ලංකාවේ 06 න් 01කට ලෙඩක් Neth FM Off-Air ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් හයදෙනෙකුගෙන්ම එක් අයෙකු එනම් ජනගහණයෙන් සියයට 18 ක් කුමන හෝ දීර්ඝ කාලීන රෝගයකින් පෙළෙන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය, පිළිකා, ඇදුම, මානසික රෝග, සන්ධි ඉදිමීම් සහ අපස්මාරය වැනි රෝග දීර්ඝ කාලීන රෝග ලෙස වර්ග කර තිබෙනවා. මේ අතර අවුරුදු 15 ...
දින දෙකකින් රාජ්‍ය සේවකයින්ට ආණ්ඩුවෙන් ඉඩම් Neth FM Off-Air ඉඩම් නොමැති රාජ්‍ය සේවකයින් සඳහා ඉඩම් ලබාදීමේ වැඩසටහනක් තව දින දෙකකින් ආරම්භ කරන බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සහනදායි ක්‍රමයට මෙම ඉඩම් ලබා ගත් රාජ්‍ය සේවකයින් සඳහා නිවාස ඉදිකර ගැනීම සඳහා ණය පහසුකම් සැපයීමටත් කටයුතු යොදා ඇති බවත් සඳහන් කළා. නිවාස හා ඉදිරිකීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඒ බව පැවසුවේ අම්බලන්තොට පැවති උත්සවයකදීයි. The ...
වැට් බදු නොගහන භාණ්ඩ ලේඛණය මෙන්න Neth FM Off-Air වැට් බදු අය නොකරන භාණ්ඩ ලේඛණයක් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම ලේඛණය පහතින් දැක්වෙනවා. The post වැට් බදු නොගහන භාණ්ඩ ලේඛණය මෙන්න appeared first on Neth News.
‘සයිටම් ගැන රජයට ප්‍රතිපත්තියක් කියලා එකක් නැහැ’ Neth FM Off-Air කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. ඒ මාධ්‍යවේදීන් එහිදී කළ කරුණු විමසීමකට අනුවයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද? යන්න එහිදී ප්‍රශ්න කෙරුණා. ඊට පිළිතුරු ලබා දුන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතායි. අධිකරණයේ පවතින කරුණක් සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස අදහස් පළ කර සිරදඬුවමට ලක්වීමට තමන් අකැමැති බවයි ...
ඇමති කබීර් රැඳවියන් සමග රාමසාන් සමරයි (PHOTOS) Neth FM Off-Air කෙනෙකුගේ හැසිරීම ඔහුගේ ආගම හා ජාතිය ගැන තවත් පිරිසකට තීරණ ගැනීමට හේතු වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ සමස්ථ ලංකා මුස්ලිම් ලීගයේ සභාපති කබීර් හෂීම් මහතා පවසනවා. සියලුම මුස්ලිම්වරුන් වැරදි හැසිරීම්වලින් තොර වීමට මෙම රාමසාන් සමයේදී තීරණය කළ යුතු බවද හෙතෙම පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහර බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන් සමගින් රාමාසාන් උපවාසය නිමා කරමින් පැවති උත්සවයට එක්වෙමින්. The post ඇමති ...
බස් ගාස්තු ගැන තීරණය කැබිනට්ටුවෙන් පසු Neth FM Off-Air බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තීන්දු සහ තීරණ මීළඟ කැබිනට් රැස්වීමේන් පසුව ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැති අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. The post බස් ගාස්තු ගැන තීරණය කැබිනට්ටුවෙන් පසු appeared first on Neth News. ...
කෝප් සභාපති පුරප්පාඩුව පුරවන හැටි පහදයි Neth FM Off-Air කිසියම් සාමාජිකයෙකු ඉවත් වීමෙන් කෝප් කමිටුවේ පුරප්පාඩුවක් ඇති වූ විට ඊට අනුප්‍රාප්තිකයෙකු පත්කළ යුත්තේ ඉවත් වූ සාමාජිකයා අයත් දේශපාලන පක්ෂයෙන් බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. එම දේශපාලන පක්ෂය විසින් අනුප්‍රාප්තිකයෙකු පත්කිරීමෙන් පසු කථානායකවරයා ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. ඔහු ඒ බව පැවසුවේ කෝප් කමිටු සාමාජිකත්වයෙන් තමන් ඉවත් වන බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. වේලූකුමාර් ...
‘පන්දහසේ නෝට්ටුව අවලංගු කළ යුතුයි’ Neth FM Off-Air ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රුපියල් පන්දහසේ නෝට්ටුව අවලංගු කළ යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි. මෙම යෝජනාව තමාගේ පුද්ගලික අදහසක් බවත් මුදල් අච්චු ගැසීම තුළින් රටක් දියුණු කළ නොහැකි බවත් සඳහන් කළා. මේ වන විට යුරෝපයේ ආර්ථිකය පහළ බැසීමකට ලක්ව ඇති බවත් එහි වාසිය ලබාගෙන ආසියාව මුදල් ඒකකයක් හඳුන්වා දෙන්නේ නම් ...
බඩු මිල පීඩාකාරී ලෙස වැඩි බව ආණ්ඩුව කියයි Neth FM Off-Air පීඩාකාරී ලෙස බඩුමිල වැඩි වී ඇතැයි ආණ්ඩුව අද (06) පිළිගත්තා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ අසාමාන්‍ය ලෙස පාරිභෝගික භාණ්ඩ ගණනාවක මිල ගණන් ඉහළ යෑම පිළිබඳව වහාම සොයා බැලීමටත් ඒ පිළිබඳව මැදිහත් වීමටත් ක්ෂණික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි. බඩු මිල වැඩි වීමට හේතු හඳුනා ගැනීමට සහ බඩු මිල අඩු කිරීම සඳහා පියවර ගැනීමට ...
කෝප් පුරප්පාඩුවට සුජීවගේ නම Neth FM Off-Air කෝප් කමිටුවේ ඇතිවූ පුරප්පාඩුව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමාගේ නම යෝජනා කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවා. සුජීව සේනසිංහ මහතා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා. මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. වේලූ කුමාර් මහතා කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් මෙම පුරප්පාඩුව ඇති වුණා. The post කෝප් පුරප්පාඩුවට සුජීවගේ නම appeared first ...
ජොනී ඩෙප් නළුවෙකු වුණේ වැරදීමකින්ලු Neth FM Off-Air ජොනී ඩෙප් කියන්නේ කවුද ඇහුවොත් මේ ලොකේ නොදන්න කෙනෙක් නැති තරම්.. Pirates of the Caribbean,Charlie and the Chocolate Factory,Alice in Wonderland,Transcendence,Dark Shadows වැනි ලෝක ප්‍රසිද්ධ වූ චිත්‍රපට හරහා ජනාදරයට පත් වූ මෙම අති දක්ෂ නලුවා පසුගිය දවසක මාධ්‍ය වෙත අපූරු කතාවක් පවසා තිබුණා. ඔහු එසේ පවසා තිබුණේ ඔහු නලුවෙකු වූයේ වැරදීමකින් වන බවයි. ගායකයෙකු ලෙස රේඩියෝ වැඩසටහන් සඳහා ඉදිරිපත්ව සිටි ...
ලයනල් මෙසීටත් සිරදඬුවම් Neth FM Off-Air පාපන්දු ශූර ලයනල් මෙසීට මාස 21 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. විදෙස් පුවත් වාර්තා පවසන්නේ බදු වංචාවක් සම්බන්ධයෙන් ඔහු වරදකරු වී ඇති බවයි. ලයනල් මෙසීගේ පියා ද සිරදඬුවමට ලක්ව ඇතැයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් කියා සිටියා. ලයනල් මෙසී පසුගියදා ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් ද සමුගත්තා. The post ලයනල් මෙසීටත් සිරදඬුවම් appeared first on Neth News. ...
ක්‍රිකට් සභාපති කණ්ඩායමට ඇඟිල්ල දිගුකරයි Neth FM Off-Air ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වෘත්තීමයභාවය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එහි සභාපති තිලංග සුමතිපාල මහතා කොළඹ අද (06) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉකුත් එංගලන්ත සංචාරයේදී දැක්වූ දක්ෂතා පිළිබඳව ද සෑහීමකට පත්විය නොහැකි බවයි තිලංග සුමතිපාල මහතා මෙහිදී කියා සිටියේ. පන්දුවට පහරදීම සම්බන්ධයෙන් කිසියම් වර්ධනයක් පෙන්නුම් කළ ද ...
සත්‍ය සෙවීමේ කොමිසම ළඟදීම Neth FM Off-Air යුද සමයේදී කිසියම් යුද අපරාධ හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වැනි වෙනත් නීති විරෝධී කි‍්‍රයා සිදුවී ඇත්දැයි සොයාබැලීම සඳහා ‘සත්‍ය සෙවීමේ කොමිසම’ ලබන සැප්තැම්බරය වන විට පිහිටුවන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹදී අද (06) මාධ්‍ය හමුවක් පවත්වමින්. වැරදි කළ අය වේනම් රටේ පොදු යහපත සඳහා ඔවුන්ට දඬුවම් කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ ...
රටපුරා රාමසාන් සමරයි Neth FM Off-Air මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් උපවාසය අවසන් කිරිමේ ප්‍රධාන උත්සවය අද (06) ගාලු මුවදොර පරිශ්‍රයේදී පැවැත්වුණා. උපවාසයේ නිරත වූ මුස්ලිම් භක්තිකයන් ඊයේ (05) රාත්‍රියේ නව සඳ දැකීමත් සමඟ උපවාස සමය අවසන් කිරීමට කටයුතු කළා. එමෙන්ම රට පුරා විවිධ ස්ථානයන්හීදි මුස්ලිම් භක්තිකයන් අද දිනයේදී රාමසාන් උත්සවය සැමරීමේ කටයුතුවල නිරත වුණා. (පුත්තලම සහිරා ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු උත්සවයේ ඡායාරූප පහතින් දැක්වෙයි) (හැටන් ජුම්මා පල්ලියේදී ...
‘බ්ලේඞ් රනර්’ ට වසර 06 ක සිරදඬුවම් Neth FM Off-Air දකුණු අප්‍රිකානු ධාවන ශූර ඔස්කාර් පිස්ටෝරියස් හට වසර 06 ක සිරදඬුවමක් අද (06) නියම කෙරුණා. ඒ, 2013 වසරේදී සිය පෙම්වතිය ඝාතනය කිරීමේ චෝදනාවටයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරදඬුවමට අදාළව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔස්කා පිස්ටෝරියස් හට අවස්ථාව ද පවතින බවයි. දෙපා නොමැතිව කෘතිම පාද 2 ක ආධාරයෙන් 2012 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තරග වැදීම හේතුවෙන් ඔහු ලොව පුරා දැඩි කතාබහකට ලක්වුණා. ...
යුරෝපා සංගමයෙන් ඉවත් වූවායේ ප්‍රතිඵල බ්‍රිතාන්‍යයට ලැබේ! Neth FM Off-Air බි්රතාන්ය ස්ටර්ලිං පවුමක අගය ඩොලරයට සාපේක්ෂව සීඝ්‍රලෙස පහත වැටී තිබෙනවා. අද වනවිට ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලිං පවුමක අගය එකයි දශම 2 යි 7 ක් පමණ වූ බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. එය වසර 31 කින් පසු ස්ටර්ලිං පවුම වාර්තා කළ අඩුම අගය වනවා. යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බි්රතාන්ය ජනතාව ගනු ලැබූ තීරණයෙන් පසු ස්ටර්ලිං පවුම මෙලෙස පහත වැටෙමින් ඇති බවයි විදෙස් වාර්තා ...
කුලියාපිටියේ වොක්ස්වැගන් කම්හලෙන් නිපදවීමට නියමිත වාහන මෙන්න Neth FM Off-Air කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත වොක්ස්වැගන් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව සඳහා රජයේ ඉඩම් ලබා දීම ළඟදීම සිදුවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. ඒ සඳහා අවබෝධතා ගිවිසුමට ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසුරිය මහතා සහ වොක්ස්වැගන් ශ්‍රී ලංකා නියෝජිත සෙනොක් ඔටෝමොබයිල් සමාගමේ සභාපති නොයෙල් සෙල්වනායගම් මහතා අත්සන් තැබීමට නියමිතයි. මෙම සමාගම මගින් එන්ජින් ධාරිතාව 1000 සහ 2000 වර්ගයට අයත් ඩීසල් වාහන එකලස් ...
කෝප් කමිටුවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි! Neth FM Off-Air මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් වේලූ කුමාර් මහතා කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වි තිබෙනවා. ඊට අදාළ ලිපිය මන්තී‍්‍රවරයා විසින් කතානායකවරයා වෙත යොමුකර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. වේලූ කුමාර් මහතා දෙමළ ජාතික පෙරමුණ නියෝජනය කරමින් මහනුවර දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කර මෙවර පාර්ලිමේන්තුවට තේරි පත් වුණා. වේලූ කුමාර් මහතා එම තීරණය ගනු ලැබුවේ දෙමළ ජාතික පෙරමුණේ ...
මෑන් පවර් සේවකයන් 4000කට ස්ථීර පත්වීම් Neth FM Off-Air ලංකා විදුලිබල මණ්ඩලයට අනියුක්තව සේවය සැපයූ මිනිස්බල සේවකයන් සහ කොන්ත්‍රාත් පදනම මත සේවය සැපයූ මනු කියවන්නන් හාර දහසකට ස්ථිර පත්වීම් ලබාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඉකුත් ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් මෙම ස්ථිර පත්වීම් ලබාදීම සිදු කෙරෙන බවයි. The post මෑන් පවර් සේවකයන් 4000කට ස්ථීර පත්වීම් appeared first ...