වචනයෙන් කියන්න බැරි තරමට සතුටුයි..... 49+ Little Flower Buds කවුරුහරි කෙනෙක් අපිට හුඟක් ආදරෙයි කියලා හිතෙනකොට දැනෙන සතුට...සතුටෙන් හිනා වෙන වෙලාවෙදි වගේම දුකෙන් අඬන වෙලාවෙදිත් කවුරුහරි බලාගන්න ඉන්නකොට දැනෙන සතුට ...පාළුවෙන් තනිකමෙන් ඉන්න වෙලාවක හොඳම යාළුවෙක් කතා කලාම දැනෙන සතුට.. දකින්න පුළුවන් වෙයි කියලා නොහිතන කෙනෙක් හදිස්සියෙම දැක්කහම දැනෙන සතුට... කරන්න පුළුවන් වෙයි කියලා නොහිතන දෙයක් සාර්ථකව කරගන්න පුළුවන් වුනාම දැනෙන සතුට... උදව්වක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට උදව්වක් කරන්න අවස්ථාවක් ...
ඔපීසියේ රස කතා... (1) Little Flower Buds කලින් පෝස්ට් එකේදි කිව්ව වගේ මේ දවස් වල තුශානිට ඔපීසියේ හොඳටෝම වැඩ. ඒ නිසා බ්ලොග් එක පැත්තේ නම් නිතර එන්න බැරිවුනා. ඉතින් වැඩ අතරේ වුනත් ඔපීසියේ සිද්ධ වෙච්චි රස කතා ටිකක් ලියන්න ඕනේ කියලා හිතුන නිසයි ඔන්න මේ පෝස්ට් එක ලියන්න හිතුවේ. අපේ ඔපීසිය කොළඹ නගරයේ පිහිටලා තියෙන විදේශීය පෞද්ගලික ආයතනයක්. ම්... ඔපීසිය ගැන හුඟක් විස්තර නම් කියන්න විදිහක් නෑ. ...
ම්හු... මට බෑ ... Little Flower Buds පැය කට්ට දුවනවා මැෂින් වගේ වැඩ කරනවා හුස්ම හිර වෙන තරම් වැඩ කන්ද ගොඩ වෙලා... බැලු බැලූ හැම පැත්තේ කට්ටියම වැඩ මත්තේ හිනාවක් කතාවක් නැහැලු කලකින් දැක්කේ...වැහි අනෝරා වැටෙනවා සීතලේ තෙමෙනවා නිවාඩුවෙ ගෙදරට වෙලා ඉන්න බෑ වැඩ නිසා...ඇස් දෙකත් රතු වෙලා මූණ දැන් කැත වෙලා අකුරු කොට කොට ඉඳලා ඇඟිලි ටික කොට වෙලා... පරිඝණක තිර ඇතුලේ වැඩ වලම තනි වෙලා ...
ආදරයෙන් හමු වෙන්න ඇති... Little Flower Buds ජීවින ගමනේ එක්තරා සොඳුරු නවාතැන් පලකදී අපිට අපි හමුවෙන්න ඇති... පහුකරන් යන දහස් ගණනක් වු නෙත් අතරේ මුණ ගැහුණු, හුරු පුරුදු නෙත් දෙකක් ලඟ අපි නතර වෙන්න ඇති... ලෙන්ගතු කමක් එක්කම හැංගිලා තිබුණු ආදරයක් නිසා ස්නේහයෙන් අපි බැඳෙන්නට ඇති... නෙත් විඩා දෙන කඳුළු අතරේ දුක සම සමව ගෙන අපි හඬන්නට ඇති..සතුට පිරිපුන් සිනා ගඟුලේ එක්ව කිමිදී හිනැහෙන්න ඇති...පැන නැගුණු රළු ...
හිම කුමාරි බලාගත්ත කුරුමිටි මාමලගේ අලුත්ම විස්තර .... Little Flower Buds හැමෝම දන්නවනේ හිම කුමාරිගේ කතාව .. ඔව් ඔව් අර කුමාරයෙක් ඇවිත් නපුරු මන්තරකාරියකගේ ශාපයක් නිසා නිදාගෙන හිටිය කුමාරිකාවට හාද්දක් දීලා ශාපෙන් මුදව ගත්ත කතාව තමයි.. කතාවේ හැටියට කුමාරයා එහෙමත් නැත්නම් ප්‍රින්ස් චාර්මින් හිම කුමාරිත් එක්ක බොහොම සතුටින් කල් ගෙව්වලු. ඒත් ඊට පස්සේ අර හිම කුමාරි බලාගත්ත කුරුමිටි මාමලට මොකද වුනේ කියල කොහේවත් ලියවිලා තිබුනේ නෑනේ. ඉතින් තුශානිට හිතුනා මේ කුරුමිටි ...
සුබ උපන්දිනයක් අම්මා... Little Flower Buds සඳෙහි වු සොමි ගුණය හද පතුලේ රඳවමින් තරු එළිය කරන්නට කිරණ දුන්නේ ඔබයි...නෙතු පියන් විලස හිඳරැකගමින් නිරතුරුව ආදරෙන් හොඳ නරකකියාදුන්නේ ඔබයි..ඔබෙ සුවඳ කිරි සුවඳේ මුසුව ජීවය දෙමින්තුරුලේ හිඳ නැළවෙන්න සෙවන වුයේ ඔබයි...මුවග පිරි සිනාවත් සතුට රැඳි දිවි රටාවත්යෙහෙළියක් ලෙසින් හිඳ පෙන්වුවේ ඔබයි...දූ පොඩිත්තක් ලෙසට මේ භවේ ලෙසින් මතුඋපදිනා හැම භවේපතන්නේ ඔබයි... සුබම සුබ උපන්දිනයක් අම්මා.. ...
බ්ලොග් ලියන අයට සම්මන්ත්‍රණයක් ... Little Flower Buds ඔන්න ඉතින් එකෝමත් එක දවසක අපේ බ්ලොග් ලියන යාළුවො කට්ටියට තිබුනලු සම්මන්ත්‍රණයක්. ඉතින් හැමෝම හරියටම වෙලාවට ඇවිත් සම්මන්ත්‍රණයට සහභාගී වුනාලු. සම්මන්ත්‍රණය බොහොම සාර්ථකව ඉදිරියට යන අතරතුරේ කට්ටියම හරිම උනන්දුවෙන් දේශනය අහගෙන ඉන්න නිසා දේශනය පවත්වපු මහාචාර්යතුමාට හිතුනලු කට්ටියත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරන්න. " හැලප.. මොකද හිතන්නේ අපි කට්ටියත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරමුද ? " " අනේ කරමු මහාචාර්යතුමා මාත් මේ ...
අමුත්තෙක් ඇවිත් ... Little Flower Buds ඔන්න අද තුශානි කියන්න යන්නේ, පහුගිය දවසක තුශානිගේ ගෙදරට ආපු අමුත්තෙක් ගැන. බලන්නකො ඔයාලත් අඳුරණවද කියලා.... මේ තියෙන්නේ එයාගේ පින්තූරයක්. හරියටම හරි.... ඩ්‍රැගන් ෆෘට් යාළුවෙක් තමයි ආවේ. ඩ්‍රැගන් ෆෘට් යාළුවා තුශානිගේ ගෙවත්තට ආවේ පහුගිය දවසක වුනත් තුශානි ඩ්‍රැගන් ෆෘට් පැලේ හිටෙව්වෙ නම් හුඟක් කාලෙකට කලින්. ඉතින් ඩ්‍රැගන් ෆෘට් මල් පොහොට්ටුවක් එනවා දකිනකොටම තුශානිගේ ඉහෙත් මලක් පිපුණා වගේ සතුටක් දැනුන නිසාම ...
දීර්ඝායුෂ ලැබූ පොඩි හාමුදුරුවෝ... Little Flower Buds අද පොසොන් පෝය නිසාමද මන්දා වටපිටාවේ තියෙන්නේ හරිම අමුතු ලස්සනක්. සුදට සුදේ සුදු ඇඳගෙන සිල් ගන්න යන සිල් ඇත්තො පාර දිගේ පේලියට පන්සල් යනවා. වත්තේ තියෙන සමන් පිච්ච වැල සුදු මල් චීත්තයක් ඇඳලා වගේ මල් වලින් පිරිලා. ගහෙන් ගහට පියඹලා යන කුල්ලොත් , අත්තෙන් අත්තට පැන පැන යන ලේන් පැංචනුත් වෙනදට වඩා ටිකක් එයාලගේ දඟ වැඩ අඩු කරලද මන්දා... හිතට ...
සයුරු තරණය .... Little Flower Buds පරතෙරක් නොපෙනෙනා සයුරක මහමෙරක් පැතුමන් අරන්සයුර ගුවනට මුසුවනා ඉම ඈත සිතිජය වෙත යමින්...යකඩ බඳ ලෙස ජීව ලද මුත් ප්‍රාණ ලැබ ඩහදිය මතින්සයුර හා උරෙනුර ගැටෙන්නට නැකැත් මොහොතින් පිටවෙමින් ...පහන් තරුවෙන් එළිය ලැබගෙනමින් රැලෙන් මං ලකුණු අසමින්පෙළට නැග එන රළ මතින් පැනනිම් වලළු පසු කර ගොසින්...තනි වුනත් මහ සමුදුරේ මැද පාළු සීතල රාත්රියේනිමාවක් දකිනා තුරාවටහැරවුමක ඉඟි නොම වුනේ...ජීවිතේ මෙය මැයි පසක් ...
සම්බුදු සිරිත සිතුවමට නැගූ පුංචි සිත්තරාවිය ... Little Flower Buds වෙසක් සතිය කෙමෙන් කෙමෙන් නිමා වුනත් වෙසක් සිරිය නම් තාමත් වට පිටාවෙන් නිමා වෙලා නෑ. ඉතින් වෙසක් හා බැඳුනු තවත් සුවිශේෂී දෙයක් ගැන පුංචි සටහනක් තියලම වෙසක් සතියට සමු දෙන්න තුශානි තීරණය කලා. ඒ හෙට දවසේ පිපෙන්නට වෙර දරණ පුංචි මල් කැකුළක් වෙනුවෙන් කැකුළු ගොමුවේ ඉඩක් වෙන් කරලා.සරලව කියනවා නම් පැන්සල් ඉරෙන්, පාට කූරෙන් ලොකු හපන් කමක් කළ පුංචි සිත්තරාවියකගේ ...
කැලණි පුර වෙසක් සිරි... Little Flower Buds සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වු තෙමගුල සිහිපත් කරමින් මේ දවස් වල ලොව පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වෙනවා.. ඒ ආමිස පූජා අතුරින් තොරණ හා පහන් කූඩු වලට හිමිවෙන්නේ ප්රමුඛ ස්ථානයක්.තොරණ හා පහන් කූඩු වලින් රටම ආලෝකමත් වෙද්දී කැලණි පුරවරයත් වෙසක් සිරියෙන් නැහැවෙමිනුයි පවතින්නේ.. ඉතින් බුදු පියාණන් වහන්සේගේ පා පහස ලැබූ කැලණි පුරවරය ඒ වෙසක් අලෝකයෙන් නැහැවී පවතින ආකාරය ලංකාවේ අනෙක් ...
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! Little Flower Buds කෙලෙස් ඝනඳුර මැකු පහන් සිල සේ සාදු නද හා රැව් දුන් ඝන්ඨා නද සේ සිල් සුවඳ හා මුසු මල් සුවඳ සේ සියළු සත සිත් නිවී පහන් වේවා ! තරහ හිරු දුටු පිනි බිදක් සේ මාන පෙණ පිඩු විසිර යන සේ මෝහ පහවන දිය බුබුළු සේ දුරුව සහනය ලැබේවා ! සැලෙන සිත බෝ පතක් සේදෝමනස් මල් පරව යන සේඅයස දිය මත ...
අපායේ යන පාර ... Little Flower Buds සාමාන්‍යයෙන් කවුරුහරි කොහේහරි ගමනක් යන්න කතා කලොත් අපි හුඟ දෙනෙක් බොහොම කැමැත්තෙන් තමයි ඒකට සම්බන්ද වෙන්නේ. වෙනදාට උදේ පාන්දර නැගිටින්න වුනාම තව ටිකක් වෙලා කොට්ටෙත් තුරුළු කරන නිදා ගන්න තිබුන නම් හොඳයි කියලා හිතුනත් එදාට එහෙම හිතෙන්නේ නැති එක හරි පුදුම සහගතයි.. ඒත් කවුරුහරි අපායේ යන්න කතා කලොත් එයා අපිට කොයිතරම් හිතවත් කෙනෙක් වුනත් අපි එයත් එක්ක යන්න කැමති වෙන්නේ ...
යකඩ යකා එක්ක අතීත සවාරියක්... Little Flower Buds පහුගිය දවස් ටිකේ ටිකක් වැඩිපුර යකඩ යකා ගැන කතා බහ වුන නිසා යකඩ යකා එක්ක බැදිච්ච ටිකක් දුර්ලභ ගනයේ පරණ පින්තූර ටිකක් කට්ටියටම බලන්න බ්ලොග් පිටු අතරට එක් කරන්න ඕනේ කියලා තුශානි හිතුවා .. ඊ මෙල් එකකින් තමයි මේ පින්තූර ටික ලැබුනේ... බලන්නකෝ...1894 දී ඔහිය දුම්රියපොළ අවට ප්‍රදේශය.. 1910 දී කඩුගන්නව දුම්රිය මාර්ගය... 1860 දී කොළඹ - නුවර දුම්රිය මාර්ගය ...
මැයි පළවෙනිදාවේ මගේ මතකය... Little Flower Buds හෙට මැයි පළවෙනිදාව. එහෙමත් නැත්නම් ලෝක කම්කරු දිනය. ඉස්කෝලේ යන කාලේ නම් මැයි පළවෙනිදාව කියන්නේ තවත් එක නිවාඩු දවසක් විතරයි. ටිකක් වැඩිපුර නිදාගන්න, අහල පහල යාළුවො එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න, ගෙදර අයත් එක්ක දවස ගෙවන්න ලැබෙන නිවාඩු දවසක්.. මොකද උපකාරක පන්ති වුනත් එදාට නෑ නේ.. ඒත් අද වෙනකොට අපි, ඒ කාලේ පහුකරලා රැකියාවක් කරන කම්කරු පන්තියට එක් වෙලා හමාරයි. ඉතින් ...
ගීයේ හිමිකරුවා ඔබයි ... Little Flower Buds ජීවිතයේ සොඳුරු කවියේ විසිරුණු පද වැල් එක් කොටපද වැල් එකිනෙක ඇමිනූමනහර රන් පන්හිඳ ඔබවයලීනයේ සුසර තතට අතැඟිලි ගැටෙනා තාලේට මැවුනු සප්ත ස්වර රටාවේසොඳුරු මියුරු තනුවකි ඔබහඬ ගා ගී රාව දෙන්න පද වැල් තනුවට ගයන්නආදරයෙන් හුස්ම පෙවු මධුර ගීත ස්වරයයි ඔබ මිණි කිංකිණි හඬ අතරේ පා තබනා හැටි තාලෙටකියාදෙමින් වාරු දුන්නුයෝධ බලැති ශක්තිය ඔබ වෙයි නම් සුමිහිරි ගීයක් පද වැල් ...
අලුත් අවුරුද්දේ රබන් පදයක් කියන්න එමුද මේ පැත්තට .... Little Flower Buds මුලින්ම ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා !!!කියලා අපේ බ්ලොග් යාළුවෝ හැම කෙනෙක්ට වගේම සමස්ථ ශ්‍රී ලංකාවාසී හැම කෙනෙක්ටම සුබ පතනවා ... අවුරුදු කෑම වල රස බලලා නෑ හිතවතුන් එක්ක ගම් මැද්දේ අවුරුදු සමරන්න ලෑස්තිවෙන මේ වෙලේ රබන් පදයක් දෙකක් අහන්න තියෙනව නම් කොයිතරම් නම් අපූරුයිද .... මෙන්න ඒකට අවස්ථාව... ඔයාලත් ...
අවුරුද්දට තෙල් වලං ලිපේ තියන්න කාලේ ඇවිත්... Little Flower Buds සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙන්න තව තියෙන්නෙ දවස් දෙකකටත් අඩු කාලයක්. කොහෝ හඬත් එක්ක එරබදු ගස් රතු මල් චීත්තයක් ඇඳගෙන හැඩවෙලා ඉන්න අතරේ පැණි පිරිච්ච ඉදුණු කජු පුහුලන්, අඹ පොකුරු ගස් වල පිරිලා දකින්න තියෙනවා. ඒ අතරේ ගෙවල් වලිනුත් කැවුම් කොකිස් බැදෙන සුවඳ ටිකෙන් ටික පැතිරෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඉතින් ඊයේ තුශානිත් ගෙදර නැවතුනේ අම්මයි, අත්තම්මයි එක්ක එකතුවෙලා අවුරුද්දට කැවිලි ...
බක් මහේ සිරි ඉඟි කරයි... Little Flower Buds කිණිති අග පිපි කැකුළු සුවඳින්අම රසය දෙන ඵලද සමඟින්කොවුල් ගී නද දසත රැඳෙමින්බක් මහේ සිරි ඉඟි කරයි...ගොයම් කෙත්වතු සාර කරමින්නිවෙස් අටු කොටු සිනා ගෙනෙමින්සොබා දම් මව් එකළු කරමින්බක් මහේ සිරි ඉඟි කරයි...ජාති ආගම් බේද මකමින්කිරෙන් පැණියෙන් තුටෙන් පිරෙමින්නැවුම් පැතුමන් දෝත දරමින්බක් මහේ සිරි ඉඟි කරයි...හෙළ සිරිත් යලි මතක් කරමින්නෑ මිතුරු බැමි සවිය අතරින්වසත් කාලය උදා කරමින්බක් මහේ සිරි ඉඟි කරයි...අප්‍රේල් ...