කිඹුලෙකු මස් කළ අයෙක් අල්ලයි (PHOTOS) Neth FM Off-Air කිඹුලෙකු මරා මස්කර රැගෙන යමින් සිටි සැකකරුවෙකු පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් මෙම කිඹුල් මස් වියලා මෙලෙස රැගෙන යෑමට කටයුතු කර ඇති අතර සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ පරකාසු විල්ලුව තුළදී ඊයේ (13) දිනයේදී ඔහු අත්අඩංගුවට ගැණුනා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය, දියසෙන්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සන්තකයේ තිබූ වේලන ලද කිඹුල් මස් ප්‍රමාණය කිලෝග්‍රෑම් දහයක්. The ...
අද සිට දින 04 ක් තද වැසි Neth FM Off-Air අද (14) සිට ලබන 18 වැනිදා තෙක් දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැඩි වශයෙන් වැසි අපේක්ෂා කෙරෙන්නේ මධ්‍යම කදුකරය ආශි‍්‍රත ප්රදේශවලටයි. එමෙන්ම දිවයිනේ සෙසු ප්රදේශවලටද ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පුත්තලම සිට මන්නාරම, කංකසන්තුරේ සහ ති‍්‍රකුණාමලය හරහා මඩකලපුව දක්වා හා පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වන ...
සයිටම් එකට එරෙහිව කොටුවේ රැය පහන් කරයි Neth FM Off-Air මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කොළඹ කොටුවේ ආරම්භ කළ විරෝධතාව තවදුරටත් කි‍්‍රයාත්මකයි. මෙම විරෝධතාවට එක්ව සිටින්නේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයයි. ඔවුන් ඊයේ (13) පෙරවරු 11.00 ට මෙම විරෝධතාව ආරම්භ කළා. ඒ, පැය 24 ක අඛණ්ඩ විරෝධයක් දැක්වීමේ අරමුණින්. ඊයේ රාති‍්‍රය පුරාම සරසවි සිසුන් කොළඹ කොටුව බෝ ගහ ඉදිරිපිට මෙම විරෝධතාවේ නිරත වුණා. මේ පිළිබඳ අදහස් දැක්වු අන්තර් විශ්ව ...
බඩු මිල අඩු කෙරෙන ගැසට් නිවේදනයට බාලගිරි Neth FM Off-Air අත්‍යවශ්‍ය භාණ්ඩද ඇතුළුව භාණ්ඩ 15 ක් සඳහා පැනවූ මිල පාලනයට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. ඊයේ (13) දිනයේදී මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි මීට පෙර ප්‍රකාශ වුණේ. රජය පැනවු මිල පාලනය කි‍්‍රයාත්මකවීමට නම් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ යුතු වනවා. මෙතෙක් එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කර්මාන්ත හා වාණිජ කටයුතු ...
අමෙරිකාවෙන් සහයක් නැහැ – චීනය මගහැරීම පාඩුවක් Neth FM Off-Air අමෙරිකාව, ශී‍්‍ර ලංකාවේ දියුණුව සඳහා කිසිඳු මුදලක් ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ චීනය සමග තිබූ හොඳහිත පවා වත්මන් ආණ්ඩුව පළුදු කර ගෙන ඇති බවයි. මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (13) රාති‍්‍රයේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. The post අමෙරිකාවෙන් සහයක් නැහැ – චීනය මගහැරීම පාඩුවක් appeared first on ...
දුඹුරු වැස්සි සමග ලිංගිකව හැසිරුණු එක්දරු පියා මාට්ටු Neth FM Off-Air දුඹුරු වැස්සියකට ලිංගික ක්‍රියා සිදුකරමින් සිටි 47 හැවිරිදි පුද්ගලයෙකු පිළිබඳ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වුණා. අවුරුදු 03 ක් පමණ වන මෙම දුඹුරු වැස්සිය අයත් නිවසට, අසල්වැසි නිවසක සිටි සැකකාර පුද්ගලයෙකු විසින් මෙම ක්‍රියා සිදුකර තිබෙන බවයි හෙළි වී ඇත්තේ. වැස්සිය අයිති නිවසේ පිරිස විසින් එම වැස්සිය බැඳදමා යන ස්ථානයේ, ටික වේලාවකට පසු එම වැස්සිය දකින්නට නොලැබීම නිසා නිවැසියන් විසින් මේ ...
ලංකාවේ හොඳම පාරිභෝගිකයා අමෙරිකාවයි Neth FM Off-Air ඉදිරියට යන ශී‍්‍ර ලංකාවට අමෙරිකාවේ සහාය අත්‍යවශ්‍ය බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ මූලිකම පාරිභෝගිකයා අමෙරිකාව බවයි. ශ්‍රී ලංකාවේ රැකියා රඳා පවතින්නේ අමෙරිකානු පාරිභෝගිකයා ශ්‍රී ලංකාවෙන් මිල දී ගන්නා භාණ්ඩ හා සේවා මත බවත් පැවසුවා. ඒ හේතුවෙන් අමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙලට විරෝධී අය ඊට අකුල් ...
ශ්‍රී ලංකාවේ නොසිතූ විරූ දියුණුවක් ගැන නීෂා බිස්වාල් කතා කරයි Neth FM Off-Air ශී‍්‍ර ලංකාව ඉදිරියේදී නොසිතූ විරූ දියුණුවක් අත්කර ගනු ඇතැයි දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය පවසනවා. ඇය කියාසිටියේ ලෝකයේ බොහෝ රටවල් හා සැසදීමේදී ශී‍්‍ර ලංකාව මේ වනවිට ධනාත්මක ස්ථානයක සිටින බවයි. නිශා බිස්වාල් මහත්මිය මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්. එහිදී ඇය වැඩි දුරටත් සඳහන් කළේ ලෝකයේ බොහෝ රටවල ...
ඔස්ට්‍රේලියානු දඟ පන්දු බලඇණිය මුත්තයියා භාර ගනී Neth FM Off-Air ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදී ඕස්ටේ්රලියානු කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස මුත්තයියා මුරලිදරන් එක්වී තිබෙනවා. තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී ඕස්ටේ්රලියානු නායක ස්ටීවන් ස්මිත් මේ බව ප්‍රකාශ කළා. මෙම මාධ්‍ය හමුවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ද එක්ව සිිිටියා. එහිදි ඔහු තරගාවලියට ඇති සූදානම පිළිබද අදහස් පළ කරමින් ...
‘තෙරේසා මේ’ ඊයෙම වැඩ අරඹයි Neth FM Off-Air බි්රතාන්යයේ නව අගමැතිවරිය ලෙස වැඩ භාරගත් තෙරේසා මේ, සිය රාජකාරි කටයුතු ඊයේ (13) දිනයේදීම ආරම්භ කළා. ඒ, සිය නව රජයේ විදේශ ලේකම් ධුරය සඳහා බොරිස් ජොන්සන් පත්කරමින්. ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයෙකු වූ බොරිස් ජොන්සන් බි්රතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ මැතිවරණ ව්‍යාපාරයේ කැපී පෙනෙන චරිතයක්. මේ අතර බි්රතාන්යයේ නව චාන්සලර් ධුරය සඳහා නම් කිරීමද ඊයේ සිදුවුණා. එම ධුරයට පත්කර ඇත්තේ පිලිප් හැමෝන්ඞ්. ...
අයස්කාන්තය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට තවදුරටත් අවස්ථාව Neth FM Off-Air ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වෙන අයස්කාන්තය ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ඔබට දැන් හැකියාව තිබෙනවා. ගාල්ල හෙමාරා රිච්ලූක්, කරාපිටිය ශ්‍රීධර ෆාමසි සහ ලක්මිණී ඔප්ටිකල්, ලබුදූව එස්.කේ. කම්පියුටර්ස්, මාතර නිල්මිණී කොපි බියුරෝ යන ස්ථානවලින් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි. mytickets.lk වෙබ් අඩවියෙන් සහ 072 7 300 400 හෝ 072 7 600 700 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ද ප්‍රවේශ පත්‍ර ...
කැරෝකේ වසන්තව කාන්තාවන් දෙදෙනෙක් කොල්ලකයි Neth FM Off-Air රාත්‍රී සමාජ ශාලා හිමිකරුවෙකු වන කැරෝකේ වසන්ත නොහොත් දොන් සුර්න්ද්ර වසන්ත පෙරේරාගේ කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසින් රුපියල් ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ සහ රන් ආභරණ තොගයක් සොරා ගෙන ගොස් තිබෙනවා. කලක් ඔහුසේ රාත්‍රී සමාජ ශාලාවන් හී අධ්යක්ෂකවරියන් ලෙස කටයුතු කළ කාන්තාවන් දෙදෙනෙකු විසින් මෙම සොරකම සිදු කර ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වී ඇත්තේ. සොරකම් කරන ලද ...
ශ්‍රී ලංකා 19 න් පහළ පිලට ජය Neth FM Off-Air දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග පැවති තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත් වුණා. ඒ, තුන්වන සහ අවසන් තරගය කඩුලු 6 කින් ජයගනිමින්. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) මෙම තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ...
ඩීසල් බද්ද ජනතා සුබසාධනයටයි Neth FM Off-Air ඩීසල් සඳහා ඉකුත් පළමුවෙනිදා සිට අතිරේක බද්දක් අය කිරීමට පටන් ගත්තේ ජනතා සුබසාධනය වෙනුවෙන් බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ අද (13) පස්වරුවේ පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි. එහිදී හෙතෙම පැවසුවේ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 06 ක බද්දක් අය කෙරෙන බවයි. කෙසේවෙතත් මෙම තත්ත්වය තුළ ඩීසල් හෝ පෙට්ට්‍රල් සඳහා මිල ...
බ්‍රිතාන්‍ය අගමැති අවසන් කතාව කරයි (VIDEO) Neth FM Off-Air බි්රතාන්ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් එරට පාර්ලිමේන්තුව අමතා අද (13) සිය අවසන් කතාව පැවැත්වුවා. අනතුරුව ඔහු සිය බඩු බාහිරාදිය ද රැගෙන අග්‍රාමාත්‍ය නිල නිවසෙන් පිටව ගිය බවයි විදෙස් වාර්තා පැවසුවේ. The post බ්‍රිතාන්‍ය අගමැති අවසන් කතාව කරයි (VIDEO) appeared first on Neth News. ...
ශ්‍රී ලංකා තවත් ක්‍රිකට් තරුවක් බංග්ලාදේශ කණ්ඩායමට Neth FM Off-Air බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු බලඇණියට එක්වීම සඳහා චමින්ද වාස්ට ආරාධනා ලැබී තිබෙනවා. මේ වන විට එහි ප්‍රධාන පුහුණුුකරුවා ලෙස කටයුතු කරන්නේ චන්දික හතුරුසිංහයි. රුවන් කල්පගේ සහාය පුහුණුකරු ලෙස ද, මාරියෝ විල්ලවරායන් අභ්‍යාසක පුහුණුකරු ලෙසද කටයුතු කරනවා. චමින්ද වාස්ට ආරාධනා ලැබී තිබෙන්නේ වේගපන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමටයි. මේ සඳහා චමින්ද වාස් ද කැමැත්ත පළ කර තිබෙන බවයි නෙත් නිවුස් වෙත ...
නාමල් මෝරෙක්දැයි මහින්ද අහයි Neth FM Off-Air කාලීන දේශපාලන හා ආර්ථික ගැටලු කිහිපයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (13) සිය ප්‍රතිචාර දැක්වූවා. ඒ, බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්. එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම මෝරෙකු අල්ලා ගැනීමක් නොවන බවත් නාමල් අල්ලා ගන්නා බව ඊට පෙර දවසේ ඇමතිවරයා තීරණය කර අති බවත් පැවසුවා. (එම හඬපටය පහතින් දැක්වෙයි) හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ...
රාජකීයන් පරදා ඉසිපතනට ජය Neth FM Off-Air ජනාධිපති කුසළාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය අද (13) සමත් වුණා. ඒ අවසන් මහා තරගයෙදී කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින්. ඉසිපතන විද්‍යාලය තරගය ජය ගත්තේ ලකුණු 47 ට 12 ක් වශයෙන්. කොළඹ තුරග තරග පිටියේදී මෙම තරගය පැවැත්වුණා. The post රාජකීයන් පරදා ඉසිපතනට ජය appeared first on Neth News. ...
අයථා වැට් බදු යළි ජනතාවට ගත හැකියි Neth FM Off-Air අයථා ලෙස එකතු කරන වැට් බදු ආපසු අයකර ගැනීමට මහජනතාවට නීතිමය හැකියාවක් තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ සංශෝධිත වැට් බද්දට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි. එහිදී හෙතෙම වැඩි දුරටත් පැවසුවේ පදනමක් නොමැතිව යම් මුදලක් අයකර ගතහොත් එය යළි ඒ තැනැත්තාට ලබා ගත හැකියි යන්න පොදු නීතියේ ...
වැට් නිසා ආණ්ඩුව අවුලෙන් Neth FM Off-Air සංශෝධිත වැට් බද්ද කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ව්‍යාකූලත්වයකට මුහුණ දී සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා පනවන ලද අතුරු තහනම් නියෝගය ඊට හේතු වී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ. සංශෝධිත වැට් බද්ද සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති බැවින් එය තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයේ දැක්වුණා. කෙසේවෙතත් ආණ්ඩුව කියා සිටියේ මෙම වැට් බදු ...