එදා තරුණයන්ගෙ රැවුල් වන්දනා සහ අද ඩිජිටල් තරුණයෝ shaved juvenility instead of old haired one අහසේ ඇඳි සිත්තම මීට අවුරුදු පහලොවකට පමන පෙර එකතරා දිනක මා පාන් රාත්තලක් ගෙන ඒමට කඩේට යන අතරතුරේ අපූරු සිද්ධියක් සිදුවිය.අසල වත්තක මඩුවක් වැනි තැනක සිටි තරුණයන් පිරිසක් එක්වරම මහහඩින් හූ කියන්නට පටන් ගත්හ.මම බියේ ඇලලී ගියෙමි.ඇත්තම කිව්වොත් බියෙන් මිරිකුනෙමි.මම එවකට අවුරුදු දහයක පුංචි එකෙකි.ආපසු යන්නත් හිතුනත් එයටද පන නැත.ආපසු ගියොත් යන්න වෙන්නේ අර තරුණයන් සිටින තැනනි.මම ඉස්සරහට හෙමින් හෙමින් ගියෙමි.මට පසුව තේරුනේ ...
ලිලිනෝන රුද්‍රිගු මුදලාලි එක්ක යහන්ගත වූ හැටි. මුදලාලිට බොම්බිලි කරෝල අහසේ ඇඳි සිත්තම පහුගිය ලිපියෙන් කතා කෙරුවෙ රුද්‍රිගු මුදලාලි ගැන.මුදලාලි ගැන කියන්නෙ නැතිව ප්රේමලතාල ලිලිනෝනල ගැන කියල වැඩක් නෑ.ප්රේමලතාල ලිලිනෝනල බැබලුනේ මුදලාලි නිසයි. අපේ ගම්වල බොරු සෝබනකාර කුමාරිහාමිල එදා හිටියෙත් නෑ අද ත් නෑ.අරක්කු බොන කුණුහරප කියන සත්තු මරන කාටවත් බය නැති ඕනම දෙයක් කෙළින්ම කියන වලියක් ආවොත් ඉස්සරහටම යන එක විදියක ගෑනු තමයි අපේ ගම්වල එදත් හිටියෙ.අදට වඩා ඇදුම් පැළදුම් වල නම් ...
ගල්ගුහාවේදී හමුවූ අරුම පුදුම තවුසාගේ කතාවෙන් සියල්ලෝම විශ්මයෙන් ඇලලී යති අහසේ ඇඳි සිත්තම ගමනේ වෙහෙස හැමෝටම දැනේ.ටිකක් විඩා නිවාගන්න අවශ්‍යමය.ගල් ගුහාව දුටු විට හැමෝම සතුටින් ඉපිළුනේ එබැවිනි."බලාගෙන සත්තු සරපයො ඇති "ලලිතා අනතුරු ඇඟවූවාය.කපුගෑනි ඉන්නේ හුඟක් ඉස්සරහිනි."අක්කෙ හිටපන් අපිත් එනව "ලීලා කීවාය."ඇතුලෙ නම් කළුවරයි.කවුද ඉන්නවත් වාගෙ" කී කපුගෑනි පස්සට පැන්නාය."හිටපල්ලකො මං බලන්න "යි කී ලීලා ඇතුලට හිස දමා බැලුවාය."මොනවද බන් පේන්නෙ උඹ බයිස්කෝප් එකක්වත් බලනවද කියපන්කො අපටත් එන්න" ලලිතා කීවේ ඉවසන්නට බැරිම තැනය.ලීලා සෙමෙන් ...
අලුත් සැමියෙක් සමඟ ගෙවෙන ප්‍රේමලතාගෙ ලස්සන දවස් අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතාගෙ ජීවිතේ සහමුලින්ම වෙනස් වුනේ මාලනී නිසයි.ඉස්සර ඔය යන්තර මන්තර ගුරුකම් ගැන ප්‍රේමලතාට විශ්වාසයක් තිබුනෙම නෑ.පල්ලියෙන් ඒව පුළුවන් තරම් අධෛර්ය කෙරුව.ඒත් මාලනී නිධාන ගන්න කතා ප්‍රේමලතාගෙ ඔළුවට දාන්න පටන් ගත්ත.මුලදි මාලනීගෙ කතා වලට ඇහුම්කන් දුන්නෙ විස්මයෙන් වුනත් ටිකෙන් ටික ඒවට ඇදිල ගියෙ නොදැනුවත්වමයි.වින්සනුත් නැති නිසා ගේ පාලුවට වගෙ ගිහින් තිබුනෙ.ළමයි තුන්දෙනාම හිටියෙ වැඩිපුරම ගෙදරින් පිට.ඉතින් ප්‍රේමලතාට යාළුවෙක් විදියට හිටියෙ මාලනී ...
ලිලිනෝනා මාලනිලගෙ ගෙදර බලු පැටවු කප්පදු කරයි අහසේ ඇඳි සිත්තම මේ වගෙ කතා දිගටම ලියන්න අදහසක් නැතත් වැඩි දෙනෙක් මේ වගෙ කලාතුරකින් අහන්න ලැබෙන්න ටිකක් අමුතු කතා වලට කැමතියි වගෙ පෙනුන නිසා පහුගිය ලිපියෙ ඉතුරු ටික අද දානව.සෙනසුරාද ප්‍රේමලතා මාලනීලගෙ ගෙදර ගියෙ බලු පැටවු කප්පදු කරන හැටි බලන්නයි. රුද්‍රිගු මහත්තයලගෙ කුකුල් කොටුවෙ දවස් කුලියට වැඩ කරන ලිලිනෝන මේ වගෙ වැඩ කරනව කියල අහල ප්‍රේමලතාට පුදුම හිතුන.ලිලිනෝන කියන්නෙ ප්‍රේමලතා වගෙ ගෑනියෙක් ...
බල්ලො කප්පදු කරන ලිලීනෝනා අහසේ ඇඳි සිත්තම මේ හැම දෙයක්ම ආරම්භ වුනේ හැලපෙගෙ අඩවියෙ ඌරො ගැන ලිපියකින්.ඒ ලිපිය කියවනකොට තමයි ලිලිනෝන මතක් වුනේ.ඒත් ලිලිනෝන කියන්නෙ ප්‍රධාන චරිතයකට අරගෙන කතාවක් ගොඩනගන්න පුළුවන් විදියෙ චරිතයක් නොවෙයි.අරමුණක් නැති බීඩි බිබී ඇවිදින නිකම්ම නිකම් ගෑණියෙක්.ප්‍රේමලතා කියන චරිතය මත පදනම් වෙලා කතාවක් ලියන්න හිතා හිටියට ඒකට අවස්ථාවක් ආවෙ හැලපෙගෙ ලිපියෙන්.ඒ ලිපිය කියවන කොට ලිලිනෝනව මතක් වුනත් එයා ගැන කියනවනම් ඒක කොමෙන්ට් එකකින් ...
කප්පදු යෝගියාගේ කතාව,සුමති නම් දන්ඩනායිකාව ගේ කතාව සහ සුරංගි කුමරියගේ උපත අහසේ ඇඳි සිත්තම http://premalathaa.blogspot.com/2014/07/blog-post_30.htmlපළමුවැනි කොටස - රහස් ගමන ගැන කතාකරගන්නට ලීලා මිතුරියගේ නිවසට යයි. http://premalathaa.blogspot.com/2014/07/blog-post_31.htmlදෙවැනි කොටස - ලලිතා බිලිපූජාවට තමන්ගෙම දරුවා සූදානම් කරයි.අම්මා පුතා මරයි http://premalathaa.blogspot.com/2014/08/blog-post.htmlතුන්වෙනි කොටස -ගල්ගුහාවේදී හමුවූ අරුම පුදුම තවුසාගේ කතාවෙන් සියල්ලෝම විශ්මයෙන් ඇලලී යතිඅද එතැන් සිට"එහෙම පුළුවන් වෙයිද?" කපු ගෑනි ඇහුවා."ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා.මුල්ම පූජාව කලේ තමන්ව කපන්න කියල ඇවිට
රුද්‍රිගු මුදලාලිගෙ ඔටුන්න ප්‍රේමලතාට අහසේ ඇඳි සිත්තම වැඩ රාජකාරි වැඩිවුන නිසා ටික දවසක් බ්ලොග් එක ලියන්න බැරි වුනා.මුල් දවස්වල ලියන්න තිබුන ගැම්මත් දැන් නෑ වගේ.ඒත් ගැමි ජීවිතයෙ ඇත්ත විස්තර ලියන නිසා වැඩි දෙනෙක් බ්ලොග් එක බලන්න ආව.ඒ අය නිතරම අහන්න ගත්ත ඇයි දැන් ලියන්නෙ නැද්ද කියල.කවදාවත් කොමෙන්ට් නොකළත් නොවරදවාම බ්ලොග් එක බලන පිරිසක් ඉන්න බව මම දැන ගත්තෙ මට ආපු ඊ මේල් වලින් තමයි.මේ බ්ලොග් එක ලියන්න ...
මාතෘමූලික සමාජයක් ඇසුරින් කතාවක් අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතා මහත්මිය (ඇයගේ නම එය නොවුනත් ඒ නමින් අමතමි ) ගේ බ්ලොගය බලන්නට ආවේ එය පටන් ගත් දිනවල සිටම නොවේ.එහෙත් පසුව සියළුම ලිපි මුලසිටම කියෙව්වෙමි.මෙම බ්ලොග් එක ඇස ගැටුනත් මා සිතුවේ වැඩකට නැති ඕපාදූප බ්ලොග් එකක් කියාය. එහෙත් කියවාගෙන යනවිට මගේ ඇස් එයින් ඉවතට ගත නොහැකි තරම් මා වහ වැටුනි. දිනකට දෙතුන් වර මේ බ්ලොගය කියවමින් රස වින්දෙමි.මේ කතා වල ...
ප්‍රේමලතා බල්ලො මරපු කතා වින්සන් ගම හැම තැනම කියයි. එක ජංජාලයයි. අහසේ ඇඳි සිත්තම ප්රේමලතාගෙයි වින්සන්ගෙයි අන්දරය බ්ලොග් කියවන අයට අමුත්තක් නෙමෙයි.ප්‍රේමලතාගෙ කතා අතිනුත් කෑලි දාල මීට ඉස්සරත් අන්තර් ජංජාලෙට මුදා ඇරල තියෙනව.ඒත් කලින් කතා දෙකේ නම් අකුරක්වත් බොරු නෑ.ඒත් ටිකක් රහ කරල ලියන්නයි හිතන් ඉන්නෙ. රහ කරන කොට ඇත්තම ඇත්තට තව ලුණු ඇඹුල් එහෙම එකතු වෙලා තමයි ලියවෙන්නෙ. කතාවකට අනුපානෙට චුට්ටක් බොරු ඕන කියනවනෙ.ඒත් මේ කතාවෙත් අකුරක් නෑර ඇත්ත.ඒත් ඉස්සරහට චුට්ටක් ආටෝපෙට ලියනව.නැත්නම් ...
අලුත් කතාවක්. අලුත් ඇඩ්මින් කෙනෙක්. කතා පළ කරන්නෙ මමමයි. අහසේ ඇඳි සිත්තම බ්ලොග් එකක් ලියන්නට අදහසක් නොතිබ්බත් අහම්බෙන් කතා දෙක තුනක් ලියා පසුව එය දිගු කතාවක් වෙන්නට ගිය නිසා ඉතා කෙටියෙන් ලියා තබා අහවර කළෙමි.එසේ කළේ දිගට ලිය ලිය ඉන්නට මට කාලවේලාවක් නැති නිසාය.බ්ලොග් එක ලියූ මාසයේ අනෙක් වැඩ සියල්ලම පාඩු විය.මෙය කිසි කමකට නැති කාලෙ නාස්තිකරන දෙයක් කියා සිතුනේ එක වරක් දෙකක් නොවේ.එහෙත් මෙය බලන පිරිස උනන්දුවෙන් කියවූ නිසා පොතක් ලියන්නටද ...
ලලිතා බිලිපූජාවට තමන්ගෙම දරුවා සූදානම් කරයි.අම්මා පුතා මරයි. අහසේ ඇඳි සිත්තම අද්භූත රසය ඇති කතාවක් ලියන්නට මට සිතුනේ බොහෝ කලකට පෙරය.එසේම එහි කාන්තා චරිත ඉස්මතුකර ගොඩනැගීමටද මට අවශ්‍ය විය.එය සයිබර් අවකාශයේ දිගහරිමි.ඔබේ අදහස්වලට විවෘතය.රයිඩර් හැගාර්ඩ් ගේ අයේෂා නොහොත් නොනැසෙන රැජින,එඩ්ගාර් රයිස් බරෝස්ගේ ටාසන් වැනි කතා ශෛලිය මෙහි ඇත.සිංහල ඌරුව ගත් ශක්තිමත් කාන්තා චරිත නිර්මානයට උත්සාහ ගතිමි.මෙහි ඇත්තේ කළු සුදු චරිතවලට වඩා අළු චරිතය.මෙය ඔබේ අදහස්වලට අනුව වෙනස් කරමි.ඒ නිසා මෙහි නිශ්චිත ...
ගෑනු පොර කකා බලන පිරිමි කැබරේ නැටුම් Penis parade of male strippers - Female fantasy අහසේ ඇඳි සිත්තම මීට කලකට ඉහත අපේ ලංකාවේ කුසුමලාට සිරියාවතීලට අලුත් නිව්ස් එකක් අහන්නට ලැබුණි.ඒ Male cabaret එකක් ගැනය.කුසුමලා සිරියලා උදහැනැක්කෙම ගොස් පෝලිමේ සිට ටිකට් ගෙන ශෝ එක පැවැත්වෙන හොටෙල් එකේ වාඩිවී සිටියහ.ඒ ජාත්‍යාන්තර කාන්තා දිනයයි.හොටෙල් එකේ පිරිමි කාර්ය මන්ඩලය පවා ඉවත් කර තිබුනි.නැට්ටුවා පැමිණ නැටුම පටන් ගත්තේය.කාන්තාවෝ නො ඉවසිල්ලෙන් සිටියහ.අන්තිමට නැට්ටුවා යට ඇදුමට බැස්සේය.දැන් කාන්තාවන්ගේ හුස්ම ඉහලට ගත්වනමය.කාන්තාවෝ පුල පුලා සිටියේ නැට්ටුවා ...
රහස් ගමන ගැන කතාකරගන්නට ලීලා මිතුරියගේ නිවසට යයි. අහසේ ඇඳි සිත්තම බිමට නැඹුරුව තිබූ ලීලාවතී ගේ දෑස් අහස දෙසට යොමුවුනේ ඉබේටමය.අහස රත් පැහැ ගැන්වී ඇත.සන්ධ්‍යාවේ චමත්කාරය සිත මන්මත් මරවන සුළුය.අවට පාළුව රජකරයි.මේ වෙලාවට මේ පැත්තේ එන්නේ පාර වැරදුන කෙනෙක් පමණි.නෝන කවුරු එනකම්ද ඉන්නෙ කියා මහලු මිනිහෙක් ඇසුවත් ලීලා නෑහුන ගානට සිටියාය.ලීලා ගේ සිතද අහස මෙන්ම රත් පැහැ ගැන්වී ඇත.ඒ බලාපොරොත්තුවෙනි.එහෙත් ඒ අද්භූතබවක් විටින් විට සැරිසරයි.ලීලා ගේ සිත කියවීමට කෙනෙකුට හැකිනම්.ඇත්තෙන්ම ලීලා ...
වාරියපොල කුමාරිහාමි- අහසේ ඇඳි සිත්තම ෆෙස් බුක් එකෙන් උපුටා ගත්තෙමිhttps://www.facebook.com/slmachan/photos/pb.281202371961641.-2207520000.1408465923./696562423758965/?type=1&theater
"අලුගෝසු කාන්තාව " ඔබ හමුවට අහසේ ඇඳි සිත්තම මේ ලිපිය මගෙ බ්ලොග් එක කියවන යාළුවෙක් එව්වෙ.පළ කරන්න සුදුසුයි කියල හිතුන නිසා දානව.මේ ගමන්ම කියන්න ඕන අපේ බ්ලොග් එක බලන යාළුවො ලිපි එවනව අනේ නම ගම නම් දාන්න එපා කිය කිය.ඔච්චර බයනම් ලිපි එවන්නෙ නැතිව ඉන්නකෝ.මිනිස්සු මොනතරම් බයේ උගුරට හොරා බේත් කන අයද කියල හිතිල අනේ පවු කියල හිතෙනවා.සමහරු එයාලගෙ පුද්ගලික කතා එවනව ලස්සනට හදල අලුත් නිර්මාණයක් ලෙස පළ ...
උපුල්ගේ ප්‍රථම ප්‍රේමය අහසේ ඇඳි සිත්තම වධක ක්‍රීඩාවන්ට කැමති අයට එකිනෙකා හදුනාගැනීමට ක්ලබ් එකක් ආරම්භ කළේ සීතා සේනානායක මහත්මියයි. වධ දීමට හා වධහිංසා විදීමට කැමති අය සිටියත් ඔවුනට රැඟුම් රඟන්නට කරළියක් නොවීය.සීතාට ඇයගේ මිතුරියන් වූ දුලනි ප්‍රනාන්දු හා වෙරෝනිකා සැමුවෙල් යන අයගේ සහායද ලැබුනි. සීතාට ඇත්තටම අවශ්‍ය වුනේ අහිංසක ආශාවන් ඇති එහෙත් ඒවා කෙනෙකුට කීමට බය ස්ත්‍රී පුරුෂයන්ට උදව්වක් කිරීමටය.සංවිධානයට ඇතුලත්වීමට කොන්දේසි තිබිණි.වයස අවුරුදු 18 ට ...
මෙම අඩවිය තව දුරටත් පවත්වාගෙන යා යුතුද අහසේ ඇඳි සිත්තම ඔබගේ කොමෙන්ට් නැතිව මෙම බ්ලොග් එක පවත්වාගෙන යාමට නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමු. කොමෙන්ට් නොදමන්නේනම් ඉන් හැඟෙන්නේ ඔබට මෙය අවශ්‍ය නැති බවයි.මෙහි අරමුණ රසවින්දනයක් ලබා දීමත් ඒ සමගම කිසියම් අධ්‍යනයක් කිරීමත්ය. සෑම කතාවකම අභ්‍යන්තරයක් ඇත. මුළු අඩවියම සැළසුමක් ඇතිව ඉදිරිපත් කරන ලද්දකි. එහෙත් ඔබ සහාය නොදෙන්නේනම් එම අධ්‍යනය කිරීමට නොහැකිවනු ඇත.සත්‍ය කතා කොටස් සහ චරිත ඇසුරින් ලිංගිකත්වයේ ගූඪ පැති පෙන්වා ...
ලිංගික උද්ඝෝෂනයේ ඉංග්‍රීසි ලිපිය සිංහල ඉංග්‍රීසි පරිවර්තකයෙන් පරිවර්තනය කර ගත් හැටි අහසේ ඇඳි සිත්තම කාලෙකින් මොකුත් ලිව්වෙ නැති නිසා ලියන්න කියල හිතුන.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඊනියා අසභ්‍ය ප්‍රකාශන වලට සීමාවන් පනවල තියන එක ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට තිබුන උද්ඝෝෂනයක් ගැන කියන අතරේ ගූගල් පරිවර්තකය ගැනත් දෙක එකටම කියල දාන්න හිතුව.ඇත්තටම මේ ගූගල් පරිවර්තකය නම් විශාල ජයග්‍රහණයක්.කවුරුහරි මහන්සිවෙලා පාරක් කපපුවම අපි ගිහින් ඒකෙ පොඩි වලක් පෙන්නල දීල අඩුපාඩු හොයන එක නෙමේ කරන්න ඕන.ඒක ලියන එකේ අරමුන මේ ...
ආදිමාතාව ගේ සිට සුමති නම් දන්ඩනායිකාව වූ ලීලා දක්වාම සම්පූර්ණ කතාව මුල සිට අගට අහසේ ඇඳි සිත්තම අද්භූත රසය ඇති කතාවක් ලියන්නට මට සිතුනේ බොහෝ කලකට පෙරය.එසේම එහි කාන්තා චරිත ඉස්මතුකර ගොඩනැගීමටද මට අවශ්‍ය විය.එය සයිබර් අවකාශයේ දිගහරිමි.ඔබේ අදහස්වලට විවෘතය. සිංහල ඌරුව ගත් ශක්තිමත් කාන්තා චරිත නිර්මානයට උත්සාහ ගතිමි.මෙහි ඇත්තේ කළු සුදු චරිතවලට වඩා අළු චරිතය.මෙය ඔබේ අදහස්වලට අනුව වෙනස් කරමි.ඒ නිසා මෙහි නිශ්චිත දිශානතියක් නැත. මෙහි චරිත අතාත්වික යැයි හෝ අස්වාභාවික කියා හෝ කෙනෙක් කීමට ඉඩ ...