හොයලා දුනොත් රුපියල් 10,000.00 ක් ... Little Flower Buds රෝසි නෝනා කියන්නේ බොහොම ඉහළ පෙළේ පන්තියක ඉංගිරීසි පන්නෙට හැදුන සල්ලිකාර නෝනා කෙනෙක්. ඔය රූපෙ ඉන්නේ රෝසි නෝනා. රොබින් කියන්නේ රෝසි නෝනා හුඟක් ආදරය කරන, දුකේදි සැපේදි රෝසි නෝනා ලඟම ඉන්න කෙනෙක්. රොබින් කිව්වේ රෝසි නෝනගේ මහත්තය කියලා ඔන්න පටලව ගන්න එහෙම එපා.. රෝසි නෝනගෙ මහත්තයා සෑම් පෙරකදෝරු මහත්තයෙක්.රොබින් රෝසි නෝනගේ ආදරය දිනාගෙන බොහොම සැපට හැදුනු බලු රාළ කෙනෙක්. මේ ...
අනිද්දා ෆ්ලයිට් එකේ මම එනවා ... Little Flower Buds හලෝ මුතූ... ඔයයි පුතයි සනීපෙන් නේද ? ආ.. රමේෂ් .. ඔව්.. අපි සනීපෙන් .. ඔයා හෙට එනව නේද ? බලන්නකෝ මුතූ.. අපේ බොස්ට චයිනා වල දාගත්ත මීටින් එකකට යන්න වෙන්නේ නෑ කියලා මට මේ ගමන්ම ඒකටත් ගිහින් එන්න කිව්වා ... අනේ රමේෂ්... එතකොට අපි අර ළමා නිවාසෙට දානේ දෙන්න දාගත්ත වැඩේට මොකද කරන්නේ ? ඔයාමනේ රමේෂ් කිව්වේ අපේ පැටියගේ පළවෙනි ...
ළමා පිටියට පණ දුන් ඔහු නික්ම ගොසින් ... Little Flower Buds පසුගිය පෙබරවාරි 15 වෙනිදාව අතීතයට එකතුවුනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරළ මිනිසෙක් ලෙස නිහඬ සේවයක් කළ සොඳුරු මිනිසෙකුගේ අවසන් හුස්ම පොද වා තලයට මුසු කරමින්.පුවත්පත් කළාවේදියෙකු, ගේය පද රචකයෙකු, ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක වරයෙකු, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස ළමා, තරුණ, වැඩිහිටි කාගෙත් ආදරය දිනාගත් ඔහු නමින් මහින්ද අල්ගම.ඔහුගේ පන්හිඳෙන් ලියවුනු ගී පද රචනා වෙනුවෙන් 2011 වර්ෂයේ රාජ්‍ය සංගීත උළෙලේදී මහගමසේකර අනුස්මරණ ...
මේ අවුරුද්දෙත් මට නෑ ... Little Flower Buds කෑ ගහල සතුටු වෙන්න , විනෝදෙන් ගත කරන්න ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑහැමෝම සුබ පතන , තෑගි බෝග ගොඩක් ලැබෙන ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑබැලුම් බෝල එල්ලන්න, ක්‍රේප් පටි වලින් සරසන්න ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ යාළුවෝ ගොඩක් වටකරගෙන කේක් ගෙඩියක් කපන්න ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑආදරේ වැඩි වෙන්න, ආදරේ පිරුණු හාදු ගොඩක් ගන්නලස්සන දවසක් මේ ...
සැබෑ නිදහස ... Little Flower Buds නිම් වළලු නොපෙනෙනා ගුවන සිසාර පියඹා යන සියොතුන් පවසාවි නිදහසේ සැහැල්ලුව ඈත දියඹේ දඟකාරකම් කරමින් පීනා යන මත්ස්‍යයින් පවසාවි නිදහසේ අපූර්වත්වයශීත කඳු ශිකරයන් මත හුදකලාවූ තුරු පන්තිපවසාවි නිදහසේ චමත්කාරය අලුයමේ දිවාකර රශ්මියට විකසිත වු රත් පියුම්පවසාවි නිදහසේ සුන්දරත්වය මද පවනෙ පහස විඳ දැල්වෙනා පහන් ටැඹ පවසාවි නිදහසේ ආලෝකය ජය කෙහෙළි ඝෝශා මැද ඉහළ නැගි ධජ පතාකයන්පවසාවි නිදහසේ අභිමානය මහී කත ...
ආදරණීය මර්සි නැන්දා ... Little Flower Buds මර්සි එදිරිසිංහ කියන්නේ වේදිකාව, සිනමාව, රූපවාහිනිය හා ගුවන් විදුලිය එක විදිහට ජයගත් අපේ යුගයේ බොහොම ප්‍රවීණ, හැම කෙනෙක්ම හුඟක් ආදරය කරන දක්ෂ කලාකාරිණියක්. උපතින් ලද කට හඬත් දෝතින් රැගෙන ආ කලා ප්‍රතිභාවෙනුත් ඈ කළ හපන්කම් අපි හැම කෙනෙක්ම අවිවාදයෙන් යුතුව ඉහලින්ම රස වින්දා කිව්වොත් නිවැරදියි.ඒත් ඇය මේ වන විට ඉතාමත් අසාධ්‍ය ලෙස රෝගී තත්වයෙන් ඉන්නව කියන පුවත අහන්න දකින්න ලැබීම ...
දුරුතු මහා මංගල්‍යය.... Little Flower Buds සම්බුදු හිමියන්ගේ පා පහසින් පාරිශුද්ධත්වයට පත්වු කැලණි පුදබිම ලෝවැසි බෞද්ධ ජනයාගේ මුදුන් මල් කඩක් බඳු වන්දනීය පූද බිමක්. නව වසරේ ආරම්භය සනිටුහන් කරන දුරුතු මාසය කැලණි පුද බිමට බොහොම සුවිශේෂි මාසයක්. ඒ දුරුතු මහාමංගල්‍යය හෙවත් දුරුතු පෙරහැර වෙනුවෙන් සියළු කටයුතු සූදානම්වෙන නිසාවෙන්. කිරි පාටට බැබලෙමින් අහසට විහිදුනු කොත් කැරැල්ලත්, සීතල සුළඟට ලෙලදෙන බෝපත් වල අසිරියත්, සුන්දරව ගලා යන කැලණි නදියේ ...
කඳුළු අතරින් හිනැහෙන පුංචි පැංචෝ... Little Flower Buds 2014 උදාවෙලා අදට දවස් 5ක් ගතවෙලා. තඹ කම්බියක් දිගේ විදුලිය බොහොම වේගයෙන් ගමන් කරනව වගේ හරිම වේගයෙන් මේ දවස් ටික ගෙවිලා ගියා කියලයි මට හිතෙන්නේ. අද 5 වෙනිදා වුනත් තුශානි තාමත් ඉන්නේ ජනවාරි පළවෙනිදාවේ සුන්දර මතකයන් ගොඩක් එක්ක. ඒ නිසාම ටිකක් පරක්කු වෙලා වුනත් ඒ ගැන පුංචි සටහනක් හා හා පුරා කියලා මේ වසරේ ලියන මුල්ම පෝස්ටුවේ ලියන්න ඕනේ කියලා ...
සුබ නව වසරක් වේවා !!! Little Flower Buds 2103 ගෙවෙන්න තව ඉතිරි වෙලා තියෙන්නේ හෝරා කීපයක් විතරයි.ජයග්‍රහණ, පරාජ, සතුට, දුක, බාදක කම්කටොළු මැද්දෙන් 2013 ගෙවිල ගියත් 2013 අවසන් වෙන මේ අන්තිම මොහොතේ ඒ දිහා හැරිලා බැලුවහම හිතට දැනෙන්නේ හරි පුදුමාකාර සතුටක්. ඒ ජීවිතේ අමරණීය සටහන් ඒ අතරේ බැබලෙමින් තියෙන නිසාවෙන් වෙන්න ඇති. කොහොමවුනත් ඒ හැම දෙයක්ම අතීත අත්දැකීම් විදිහට මේ වෙනකොට අපේ මතක පොතට එකතුවෙලා හමාරයි. අතීත අත්දැකීම් ...
රුදුරු රළ පෙල බිලි පිදුම් ගෙන නව වසක් නොදැනී ගොසින්... Little Flower Buds Add captionරිවි කිරණ එක ලෙසින් වූවත් අඳුරු දිනයක් ඉඟි කලාඅසුබ ලකුණක් දෝත දරමින් නිමිති එක දෙක මතු වුනා සුසුඳු පෙන පිඬු විසිරුවා නැගිසුනිල රළ පෙළ කැලඹුනාපෙර දිනක් දුටු නොවු විරු ලෙස රුදුරු වී ඝෝශා කලා මිල කරන්නට නොහැකි ජීවිත මිල මුදල් සමගින් අරන් පෙර දිනක මුහුදට නොගිය රළ පෙල එදා ගියේ පොදි බැඳ අරන්අඳුරු සෙවනැලි සෝ සුසුම් මැද දුක් අඳෝනා ...
නත්තල් තෑග්ග... Little Flower Buds සීතල උඳුවප් මාසේ සුවිශේෂිම දවස වන අසිරිමත් නත්තල් දිනය හරියටම 12.00 කණිසමට පල්ලියේ සීනු හඬත් එක්ක උදාවුනා... බෙත්ලෙහෙම් පුරේ පායපු දීප්තිමත් වල්ගා තරුවක කිරණ අතරේ හැංගිලා ජුසේතුමාගෙත් මරියතුමියගෙත් පුංචි පුතා විදිහට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ එළිය දැක්කෙ සාමයේ පණිවිඩයත් අරගෙනයි... ඒ අසිරිමත් නත්තල උදාවුනු මේ මොහොතේ අපේ බ්ලොග් ලියන යාළුවන්ට වගේම සියළුම ලෝක වාසී කිතුනු යාළුවන්ටත් නත්තල් සුබ පැතුම් ...
නොඑන ගමනක දුක්බර මතකය .... Little Flower Buds එදා O/L විභාගය ආරම්භවෙලා ගෙවුනු 2 වෙනි දවස. තුශානිගෙයි මල්ලිගෙයි ඉගෙනීමේ කටයුතු ගැනත්, ඊට ඕන කරන අනිකුත් දේ ගැනත් , උපකාරක පන්ති එක්කගෙන යාම් ඒම ගැනත් වගේ ගෙදර හැම කටයුත්තක්ම හොයලා බලලා කලේ සීයා.. ඒ කියන්නේ අපේ අම්මගේ තාත්තා. උදෑසනින්ම රැකියාවට පිටත් වෙන තාත්තා ආපහු ගෙදර එනකොට හවස් වෙන නිසා තාත්තගෙන් වෙන්න ඕන හුඟක් දේවල් වුනේ සීයගෙ අතින්. රජයේ ...
පොහෝ දින පිලිගන්න හරසරින් සුපුන් සඳ සූදානමින් ... Little Flower Buds නේක තරු වැල් පිරිවරන් වලා පට තිර පිස දමන් සුපිපි සේපාලිකා සුවඳින්චන්ද්ර මණ්ඩල රැස් අරන්සිනහ පිරි මුව මඩල මෙන් ශ්වේත වර්ණෙන් බබලමින් සිල් සුවඳ සත වෙත් අරන් අමා කරුණා ගුණ දරන් සීත රැයේ දැල්වුනු පහන් පරදමින් රැස් විහිදමින් කිරි දියර නැහැවු ලෙසින් බබලමින් සිත් සන්තොසින් අමාවක ඝනඳුරු මකන් ගුවන් ගැබ කල එළි කරන් පොහෝ දින පිලිගන්න හරසරින් සුපුන් සඳ සූදානමින් ...
මාරු සල්ලි ... Little Flower Buds කෝ මේ සාරංග... තාම නෑ...7.30 ට ක්ලාස් එකත් පටන් ගන්නවා.. 7.00 වෙනකොට ඇවිත් ඉන්නවා කියපු එක්කෙනා. දැන් 7.15 ත් පහුවෙලා. .. තරිඳු සාරංග එනකන් බලන් හිටියා.. කොහොමහරි ඊට විනාඩි 5 කට විතර පස්සේ ඔන්න සාරංග දාඩියත් දාගෙන හති ඇර ඇර දුවන වේගෙන චූට්ටක් විතර හෙමින් එනවා තරිඳු දැක්කා. " අයියෝ ... වෙරි සොරි.. වෙරි සොරි.. පැය කාලයි හොඳේ පරකු වුනේ.. ...
එදා පටන් අදවනතුරු ලේන් පිටේ ඉරි ඇත්තේ ඒ හින්දා ... Little Flower Buds සීතල උඳුවප් මාසය ආරම්භවුනා ... අපි වගේම සත්තුත් සීත කාලය ගත කරන්න සූදනම් වෙන කාලයක් තමයි මේක. ඒ අතරින් සීත කාලය වෙනුවෙන් හරිම කඩිසරව කෑම එකතු කරන එක්කෙනෙක් තමයි අපේ තුන් ඉරි අප්පු.. ඉතින් තුන් ඉරි අප්පු ගැන ජන වහරේ එන ලස්සන කවි පන්තියක් මේ ලඟදී තුශානිට අහන්න ලැබුනා.. ඒ තුශානිගේ හොඳම යාළුවෙක් ඒක මුමුණ මුමුණ හිටපු වෙලාවක. හරිම ලස්සන ...
ආදරය පිරි සිඟිති පැතුම් ... Little Flower Buds " අනේ බුදු සාදු ... අපේ කිටී පැටියව ඉක්මනටම සනීප කරලා දෙන්න ... එයාගේ උගුරේ කට්ටක් හිරවෙලා ... " ඒ පුංචි පොඩිත්තො දෙන්නෙක්ගේ අහිංසක ඉල්ලීමක් වගේම ප්‍රාර්ථනාවක්. හැමදාම වෙගේම එදත් පාසල් ගිහින් ගෙදර ආපු ගමන් මේ පොඩිත්තො කිටී පැටියව හොයාගෙන ගියේ එයාට බත් කන්න දෙන්න." කිටී ... කෝ ඔයා.. ඉක්මනට එන්න බයි කන්න ... " මේ සද්දෙට උදේ ඉදන් ගෙදරට ...