
පොළොන්නරුවේ ඉතිහාසය වෙනස් වෙයි Neth FM Off-Air පොළොන්නරු නගරයේ ඉතිහාසය පිළිබඳ නව අදහසක් මතු කර ගැනීමට හැකි වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් අනාවරණය කර ගැනීමට හැකිවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන මහතා පැවසුවේ පොළොන්නරුව ඇතුළු, නගරයේ බැම්ම ආසන්නයේ සිදු කළ කැනීම්වලදී කාසි නිෂ්පාදනය සඳහා යොදාගත් ඉපැරණි යකඩ අච්චුවක කොටස් සොයා ගැනීමට හැකිවූ බවයි. මේ අනුව අනුරාධපුර ශිෂ්ඨාචාරය පැවති කාලයේ සිට පොළොන්නරු නගරය ...
ඔලිම්පික් කී‍්‍රඩකයෙකු ජාතික තරගාවලිය අතහරී Neth FM Off-Air 94 වැනි ජාතික මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේ අද (10) දිනයේ පැවැත්වෙන පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගි නොවීමට ඔලිම්පිික් වරම් දිනූ සුමේධ රණසිංහ තීරණය කර තිබෙනවා. ඔහුගේ පුුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ හෙල්ල විසි කිරීම ඉසව්ව පැවැත්වෙන ස්ථානයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් ඔහුට එ් සඳහා සහභාගී නොවන ලෙස තමන් උපදෙස් දුන් ...
අමෙරිකාව ‘ඩලස්’ හී ආරක්ෂාව තර කරයි Neth FM Off-Air අමෙරිකාවේ ඩලස් නගරයේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන රැසක ආරක්ෂාව තර කර තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ ඉකුත්දා ඩලස් නගරයේ පැවති විරෝධතාවක් අතර සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ආරක්ෂක අංශ මෙම පියවර ගෙන ඇති බවයි. අදාළ වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු මියගියා. තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලැබූ බවයි විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ. අමෙරිකානු පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් කළු ...