දෙයියන්ගේ කැඳ සරුංගලේ - the kite blog අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ පෝෂණ ඌනතා මගහැරවීම ඉලක්ක කරගනිමින් 2006 වසරේ සිට පාසල් දරුවන් මූලික කරගත් විශේෂ පෝෂණ ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඉහත ව්‍යාපෘතියට සමගාමීව 2014 මැයි මාසයේ සිට උතුරුමැද පළාත් පාසල් දරුවන්ට දේශීය සහල් අඩංගු කැඳ වේලක් ලබාදීමට කටයුතු කර තිබේ.ඒ අනුව සෑම සතියකම අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා යන දෙදින අනිවාර්යයෙන්ම ‘හෙළ සුවය’ කැඳ නම් වූ කැඳ වර්ගයක් ...
හද බස සරුංගලේ - the kite blog රාවය පුවත්පතත් සමග පළවන හදබස විශේෂාංගය සඳහා ලිපියක් සම්පදානය කිරීමේ වගකීම මට පැවරුණාම හිතට ආපු මුල්ම නම දීපානි සිල්වා. ඇයව මට මතක තිබුණේ නාලන් මෙන්දිස් මහත්මයා නිර්මාණය කරපු සෙනෙහෙවන්තයෝ ටෙලි නාට්‍යෙයේ සිරිපිනා විදියටයි. ලීලසේන එක්ක කොයිවෙලෙත් පැටලෙන සිරිපිනා හාමි ඒකාලේ නොයෙක් තරාතිරමේ රූපවාහිනී රසිකයන් අතර එකවිදියට ජනප්‍රිය වුණා. මේ ඇයත් මමත් අතර ඇතිවුණු සංවාදය ඇගේම වචනවලින්. කුඩාම කාලේ ගැන මතකය ...
සරුංගලේ කතාව සරුංගලේ - the kite blog සරුංගලේට 'සරුංගලේ' කියන නම තිබ්බේ ඇයි කියලා බොහෝ දෙනා අහනවා. මේ සරුංගලේ කතාව...අම්මගෙ නූල් බොලේ හෙමින් අරගෙන මමයි මල්ලියි මිදුලට දුවන්නේ සරුංගල් අරින්න. මල්ලි සරුංගලේ මගේ අතට දීලා ඈතට ඈතට නූල ඇදගෙන යනවා. අපි දෙන්නම ලොකු හුළඟක් එනකන් බලාගෙන ඉන්නවා. එකපාර ලොකු හුළඟක් ආපු ගමන් මල්ලි මට සරුංගලේ අතාරින්න කියලා කෑගහනවා. මම සරුංගලේ අතාරිනවා. මල්ලි නූල ඇදගෙන දුවන්න පටන් ගන්නවා. ...
මිනිසත්කම මගහැරුණු විනිශ්චය. සරුංගලේ - the kite blog ජේන් තරුණ කාන්තාවක්. ඇය ගුවන්තොටුපලේ සෝෆාවක වාඩිවෙලා බලාගෙන ඉන්නේ තමන්ගේ ගුවන්යානය එනතෙක්. නමුත් ඇයට තවත් බොහෝ වෙලාවක් ගුවන් තොටුපලේ රැඳී ඉන්න වෙනවා, මොකද ඇයගේ ගුවන්යානය අද සාමන්‍ය වෙලාවට වඩා ටිකක් පරක්කු නිසා. ජේන් තීරණය කරනවා පොතක් මිළදීගෙන ගුවන් යානය එනතුරු එය කියවන්න. ගුවන්තොටුපලේ පොත් සාප්පුවකින් පොතක් මිළදී ගන්න ඇය ඒත් එක්කම බිස්කට් පැකට්ටුවක් මිලදී ගන්නත් අමතක කරන්නේ නැහැ.ගුවන් තොටුපලේ මගී ...
සෙනසුරාදාවක සවස් වරුවක සුන්දර මීගමුවේ අමුතු වෙළඳපොලකට ගමනක් සරුංගලේ - the kite blog පසුගිය සෙනසුරාදා හවස් වරුවේ විවිධාකාර මිනිස්සු අතරින් මම ගෙඩවුනේ රටේ වෙනත් තැනක දකින්න නොලැබෙන ආකාරයේ අපූරු වෙළඳපොලකට - මීගමුවේ නයිට් බසාර් එකට.මීගමුවේ මිනිස්සුන්ට ඒක බොහොම හුරුපුරුදු තැනක්. සතියේ හැම දවසකම ධීවර කර්මාන්තය ප්‍රධාන නොයෙක් කර්මාන්ත රැකී රක්ෂා ආදියෙහි නියැළෙමින් මුදල් සෙයන්න වෙහෙසවෙන මීගමුවේ මිනිස්සු සෙනසුරාදා නයිට් බසාර් එකට ගොඩ වෙන්නේ යමක් මිළදී ගන්නම විතරක් නෙවෙයි, හිතේ සතුටටත් එක්ක. කුඩා දරුවෙකුගේ ...
අමතක නොවන රාවයේ දවස සරුංගලේ - the kite blog අද මම රාවය පත්තරේ වැඩට යන පළවෙනි දවස. උදෙන්ම මම වෙනදා නැති බයකින් ලැහැස්ති වුණා. උදේ 7.00 ට කැම්පස් එක ඉස්සරහින් කොළඹ කොටුවට යන්න බස් එකට නැග්ගා, කොටුවෙන් 138 මහරගම බස් එකක නැග්ගා. බස් එකේ ඉඳගත්ත වෙලාවේ ඉඳලා හිතට එක එක දේවල් එන්න පටන් ගත්තා. රාවය පත්තරේ හරි අමුතු තැනක් වෙන්න ඇති. මම කොහොමද ඒ වගේ තැනක වැඩ කරන්නේ? රාවයේ ...
සෙල්ලමක් නොවන මුහුදු රළ සමග ජීවිතය පරදු තබන ලෙල්ලමක මිනිස්සුන්ගේ කතාව. සරුංගලේ - the kite blog "මේ දවස්වල බලයෝ කෙලවල්ලෝ දැල්වලට අහුවෙනවා අඩුයි. නැත්නම් මෙතෙන්ට වැඩිපුරම එන්නේ උන් තමයි. මොකද පසුගිය දවස් ටිකේ පෝයනේ. හඳ කාලෙට නයිලෝන් දැල්වලට මාළු වැටෙන්නේ නැහැ. හඳ එළියට මාළු දැල් දිලිසෙනවා. එතකොට මාළු කූරයියෝ දැළ ළට කිට්ටු වෙන්නේ නැහැ. එදාට අපිට මාළු අස්වැන්න අඩුයි."රූපස් ෆ්‍රැන්සිස් මහත්තයා බෝට්ටුවකින් සප්පරා මාළු තොගයක් ලෙල්ලමට බාන අතරේ අපේ කතාවට එකතුවුනේ එහෙමයි. මීගමුව නගරයේ ඉඳලා 273 ...
පවුල්වාදයේ හවුල්වාදය සරුංගලේ - the kite blog මෙම ලිපිය 2014 මාර්තු මස 17 වනද දිවයින පුවත්පතේ 'දේශපාලනයේ මෙතෙක් කතාව' අතිරේකයෙහි ' එතෙර හා මෙතෙර පවුල් දේශපාලනය ' යන නමින් පළවිය.1948 වර්ෂයේ දී කොරියානු අර්ධද්වීපය දෙකඩකරමින් කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන සමූහාණ්ඩුව හෙවත් උතුරු කොරියාව බිහිවුයේ කිම් ඉල් සුන්ග් එරට උත්තරීතර නායකයා ලෙසින් පත්වෙමිනි. මුල් කාලීනව ප්‍රබල අගමැතිවරයෙකුවූ මොහු පසුකාලීනව එරට ජනාධිපතිවරයා බවට පත්විය. වසර 56 ක් ඉතා දැඩි පාලන ...
මරණයේ වෙළෙන්දාගේ ත්‍යාගය සරුංගලේ - the kite blog 1888 වර්ෂයේ එක්තරා දිනෙක ප්‍රංශ පුවත්පතක් ආචාර්ය ඇල්ෆ්‍රඩ් නොබෙල් නමැත්තෙකුගේ මරණය පිළිබඳ පුවතක් මුල් පිටුවෙහි පළ කර තිබුණි. ආචාර්ය ඇල්ෆ්‍රඩ් නොබෙල් ලෝකය එතෙක් නොදුටුව විරූ ආකාරයේ කාර්යක්ෂම පුපුරණ ද්‍රව්‍යයක් නිර්මාණය කරමින් අවි අයුධ සහ යුධ තාක්ෂණ කේෂ්ත්‍රය පණ ගන්වන්නට මූලික වූවායැයි සඳහන් කළ අදාළ පුවත්පත ‘වඩාත් වේගෙයෙන් මිනිසුන් මරා දැමිය හැකි ක්‍රම සොයාගත් ඇල්ෆ්රඩ නොබෙබ් ඊයේ මියයන ලදි’ යැයි ද ...
ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය සහ ජනමාධ්‍ය සරුංගලේ - the kite blog ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය යන්නෙන් කාන්තාව සහ පිරිමියා පිළිබඳවත් ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවයන් පිළිබඳවත් සමාජය විසින් නිර්මාණය කරන ලද මතවාදයන් යන්න අදහස් වේ. ස්තී‍්‍රභාවය (Femininity) සහ පුරුෂභාවය (Masculinity) යන්න ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබඳ සංකල්පයේ මූලිකත්වය ගන්නා අතර කාන්තාව සහ පිරිමියා විසින් සමාජය තුළ නිරූපනය කරන භූමිකාවන් ඒ හරහා නිරූපනය වේ.ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයනය 70 දශකයේ සිට වර්ධනය වූ සංකල්පයකි. ...
විවෘත විශ්වවිද්‍යාලය විවෘත නැත සරුංගලේ - the kite blog 1978 වර්ෂයේදී එවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලය එක්වේ. ඒ විවෘත සහ දුරස්ථ අධ්‍යාපන ක්‍රම යොදාගනිමින් කාර්යක්ෂම සහ ඵලදායී ඉගෙනුම් කි‍්‍රයාවලියක් ඇතිකිරීමේ අභිලාෂයෙනි. ආරම්භයේ සිටම ගුණාත්මක සහ සුවිශිෂ්ඨ අධ්‍යාපනයකට මාර්ගය සැපයූ විවෘත විශ්වවිද්‍යාලය 2009 වර්ෂය වනවිට මෙරට විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතුරින් 04 වන ස්ථානය තරම් ඉහළ තත්ත්වයක පසුවිය. සිසුන් 36000 ...
ලෝකයේ විවිධ කුල ක්රමයන් පිළිබඳ විග්‍රහයක් සරුංගලේ - the kite blog සංස්කෘතිය බහුරූපී හා සංකීර්ණ ප්රපංචයකි. 1817 සිට 1919 දක්වා වන විට නිර්වචන 07ක් පමණක් තිබූ 'සංස්කෘතිය' 1950 දශකය වන විට නිර්වචන 157 දක්වා ඉහල යන ලදී. වර්තමානය වන විට එය 500 ඉක්මවා ගොස් ඇත. සංස්කෘතිය අධ්‍යයන විෂයක් වශයෙන් සංකීර්ණව අැති තරම මෙන්ම මිනිස් ජීවිතය තුළ සංස්කෘතික සාධකය සංකීර්ණ වී අැති අාකාරයද මේ තත්ත්වයට දායකව අැත. දිනෙන් දින සංකීර්ණ වන සංස්කෘතිය ...
මගේ පෑන ඔබේ තුවක්කුවට වඩා බලවත්. සරුංගලේ - the kite blog "ඔබ අනාරාධිතයෙකු නම් කරුණාකර සීනුව නාද නොකරන්න"Train to Pakistan, The Sunset Club ඇතුළු කෘතීන් සිය ගණනක් රචනා කළ ලොව ප්‍රකට ඉන්දීය ලේඛක කුෂ්වන්ත් සිං - නවදිල්ලි නුවර ඔහුගේ නිවසේ දොරටුව ඉහළ ලියා තිබුණු ඉහත වැකිය තුළින් ඔහු කවුරුන්ද යන්න පැහැදිලිව හඳුනාගත හැකිවේ. හුදෙකලාව ජීවත්වීමට ආදරය කළ මොහු සිය කාර්යයන්ට සිදුකෙරන බාධා කිසිසේත් නොඉවසූ පුද්ගලයෙකි, එපරිද්දෙන්ම මහා පෞර්ෂත්වයකින් හෙබියෙකි. 1915 වර්ෂයේ ...
රාජ්‍ය සේවය පිණිස තොරතුරු සඟවනු ලැබේ. සරුංගලේ - the kite blog බත්තරමුල්ල ‘සෙත්සිරිපාය’ ගොඩනැගිලි සංකීර්ණයෙහි 09 වෙනි මහලෙහි පිහිටි මහාමාර්ග, වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශය වෙත මා ගියේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පිළිබඳ අධ්‍යයන අවශ්‍යතාවයක් පරිදි මා විසින් සකස් කරමින් සිටි ලිපියක් සඳහා තොරතුරු කිහිපයක් ලබා ගැනීමේ අරමුණිනි. එහිදී නීතිමය වශයෙන් මාගේ අධ්‍යන කාර්යය පිළිබඳ තහවුරු කරන ලද, කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයාගේ සහතිකය සහිත ලිපියක්ද මා සතුව ...
මනුෂ්‍යත්වය යළි රෝපණය කරමු. සරුංගලේ - the kite blog උතුරු යුරෝපයේ බෝල්ට්ක් කලාපයට අයත් එස්ටෝනියාව වර්ග කිලෝමීටර් 45227 ක භූමි ප්‍රමාණයකින් සෑදුන ලද්දකි. මිලියන 1.3 ක් වූ එරට ජනගහනයෙන් 40% ක්ම පුවත්පත් කියවන්නේ අන්තර්ජාලය හරහාය. සමස්ත ජන ප්‍රතිශතයෙන් 90% ක්ම සිය බැංකු ගනුදෙනු මෙහෙයවීමට අන්තර්ජාල පහසුකම් යොදාගන්නා අතරම ජාතික මැතිවරණයකදී එරට ඡන්දදායකයා සිය ඡන්දය භාවිතා කරන්නේද පරිගණකය ඔස්සේය. ඔවුන් දිවා ආහාරය මිළට ගැනීමටත් වාහන ගාල්කිරීමටත් නියමිත මුදල ගෙවනුයේ තම ...
රටවල් දෙකක්. කතා දෙකක්. සරුංගලේ - the kite blog චීනයේ කතාවචීනයේ ඩෙලියෑන් නගරය සතුව විශ්වවිද්‍යාල 22 ක් ඇත. එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව ලක්ෂ 2 ක් පමණ වේ. මෙම සිසු සිසුවියන්ගෙන් ලක්ෂයක් පමණ දෙනා ඉන්ජිනේරු හෝ විද්‍යාවේදී උපාධිධරයන් ලෙස සරසවියෙන් පිටව යයි. එහෙත් ඉතිහාසය හා සාහිත්‍ය වැනි කලා විෂයයන් හදාරණ සිසුන් පුරා වසරක් ඉංගී්රසි භාෂාව සහ ජපන් භාෂාව සමග පරිඝනක විද්‍යාවද අනිවාර්යයෙන් උගත යුතුය. මක් නිසාද යත් එවිට ...
භාෂණයේ නිදහස - අහිමි වන්නට පෙර ලියා තබන වග නම්.. සරුංගලේ - the kite blog ශී‍්‍ර ලංකාවට ලේඛනය ප්රකාශනය සමීප වන්නේ ලන්දේසින්ගේ ප්රකාශනාත්මක නිපැයුමක් ලෙසිනි. ලන්දේසි ආඥා පොත මුද්‍රණය කිරීමත් සමගම ලාංකිකයන්ට ඒ හා සමීප වීමට ඉඩ කඩ සපයා දෙන්නේ ගේබ්‍රියල් කාටර් නම් මුද්‍රණ ශිල්පියා විසිනි. නමුදු පසුකාලීනව ලාංකීය භාෂණ ප්‍රකාශන නිදහස උපන් ගෙහිම මරා දමමින් ඔහුව කෲර වද බන්ධන යටතේ සිරගත කරන ලද්දේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම හමුවේ අත්වන ඉරනම සමාජයට පසක් කරවමිනි. සමාජය ...
චීන පුනරුදයේ පුරෝගාමී දාර්ශනිකයා - හූ ෂීහ් සරුංගලේ - the kite blog හූ ෂීහ් 1891 දෙසැම්බර් 17 සහ 1962 පෙබරවාරි 24 කාලය තුළ චීනයේ වාසය කළ විද්වතෙකි. බටහිර සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සමන්විත දාර්ශනික ලෝකය තුළ හූ ෂීහ් සැලකෙනුයේ පෙරදිග නැවුම් දැනුම ලෝක දාර්ශනික කේෂ්ත්‍රයන් තුළට සම්මිශ්‍රණය කළ විද්වතෙකු වශයෙනි. දාර්ශනික කේෂත්රය තුළ හූ ෂීහ්ගේ ඉගැන්වීම්වලට හිමිවන වැදගත්භාවය නිසාම ඔහු සහ ඔහුගේ ඉගැන්වීම් පිළිබඳ පුළුල් තොරතුරු සමූහයක් සම්පාදනයකිරීමට මා උත්සාහ දැරූවෙමි. මෙය මා ...
බිඳුණු කැමරාවෙන් කියැවුන යුද්ධයේ අැතුළාතන්තය සරුංගලේ - the kite blog අලුත ඉපදුනු තම පුතාගේ උපන් දින උත්සව වීඩියෝ කිරීමට පලස්තීන ගැමියෙකු වන එමාඩ් කැමරාවක් ගෙන එයි. නමුත් නොදැනුවත්වම ඔහු අතින් වීඩියෝ ගත වන රූප රාමු වෙනස්ම කථාන්දරයක් නිර්මානය කරයි. හුදෙක් තම පෞද්ගලික අරමුණක් ඉටු කර ගැනීමට ගෙනෙන කැමරාවක් ඔහු වෙසෙන සමාජ කන්ඩායමේ ඉරණම කවරක්දැයි අනිත් අයට කියා දෙන ප්‍රකාශන මාධ්‍යයක් බවට පත් වේ. අවස්ථා 05 කදී එමාඩ්ගේ කැමරාව ප්රහාරයන්ට ලක්ව ...
කුඩයේ කථාව සරුංගලේ - the kite blog අහස කළුවර වුණා, පොදේට පටන් ගත්ත වැස්ස ගොඩාක් තද කළා. හැමෝම හුඟක් කලබලෙන් සෙවණ තියෙන තැන්වලට ගොඩවුණා. මම ඒ අතර අතේ තිබ්බ කුඩය ඉහල ගත්තා.මොර සූරන වැස්සෙනුත්, ගිනියම් වෙච්ච අව්වෙනුත් අපි බේරෙන්නේ කුඩය නිසා. කුඩය අපිට සෙවණ ලබා දෙනවා, අපේ වැඩ පහසු කරනවා. ඒත් මේ කුඩය මේ විදියට සෙවණ ලබා දුන්නේ අපිට විතරක්ම නෙවෙයි. කි‍්‍රස්තු පූර්ව 1200 තරම් ඈත කාලේ ...