ප්‍රේමලතා තලගොයි මරපු හැටි සහ බල්ලො මරන පිල්ලියො අහසේ ඇඳි සිත්තම බ්ලොග් එක පටන් අරන් මාස ගානක් යනකම්ම කිසිම කෙනෙක් ආවෙ නෑ දුක සැප බලන්න.මටත් මේක ප්‍රසිද්ධ කරගන්න කිසිම ඕනකමක් තිබුනෙ නෑ.නිකම් ඉන්න වෙලාවට බ්ලොග් කියවන්න පුරුදු වෙලා හිටියට කොමෙන්ට් දාන පුරුද්දක් මට තිබුනෙ නෑ.නිකම් ඔහෙ ලියනවා විතරයි.මේ ඔක්කොම වෙනස් වුනේ හැලපෙගෙ බ්ලොග් එකේ ලිපියකින්.හලාවත ගැන කියවුන නිසායි කලින් ලිපියත් ඕනකමින් බැලුවෙ.හැලපෙගෙ බ්ලොග් එක මම මීට කලින් එහෙමට උනන්දුවෙන් ගිය තැනකුත් ...
ඌරු කතාවක් අහසේ ඇඳි සිත්තම වින්සන්ට් ප්‍රේමලතා එක්ක විවාහ වෙලා ජීවිතේ ආරම්භ කළත් හරිහමන් ආදායම් මාර්ගයක් තිබුනේ නෑ.ප්‍රේමලතා හරි මහන්සිකාර ගෑනි.වින්සන්ට් කුලී වැඩට යන අතර තමන් නිකන් ඉන්නවට වඩා මොනවහරි කරන්න ඕනැ කියලා හිතුවා.ඌරු පැටවු දෙන්නෙක් ගෙනත් හදන්න හිතුවෙ ඒ නිසයි.ඌරො හදන්න ඒ තරම් වියදමක් යන්නෙ නැති නිසා මේක අමාරුවක් වුනේ නෑ.මේ අය හදන ඌරො ගෙනියන්න මුදලාලි කෙනෙක් එනවා.මේ විදියට ටික කාලයක් මේ ස්වයං රැකියාව ...
ප්‍රේමලතාගෙ දඩුවම් ක්‍රම සහ වින්සන්ගෙ තට්ටම් ඩාන්ස් කරපු පළමුවෙනි දවස අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතා තමන්ගෙ ගෙදර දැඩි පාලනයක් ගෙන ගියා කියල කවුරුත් දන්නවනෙ .එහෙම කළේ කාගෙත් යහපතට.ඒක එහෙම වුනාට ප්‍රේමලතා තමන්ගෙ මිනිහට ගහනව කියන කතාව දාන්න ටිකක් විතර මහ මොකක්ද වගෙ ගතියක් තිබුන.ප්‍රේමලතා එහෙම කළේ වින්සන්ගෙ වැරදි නිසයි.දෙන්න අතර විරසකයක් තිබුන කියල ඒකෙන් කියවෙන්නෙ නෑ.සෑහෙන පිරිසක් ඉස්සරහ වින්සන්ට කම්මුල් පාරක් දුන්න වෙලාවෙ වින්සන්ට විලිලැජ්ජාවෙ පන ගියා.කාලයක් යනකම් කඩේ තොටමුනේ පැත්තෙ ගියෙත් නෑ.කාලයක් ගියාම ...