•මේ නගරය SANDUMAL "මේ නගරය මා ඔබ වෙන් කෙරුණ නගරයයි"මගේ මතකය මීට වසර නවයකට ඉහත දවසක් වෙත දිවයයි. කළුතර මුහුදු වෙරළේ මර්වින් පෙරේරා සහෘදයාණන් ද මා ද ගායන ශිල්පී නිමල් ගුණසේකර හා තවත් කීප දෙනෙක් සම්භාෂණයක යෙදී සිටියෙමු. එතැන දී ගිටාරයක් වයමින් විසිල් හඬ නඟමින් සංගීතය සපයමින් මර්වින් පෙරේරා මේ ගීතය ගායනා කළා මට මතකයි.එතරම් මිහිරක් මී ගීතයට ගුවන් විදුලියෙන් සවන් දී හෝ ...
•රූස්ස ගහ ළඟ පාළු මාවතේ SANDUMAL "ඡායාවකි එය මායාවකි එය සසර පුරා ඔබ ඈතට ඇදුණා..."මේ ගීතය මා තෝරාගත්තේ පද රචනාවක අසිරිය ඔබ සමඟ බෙදාගන්නට ම නොවේ. අප අතරින් මැකී ගිය අමරණීය හඬක් සිහිගන්වමින් ශෝකයෙන් උපත ලබන මතක ආස්වාදයක යෙදීමටයි. මොහොතකට මම විජය කුමාරණතුංගයන් ගේ දේශපාලන චරිතය අමතක කරමි. ඒ මා ඔහුගේ දේශපාලනය ප්‍රතික්ෂේප කරන නිසා නොවේ.දේශපාලනයේ දී විජය අයිති වූයේ එක්තරා පිරිසකට පමණි. එහෙත් කලා ලෝකයේදී ...
•හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි SANDUMAL "මේ පාන ඔබේ සුරතින් දැල් වූ මම බෝම ප්‍රවේශම් කරගන්නම්"ප්‍රේමයෙහි විප්‍රයෝගයන් හා සම්ප්රයෝගයන් සමඟ බැඳුණා වූ ස්වාභාවික වස්තූන් අතර ඉර හඳ තරු අහස, මුහුද හැරුණු විට හන්තාන කඳුවැටියට හිමි වන්නේ සුවිශේෂත්වයකි. එසේම මහනුවර නම් වූ රමණීය නගරය පසුබිම් වූ වෘත්තාන්තයක් තිබේ නම් එහිදී ද හන්තානය අමතක වන්නේ නැත. පේරාදෙණි සරසවිය හා බැඳුණු බොහෝ නිර්මාණයන් හි ද හන්තානය අතහැරෙන්නේ ම නැත."හන්තානේ ...
•පෙර දිනයක මා පෙම් කළ යුවතිය SANDUMAL "නොකා නොබී දුක් වින්ද අතීතය යළි මට සිහිවෙනවා..."යම් කලා කෘතියක්, නොඑසේ නම් සරල ගීයක් දශක හතරක පමණ කාලයක් ශ්‍රාවක ප්‍රතිචාරයන්ට අඛණ්ඩව පාත්‍ර වීම කලාතුරකින් සිදුවන්නකි. ශ්‍රී ලංකාව වැනි රටක එය අතිශයින් කලාතුරකින් සිදුවන්නකි.එවන් පසුබිමක යම් පදමාලාවක් හා ගායනයක් ශ්‍රාවක හදවත් තුළ නිදන් ව පවතී නම් එයට තුඩු දෙන හේතු සාධක සොයා බැලීම යුක්ති සහගත ය. මක්නිසාද එය අංකුර කලාකරුවන්ට තම ...
•ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ SANDUMAL "මැකී නොයන යසෝදරා වත..."ශ්‍රී ලාංකීය ජනකවි සාහිත්‍යයේ සුවිශේෂත ම ජන කාව්‍ය යසෝධරාවතයි. අඥාත ජනකවියකු ගේ සුවිශේෂ ප්‍රතිභාව එහි ගැබ් ව පවතී. මේ අනගි ජනකාව්‍යයේ පහස විවිධාකාරයෙන් ලබා ගැනීමට එදා සිට අද දක්වා කවියෝ, ගේය පද රචකයෝ සමත් වූහ. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ “ළා දළු බෝපත්” නම් වූ නිර්මාණය ද එබඳු වූ එක් අවස්ථාවකි.බෞද්ධ සාහිත්‍යකරුවන් සිද්ධාර්ථ චරිතය වීර චරිතයක් බවට පත්කරන්නට වැරවෑයම් ...