නව මහ බැංකු අධිපති නිසා ඒකාබද්ධ විපක්ෂය දෙපිළ බෙදෙයි Neth FM Off-Air මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වරදකරුවෙකුව දැනට අමෙරිකාවේ බන්ධනාගාරගතව සිටින රාජ් රාජරත්නම් නමැත්තා, තමා දන්නා හදුනන කෙනෙකු බවට මහබැංකු අධිපතිවරයා කළ ප්‍රකාශය ඉතා බරපතල තත්ත්වයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියාසිටියේ වර්තමාන මහබැංකු අධිපතිවරයාගේ සුදුසුකම් හා වෘත්තියභාවය පිළිබද සතුටු විය හැකි බැවින් ඔහු ...
මාධ්‍ය සංදර්ශණ වලින් යහපාලනය කරන්න බැහැ කියු අමාත්‍යංශ ලේකම්ට මාරුවක්! Neth FM Off-Air රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හදිසියේ මාරුකර තිබෙනවා. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් නිසා අමාත්‍යාංශ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා පිළිබද තරමක් වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ බව කියන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ හමුවේ රාජ්‍ය නිලධාරීන් රැසක් දැඩි චෝදනාවලට ලක්ව සිටියා. ඇතැම් නිලධාරීන්ට එල්ල ...
හිරේ ගිය තෙවරප්පෙරුමගෙන් යහපාලනයට අනතුරු ඇඟවීමක්(VIDEO) Neth FM Off-Air රක්ෂිත බන්ධනාගාර ගත කළ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වත්මන් රජයේ ක්‍රියා කළාපය විවේචනය කර තිබෙනවා. ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් වන්නේ ‘හයමසක් පාසල් අධ්‍යාපනය නැති කර යමපාලනයෙන් මව් සෙනෙහස ද නැති කළ බවයි.’ මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව පොලිස් රථයේ සිට නියෝජ්‍ය අමාත්‍යවරයා වාහන සොරකම් කරන අයකු පිළිබඳව සඳහන් කර ඔහුව අත්අඩංගුවට නොගන්නා බවද සඳහන් ...
විශේෂ කර්මාචාර්ය ධූරය දෙද්දුවාවල අමරවංශ හිමිට Neth FM Off-Air බෙලිඅත්ත ඔව්ලාන අභිනවාරාමාධිපති පූජ්‍ය දෙද්දුවාවල අමරවංශ ස්වාමීන්වහන්සේ වෙත මහා විහාරවංශික ශාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අනුනායක ගරුතර කාරක සංඝසභාව මගින් විශේෂ කර්මාචාර්ය ධූරය පිරිනැමීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වූ ශ්‍රී සන්සත් පත්‍රය හා ප්‍රසාද පූජා පැවැත්වීමේ උත්සවය අනිද්දා (08) සවස 03.00 ට පැවැත්වීමට නියමිතයි. ඒ මහනුවර මල්වතු මහා විහාරස්ථ ඓතිහාසික මංගල උපෝෂඨාගාරයේදීයි. The post විශේෂ කර්මාචාර්ය ධූරය දෙද්දුවාවල අමරවංශ ...
බිලියන නමයකට මොකද කලේ Neth FM Off-Air බිලියන නමයකට මොකද කලේ, ඒ ගැන අද බැලුම්ගලින් The post බිලියන නමයකට මොකද කලේ appeared first on Neth News.
වල්ලපට්ට සමග නොර්වුඩ්හි 3ක් කොටු! Neth FM Off-Air ගිනිගත්හේන සිට බගවන්තලාව දක්වා වල්ලපට්ටා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු නෝර්වුඞ් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ගමන්ගත් තී‍්‍රරෝද රථය පරීක්ෂා කළ අවස්ථාවේදී වල්ලපට්ටා ග්‍රෑම් 480 ක් සොයා ගැණුනු බවයි නෝර්වුඞ් පොලීසිය පැවසුවේ. සැකකරුවන් ගිනිගත්හේන සහ නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවට ගත් වල්ලපට්ටා සහ සැකකරුවන් හෙට හැටන් මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. The post වල්ලපට්ට සමග නොර්වුඩ්හි 3ක් ...
වාහන නඩුවලට උසාවි නොගොස් දඩය ගෙවිය හැකි අලුත්ම ක්‍රමයක් Neth FM Off-Air රථවාහන නඩු සඳහා අධිකරණයට නොපැමිණ අධිකරණ රෙජිස්ට්රාර්වරයාට දඩ මුදල ගෙවීමට අවස්ථාව සලසා දෙන ක්‍රමවේදයක් හඳුන්වා දීමට පොලිසිය තීරණය තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන ආඥා පනතේ 224 වගන්තියට අනුව නඩුවක් පැවරූ අවස්ථාවක අනතුරක්, තුවාල කිරීමක් හෝ අලාභහානියක් සිදු නොකළ විටක සිතාසිය යවන අවස්ථාවේ රියදුරාට ගෙවීමට තිබෙන දඩ මුදල එහි සඳහන් කර යැවීමටයි පොලිසිය සැළසුම් කර ඇත්තේ. මෙලෙස සිතාසියේ දඩ මුදල සඳහන් කර ...
බස් සේවක ගැටුමක්! 06ක් කූඩු Neth FM Off-Air තරගකාරී ලෙස මගීන් නංවා ගැනීම සදහා උත්සාහ කිරීමේ සිද්ධියකදී ගැටුමක් ඇති කරගත් පෞද්ගලික බස් රථ දෙකක සේවකයන් හය දෙනෙකු හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හලාවත – කොළඹ මාර්ගයේ හලාවත රෝහල ආසන්නයේදී ඊයේ (05) පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. වව්නියාව සිට කොළඹ බලා ධාවනය කරමින් තිබූ බස් රථයක සේවකයන් සහ හලාවත සිට කොළඹ බලා ...
යක්ෂයා ඉසුරුපායේ දොරකඩ – අත ළඟම කුඩු ගහන පාසැලක් Neth FM Off-Air අධ්‍යාපන අමාත්‍යංශයට යාබදව පිහිටි විද්‍යාලයක සිසුන් සිවුදෙනෙක් මත්ද්‍රව්‍ය පානය කර හසුවී ඇති බව වාර්තා වනවා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිසුන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති විදුහල්පතිවරයා ඔවුන්ට අවවාද කර පිටත් කර ඇති බවයි පැවසෙන්නේ. කලක සිට මත්ද්‍රව්‍ය පානය කිරීම පාසැල තුළ සිදුවන අතර විදුහලේ මුරකරු නොදැනුවත්ව මෙය සිදුවිය නොහැකි බවයි සිසුන් පවසන්නේ. කලක සිට මෙලෙස පාසැලේ මත්ද්‍රව්‍ය ...
ඊයේ තරඟයේ දී ජොස් බට්ලර් හොර කළ හැටි මෙන්න – (VIDEO) Neth FM Off-Air සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවති පළමු සහ එකම T20 තරඟය ඊයේ (05) රෝස් බෝල් පිටියේ දී පැවැත් වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළ සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 140ක් පමණයි. අනතුරුව පිළිතුරු ඉනිම සඳහා පිටියට ...
ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් බොඳවෙයි Neth FM Off-Air එංගලන්ත සංචාරයේ තරගයක් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුවද අද (06) අලූයම බොදව ගියා. ඒ, එංගලන්තය සමග පැවති පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයෙන්ද කඩුලූ 8 කින් පරාජයවීම හේතුවෙන්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 140 ක් පමණයි. ධනුෂ්ක ගුණතිලක පන්දු 16 කදී ලකුණු 26 ක් රැුස් කළා. පිළිතුරු ...
හෝමියෝපති සභාවට මුවාවී SAITM එළියට? Neth FM Off-Air හෝමියෝපති පනත් කෙටුම්පත ඊයේ (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනා. මේ එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අදාල ඖෂධ නිපදවන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් බැවින් එමගින් අහිතකර බලපෑම් ඇති නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මහතාද විවාදයට එක් වෙමින් පැවසූවේ කුමන වෛද්‍ය ක්‍රමයකට වුවද නියාමනයක් අවශ්‍ය බවය. විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ...
අල්ලස සහ දූෂණය පාසල් විෂය නිර්දේශයටම..! Neth FM Off-Air අල්ලස හා දූෂණය පිටුදැකීම පිළිබද කරුණු ඉදිරියේදී පාසල් විෂය මාලාවට ඇතුළත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා කියාසිටියේ එළඹෙන ඔක්තෝම්බර් මාසය අල්ලස සහ දූෂණ පිටුදැකීමේ මාසය ලෙස නම් කර ඇති බවයි. ඒ ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කිරීමට නියමිත වැඩසටහන් මාලාව පිළිබද දැනුවත් කිරීම සදහා කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. අල්ලස සහ දූෂණයට එරෙහිව පාසල් සමයේ සිටම අනාගත පරපුර ...
ජනපති සහ අගමැතිගෙන් රාමසාන් උළෙලට සුබ පැතුම් Neth FM Off-Air ඉස්ලාම් බැතිමතුන් අද (06) රාමසාන් උත්සවය සමරනු ලබනවා. පුරා මාසයක කාලයක් උපවාසයේ නිරත වූ මෙරට ඉස්ලාම් බැතිමතුන් ඊයේ රාත්‍රියේ නව සඳ දැකීමත් සමග එම උපවාස සමය අවසන් කළා. දේවත්වය සහ මනුෂ්‍යත්වය අතර සමීප සබැඳියාවක් සනිටුහන් කරමින් කයෙන් සහ මනසින් සංවර වූ අධ්‍යාත්මික පාරිශුද්ධත්වය සංකේතවත් කරන ඊදුල් ෆිතර් උළෙල සමරන මුස්ලිම් ජනතාවගේ සියලූ ප්‍රාර්ථනාවන් සඵල වේවායි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුභාසිංශන ...
සවස 3 වෙනතුරු කොළඹට ජලය නැහැ Neth FM Off-Air කොළඹ සහ අවට ජලසැපයුම අත්හිටුවා ඇති ප්‍රදේශවල ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට සවස 3 පමණ වනු ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල ජල සම්පාදන මධ්‍යස්ථානය දක්වා යන ප්‍රධාන නල මාර්ගය තලංගම ඩිපෝව අසලදී පිපිරීමකට ලක්වීම හේතුවෙන් ඊයේ (05) පස්වරුවේ සිට කොළඹ සහ අවට ප්‍රදේශ ගණනාවක ජලසැපයුම අත්හිටවනු ලැබුවා. පිපිරීමට ලක්ව ඇති ජල නළය ...
මීගහතැන්නේ මව්වරු හෙට හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට Neth FM Off-Air මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට සාපරාධී ලෙස ඇතුලූ වී විදුහල්පතිවරයාට පහර දී අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම විද්‍යාලයේ මවුවරුන් 09 දෙනා හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මෙම සැකකාරියන් හෙට දිනයේදී මතුගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී පැවැත්වෙන හදුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන බවයි. මෙම මවුවරුන් 09 දෙනා ඊයේ පෙරවරුවේ ...
උසස් පෙළ ප්‍රෙව්ශපත්‍ර තැපෑලට Neth FM Off-Air අගෝස්තු මස දෙවනදා ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලූම් කළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ හතලිස් දහස් නවසිය අනූ එක් දෙනෙකුගේ සහ පෞද්ගලික අයදුම්කරුවන් හැත්තෑහතර දහස් හයසිය දාහතර දෙනෙකුගේ ප්‍රවේශපත්‍ර තැපෑලට යොමුකර ඇති බවයි. පාසල් වෙත ...
රාමසාන් හෙට Neth FM Off-Air අද (05) දිනයේ නව සඳ දර්ශනය වීම නිසා ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව හෙට (06) දිනයේදී රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය අද පස්වරුවේ නිවේදනය කළා. ඒ අනුව මාසයකට ආසන්න කාලයක් පුරා උපවාසයේ නිරතව සිටි මුස්ලිම් ජනතාව හෙට දිනේදී සිය උපවාසය අත්හරිනු ඇති. The post රාමසාන් හෙට appeared first on Neth News. ...
ශ්‍රී ලංකාව සහ එංගලන්තය විස්සයි විස්සට සූදානම් Neth FM Off-Air සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය සදර්ම්ටන් හි රෝස්බෝල් ක්‍රීඩාංගණයේදී අද (05) පැවැත්වෙනවා. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.00 ට පමණ ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා පන්දුවාර විස්ස තරග 07 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 04 ක් ශ්‍රී ලංකාව ජයගත් අතර එංගලන්තය තරග 03 ක ජය හිමිකර ...
ගම්මන්පිලගේ ‘වචනයක්’ පාර්ලිමේන්තුව උණුසුම් කරයි Neth FM Off-Air කොටස් වෙළඳපලේ සිදුවූ පහත වැටීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (05) සංවාදයක් ඇති වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් අතරයි. එම සංවාදයේ ඇතැම් කොටස් හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කිරීමටද කථානායකවරයා නියෝග කළා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විමසා සිටියේ කොටස් වෙළඳපොල 2015 වසරේ 5% කින් පහත වැටීමට ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීමට හේතු වූ කාරණා ඇත්දැයි යන්නයි. ...