•ආයෙත් එනකල් 3 SANDUMAL "අපෙ හුස්ම රැඳි අහස්කුස අද... කඩා වැටිලා තරුත් එක්කම"බිමට බර නුඹෙ නෙත් කෙවෙනි අග..රැඳුනු බර කඳුලු බිඳු දෙක..බලාගෙන බිම සිටිනවා දැකහඬයි මාසිත මටත් නොදැනිම..අපෙ හුස්ම රැඳි අහස්කුස අද..වේදනාවක සුසුම් බරටමකඩා වැටිලා තරුත් එක්කමපේනවා මට දහ අටේ සිට..යනව මම අද එනව යලි හෙටනොවුනමුත් දුර කාලයක් එයගෙවෙන තත්පරත් කල්පවී ඇතඔබ මගෙන් හුඟ දුරක් ගෙන යන.. ...
•මා එක්කලා අමනාපව වී දබර SANDUMAL "දූ ගේ තාත්තා එන්නේ නෑ ගෙදර..."පවුලේ අඬදබර බත් හැළිය ඉදෙන තුරු ය. අපේ ගැමියන් කීවේ එහෙම ය. ඒ ලාංකීය සමාජ සංස්කෘතියේ අතීත දායාදයකි. කුඩා බහින් බස් වීමක් දික්කසාදය තෙක් දික් ගැසෙන්නේ බටහිර සමාජයේ ය. පිරිමියා කෙසේ වුවත් පෙරදිග ගැහැනිය තම පවුල් ඒකකය රැක ගැනීමට මහත් වීරියක් දරන්නී ය. යශෝදරාවත වැනි ජනකාව්යයක් තුළින් වුව ද පෙරදිග ගැහැනියගේ ඉවසීම සහ පරිත්‍යාගශීලී ගුණය ...
•ඇය යන්න ගියා මැකිලා SANDUMAL "ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා..."විප්රලම්භ ශෘංගාරය වූ කලී අතීතයේ සිටම රසිකයාගේ ඇටමස් නහර සිඳ කම්පනයෙන් ප්රකම්පනයට පත්වන්නාවූ සාහිත්‍ය රසයකි. කාව්‍ය, නාට්‍ය ආදී කුමන ආකාරයේ කලා කෘතියක වුවද, විප්රලම්භ ශෘංගාරය ගැබ් වූ කල්හි එය රසික හදවත් සසල කරවයි. සංගීත නිර්මාණයකදී එය තව තවත් ප්‍රබල බවට පත්වෙයි.ගුවන් විදුලි ගීත බොහෝමයක ම මේ විප්රලම්භ ශෘංගාරය හෙවත් වෙන්වීමේ දුක හඟවන ...
•මිනින්දෝරු කන්තෝරුවෙ SANDUMAL "රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට..."කඩි ගුලක් සේ පොදිකමින් එළියට ඇදෙන ළමුන්ට පසුපසින් හෙමි හෙමින් ඔහු පාසැල් ගේට්ටුවෙන් පිටතට පැමිණියේය. සුරතේ වූ හම් බෑගය තුලට කණ්නාඩි කුට්ටම සහිත කුඩා පසුම්බිය දමා ගැනීමට මදක් පමා වූ ඔහු මිරිගුව නළියමින් ඉද්ද ගැසුවාක්මෙන් දිවෙන ගුරු පාරට පිය එසවූයේ ගුරු නිවහන තෙක් වූ සැතපුම් කිහිපය ඉක්මනින් ගෙවා දැමීම සඳහායි.වියළි කලාපයේ හිසට ඉහළින් වූ ...
•ගංගා එන්නකෝ ගංගා SANDUMAL "නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ..." හැත්තෑව දශකය තරම් සිංහල ගීතය සෞන්දර්යයෙන් සහ සාහිත්‍යමය පෞර්ෂයෙන් පිරීගිය යුගයක් පසුගිය සියවසෙහි දක්නට නොහැකි ය. මනරම් ගේය පබැඳුම් මෙන්ම රමණීය තනු නිර්මාණ ද සුලලිත ගායනාවන් ද හැත්තෑව දශකය වර්ණවත් කළ බව නොරහසකි. ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ, සුනිල් ආරියරත්න යන ගේය පද රචකයන් ගේ්ය වසන්ත සමය ලෙසින් මේ දශකය නම් කළ හැකි ...
•පුන් සඳ රෑට ඇවිදින් SANDUMAL "තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන..."තවත් වෙහෙසකාරී දිනයක නිමාවත් සමඟ ඊයේ දිනයේද සුපුරුදු පරිදි විගසින් විත් ප්‍රවාහන බස් රියට ගොඩවූයේ හැකි ඉක්මනින් නිවසට යන අපේක්ෂාවෙනි. මගේ තදියම කොතෙක් වුවද, බස්රිය පිටත්වන්නේ තවත් විනාඩි විස්සකිනි. එනිසාඅ අසුනක හරිබරි ගැසී වාඩිවී පාඩුවේ මල් මිටක් නෙලාගත්තේ කාලයේ උපරිම ප්‍රයෝජනය ලබා ගනිමිනි.හරියටම විනාඩි විස්සකට පසු මනෝජ් අයියා බසයට ගොඩවී රියදුරු අසුනේ තැන්පත් විය. මං ...
Untitled Post SANDUMAL "අප හමුවූයේ මන්දැයි නොදනිමි..."ගුණදාස කපුගේ මිය ගියා. කලාකරුවන් මැරෙන්නෙ නෑ. ඒත් කපුගේ මිය ගියා. ඇයි කපුගේ මැරුණෙ?"සියලු මිනිසුන් මැරෙන සුලු යකපුගේ ද මිනිසෙකි.ඒ නිසා කපුගේ ද මැරන සුලුය."ඒ ඇරිස්ටෝටල්ගේ තර්ක ශාස්ත්‍රයයි. කලාකරුවන් මිය නොයන්නේ ඔවුන් නොමැරෙන නිර්මාණ ඉතිරි කර යන නිසා ය. කපුගේ ද බොහෝ නිර්මාණ ඉතිරිකර ගියේ ය. එහෙත් කපුගේ මිය ගියේ ය.නවසිය අනූව වසරේ එක් දිනක මා ලුම්බිණි ...
•යුගයක ඇරඹුම SANDUMAL "අප පතන නායකයා ඔබම වේ නම්..."සියල්ලම සිතූ පරිදිම පැතූ පරිදිම සිදුව ඇත. ඉල්ලූ වෙනස රටට ලැබී ඇත. සියල්ලෙහිම "පර්ෆෙක්ට්" ගතියක් සිතට දැනෙමින් ඇත. අවසානයේ මෛත්‍රී යුගයක උදාව සිදු වුනි.පෙරදින උදෑසනින්ම සිදු වූ සංවේදී සිදුවීමෙන් ඇරඹුමක් ගන්නට අවසර පතමි. ඒ හිටපු ජනපති, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අරලියගහ මැදුරෙන් නික්ම යාමයි. ඔහු තුල නොමැති වූ නමුදු තවම අප තුල පවතින මනුෂ්‍යත්වයේ නාමයෙන් ...
•කොළොම්තොට නැත මහලු වී SANDUMAL "කුමන අරුම ද නරකෙසක් නැඟිලා..." පෙර සිට ම තමාට හුරු පුරුදු අවන්හල වෙත සිය සොඳුරිය ද සමඟ පැමිණ සිටින කථකයාට කොළොම්තොට දර්ශනය වෙයි. (කොළොම්තොට යනු මුහුදුතොට, නැව්තොට හෙවත් වරාය යන අරුත මූලික කොටගත් සමස්ත කොළඹ නගරය ම අඟවන වදනකි.) කොළොම්තොට නුදුරින් පෙනෙන මේ මොහොතේ එය මහලු වී නැතැ යි කථකයාට සිතෙයි.පෙර තුරුණු වියෙහි දුටු කොළොම්තොටෙහි වියපත්වීමක් හෙතෙම නො දකී. ගෙවුණු ...
•අපි ඈතට ඈතට පා නගලා SANDUMAL "නැත ලොවේ අන් රසඳුනා... ආදරේ සේ සුවදෙනා..."මහාචාර්ය සරච්චන්ද්‍රයන් අතින් නිමැවුණු මේ වැකිය ආදරය ගැන ලියැවෙන බොහෝ අවස්ථාවල නිබඳ ම සිහිපත් වේ. ආදරයක දිග පළල ගැඹුර සොයන්නට තැත් කිරීම විශ්වයේ කෙළවර සොයන තරමට ම සංකීර්ණ ය. අවසාන තීන්දුව වන්නේ ආදරය යනු ආදරය ම මිස අනෙකක් නොවන බවයි.ආදරය කරන්නන් මිහිපිට පය ගසා සිටින බව සැබෑවකි. එහෙත් ඔවුන්ගේ සිතුවිලි අහසේ සැරිසරයි. නිල් වළාකුළු ...
•ඈ මගේ නෙළුම් මල SANDUMAL "පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල...""පුතේ.. උදේ උඹට ලියුමක් ආවා. ඕං මං මේසෙ උඩ තියල ඇති."මා නිවසට ගොඩ වන හඬ ඇසී අම්මා කුස්සියේ සිට කීවාය. එකත් එකටම මේ මං මඟ බලාගෙන උන්නු ලියමන වෙන්නෝනි."දිලීගෙන්ද අම්මේ?""ඒ දරුව තමයි මයෙ හිතේ. උඹේ නමට තිබුන නිසා මං කඩන්න ගියේ නෑ."සිතූ පරිදිම ලියමන ඇගෙනි. ඔළිඳ ගෙඩි වැනි ඇගේ වටකුරු අත් අකුරින් ලියූ මගේ නම ...
•රන් කෙන්දන් බැඳ SANDUMAL "ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ..."මගේ මතකය හැත්තෑව දශකයේ මුල් භාගයට දිවයයි. වර්ෂය එකදාස් නමසිය හැත්තෑහය විය යුතුය. මම එකල කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ නේවාසික ශිෂ්‍යයෙක් වීමි. සෑම සති අන්තයක දීම සිනමාපටයක් බැලීමට අප නේවාසිකාගාරයෙන් පිටතට ගෙනයාම එකල විශේෂත්වයක් වී තිබිණ. මෙය සංවිධානය කරනු ලබන්නේ නේවාසිකාගාර භාර ව සිටි බන්දුල සර් සහ නේවාසිකාගාරයේ ශිෂ්‍ය නායකයකු ව සිටි ගයිරික පේරුසිංහයි. පාසලේ ...
•බොල්පින් වෑහෙන වේලාවේ SANDUMAL "තවලම්කරුවෝ කවරදාකදෝ එක ම තැනක ඉන්නේ..."දුක් වේදනා ඇසුරෙහි ම වන ජීවිතය නම් අභියෝගය භාර ගත් දිරි ඇති මිනිස් පිරිසක් අපේ අතීත ගැල් කවි ඇසුරෙහි අද ද දිවමන් ව වෙසෙති. ඔව්හු දැනුදු අප ගේ භාව පථයෙහි, නොඑන බඩු බාහිරාදිය පිරි ගැල් ගෙන, අතුරු අන්තරායයන් ගෙන් ආකූල වනගත, කඳුකර කටුක මංතලා ඔස්සේ ගමනෙහි යෙදෙති. අනෙක ගම් නියම්ගම් බලා බඩු පරිවහනයෙහි යෙදෙමින්, තැන ...
•නවාතැනින් ඇය යනවා SANDUMAL "මගේ දුකට නුඹ නාඩන් පාන් කිරිත්තෝ..." සරසවිය හා බැඳුණු ගී නිර්මාණ රාශියක් අප සතු ව පවතී. ඒ අතරින් ඇතැම් නිර්මාණ අමරණීය නිර්මාණ බවට පත්වී තිබේ. ඒ අතරින් කලාතුරකින් ශ්‍රවණය වන අපූරු නිර්මාණයක් මෙහි දී සමීප කර ගනිමි. පාසල් ශිෂ්‍යයකු ලෙස සිටින අවදියේ මේ ගීතය ශ්‍රවණය කරද්දී මා තුළ පාළු ශෝකී හැඟීමක් ඇතිවුණා මට මතක ය. ඒ හැඟීම වචනයකින් විස්තර කිරීම ...
•නෑණන්ඩී SANDUMAL "නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයිසිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි..."ආදරය, සෙනෙහස, ප්‍රේමය... මේ කිනම් වචනයකින් හැඳින්වුවත් මේ අතිශය සංකීර්ණ වූත්, සංවේදීවූත්, කිසිදා කිසිවෙකුට අරුත් පසිඳලීමට නොහැකිවූත් මානව බැඳීම මිනිස් සංහතිය ආරම්භවූ දා පටන් මේ දක්වා පැවත එන්නේ ඊටම ආවේණික වූ කාලෙන් කාලෙට යුගයෙන් යුගයට සංස්කෘතියෙන් සංස්කෘතියට බද්ධවූ සංඛේත ගොන්නක්ද සමඟිනි.දසදහසක් ප්‍රේම සංඛේත අතර අතිශය සංවේදී ප්‍රේම සංඛේතයක් ඇත. අතීත සිංහල ගැමි දිවි ...
•ඇය යන්න ගියා මැකිලා SANDUMAL "ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා..."විප්රලම්භ ශෘංගාරය වූ කලී අතීතයේ සිටම රසිකයාගේ ඇටමස් නහර සිඳ කම්පනයෙන් ප්රකම්පනයට පත්වන්නාවූ සාහිත්‍ය රසයකි. කාව්‍ය, නාට්‍ය ආදී කුමන ආකාරයේ කලා කෘතියක වුවද, විප්රලම්භ ශෘංගාරය ගැබ් වූ කල්හි එය රසික හදවත් සසල කරවයි. සංගීත නිර්මාණයකදී එය තව තවත් ප්‍රබල බවට පත්වෙයි.ගුවන් විදුලි ගීත බොහෝමයක ම මේ විප්රලම්භ ශෘංගාරය හෙවත් වෙන්වීමේ දුක හඟවන ...
•දයාබර රාළේ මාමේ SANDUMAL "මල් සුවඳක්ම විය නුඹ නොමිනිසුන් අතරින් නැඟි…"ඇත්තටම අල්ලපු ගමේ උනාට නුඹ කාගෙ කවුද කියලවත් මං හරියට දැනං උන්නෙ නෑ. ඒ වගේම කවදාවත් මට ඒ ගැන හොයන්න උවමනාවක් උනෙත් නෑ. ඒත් පුංචි කලෙ ඉස්කෝලෙ යද්දි, පන්ති යත්දි, දැන් රස්සාවට යද්දි හංදියේ නිතර හිටපු නුඹ මාත් එක්ක බොහොම කුළුපඟව හිනා උනා. ඒ හිනාව හරි වෙනස්, හරිම අව්‍යාජයි. ඇත්තටම මං නුඹේ හිනාවට ඇලුම ...
•නැවත ඒ ඉල් මහේ SANDUMAL "නුඹේ නමින් හැම හදක පිළිමයක් තැන්පත් වී ඇත..."ඉල්මහේ දුර ඈත දිනයකපපුකුහර නුඹේ සිපගත්..වෙඩිල්ලක හඬ ඊට තිස්පස් වසරකින් පසුපරපුරට ඇහිලා ඉල් මහකදිම..සීත ඉල්මහ සීත නැතුවමරුහිරු දහරා ගලා යද්දිටයර් සෑයක උඹේ උනුහුමගවු ගනන් දුර ඈත වසරකඉල්මහක අද දැනිලා රටටම..පිළිමයක් නුඹෙ නමින් නැතුවදමහපොළො මොරගගා නුඹ ගැනමෙතෙක් කල් පැවසූ රහස අද..මුලු රටක් අහගෙන සිරස නවලා...
•අන්දර යායේ වැව් තාවල්ලේ SANDUMAL "වන්නියේ අප්පච්චිට පිදෙන පුෂ්පෝපහාරය""අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදීඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය උනීරැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳීපිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී"ගීතය මෙතනින් download කරගන්න..ටී. එම්. ජයරත්නයන් ගේ ගීයකට මාලනී ජයරත්න ලියූ පද මාලාවකි. සුවහසක් කවියන් මවුගුණ ගැන ලියද්දී ගයද්දී පියගුණ ගැන අඩුවෙන් ලිවීම ගැන ප්රතිවිරෝධය ඒ මඟින් මතු කරයි. එහි යම් සත්‍යතාවක් ඇතත් පිය සෙනෙහස ...