ජයලලිතා අගමැතිට යළිත් ලියයි Neth FM Off-Air මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් මුදා ගැනීමට පුද්ගලිකව මැදිහත් වන්නැයි තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් යළිත් ඉල්ලීමක් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ජයලලිතා ජයරාම් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ. මේ වනවිට ඉන්දීය ධීවරයන් 73 දෙනෙකු ශී‍්‍ර ලංකා අත්අඩංගුවේ පසු වනවා. මෙරට ආරක්ෂක අංශය භාරයේ තිබෙන ධීවර බෝට්ටු ගණන 101 ක්. ඉකුත් බ්‍රහස්පතින්දා ...
පාසල් ආශ්රිත ඩෙංගු වැඩිවීමේ අවදානමක් Neth FM Off-Air පසුගිය කාලසීමාවේ පැවති අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක රැසක ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාව සීග්‍ර ලෙස වැඩි වී ඇති බවයි. විශේෂයෙන් පාසල් ආශි‍්‍රතව ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමද වැඩි වී ඇති බව පාලිත මහීපාල මහතා සඳහන් කළා. නිරීක්ෂණයට ලක් කර, කීට විද්‍යා ...
විදේශ ඇමතිට විශ්වාසභංගයක්! Neth FM Off-Air විදේශ විනිසුරුවරුන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරණ මතයට වෙනස් මතයක් දරණ විදේශ කටයුතු අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් නොකරන්නේ මන්දැයි ඒකාබද්ධ විපක්ෂය ප්‍රශ්න කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ “යුද අපරාධ විනිශ්චය ක්‍රියාවලිය සදහා විදේශ විනිසුරුවරුන් අවශ්‍ය බව” විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති බවයි. නමුත් ජනාධිපතිවරයා පවසන්නේ “රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විදේශ ...
ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා හිමාෂ Neth FM Off-Air 94 වන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවන දිනය වන අද (09) දිනයේ තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස තේරී පත්වීමට හිමාෂ ඒෂාන් සමත් වුණා. ඒ, මීටර් සියය ඉසව්ව තත්පර 10 යි දශම 5 කින් නිම කරමින්. මීටර් සියය කාන්තා ඉසව්ව ජය ගත්තේ ශෂිකා විදානදූරගේ ක්‍රීඩිකාවයි. ඇය වාර්තා කළ කාලය තත්පර 12 දශම 1 ක්. මේ අතර අද පැවති කාන්තා රිටි පැනීමේ ...
සාලාව ප්‍රදේශයේ කසල මෙටි්රක් ටොන් 800ක් ඉවත් කෙරේ Neth FM Off-Air කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ පසුගියදා සිදුවූ පිපුරුමෙන් පසු එම ප්‍රදේශයේ එකතුවූ කසල මෙටි්රක් ටොන් 800ක් පමණ ඉවත් කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා රුපියල් විසි දෙලක්ෂයකට අධික මුදලක් වැය වූ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. සීතාවක, හෝමාගම සහ දොම්පේ ප්‍රාදේශීය සභාවල සහය ලබාගනිමින් කසල ඉවත් කිරීම සිදු කෙරුණු බවයි පළාත් සභා හා පළාත් පාලන ...
දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකා යොවුන් පිලේ ජය උදුරා ගනී Neth FM Off-Air සංචාරක දකුණු අප්ර්රිකානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ලබාගැනීමට තිබූ ජයග්‍රහණයක් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අතින් අද (09) ගිලිහී ගියා. දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග මාලාවේ පළමු තරගය අද පැවැත්වුණේ කොළඹ පී. සරවනමුත්තු ක්රීඩාංගණයේදීයි. එහිදී පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 49 යි පන්දු 03 කදී ලකුණු 185 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් ...
විදේශ විනිසුරන් ගෙන්වීමට ඉඩ නොදෙන බව ජනපති අවධාරණය කරයි Neth FM Off-Air විදේශ රටවලට අවශ්‍ය පරිදි රාජ්‍ය පාලනය සිදු කිරීමට තමන් කිසිසේත් සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද (09) පස්වරුවේ පේරාදෙණිය ශ්‍රී සුබෝධිරාම විහාරස්ථානයේ පැවති පුණ්‍යොත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියා. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විදේශ විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසීමට ඉඩක් ලබාදීමට තමා කිසිසේත් සූදානම් නොමැති බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ. The post විදේශ විනිසුරන් ගෙන්වීමට ...
බඹර ප්‍රහාරයකින් 25ක් රෝහලේ Neth FM Off-Air සීගිරිය නැරඹීමට ගිය පිරිසකට අද (09) පස්වරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම පිරිස ප්‍රතිකාර සඳහා සීගිරිය රෝහලට ඇතුලත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. The post බඹර ප්‍රහාරයකින් 25ක් රෝහලේ appeared first on Neth News. ...
ගැලුම් 1500ක් කොකාකෝලා පුරවා පිහිනුම් තටාකයක් හදලා..ලොව පුරා මිලියන 28 නැරඹූ අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න Neth FM Off-Air ගැලුම් 1500ක් කොකාකෝලා වලින් පුරවපු පිහිනුම් තටාකයක නාගන්න එක මොනවගේ අත්දැකීමක් වේවිද? සැබැවින්ම එය අපූරු අත්දැකීමක් වනවාට කිසිම සැකයක් නැහැ. youtube star කෙනෙක් වන TechRax පසුගිය දවසක මෙම කොකාකෝලා වලින් පුරවපු පිහිනුම් තටාකයක් නිර්මාණය කරලා තියනවා. ඔහු මේ සඳහා කොකාකෝලා ගැලුම් 1500 යොදාගෙන තියන බවයි වාර්තාවෙන්නේ.මේ කොකාකෝලා අතර පෙප්සිත් තිබෙනවලු. පැය ගණනක් කොකාකෝලා බොතල් කඩලා පිහිනුම් කටාකයට වක් කරන්න ගත ...
වැට් අඩුවන කාලය ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක් Neth FM Off-Air ඉහළ දැමූ වැට් බද්ද ලබන වසර වන විට අඩු කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. වත්මන් ආණ්ඩුව පනවා ඇති වැට් බද්ද ඉකුත් ආණ්ඩුව සමයේ පැවති වැට් බදු ප්‍රතිශතයට වඩා තවමත් අඩු මට්ටමක පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ අද (09) පැවති උත්සවයකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා ඒ පිළිබඳ කරුණු දැක්වූයේ මෙලෙසයි. “වැට් ...
මහ බැංකු අධිපතිට කෝප් කමිටුවෙන් යළි කැඳවීමක් Neth FM Off-Air මහ බැංකු අධිපතිවරයා සහ එහි අධ්යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව වෙත යළි කැඳවීමට තීරණය කර තිබෙනවා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ අගෝස්තු මස 12 වනදා මහ බැංකු අධිපතිවරයා සහ එහි අධ්යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවන බවයි. මහ බැංකු බැදුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා අවශ්‍ය කරුණු විමසීමට මෙම කැඳවීම සිදු කර ඇති බවද සුනිල් හදුන්නෙත්ති ...
රන්ජන්ගෙන් ‘වන් ෂොට්’ වැඩක් – දෙනෝදාහක් මැද වැල්ලවත්තේදී ගැට කපන්නෙකු ඇල්ලූ හැටි මෙන්න Neth FM Off-Air වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව ඉදිරිපිට එකම ගාලගෝට්ටියකි. වේලාව දහවල් 12.30 පසුවී තිබිණි. පිරිසක් තරුණයකු සිය ග්‍රහණයට ගෙන සිටිති. “කෝ ගත්ත පර්ස් එක දීපං” පිරිස තරුණයාට තර්ජනය කරන්නට වූහ. මේ ගාලගෝට්ටිය අතරතුර නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ද සැවෝයි සිනමා ශාලාව අසලට ආවේය. ඒ රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය රඟපාන “මායා” චිත්‍රපටයේ පූර්ව ප්රචාරක කටයුත්තක් සඳහාය. සිනමා ශාලාව අසළ ගාලගෝට්ටිය පිළිබඳව රන්ජන් ...
ඇමතිවරුන්ගේ සැප වාහන හොර රහසේම ලංකාවට? (PHOTOS) Neth FM Off-Air පහුගිය දවස් වල සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වුණ මාතෘකාව වුණේ ඇමතිවරුන්ට අලුතින් ගෙන්වන්න හදන වාහන ගැන. එක් එක් ඇමතිවරුන්ට අලුතින් වාහන ගෙන්න රජයෙන් වෙන් කරලා තියන මුදල මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමගම සමාජයේ මේ පිළිබඳව විශාල විරෝධයක් මතු වුණා. මේ ගැන අදහස් දක්වපු රාජිත සේනාරත්න, මනූෂ නානයක්කාර, විජිත් විජයමුණි වගේ ඇමතිවරුන් නම් කීවේ අලුත් වාහනයක් තමන්ට ඕනමයි කියලා වගේ කතා. නමුත් ...
ජනපති චීනයේ මෙහෙය අගයයි Neth FM Off-Air ශ්‍රී ලංකාවට චීනය දක්වන සහයෝගය ඇගයීමට ලක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වෑන්ක් යී මහතා ජනාධිපති නිළ නිවසේදී හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය සඳහා චීනය දක්වන සහය වෙනුවෙන් සිය ස්තුතිය පිරිනමන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියේ. ඉදිරියේදීත් චීන රජය ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදෙනු ...
වීදි චිත්‍ර ශිල්පීන්ට නව හැඳුනුම්පතක් Neth FM Off-Air වීදි චිත්‍ර ශිල්පීන්ට හැඳුනුම්පතක් ලබාදීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල නිර්මාණකරණයේ යෙදෙන වීදි චිත්‍ර ශිල්පීන් සඳහා සති දෙකක් තුළ අදාළ හැදුනුම්පත නිකුත් කරන ලෙසයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කොළඹ නාගරික කොසාරිස්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ. පොලිස් නිළධාරීන්ගෙන් තමන්ට ඇතැම් අවස්ථාවලදී ඇතිවන ගැටලු හේතුවෙන් මෙලෙස හැදුනුම්පතක් නිකුත් කරන ලෙස කොළඹ ...
ශ්‍රී ලංකාවට ලකුණු 186ක ඉලක්කයක් Neth FM Off-Air සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අතර පළමු එක්දින කි‍්‍රකට් තරගය පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා. කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 03 කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 185ක් පමණයි. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 24කට කඩුලු 04ක් බිඳ හෙලූ ...
අමෙරිකාවෙන් රුසියාවට දඬුවමක් Neth FM Off-Air අමෙරිකාවේ සේවයේ යෙදී සිටි රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දෙදෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා. සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුට රුසියාවේ මොස්කව් නුවරදී පොලිස් නිලධාරියෙකු කළ පහරදීමකට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ. රුසියාවේ සේවයේ යෙදී සිටින සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට සිදුවන හිරිහැර වැඩි වී ඇතැයි අමෙරිකාව මීට පෙර ප්‍රකාශ කළා. කෙසේ වෙතත් රුසියාව පැවසුවේ මෙම චෝදනාව පිළිගත ...
ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගාවලියට පෙර සූදානම Neth FM Off-Air ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගාවලිය හෙට (10) දිනයේ මින්නේරිය කාලතුවක්කු හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අතර තුර පුහුණුවීම් කටයුතු අද (09) දිනයේ සිදු කෙරෙන අයුරු පහතින් දැක්වේ. The post ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගාවලියට පෙර සූදානම appeared first on Neth News. ...
ලිංගික අතවර ගැන අමුතුම ඡායාරූප කිහිපයක් ලොව පුරා කතා බහට (PHOTOS) Neth FM Off-Air ලිංගික අතවරයක් සිදු වූ විට එයින් පීඩනයට ලක් වූ කාන්තාවටම චෝදනා කිරිම අප සමාජය පුරුදු වී තිබෙනවා. එවැනි සිදුවීමක් වූ විට තනියම නොගියා නම් ඔහොම වෙන්නේ නෑ නේ, කොටට අඳින නිසා තමයි ඔය වගේ දේවල් වෙන්නේ, තමන් ආරක්ෂා වෙන්න තමන් දැනගන්න වැනි ප්‍රසිද්ධ චෝදනාමුඛ කාරණා සමාජය විසින් මෙවැනි හිංසනයන්ට ලක්වූ කාන්තාවන් වෙත එල්ල කරනු දැකීම සුලබ දසුනක්. මීට එරෙහිව ප්‍රබල ...
සිංගර් ආයතනයේ නවතම සේවාව වෙළෙඳපොළට හඳුන්වාදෙයි Neth FM Off-Air සිංගර් ශ්‍රී ලංකා ආයතනය සිය නවතම සේවාව ලෙස සිංගර් ක්‍රෙඩිට් කාඩ් පත වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා. වීසා ඉන්ටර්නැෂනල් සන්නාමය සමග අනුබද්ධිතව පැවතීම සිංගර් ක්‍රෙඩිට් කාඩ් පතේ විශේෂත්වයක්. රටපුරා විසිරී ඇති සිංගර් ෆිනෑන්ස් ශාඛාවලින් සහ සියලුම සිංගර් ප්‍රදර්ශනාගාරවලින් පාරිභෝගිකයින්ට සිංගර් ක්‍රෙඩිට් කාඩ් පත සඳහා අයදුම් කළ හැකියි. වෙනත් ඕනෑම ක්‍රෙඩිට් කාඞ් පතකින් ලබාගත හැකි ගෙවීම් පහසුකම් සහ වට්ටම් සිංගර් ක්‍රෙඩිට් කාඩ් ...