•නැවත ඒ ඉල් මහේ SANDUMAL "නුඹේ නමින් හැම හදක පිළිමයක් තැන්පත් වී ඇත..."ඉල්මහේ දුර ඈත දිනයකපපුකුහර නුඹේ සිපගත්..වෙඩිල්ලක හඬ ඊට තිස්පස් වසරකින් පසුපරපුරට ඇහිලා ඉල් මහකදිම..සීත ඉල්මහ සීත නැතුවමරුහිරු දහරා ගලා යද්දිටයර් සෑයක උඹේ උනුහුමගවු ගනන් දුර ඈත වසරකඉල්මහක අද දැනිලා රටටම..පිළිමයක් නුඹෙ නමින් නැතුවදමහපොළො මොරගගා නුඹ ගැනමෙතෙක් කල් පැවසූ රහස අද..මුලු රටක් අහගෙන සිරස නවලා...
•පස් මහ බැලුම් SANDUMAL "දැන් නුඹට මෙහෙ එන්න රතු පලස තියෙනවා..."දුවේ අර කඳු වළලුඅතර ඇති වලාකුලුසන්ධ්යාවෙ ක්ෂිතිජ ඉමහැඩකරන රූ වර්ණ..සිත්තමකි වැව් දියේරන් අහස් ඡායාව..ගොම්මනේ අලුපාටතොටියාට තනි නෑලූ..සතර අත කැදලි වෙතපියාඹන කඩිමුඩියෙවිහඟුන්ගෙ ගී නාදතාලෙමයි මද සුළඟෙරැලි නඟන දිය දහර..තව ටිකයි පුරහඳටඉඩහසර සලසන්නසඳ එලියෙ රෑහඳේකුමුදු මල් පූදිනවා..අලුයමට පින්සලෙන්කඳු පාට කරනවා..පෙරඹරේ රතුපාටලහිරු රැස් පේනවා..දුවේ... ඒ සුබ ලකුණමොනවදෝ කියනවා..දැන් නුඹට මෙහෙ එන්නරතු පලස තියෙනවා... ...
•කොතැනද.. SANDUMAL "කළණගේ රුව ඇඳුනෙ කොතනද..."කලාවැව ඉස්මත්තෙ..බුදු සමිදුගෙ රුව මැව්වට..බරණගේ රුව රැඳුනෙ කොතැනද..සිහගිරේ බිත්තියක..කේතකිය ඇඳුනට..කළණගේ රුව ඇඳුනෙ කොතැනද..
•කුඹලා... SANDUMAL "රහසේම නික්ම යති කුඹලුන්..."ගේ හදලා..බිත්තර්දාලා....එන පැටවුන්ට ඇති තරම්..කෑම ගොඩගහලා..ගේ වහලා යන්නම යනවලුකුඹලා..පැටවුන්ගෙන් කිසිවක් නොඉල්ලාමබලාපොරොත්තු වෙන්නෙම නැතුව..සොබාදහමට යුතුකම් ඉටුකොට...පැටවුන්ට සුරක්ෂිත හෙටක් සදා..උන් නික්මෙනවලු රහසේම...දරුවන් හදා, දරුවන් වදා..උන් ජීවිතයම..තම සතුට කරගෙන..තම බලාපොරොත්තු ඉටුකොටගෙන..තමන්ට බැරිවුන හීන්ද...දරුවන්ගෙන් දැක සැනහෙන..පෙරළා යුතුකම් බලාපොරොත්තු පොදි ගහගන්න..මිනිසි මාපියො අතර..කෙතරම් උතුම්ද..කුඹලා...... ...
•වැව අසල නිවහන SANDUMAL "වැවක කෙතක නිලක සෙවනක .."නිල්ල නිලන නිල් කඳුවැටි සෙවනේ..රැළිති නඟන නිල් වැව දිය කොමලේ..පහස ලබන කෙත් යායේ ඇසුරේ..පුංචි කැදැල්ලක උණුහුම දැවටේ..
•මුල SANDUMAL "අතීතෙක දුර ඈත දවසක..."මල්වතු ඔයේ ඉවුරකඅතීතෙක දුර ඈත දවසක...නම නොදන්නා උතුම් මිනිසෙකුපැල කරපු වී අහුර අදටත්රටක කුසගිනි නිවන අරුමය...
•මීෂා SANDUMAL "මිනිසෙකි නුඹත් නොමිනිසුන් අතර ඉපදුන..."මීෂා.......මාවත කොනක ගුලිවී අසරණවපෙර දිනෙක නුඹ පැමිණ මගෙ දෝතටසත් වසක් ගෙවුනු තැන අද දිනටමිනිසුන් වී ඉපිද නොමිනිසුන් වී මියෙන සමයකනොමිනිසෙකු වී ඉපිද මිනිසෙකු විලස මිය ගියදයාබර ලබැඳියේ...මතු දිනක උඹ ඉපදෙනව සත්තයිමිනිසෙකුම වී අප අතර...සුබ ගමන් "මීෂා"... ...
•ගුරු පියසටහන් 2 SANDUMAL "දඩයක්කාර තාත්තා..."පොව්වාට කිරි පොවනමුවැත්තියෙ වනු සමා..උණුහුමේ කිරි උරනමුව පොව්වො වනු සමා..මගෙ කෙලීට පොත් අරන්කොළඹින් එන මහතැන්ලහරි මනාපයි මුවැත්තියෙඋඹෙ මසට......මහතැන්ල හෙට එන්නෙහිස් අතින් නොවන්නේ..මගෙ කෙලිට වගෙමකෙලීගෙ දුප්පත් ඉස්කෝලෙපොඩි එවුන් හැමෝටමඒ මහත්තුරු ගේනවාපොත් පෑන් පැන්සල් සපත්තු හැමදේම..ලස්ස ගානක බඩුලු....මහතැන්ල ඉල්ලන්නෙඑකම එක පොඩි දෙයක්ඒ තමයි මේ බැද්දෙඋඹ වාගෙ දඩ මසක්..ඉතිං කොහොමෙයි බෑ කියන්නෙ..මහතැන්ල කරන්නේහරිම හරි පිංකමක්..මුව අම්මෙ, පොඩි පොව්වො,උඹලත් ඒ පිනට හවුල්මේ වෙඩි ...
•සිව් සක සිහිනය SANDUMAL "ජීවිතයේ බර අදින්න... රෝද දෙකට උදව් වෙන්න..."මෙතුවක් කල් අපි දෙන්නගෙජිවන බර කරට අරන්ඇද්ද නුඹට උදව් වෙන්නඔන්න තවත් කෙනෙක් ඇවිත්හතර රෝද වලටත් බැරිමහ බර කඳ කෙඳිරි නොගාඇද්ද නුඹට උදව් වෙන්නඔන්න තවත් කෙනෙක් ඇවිත්නෑ බෑ නැති උඹෙයි අපෙයිසබැඳියාව ගැන කියාලාහෙට ඉඳලා මෙන්න මෙයත්හොඳට පුරුදු කරල ගනින්..උඹට රෝද දෙක උනාටමෙයාට සිව් සක තිබුනටඋඹයි අයියා උඹයි ලොක්කාගනින් මෙයත් හරි පාරටකවිකාරියි මමයි දෙන්නමුලින් දැකපු දරුවො ...
•අපිට තැනක් SANDUMAL "අපේම අපේම නවාතැනක්..."කිරි සයුරේසූරිය පවුලේ..නිල් පාට...පුංචි පෘථිවියේ...අපේම නවාතැනක්වෙන්කර ගතිමු අද...
•මිනුමක් SANDUMAL "පාච්චල් කරන්නෙපා! කරන්න බැරිනම් නවත්තල දාපන්..!""උඹ කොහොමද මචං උඹේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් වල රේට්ස්?""පැයකට එද්දාස් පන්සීයයි බං. දවසට පැය දෙකයි..""අම්මටසිරි..! ඒකියන්නෙ සතියට තුන්දාහයි, මාසෙට දොලොස්දාහයි එකෙක්ගෙන්?? ""ඔව් බං..""යකෝ මගෙ ඉන්ඩිවිජුවල් එකේ මං එකෙක්ගෙන් මාසෙටම ගන්නෙ දෙදාස් පන්සීයයි..""පිස්සුද යකෝ... එහෙම අරං මේ ප්‍රොෆෙෂන් එක පාච්චල් කරන්නෙපා! කරන්න බැරිනම් නවත්තල දාපන්..!" -දෙබසක්-පසුවදන ඔබට බාරකරමි.... ! ...
•වැහි මතක SANDUMAL "හුරුපුරුදු සුවඳකින් වෙලෙයි මගෙ සියොළඟම..."වහිනවා අනෝරා වැහි..අඳුරුලලා පාසල් බිම..ලා අඳුරෙ ගුලිවෙලාඋස මහත ගොඩනැඟිලි..නඟිනවිට පඩිපෙල්..හරිම අඳුරුයි කොරිඩෝ..සීතලයි පාලුයි..දශකයකටත් දුර එපිටමිහිරිතම අතීතෙකහුරුපුරුදු සුවඳකින්වෙලෙයි මගෙ සියොළඟමමෙවන් වැහි කෝඩ වලඔබ එතැයි මඟබලාඋඩතට්ටුවට වී මංහිටිය හරි සීතලෙන්..පතා ඔබෙ උණහුමක්ගෙවුනු එවන් දින දහසක්ගෙනෙයි මතකයට මගෙඅදත් මේ අඳුරු වැස්සේ...දැල් හෝල් පිස හමනකිතිකවන හීතලේ..අඳුරු කොරිඩෝ කෙලවර හිඳිද්දී.. ...
•ආයෙත් එනකල් 3 SANDUMAL "අපෙ හුස්ම රැඳි අහස්කුස අද... කඩා වැටිලා තරුත් එක්කම"බිමට බර නුඹෙ නෙත් කෙවෙනි අග..රැඳුනු බර කඳුලු බිඳු දෙක..බලාගෙන බිම සිටිනවා දැකහඬයි මාසිත මටත් නොදැනිම..අපෙ හුස්ම රැඳි අහස්කුස අද..වේදනාවක සුසුම් බරටමකඩා වැටිලා තරුත් එක්කමපේනවා මට දහ අටේ සිට..යනව මම අද එනව යලි හෙටනොවුනමුත් දුර කාලයක් එයගෙවෙන තත්පරත් කල්පවී ඇතඔබ මගෙන් හුඟ දුරක් ගෙන යන.. ...
•රහසක් SANDUMAL "දළදා හාමුදුරුවනුත් සැතපී සිටි මොහොතක..."නුවර වැවේ වැව රවුමේහඳ පායපු රෑ දවසකඇවිද ගියා මමතනියම...සීත සුළං හා මුහු උනදිය රැළි මුමුණන රහසක්මට ඇහුනා හීං හඬින්ඉකි ගසමින් බිඳුනු හඬින්...අනේ මගේ කිරි කැටියාවංගෙඩියේ ලා කෙටුවා...කිරිත් එක්ක ලේ මුහුවීමගෙ ඇස් ලඟ බොඳවූවාඅනේ මගේ මද්දුමයාඅයියණ්ඩිත් අඬගහගෙනලේ ඉල්ලපු වඩිගයාටහිස බිලි දුන්නා...දළදා හාමුදුරුවනුත්සැතපීලා උන් මොහොතකඋන් මාවත් සැඟවූවාබෝගම්බර දිය රැළි යට... ...
•ආයෙත් එනකල් 2 SANDUMAL "සීතල මකන්නට... ප්ලේන්ටියකට හැකිවේද.."හුන්නස්ගිරියේ..නුගේතැන්නට හැරෙන හංදියේ..ඇටකටු පවා හිරිවට්ටනසීතල සුළං රැළ්..සිහිකලා මටඔබේ උනුහුම..මහමෙරකටත්ටිකක් වැඩියෙන්... ...
•ආයෙත් එනකල් SANDUMAL "ආයෙත් දවසක ආපහු එනකල්... රෑ බස් එකේ දහඅටෙන් එනකොට.."කවුලුවෙන් දුර එපිට පෙනෙන නිම්නයේසියදහසක් එළි අතරපුංචි තරු ඇස් දෙකක් හැංගිලා..ඒත් බැරි නෑ අඳුනගන්න මටඒ බොඳවූ තරු එළිය..කඳුලු බිංදුවකින්..ආයෙමත් දවසක එනකල්..බලන් ඉන්න තරු ඇස් දෙක..දහ අට වංගුව දිහා.. ...
•නෑණන්ඩී SANDUMAL "නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයිසිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි..."ආදරය, සෙනෙහස, ප්‍රේමය... මේ කිනම් වචනයකින් හැඳින්වුවත් මේ අතිශය සංකීර්ණ වූත්, සංවේදීවූත්, කිසිදා කිසිවෙකුට අරුත් පසිඳලීමට නොහැකිවූත් මානව බැඳීම මිනිස් සංහතිය ආරම්භවූ දා පටන් මේ දක්වා පැවත එන්නේ ඊටම ආවේණික වූ කාලෙන් කාලෙට යුගයෙන් යුගයට සංස්කෘතියෙන් සංස්කෘතියට බද්ධවූ සංඛේත ගොන්නක්ද සමඟිනි.දසදහසක් ප්‍රේම සංඛේත අතර අතිශය සංවේදී ප්‍රේම සංඛේතයක් ඇත. අතීත සිංහල ගැමි දිවි ...
•මිතුදම් SANDUMAL "නොමැත මිතුරන්.. මේ කටුක පොළොව මත..."මිතුදම...තවත් එක් බැඳීමක්බැඳීමට අපහසුදරන්නට අපහසු..නොමැත මිතුරන්අත ඇඟිලි තරමටනොගනිමි ලෙහෙසියෙන්අතැඟිලි'තර තවත් අතැඟිලි..නමුත් සමහර අතැඟිලිහැරයයි මිතුරුදම්..පවසා අපට ගහන්නට අත්පොඩි..තනි අතින්....කොන්දේසි විරහිතවබොහෝ දේ කැපකරහදවතින් ගොඩනැඟූඒ වගේ මිතුරුදම්අද මඟැර යන විටහැඟේනොමැත මිතුරන්..මේ කටුක පොළොව මත...හුදෙකලා ලොව තුලගොඩනැඟූ තනිකමසම්පතකි..කිසිදානොරිදවන සිත... ...
•හිම දියවී හිමාලයේ SANDUMAL "ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා.. ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා.."කප් සුවහසක් තරම් වූ කාලයක් තිස්සේ බලා සිටි ඒ සොඳුරුතම දිනය උදාවිණි. අනන්තයක් තරම් සිහින මැවූ, කප්පරක් තරම් පැතුම් පිරූ ඒ නිමේෂය පිළිබඳ නැවුම් බීජය රෝපණය වී හරියටම දස වසරකට පසු ඉඩෝරය නිමාවී නැවුම් රිකිල්ලක් සමඟ මහා වෘක්ෂයකට ඉහ ඔසවන ඔවුන් දෙදෙනාගේ ජීවන වෘක්ෂය අද ...
•මරණයක සැමරුම SANDUMAL "උඹේ අවුරුද්දෙ පිංකමට.."සබඳ...බක් මහේ දිනක පෙරදා..උඹේ කඳුළැල් සෝ සුසුම් මැද..උඹේ උණුසුම් කරමතින් මමනොඑන ගමනක් ගියෙමි..වර්ෂයක් ඉක්ම ගොස් ඇත..ඔබ තවම දුකින් යැයි හිතුන හින්දාමමම පැමිණියෙමි මීදුමකබැහැදකින්නට ඔබ සැවොමපිසලන්න ඔබෙ කඳුලු..දුමාරය මැදින් මමදුටුව දේ ඇත්තක්ද..පීඨෙ ක්‍රීඩා පිටිය සැණකෙළියක්ය එකම එක..හෙණ හඬින් ගිගුම් දෙනරළු බේස් නද අතර නේකවිද ගී සින්දුඒ අතර රඟයි මා මිතුරු කැල කුල්මත්වඑය ක්‍රිකට් උළෙලක්ලුඅණුස්මරණය කරනඔබ සැවොම දුක් වෙච්චමගේ මළගම ...