පසන් නයා , අර ටොයිලට එකෙන් එලියට එන්න බැරුව ඉන්නේ ... ඉවාන් පවුලූශා පසන් නයා , අර ටොයිලට එකෙන් එලියට එන්න බැරුව ඉන්නේ තාම
පැතුමා .. එහෙම වැඩක් මුල ඉඳලා කලානම් එක්කෝ අද ඇතිව... ඉවාන් පවුලූශා පැතුමා .. එහෙම වැඩක් මුල ඉඳලා කලානම් එක්කෝ අද ඇතිවෙලා නැත්තං නැත්තටම නැතිවෙලා
හොඳ වෙලාවට කඩේට ගිනි තියපු වෙලාවෙ බීඩි කොටේ පත්තු ... ඉවාන් පවුලූශා හොඳ වෙලාවට කඩේට ගිනි තියපු වෙලාවෙ බීඩි කොටේ පත්තු උනේ නැත්තෙ.
සිකුරිටි ජොබ් එකෙන් අයින් වෙලා වෙන එකක් කළාද මෙයා.... ඉවාන් පවුලූශා සිකුරිටි ජොබ් එකෙන් අයින් වෙලා වෙන එකක් කළාද මෙයා. හැක්..
දුක හිතුනා .. සිරාවට .. ඔය කරන රස්සාව නතර කරලා කෙට... ඉවාන් පවුලූශා දුක හිතුනා .. සිරාවට .. ඔය කරන රස්සාව නතර කරලා කෙටිකතා ලියපන්
අක්කට හැටයි ඉවාන් පවුලූශා .මොනවා ඒ කියන්නෙ අක්කා මැරිලා.. හරියටම හැටවෙනි උපන්දිනේ දවසේ. ඒත් අක්ක මැරිලා. උපන්දිනේ දවසෙම**************මට මතක කාලෙ ඉඳංම අක්කා හරි ලොකුයි. මට අක්කා එක්ක සෙල්ලං කරපු රංඩු කරපු, එකට ඉස්කෝලෙ ගිය කාලයක් මතක නෑ. නෑ නෑ... මට වයස නිසා නෙවේ. මට එහෙම කාලයක් තිබ්බෙ නෑ. ඒ වෙනුවට මට මතක අක්කා මාව ඉස්කෝලේ එක්කං ගිය හැටි. මාව නාවපු, කවපු, මාව පංති එක්කං ගිය හැටි. අක්කා ...
වල කතාව ඉවාන් පවුලූශා ඔන්න කලිංම කිව්වා වැඩිවිය පැමිණිලා නැති එවුං මේක කියවන්ඩ ඒපා... ඔය අපි වගේ වලපයයි ගොඩ පයයි ඉන්න ඒ කාලෙ හද්ද ඩොටේ ජීවත්වුන එකාලට මතක ඇති ඉස්සර කාලෙ ගමේ ගෙවල් වල තිබ්බා වල වැසිකිලි , සිංහලෙං ඕවට කිව්වෙ වල කක්කුස්සි කියලා.ඒවාගෙ සැකැස්ම ඉතිං මම කියන්ඩ ඕන නෑ. නමේම තියෙනවනෙ සැකැස්ම.හම්මට සිරි ඉතිං මට නං මතකයි ඔය වල කක්කුස්සි හොඳට. ඉස්සර අපේ අම්මලගෙ ...
අප්සරා තන්ඩන් ඉවාන් පවුලූශා "ඒ අන්න එනවා එනවා""කවුද"" අප්සරා"" අඩේ... මේකි දකිද්දී මට මතක් වෙන්නෙම... රවීනා බං.."" ඒ කවුද.... ""අනේ බං ගණං විතරක්ම නෙවේ ජීවිතේ .. හිංදි ෆිල්ම් කියලා ජාතියක් තියෙනව."ආ එතකොට ජීවිතේ හිංදි ෆිල්ම්ද.."..ඔය අපි තුන්දෙනා...මායි මෝරයි ප්‍රියයි...මායි කිව්වෙ මම.. ප්‍රගීත්.. මෝරා රසික ..ප්‍රියා ප්‍රියදර්ශන.මෙතනින් මීටරේ ප්‍රියදර්ශන ... ගණං වලට හැමදාම සීයයි.. හෙනට උස
ජීවගුණය ඉවාන් පවුලූශා නවීකරණය කරන ලද අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයට රැස්වූ ලක්ෂයකට අධික ඉන්දීය ප්‍රේක්ෂකයන් මෙන්ම රූපවාහිනිය ඉදිරියේ අසුන්ගෙන සිටි බිලියනයක් පමණ ක්‍රීඩා ලෝලීන් ද ඉහල ගත් හුස්ම හිරවූ සෙයක් පෙනේ.. විස්තර විචාරක කුටියේ සිට වෙනදා මහත් වූ තේජසින් සිය හඬ මෙන්ම අනිකුත් විස්තර විචාරකයන් අභිබවමින් මෙවර 2031 ක්‍රිකට් ලෝක කුසලානයේ සිය අණසක පැතිරවූ හිටපු ලෝක පූජිත පිතිකරු විරාට් කෝලි ගේ බිඳුණු මලානික ...
බ්ලැක් හෝක් ඉවාන් පවුලූශා මේකට සැක කවුරුවත් ඉන්නවද මිස්ට අනුරාධ. සී අයි ජයන්ත මාදිවල මගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවෙ බිත්තියේ පෝලිමට ගහලා තියෙන ෆොටෝ වලින් ඇස් අහකට ගන්නෙ නැතුවමඒ ෆොටෝ ගත්තම වම්පැත්තෙ උඩ පේලියම වර්ල්ඩ් නයිෆ් ත්‍රෝවිං ලීග් එකේ මම ක්‍රීඩා කරපු අවස්තා සහ තුන්වෙනි ස්තානය ගත්ත වෙලාවෙ ෆොටෝ.ඊලඟ පේලිට අවසන් හතරදෙනා අතරට ආපු ඇමරිකාවෙ වර්ජීනියා නයිෆ් ඇන්ඩ් ඇක්ස් ත්‍රෝවිං චැම්පියන්ශිප් එකේ ෆොටෝ.තව චෙක් රිපබ්ලික් නයිෆ් ...
ෂහීනා.... ඉවාන් පවුලූශා ඒයි ඒකි පට්ට යකෝ.... එහෙම තමා ඒකිව දකින හැම එකාටම හිතෙන්න ඇත්තෙ. ඒ වුනාට ඕක ඉස්සෙල්ලම හිතුනෙ මට. ඒ අද ඊයෙ නෙවේ. එහෙනං...එහෙනං කියන්නෙ මොන්ටිසෝරියෙදි. මොන්ටිසෝරියෙ මොන ලවුද. ඒක ලව් එකක්ද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මොන්ටිසෝරියෙදි එයා...ආ එයාගෙ නම ෂහීනා, ෂහීනා බොන්සො. හරියටම කිව්වොත් ෂහීනා සැලී බොන්සො. බන්ධනාගාරෙ හිටපු ලොකු ජේලර් උසම මහතම යෝධ සමාත් බොන්සොගෙ දුව. එයාගෙ අයියා ඩෙරික් ...
තංගච්චී ඉවාන් පවුලූශා කවි සිතුවිලි පහලවුනේ උඹ දැක්කම...............................................තංගච්චීරෑට බතට සම්බෝලේ ලුණු වැඩි ඇයි..................................................මීනච්චීඋඹ දුටු දා ඉඳලා මට බඩ ගින්දර..................................................නැතිවෙච්චීහිනා වෙන්න හිතක් නැතිද අදවත් මට..........................................නපුරිච්චී ...
වැස්ස ඉවාන් පවුලූශා අදත් වැස්ස වහින සඳේ මතක සුවඳ දැනේ , සීතල වැහි පොදේ මතකද තෙමුණා දෙන්නා. මීට අවුරුදු හැටපහකට විතර කලිං මට අවුරුදු 5දි විතර වැස්සට යන්න වැස්සෙ තෙමෙන්න එක එක කන්ඩිෂන් තිබ්බා. ඉඳලා ඉඳලා වහිනකොට එලියට යන්න විදිහක් තිබ්බෙ නෑ අත්තම්මා කිව්වෙ " අලුත් වැස්සට තෙමෙන්ඩ එපා පුතේ " කියලා, මඳ වැස්සට තෙමෙන්ද එපා , හිරිපොදේට තෙමෙන්ඩ එපා , පාන්දර වැස්සට තෙමෙන්ඩ ...
සිමෙන්ති බංකුව ඉවාන් පවුලූශා අපේ බස්සෝල්ට්ටෙකේ තිබ්බෙ සිමෙන්ති බංකුවක් හැබැයි. ඒකෙ කවුරුවත් වාඩිවුනේ නෑ. ඒ සිමෙන්ති බංකුවේ පිට තියෙන ඇන්දෙ වහලා ඉන්න කපුටො බෙටි දාන්නෙ සිමෙන්ති බංකුවේ පුප තියන කෑල්ලට. සමහර වෙලාවට බීලා වැඩිවෙන දර්මෙ මාමා ඕකෙ නිදාගෙන ඉන්නවා මං දැකලා තියෙනවා. බංකුවේ පාට මොන පාටද කියලා හරියටම කියන්න බෑ. හැබැයි මුලිංම ගාලා තිබ්බ පාටනං සුදුපාට කියලමයි මට හිතෙන්නෙ. අන්තිමට ගාපු පාට නං ...
හම්බන්තොටට ෆෝමියුලා වන ධාවන පථයක් ඉවාන් පවුලූශා හම්බන්තොටට ෆෝමියුලා වන ධාවන පථයක් කෘෂිකාර්මික මිත්‍යාව ලංකාව ගැන ඉස්සර ඉඳන්ම කියන්නේ කෘෂිකාර්මික රටක් කියලනේ, ඒත් ඔරකල් කාබනික ගොවිතැන කන්සෙප්ට් එකත් එක්ක තිබ්බ ගොවිතන්ටත් කෙලවෙලා ඇමිණිලා ඉන්න වෙලාවක් මේ. අපේ රටේ ගොවීන්ට අඩුවෙන්ම ලැබෙන්නේ කෘෂිකාර්මික තාක්ෂනය ඒ වගේම තාක්ෂණික කෘෂිකර්මයකට යන්න ගොවියත්, රජයත් දෙකම අසමත්, අකැමතියි. ඊශ්‍රායලය වගේ රටවල් වලින් ඒ තාක්ෂණය ගෙන්වන්න තරම් උවමනාවක් තියෙන බවක් පේන්නත් නෑ. විද්වතුන් කියන දේ ...
පියවරුන්ගේ දිනය ඉවාන් පවුලූශා .....පියවරුන්ගේ දිනය....කතාව ප්‍රැක්ටිස් වෙන්න කියලා කටුවට ගහගත්ත සටහන කපලා බිම දාපු හතරවෙනි වතාව. "සුවහසක් පියවරුන්ට.........""පියවරුමයි ලොව මහ සයුරක්........"" ජීවය මෙලොවට කැන්දූ...."" පියාණනී මා........"ඊලඟ මොහොතේ මම හිටියෙ ස්ටාෆ් රූම් එකේ දොර ළඟ ,පළවෙනි තට්ටුව දානකොටම පීරියඩ් එක ඉවරවෙන බෙල් එක වැදුනා , තට්ටු කරපු එක ඇහුනද දන්නෙත් නෑ. කජුවත්ත ෆාම් එකේ ටකේටත් වඩා හයියෙන් ගහන ඉස්කෝලෙ බෙල්එඑක කිලෝමීටර් බාගයක් දුරින් තියෙන ස්ටේෂන් එක ...
අයියා ඉවාන් පවුලූශා "ගැහුව නේද පොඩි එකාට, උඹට මම...." "ඌයි.........."අම්මා අයියාගේ කන මිරිකන විදිහ දැක්කම මට හිනත් යනවා.ඒත් රිදුනා වගේ ඉන්න එකෙන් අයියට තව ටිකක් බන්නවන්න පුලුවන් නිසාමයි එහෙම හිටියෙ."දන්නැති දෙයක් ඇහුවම කියල දෙන්න පුතේ" ඒ පාරනං අම්මටත් දුක හිතිලා වගේ ඒ හෝතඹුවා ගැන. "අහන්න නෙවේනෙ, එයා මගෙ මේසෙ උඩ තියෙන ඒවා අදිනවනෙ".ඉතිං පුතේ ඔය කොරල් කෑලි ඕන තරං හොයාගන්න බැරියැ"ඉතිං එයාටත් හොයාගන්න පුලුවන් නෙ ...