70. මේ වාහනේ පදින්න නම් අපි හැම කෙනෙක්ම ඉගෙන ගන්නම වෙනවා ... Little Flower Buds ඔයාට පුළුවන්ද වාහනයක් පදින්න ? ඔන්න බෑ කියලා නම් හරියන්නේ නෑ. මේ වාහනේ පදින්න ඉගෙන ගන්නම වෙනවා. නෑ... නෑ... මේ වාහනේ පදින්න ලයිසන් ඕනේ වෙන්නේ නෑ. හ්ම්... ඕනේ කරන්නේ හරියට වාහනේ පැදගෙන යන්න ඉගෙන ගන්න එක විතරයි. හරිනේ එහෙනම්. දැන් වැඩේ පටන් ගමු.මුලින්ම වාහනේ ඉස්සරහට අරගෙන යන්න පුරුදු වෙන්න ඕනේ. පටන් ගන්නකොටම හයියෙන් යන්න බෑනේ. ඒ නිසා බොහොම හෙමින් ටික ...
මහින්ද අල්ගම මාමත් එක්ක අපි ගුවන් විදුලි නාට්‍ය කරපු හැටි... Little Flower Buds පුවත්පත් කළාවේදියෙකු, ගේය පද රචකයෙකු, ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක වරයෙකු, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස අනුපමේය සේවයක් කල මහින්ද අල්ගම මාමා අපිට නොකියාම නො එන ගමනක් ගිහින් පහුගිය 15 වෙනිදාවට වසරක් ගත වුනා. රූපයෙන් ඔහු බොහෝ දෙනෙක් නොහදුනන කෙනෙක් වුනත් ඔහුගේ නිර්මාණයන් රස නොවිඳි කෙනෙකු නැති තරම්. මතකයිනේ මම මිට කලින් ඔහු ගැන ලිව්වා. ඒ පොස්ට් එක කියවන්න බැරිවුන කෙනෙක් ඉන්නව නම් ...
ආදරයට ආදරයෙන් ... Little Flower Buds ආදරය දකින්න, ආදරය විඳින්න, කියලා දුන්නේ ආදරය ...ආදරය දෙන්න, ආදරය කරන්න, පුරුදු කලේ ආදරය ...උණුහුමට තුරුල්වෙන්න, ලං වෙලා හාදු දෙන්න, තරවටු කලේ ආදරය...බෑ කියලා හිතෙන දේ කරන්න, අලුත් දේ හිතන්න, ධෛර්යය දුන්නේ ආදරය... දුක හිතුනම තරහ වෙන්න, තරහ වෙලා යාළුවෙන්න, හිතත් එක්ක චන්ඩිකම් කලේ ආදරය...අඬනකොට සනසන්න, මොනවහරි කියලා හිනස්සන්න, වචන දුන්නේ ආදරය...වැටි වැටී නැගිටින්න, නොවැටී හිටගන්න, ශක්තිය දුන්නේ ආදරය... හුස්මක් ...
නෙතු පියන් වල ඉඩක් හෙව්වා කඳුළු වෙන්නට ඉඩ නොදී.. Little Flower Buds හදේ ඉතිරෙන සෝ තැවුල් හැම පිටට එන්නට ඉඩ නොදී නේක දොම්නස් සයුරේ ගිලුනා සුසුම් වෙන්නට ඉඩ නොදී හිතින් හැඬුවත් වතින් හිනැහී ඉකි බිඳින්නට ඉඩ නොදී නෙතු පියන් වල ඉඩක් හෙව්වා කඳුළු වෙන්නට ඉඩ නොදීජීවිතේ රඟමඩකලකි යි අපි නේක රැඟුමන් රඟ දෙනා පිරිස් අභියස චරිත අතරේ එකින් එක පැන පැන යනානිම්වලලු නොපෙනෙනා සසරක කර්ම කර පින්නා ගෙනා යන මගේ නැවතුමක් කොතැනද ...
පෑනේ මිතුරෝ... Little Flower Buds පෑනේ මිතුරෝ ගැන එකපාරටම මතක් වුනේ පහුගිය දවසක පොත් රාක්කේ තිබිලා හම්බවුනු ලියූම් ගොන්නක් දැක්කහමයි. ඒ අතරේ තිබ්බ ලස්සන ලස්සන පොස්ට් කාඩ්, මුද්දර, පුංචි සමරු තිලිණ, අතරේ හිරවෙලා තුශානි අවුරුදු කීපයක් ආපස්සට ගියා හරියට කාල තරණ බලයක් ලැබිලා වගේ.. පෑනේ මිතුරෝ කිව්වහම අපේ හිතට එන්නේ ලියුම් ගනුදෙනුවකින් හඳුනගත්ත නොදුටු මිතුරෝ කියන හැඟීම. මේ නොදුටු මිතුරුකම තමන්ගේ රට ඇතුලේ වගේම මුහුදෙන් ...
චුට්ටක් නැවතිලා බලමුද ? Little Flower Buds බලන්න ... 2015 අවුරුද්ද උදා වෙලා අද වෙනකොට දවස් 5 ක් ගතවෙලා ගිහින්. ඒ කියන්නේ අපිටත් නොදැනීම කාලය බොහොම ඉක්මනින් ගිවීගෙන ගිහින්. ඉක්මනින්ම ගෙවීගෙන යන මේ කාලයත් එක්ක අපි යන්ත්‍ර සූත්‍ර වගේ වැඩ කරනවා මිසක්, චුට්ටක් නැවතිලා හිතන්න එක විනාඩි පහක හරි කාලයක් අරගෙන තියෙනවද කියලා අහලා බැලුවොත් හුඟ දෙනෙක් ගෙන් ඒකට ලැබෙන්නේ " නැහැ" කියන පිළිතුර. අපි කවුරුත් ඒ ...
සුබ නව වසරක් වේවා ! Little Flower Buds දෙදහස් දාහතරේ සීතල දුරුත්තේ දීනව වසරකට පා තැබුවා තුටින් බැඳීකාලය ගත වුනා නොදැනිම දවස් සතීසමගින් අලුත් වසරේ නව පැතුම් පොදීනවම් මැදින් දින පසුකර ඉන් පස්සේ ඉක්මන් ගමනකින් ආවා බක් මාසේ රබන් සුරල් ඔන්චිලි වාරම් අස්සේ අවුරුදු සැමරුවා එනතුරු මැයි මාසේතෙමගුල සිහි කරලා හැම දෙන වෙසක් මහේආමිස ප්‍රතිපත්ති පූජා අතර තුරේ දන් සැල් තොරණ ඉදි වුවා සතර දෙසේපොසොන් ලබන තුරු පසුකර ...
මේ අවුරුද්දේ නත්තල් තෑග්ග... Little Flower Buds පල්ලියේ ඝන්ටාරේ රෑ දොළහේ කණිසම වදිනවත් එක්කම මුළු පලාතම වහගෙන හිටිය නිහැඬියාව සීතලට තව තව ගුලි වෙලා ඇකිලෙන්න පටන් ගත්තා. ආකාසේ ආධිපත්‍ය පතුරවගෙන දීප්තිමත් වල්ගතරුවක් හරිම ලස්සනට පායලා. කොයිතරම් ලස්සනයිද කියනව නම් ඒ දිහාවෙන් ඇස් වෙන පැත්තකට ගන්න බැරි තරම්. සීතල වැඩි නිසාමද කොහෙද්දෝ සීතල හුලඟෙන් බේරෙන්න, එක එක අඳුම් පෙරව ගෙන වගේ ටික වෙලාවකින් වල්ග තරුව තවත් ලොකුවෙලා පෙනුනා. ...
සයොනාරා ... Little Flower Buds හිම වැටෙන සීතල රාත්රියකදෙවෙන්දොරා සං වෙත ,දෙ අත් පටලාගෙන නොවූවත් හිත් තදින් ආලෙන් වෙලීතෝකියෝව පුරා අපි සැරි සැරූ හැටිදෙපස වූ වීදී පහන් කණු කියයි සැබෑ පෙම්වතුන් බව ආදරේ නාමයන්..මුල් වතාවට අපි එකිනෙකා හමුවුනු මිදෝරිය මුහුණට මුහුණලා කෝපි රස විඳි අවන්හල්එකට ඉඳගෙන කබුකි නාට්‍යයයට පෙම් බැඳි රංග ශාලාඅද තනිකමේ සැඩ සුලඟට ගසාගෙන ගිහින්...යමු නේද ආයෙමත් සකුරා මල් පිපෙන කාලේට සකුරා මල් ...
ඔපීසියේ රස කතා - (3) Little Flower Buds ඔපීසියේ රස කතා කියන්න ගත්තත් මේ වෙනකන් කියන්න පුළුවන් වුනේ බොහොම කීපයක් විතරයිනේ. ඔය පහලින් තියෙන්නේ කියපු ඒවා.. ඔපීසියේ රස කතා - (1)ඔපීසියේ රස කතා - (2) ඉතින් අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔපීසිය ගැන තව කතාවක් කියන්න ඕනේ කියලා හිතුන නිසයි අද මේ පෝස්ට් එක ලියන්න ගත්තේ...ඒත් ඉතින් රස කතාවක් කිව්වට රස කෑම ගැන තමයි මේ කියන්න යන්නේ.. ඔව් ඔව්.. ...
මාලිගාවට යනවද ? ආපහු එනවද ? Little Flower Buds තරු නැති අහස බිමට බැහැලා වගේ බලන බලන හැම පැත්තම ඝන අන්දකාරයෙන් වැහිලා...වැස්සක සේයාවක්වත් නැති වුනත් එකපාරට එන විදුලි එළියෙන් මුළු පලාතම දවාලක් වගේ විටින් විට එළිය වුනා... පේන මානෙක මනුස්ස පරාණයක් තියා මනුස්ස වාසයක සේයාවක්වත් නෑ.. එතකොට " මම "ඔව් මම තනියම ඔන්න ආයෙමත් විදුලි එළියක්... ඒ එළියට මගේ ඇස් නිලංකාර වෙලා ටික වෙලාවක් යනකන් මුකුත්ම පේන්නේ නැතුව ගියා...ඊට ...
හේතු හාමිගේ ලර්නර්ස් ගමන ... Little Flower Buds ඈත එපිට ගම්මානෙක සරු සාරේට ඇති හේනකහිටියලු ගොවි මත්තයෙක්නමින් "හේතු" යි කියන්නැහැක සරු ඵලදා ඇති හේනේ එළවළු නෙක නෙක බෝසේ විකුනන්නට එය සිත් සේ නැහැ විදිහක් ගම් මැද්දේ එළවළු ගොඩ වැඩි වෙනකොට නගරේ පැත්තේ ගෙනියන්නට ට්‍රැක්ටර් කට්ටක් ගන්නට හේතු හාමි ගත්තා හිතට ටික ටික හරි ගෙවා ගන්න ගත්තත් වාහනේ ඔන්න එය එලවන් පාරේ යන්න ඒත් දන්නේ නෑලු මෙන්න ගන්න ඕනෑ ...
සත්තකයි දැනුනේ නෑ... Little Flower Buds හිමිදිරි පාන්දර හිරු කිරණට පවුරු බැඳගොම්මන් අඳුර විත් වෙලාගෙන අහස් කුස මොකක්දෝ කියන්නට සැරසුනත් තේරුම් ගන්න නිනව්වක් නැතිවුනා...අතොරක් නැතිව ඇදහැලෙන වැහි බිංදුවේදනාබර කඳුළු ගඟුලක්ම වෙයි කියලා සැඩ සුළං ගත පුරා දැවටෙමින් පැවසුවත්ඒ හඬට කන් දෙන්න කාටවත් හිතුනේ නෑ...තේ දළු කහට වැහෙන්න පාට කල නියපොතුඅත් දෙකේ පාළු මැකි සිහින් වීදුරු වළලුදිගට ගෙතු කොන්ඩේ ගැසු පිච්ච මල් වැල් එක්ක දළු කූඩේ අතට ...
අපේ ගමේ කඨින පෙරහැර ... Little Flower Buds මතකයිනේද තුශානි පොරොන්දු වුනා ගමේ පන්සලේ කඨින පෙරහැර ගැනත් විස්තර ටිකක් කියනවා කියලා. පොරොන්දුව ඉෂ්ට කරන්න නම් ටිකක් ප්‍රමාද වුනා. ඒත් කොහොමහරි ඔන්න ඉතින් පොරොන්දු වුන විදිහටම පෙරහැර ගැන විස්තර ටිකක් කියන්න තමයි අද මේ පෝස්ට් එක ලියන්නේ.සාමාන්‍යයෙන් කඨින පෙරහැරවල් තියෙන්නේ පාන්දර වුනත් අපේ ගමේ පන්සලේ කඨින පෙරහැර පැවැත්වෙන්නේ හවස් කාලයේ. කඨින චීවරය ගම වෙටේම අරගෙන ගිහින් ආපහු කඨිනය භාර ...
මහ පාන්දර ඇහුනු හේවිසි සද්දේ... Little Flower Buds අද පාන්දර දෙකහමාරට විතර කණ ගාවම වගේ හරි සද්දෙට හේවිසි ගහනවා තුශානිට ඇහෙන්න ගත්තා. ඇසළ පෙරහැරවත් හීනෙන් පේන්න යනවද කියලා හිතුනු නිසාම ඇස් දෙක අරින්නෙත් නැතුව ටිකක් වෙලා එහෙම්මම හිටියත් ම්හු.... මුකුත් රූප පෙනුනේ නැති නිසා හිමීට ඇස් දෙක ඇරලා මොකද්ද මේ සද්දේ කියලා බලන්න ඕනේ කියලා තුශානිට හිතුනා. හරියට අර සමහර අය, ටිකක් වෙලා ඇස්දෙක පියාගෙන ඉඳලා නින්ද ගිහින්ද ...
එකේ පන්තියේ මුල්ම දවස.. ( 1st Blog Anniversary ) Little Flower Buds මතකද අපි මුලින්ම ඉස්කෝලේ ගියපු දවස ? සමහර අයට නම් මතක නැතුව ඇති. ඒත් හුඟ දෙනෙක් කියයි ඔව් මතකයි කියලා. මොකද ඒ දවස අපි හැම කෙනෙක්ගේම ජීවිත වල හරිම සුවිශේෂී දවසක් නිසා. අලුතෙන්ම මහපු සුදුම සුදු ගවුමක් ඇඳලා අලුත් සපත්තු දෙකක් දාලා ලස්සන රෝස පාට අලුත් බෑග් එකකුත් පිටේ එල්ලගෙන අම්මයි තාත්තයි එක්ක ලොකු ඉස්කෝලේ ගියපු හැටි නම් තුශානිටත් තාමත් ...
එදා ළමා දිනය සමරපු පුංචි ඔයා අද තරුණයෙක්... Little Flower Buds තනියම මං අයිතිකරගෙන හිටිය හැමෝගෙම ආදරයෙන් ටිකක්ඔයා ඇවිදින් ඉක්මනින්ම අයිති කරගත්තා... අම්මගේ උණුහුමට තුරුළුවෙලා බීපු කිරි වලින් ටිකක් ඔයා ඇවිදින් බීලා පුංචි බන්ඩිය පුරෝගත්තා... මං අඬනකොට මාව නලවන්න, මාව වඩාගෙන කතා කියන්න ඔයා ඇවිදින් ඉස්සරට වඩා පරක්කුවුනා...තාත්තා හවසට ගෙදර එනකොට ගේන හැම දෙයින්ම කොටසක්ඔයා ඇවිදින් ඔයාටත් ඕනේ කිව්වා ... මේ ඔක්කෝම ඔයාට දෙන්න බෑ කියලා පුංචි හිතට එදා හිතුනත් සුදු ...
පෙත්ත පුතා... Little Flower Buds අද තුශානි කියන්න යන්නේ මීට ටික කාලෙකට කලින් තුශානිට වෙච්චි ඇබැද්දියක් ගැන.. ම්.... පෙත්ත පුතා කියලා උඩින් ලියලා තියෙන නිසා ඔන්න කියන්න යන්නේ ගිරවෙක් ගැන කියලා වරදවා වටහා ගන්න එහෙම එපා හොඳද .. අහන්නකෝ කතාව ...එදා තුශානිට හොඳටෝම උණ හැදිලා හිටියේ.. හැමදාම බෙහෙත් ගන්න දොස්තර ගාවට බෙහෙත් ගන්න ගියාම දොස්තර හදිස්සියෙම කොහෙද ගිහින් බෙහෙත් සාප්පුවත් වහලා. " දැන් මොකද දූ ...
සිටිය හැකිදෝ කඳුලට නෑවිදින් ... Little Flower Buds වලා පටලක් ගමන් ගත් ලෙස දසුන් බොඳකර දෙනයනේපියාපත් තෙත බරිත වු ලෙස දැවටි දැවටී ඇහි පියේඋල්පතක දිය මතුවනා ලෙස සැනින් මතුවි නෙත් ඉමේදෝරේ ගලනා දිය කඳක් ලෙස දෙකොපුලෙන් රූටා වැටේ දරන්නට බැරි මහමෙරක් ලෙස නෙතු පියන් දෙක තෙරපමින්ගිලිහිලා එන වැහි පොදක් ලෙස සරයි ඔබ මොබ වත්සුනු වතේ සිහිල දුන්නත් පිණි පොදක් ලෙස තුටින් පිරිපුන් නෙත් කොනේදුක සමග උණු කඳුලු බිදු ...
ඔපීසියේ රස කතා - 2 Little Flower Buds ඔපීසියේ රස කතා කියවන්න වැඩිදෙනා කැමති නිසා ඔන්න තවත් රස කතාවක් ලියන්න හිතුවා.. :) ඉතින් මුල් කතා දෙක කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නව නම් මෙන්න මෙතනින් ගිහින් ඒකත් කියවලා එන්නකෝ.. අපේ ඔපීසිය විදේශීය රටවල් එක්ක ගණුදෙනු කරන ආයතනයක් කියලා මම කලින් කිව්වනේ. ඒ නිසා එක එක වැඩ වලට නිතර සුදු මහත්තුරු ඔපීසියට යන එන එක ලොකූ අමුත්තක් නෙවෙයි. ඉතින් ඒ ...