ඊළඟට තමාදැයි රෝහිතට සැකයක් Neth FM Off-Air රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීම සඳහා ඔහුගේ සහෝදරයන් දෙදෙනා වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන මහත්වරුන් වැලිකඩ නව මැගසින් බන්ධනාගාරය වෙත අද (13) පැමිණියා. පසුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී රෝහිත රාජපක්ෂ මහතා පැවසුවේ තමන්ටත් බන්ධනාගාරගත වීමට සිදුවේ දැයි සැක පවතින බවයි. (එම හඬපටය පහතින් අහන්න) නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරයේ සිටින්නේ සතුටින්දැයි ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න ...
කිරුළපනේදී කන්ටේනර් රථයක් පෙරළෙයි Neth FM Off-Air කොළඹ බේස්ලයින් මාර්ගයේ සහ හයිලෙවල් මාර්ගයේ අද (13) පස්වරුවේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබුණා. ඒ කිරුළපන ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන්. කෙසේවෙතත් මේ වන විට අදාළ කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන්. The post කිරුළපනේදී කන්ටේනර් රථයක් පෙරළෙයි appeared first on Neth News. ...
‘මටත් දුක්ගැනවිල්ලක් තියෙනවා’ Neth FM Off-Air වංචා සහ දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් අත්අඩංගුවට ගැනීමේ අනුපිළිවෙළ සම්බන්ධයෙන් තමන්ට ද ගැටලුවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදීයි. නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන ...
විශ්වවිද්‍යාල සේවක සංගම් ඉල්ලීම් රැසක් දිනයි Neth FM Off-Air උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ජාතික සේවක සංගමයේ නියෝජිතයින් අතර අද (13) පැවති සාකච්ඡාවකදී ප්‍රතිපත්තිමය එකඟතා කිහිපයක් ඇති වී තිබෙනවා. රාජ්‍ය සේවකයින් සඳහා වැඩි කළ රුපියල් 2500 ක මාසික වැටුප විශ්වවිද්‍යාලවලට ද ලබාදීමේ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීම එම එක් එකඟතාවක්. විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය විශ්‍රාම ගන්නා වයස් සීමාව අවුරුදු 57 සිට අවුරුදු 60 දක්වා දීර්ඝ කරමින් විශ්ව ...
දින දෙකකට වඩා උණ නම් ඩෙංගු විය හැකියි Neth FM Off-Air දින 2 ක් උණ රෝගය පවතී නම් එය ඩෙංගු විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා. ඒ නිසා එවැනි අවස්ථාවලදී ප්‍රමාද නොවී ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ. ජාතික ඩෙංගු මර්දන තුන්දින වැඩසටහනක් ආරම්භ කරමින් අද (13) කෙරුණු අත්පත්‍රිකා බෙදාදීමකදී මෙම ඉල්ලීම සිදු කෙරුණා. මෙම වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් විසි තුන්දහස් ...
අකාලයේ මියගිය අලි ඇතුන් ගැන වාර්තාවක් Neth FM Off-Air මෙම වසරේ මුල් මාස 6 තුළ වයඹ හා අනුරාධපුර වනජීවී කලාප තුළ පමණක් වනඅලින් සහ ඇතුන් 37 දෙනෙකු අකාලයේ මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. මෙම සත්ත්වයින්ගෙන් 15 දෙනෙකු පමණ මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවයි වයඹ හා අනුරාධපුර වනජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ. හක්කපටස්, වස විෂ සහ විදුලිසැර වැදීමෙන් තවත් අලි ඇතුන් 18 දෙනෙකු පමණ මියගොස් ...
නාමල් සිරගත කළ සම්පූර්ණ ‘බී’ වාර්තාව මෙන්න Neth FM Off-Air පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කළ ‘බී’වාර්තාව මේ වන විට www.nethgossip.lk වෙත ලැබී තිබෙනවා. පොල්හේන්ගොඩ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද(13)පැවති මාධ්‍ය හමුවක දී මෙය මාධ්‍යවේදීන් වෙත ලබා දෙනු ලැබුවා. එම වාර්තාව පහතින් කියවිය හැකියි. The post නාමල් සිරගත කළ සම්පූර්ණ ‘බී’ වාර්තාව මෙන්න appeared first on Neth News. ...
කාම නිළියකගේ නමේ පැටළුණු බ්‍රිතාන්‍ය නව අගමැතිනිය Neth FM Off-Air බි්රතාන්යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමට නියමිත ‘තෙරේසා මේ’ (Theresa May) සහ කලකට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියක් ලෙස ප්රකටව සිටි ‘තෙරේසා මේ’ (porn star Teresa May) නමැති වෙනත් කාන්තාවක් සම්බන්ධයෙන් පටලැවිල්ලක් ඇති වී තිබෙනවා. අසභ්‍ය චිත්‍රපට නිළියක් ලෙස ප්රකටව සිටි ‘තෙරේසා මේ’ නමැත්තිය කියා සිටියේ අද (13) දිනය තුළ පමණක් නව අනුගාමිකයින් එකොළොස් දහසකට වැඩි පිරිසක් සිය ට්විටර් ගිණුමට එක්වූ බවයි. ...
නොරොච්චෝලේ ගල්අඟුරු මිලදී ගැනීම නැවත විමසා බලයි Neth FM Off-Air නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නැවත විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින්. මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්ලිව්. පෙරේරා, මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක බී. ඒකනායක යන මහත්වරුන් මෙම කමිටුවේ සාමාජිකයින් වනවා. ලබන 29 වෙනිදා වන විට ඔවුන්ගෙන් විමර්ශන වාර්තාවක් ...
සාලාව පිපුරුමේ ඔබ නොදුටු ඡායාරූප මෙන්න Neth FM Off-Air අවිස්සාවේල්ල, කොස්ගම, සාලාව කදවුරේ පිපිරීම ඇති වූ ස්ථානයේම ඡායාරූප කිහිපයක් සමාජ වෙබ් අඩවි තුළ මේ වනවිට හුවමාරු වෙමින් පවතිනවා. මේ පිපිරුම ඇති වූ ස්ථානයේම ඔබ මීට පෙර නොදුටු ඡායාරූප කිහිපයක්. The post සාලාව පිපුරුමේ ඔබ නොදුටු ඡායාරූප මෙන්න appeared first on Neth News. ...
කළුතර ශිෂ්‍යාවන්ට ‘කලිසම ගලවා පෙන්නමින් සිටිය දී’ අතටම හසුවූ හැටි Neth FM Off-Air කළුතර නගරයේ උපකාරක පන්තිවලට පැමිණෙන ශිෂ්‍යාවන්ට නිරුවත පෙන්වන පුද්ගලයකු උපකාරක පන්ති ගුරුවරයකු විසින් අල්ලා දකුණු කළුතර පොලිසියට භාරදී තිබෙනවා. තරුණියන් දෙදෙනකුට උපකාරක පන්තිය අසලදී කලිසම ගලවා නිරුවත පෙන්වමින් සිටියදී මොහු අල්ලා ගත් බවයි වාර්තා වන්නේ. එම සැකකරු කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් වජිර ලක්ෂ්මන් අසුරප්පුලි මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා. The post කළුතර ශිෂ්‍යාවන්ට ‘කලිසම ගලවා පෙන්නමින් සිටිය දී’ අතටම හසුවූ හැටි ...
ශ්‍රී ලංකා පොඩ්ඩන් රුසියාවේදී වැඩ්ඩන් වෙයි! Neth FM Off-Air රුසියාවේ පැවැත්වෙන 06 වැනි ආසියානු පාසල් ජාත්‍යන්තර කී‍්‍රඩා උළෙලේ පදක්කම් සටහනේ 15 වැනි ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව සිිටිනවා. එ් රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්. ආසියාවේ වේගවත්ම පාසල් කී‍්‍රඩකයා බවට පත් වූ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශාලික සන්තුෂ් මීටර් 100 සහ 200 පිරිමි ධාවන ඉසව්වලින් ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් දෙකක් දිනා දුන්නා. බම්බලපිටිය ...
“කාන්තා ඇසුරට මුදල් වියදම් කරන බව කීවා ” – ගංවතුරින් මුදල් ගසා කෑ බව කී රංගන ශිල්පිණියගේ පිළිතුර මෙන්න Neth FM Off-Air ගංවතුරෙන් දුක් විඳි දරුවන්ට ලබා දීම සඳහා ලංකාවට එවන ලද රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් වංචා කල රංගන ශිල්පිණියක් පිළිබඳව සුරංග විදානගේ තබා තිබූ ෆේස්බුක් සටහන පිළිබඳව තාරු බෝගොඩ රංගන ශිල්පිණිය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඇය ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කිරීමට බව හඟවමින් පහත් මනසික ආශාවන් ඉටු කර ගැනීමට පැමිණ එය නොලැබුණ විට දී ඔවුන්ගේ ...
“කාන්තා ඇසුරට මුදල් වියදම් කරන බව කීවා ” – ගංවතුරින් මුදල් ගසා කෑ බව කී රංගන ශිල්පිණියගේ පිළිතුර මෙන්න Neth FM Off-Air ගංවතුරෙන් දුක් විඳි දරුවන්ට ලබා දීම සඳහා ලංකාවට එවන ලද රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් වංචා කල රංගන ශිල්පිණියක් පිළිබඳව සුරංග විදානගේ තබා තිබූ ෆේස්බුක් සටහන පිළිබඳව තාරු බෝගොඩ රංගන ශිල්පිණිය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඇය ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කිරීමට බව හඟවමින් පහත් මනසික ආශාවන් ඉටු කර ගැනීමට පැමිණ එය නොලැබුණ විට දී ඔවුන්ගේ ...
ඉන්දියානු ධීවරයින්ට මෙරට මුහුදේ දින 75කට අවසර ඉල්ලයි! උතුරේ ධීවරයින් විරෝධතාවයක Neth FM Off-Air ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදේ ධීවර කටයුතු සදහා කිසියම් කාලසීමාවක් වෙන්කර දී ඇත්දැයි ඉකුත් දිනවල විවිධ පාර්ශව ප්‍රශ්න කළා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අග්රාමාත්යවරයාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒ ශ්‍රීලංකාවට අයත් මුහුදේ ධිවර කර්මාන්තයේ නියැලීමට සිදුවන්නේ ඉන්දියාව සමග බෙදාහදාගෙනද යන්නයි. ඊට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ උතුරේ ධීවර ජනතාවගේ ...
පුංචි ඡන්දෙට අපිට හදිස්සියක් නැහැ Neth FM Off-Air පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට හෝ එහි වෙනත් කටයුතු සදහා දැන් සිටම සූදානම් වීමට සිය පක්ෂයට අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අමාත්‍ය දයා ගමගේ මහතා පැවසුවේ ඒ වෙනුවෙන් දෙසතියක කාලයක් තමන්ට ප්‍රමාණවත් වන බවයි. පළාත් පාලන මැතිවරණය සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයන් තෝරා ගැනීම සදහා ඊයේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කළා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ ...
කැලෑ ගිනි තැබුවොත් පොලීසියෙන් වෙඩි Neth FM Off-Air කැළෑ ගිනි තබන අවස්ථාවන්හිදී මිනිස් ජීවිත හා දේපළ බේරා ගැනීම සදහා වෙඩි තැබීමේ බලයක් පොලීසියට ඇතැයි බදුල්ල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික වීරසේකර මහතා ප්‍රකාශ කළා. ඒ, බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි. පොලීසියට එවැනි බලයක් පවතින්නේ දැයි නෙත් නිවුස් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන්ද විමසීමක් කළා. ඔහු පැවසුවේ කිසියම් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් එවැනි කි‍්‍රයාමාර්ගයක් ගැනීමට පොලිසියට බලයක් ...
ලංකාව පරදවන්න මුරලිගේ සහාය ඕස්ට්‍රේලියාවට – පී.සරා පිටියේ මේ වන විටත් පුහුණුවීම් (PHOTOS) Neth FM Off-Air ශ්‍රී ලංකා සංචාරයේ දී දඟ පන්දු යවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායමට පුහුණුවීම් ලබා දෙන්නේ මුත්තයියා මුරලිදරන් බව වාර්තා වනවා. ඊයේ(12) දිනයේ පී.සරවනමුත්තු පිටියේ දී අදාළ පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා. තිලාන් සමරවීර ද ඕස්ට්‍රේලියාවේදී එරට ප්‍රධාන ක්‍රීඩකයන් සිවු දෙනෙකුට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් පුහුණුව ලබා දී තිබෙනවා. ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් දැඩි අවදානයකින් සිටින බව ...
ලංකාව පරදවන්න මුරලිගේ සහාය ඕස්ට්‍රේලියාවට – පී.සරා පිටියේ මේ වන විටත් පුහුණුවීම් (PHOTOS) Neth FM Off-Air ශ්‍රී ලංකා සංචාරයේ දී දඟ පන්දු යවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායමට පුහුණුවීම් ලබා දෙන්නේ මුත්තයියා මුරලිදරන් බව වාර්තා වනවා. ඊයේ(12) දිනයේ පී.සරවනමුත්තු පිටියේ දී අදාළ පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා. තිලාන් සමරවීර ද ඕස්ට්‍රේලියාවේදී එරට ප්‍රධාන ක්‍රීඩකයන් සිවු දෙනෙකුට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් පුහුණුව ලබා දී තිබෙනවා. ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් දැඩි අවදානයකින් සිටින බව ...
Computer ජිල්මාට් Neth FM Off-Air Computer ජිල්මාට් ගැන අද බැලුම්ගලින් The post Computer ජිල්මාට් appeared first on Neth News.