Tuesday, November 28, 2023

අක්කට හැටයි

.



මොනවා ඒ කියන්නෙ අක්කා මැරිලා.. හරියටම හැටවෙනි උපන්දිනේ දවසේ. 

ඒත් අක්ක මැරිලා. උපන්දිනේ දවසෙම


**************


මට මතක කාලෙ ඉඳංම අක්කා හරි ලොකුයි. මට අක්කා එක්ක සෙල්ලං කරපු රංඩු කරපු, එකට ඉස්කෝලෙ ගිය කාලයක් මතක නෑ. 


නෑ නෑ... මට වයස නිසා නෙවේ. මට එහෙම කාලයක් තිබ්බෙ නෑ. ඒ වෙනුවට මට මතක අක්කා මාව ඉස්කෝලේ එක්කං ගිය හැටි. මාව නාවපු, කවපු, මාව පංති එක්කං ගිය හැටි. 


අක්කා මාව ඉස්කෝලෙන් දාලා ගාමන්ටෙකේ වැඩට ගියා.


***********


අක්කගෙ නම අනූපමා වුනාට අක්කට අපේ අම්මා කිව්වෙ මූසලී කියලා.  ඒ දවස්වල අම්මගෙ කටේ තියෙන්නෙම. 


" මම මොන කරුමයක් පල දීලා මේ නාකි මිනිහෙක් බැඳගත්තද මංදා. ඒ මදිවට මට වඩා අවුරුදු පහ හයකට බාල මේ හෝන්තුවකුත් එක්ක"


අපේ තාත්තා ඉස්සර පොලී කාරයා. එයා විල්සන්. කට්‍ටිය එයා ඉන්න තැන කිව්වෙ "විලී මහත්තයා" කියලා.   එයා නැති වෙලාවට කිව්වෙ  "වින්න පොලී" කියලා. හැබැයි එහෙම කියපු  ගොඩක් මිනිස්සුන්ගෙ ගෙවල්වල පොඩිම එකා වින්න පොලීගෙ හැඩරුවමයි.


*************

 

අපේ අම්මා අපේ තාත්තා එක්ක එනකොට එයාට විසිපහයිලු.. හැබැයි ඒ වෙනකොට අක්කට දහනමයක් කියලා අම්ම කියන්නෙ. තාත්තට හතලිස් පහක්ලු. අම්මගෙ තාත්තා විලී මහත්තයගෙන් ගත්ත ණයට හිලව් වෙන්ඩ අපේ අම්මව එයාට දුන්නලු.  අපේ තාත්තා කියන්නෙ සල්ලං වෙලා මිනිහෙක් එක්ක යාගංඩ බැරුව හිටපු ගෑණියෙක් ගෙනල්ලා අලු ගසාදාලා ගත්තෙ එයාලු.


කොහොම හරි මට මතක කාලෙ ඉඳලා කණපුරා ඇහුනෙ අම්මගෙයි තාත්තගෙයි කුල කියාගැනිලි විතරයි.


*************


ජීවිතේ ඉක්මනට වෙනස් වෙනවා. දවසක් උදේම ගෙදරට දුවගෙන ආව කඩේ අයියා , හිනාවකින් කට පුරෝගෙන අම්මට කිව්වෙ අන්න පො|න්|න විලියව සිකන්දර් මරලා කියලා..  විලී මහත්තයා ඒ වෙනකොට සිකන්දර්ලෑ ගෙදරට දවල් රෑ නැතුව රිංගනවා කියලා නොදන්න එකෙක් හිටියේ නෑ. සිකන්දර්ගෙ ගෑනි මාරියම්මා හැඩ ගෑණියෙක් කියලා ඉතිං නොදැන හිටිය එකෙක් නෑ. සිකන්දර් මඩකලපුවේ බිස්නස් වලට ගිහිං සති අන්තෙ එන්නෙ.. එදා ඌ කලිං දවසෙම ආවේ තොපේ තාත්තා කියන එකාව මරන්ඩමයි කියලයි අන්වර් නං කියන්නෙ.


තාත්තා මලාට පස්සෙ අම්මට ඕන වුනේම අක්කව එලවගංඩ. ඔය මූසලීට මේ ගෙවල් දොරවල් වල ඇණ මුරිච්චියක්වත් අයිතිවෙංඩ මම ඉඩතියන්නෙ නෑ කියලයි.


ඒ වෙනකොට මට පාලහක් දාසයක් වගේ ඇති..අක්කට තිස්පහ පැනලා. නම අනූපමා වුනාට අක්කට ගමේ උං කිව්වෙ මූණ කචල් පු|ක සුරතල් කියලා. අම්මනං මූණටම කිව්වෙ මේකිගෙ මූණ දැක්කම මොකාද මේකිව ඇන්න යන්නෙ කියලා.


කෝමහරි අක්කා ගෙදරින් ගියා. ගියා නෙවේ අම්මා යැව්වා. අක්කා ඊට පස්සෙ තාත්තා ඔපීසිය කියලා ,  මාරකැට් එකට මෙහායින් කොට්ටම්බා ගහයට හදලා තිබ්බ ලෑලි පෙට්‍ටි ගෙදර පදිංචි වුනා. 


ටික දවසක් ගිහිං අක්කා ඒකෙ . පැටිස් පෙට්ටියක් තියාගෙන බෝතලේකට ප්ලේන්ටි දාගෙන වික්කා.  විට පෙට්‍ටියකුත් තිබ්බා. පස්සෙ සිකරට් එහෙම විකුණන්ඩත් ගත්තා.  

හෙමීට පොඩි සිල්ලර කඩයක් ගාණට ඒක ආවා..


*********


මම ඔය කඩේට යනවට අම්මා කැමති වුනේම නෑ. ඒත් අම්මට අංසබාගෙ හැදුනට පස්සෙ අක්කා අපිට කෑම දුන්නා මම තුං වෙව්ලටම එහෙ යනවා අම්මටයි මටයි කෑම අරං එන්ඩ.


මම මේ ඕන කමකට කනවා නෙවේ. ඕකි මේවට මොනවාහරි දානවා මට සනීප වෙන්නෙ නැතිවෙංඩ කියලා තමා අම්මනං කිව්වෙ. 


මම සාමාන්‍ය පෙල ඉවරවෙලා සිකුරුටි ජොබකට ගියා. අක්ක කලිං වැඩකරපු ගාමන්ටෙකේ. එන ගමං හවසට, උදේට , රෑට වෙලාවක් කලාවක් නැතුව. වැඩ ඉවරවෙන හැම වෙලේම මම අක්කගෙ කඩේට ගිහිං එතන තැග්ගැහෙන්න පුරුදු වෙලා.


*******

දවසක් මහ වැස්සෙ මම තෙත බරියං වෙලා තමා කඩේට රිංගුවේ. අක්කා එයාගෙ තුවාය දුන්නා ඇඟ පිහින්න. 

මගේ ලඟ සරං නෑ. මේක ඇඳගං කියලා අක්ක දුන්නෙ අක්කගෙ සායක්. මම ඒක අඳින්න යද්දි කලිසම වැටුනා. මට අක්ක දිහා බැලුනා..


හා හා ඇඳගනිං.. මං උඹේ ඔය බීඩිකොටේ ඉහේ කෙස් ගානට දැකලා තියෙනවා...


එදා රෑ වැස්ස තදකලා... ඉහේ කෙස් ගානට දැකපු  බීඩිකොටේ එක්ක  පලවෙනි වතාවට හැංගිමුත්තං කලා.  එලිවෙනකොට හතර පස් වතාවක්ම.

 අක්කා කිව්වෙ  රෙදි නැන්දට බලලා උඹලෑ අම්මටත් පෙන්නම්ඩ වටින ඇඳරෙද්දක් මේක කියලා...


දන්නවද උඹේ මේ උපන්ලපේ මකන්ඩ මං ඒ කාලෙ උඹේ අතේ අලුහුණු ගාලා අත තුවාලත් වුනා. මගේ වැලමිටට  පහලින් වැලමිටේ ඇතුල් පැත්තේ තිබ්බ අප්‍රිකාව හැඩේ උපන් ලපේ අතගගා අක්කා , පොඩිකාලෙ මාව නාවපු හැටි කිව්වා...


ඔහොම කාලෙ ගෙවිලා ගියා. ඒ හැම රෑකම බීඩිකොටේ සෙල්ලම ඉවර වුනාම අක්කා මගේ අප්‍රිකාවේ හැඩේ උපන් ලපේ මකන්න හැදුවා.


දවසක් දා රෑ යාමෙක කඩේට ගල්පාරවල් වැදුනා.. මම කලුවරේම පිටිපස්සෙ දොරෙන් පැනලා ගියා. පහුවදා බලනකොට කඩේ තිබ්බෙ නෑ. එතන කවුරුහරි ගිණි තැපලා තිබ්බ වග පෙනුනේ. 


ඇඳේම හිටපු අම්මා මට සමච්චලේට හිනා වුනා.මාමත් ඒ හිනාවටම එකතුවෙලා මට හිනාවුනා.


****** 


අක්ක ගැන ආරංචියක් නැතුව අවුරුදු පහලොවක් විතර වුනා. මට කසාදයක් හරිගියෙත් නෑ. අම්මත් නැති ගෙදර තනියෙං ඉද්දි දවසක් කොලු ගැටවු දෙන්නෙක් ආවා. 


මාමෙ .. මාමද සිදත් කියන්නෙ..


ඔව් පුතේ මොකෑ..


මාමෙ අනුපමා නැන්ද නැතිවුනා..අන්තිම මොහොතෙ මේ ඇඩ්‍රස් එකට ගිහිං කියන්න කියලා තමා කිව්වෙ. මේ එයාගෙ පුතා. එතන හිටපු පොඩි කොලුවව පෙන්නපු ලොකු කොල්ලා කිව්වා..


අපි යන්නං මාමෙ. මලගෙදරදි හම්බවෙමු කියලා උං ආපහු යන්න හැරෙද්දි තමා මං පොඩි එකාගෙ අතේ වැලමිටට පහලින් තිබ්බ අප්‍රිකාව හැඩේ උපන්ලපේ දැක්කෙ.

16 comments:

  1. දුක හිතුනා .. සිරාවට .. ඔය කරන රස්සාව නතර කරලා කෙටිකතා ලියපන්

    ReplyDelete
    Replies
    1. සිකුරිටි ජොබ් එකෙන් අයින් වෙලා වෙන එකක් කළාද මෙයා. හැක්..

      Delete
    2. පැතුමා .. එහෙම වැඩක් මුල ඉඳලා කලානම් එක්කෝ අද ඇතිවෙලා නැත්තං නැත්තටම නැතිවෙලා

      Delete
    3. පසන් නයා , අර ටොයිලට එකෙන් එලියට එන්න බැරුව ඉන්නේ තාම

      Delete
  2. හොඳ වෙලාවට කඩේට ගිනි තියපු වෙලාවෙ බීඩි කොටේ පත්තු උනේ නැත්තෙ.

    ReplyDelete
  3. ඇර මාටින්! පරණ ඉවාන් ආයෙ ඇවිල්ලා. ඔහොම යං.✌️😁
    බ්ලොග් රෝලෙ අප්ඩේට් නොවුන ලෙඩෙත් දැන් හොඳ වෙලා. කතාව එක හුස්මට කියෙව්වා. අනේ අනිච්චං කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යාධිකාරි තුමා, අද තමා බ්ලොග් අප්ඩේට් ලෙඩේ හදාගත්තෙ. Feeds වල අවුලක් තිබිලා. ඉස්තූතියි හොඳේ

      Delete
  4. ඉඳල හිටල බීඩි කොටේ කරගෙන හැඩ ඔපේ
    දැනිල අරුම හැම රෑකම ගිනි රස්නේ තැපේ
    දැකල මෙගැන අසල්වාසී අයගේ කට හැපේ
    දුවල ආව උරුමය බව හැදිනූවේ ලපේ....

    නියමයි ඉයන්.
    ජයවේවා !!!



    ReplyDelete
    Replies
    1. අම්මට සිරි කවිය ❤️❤️❤️❤️❤️

      Delete
  5. බීඩී කොටේ සෙල්ලම...ඒක මරු කතාව

    ReplyDelete
  6. අද කුල්ල කුජීත දවසක්. උදේ ඉදලා නියෝන් එළි කහපාටක් තියෙනකොට මට හිතුනා මේම වෙයි කියලා. ගතවෙන මොහොතේ සතුට කොහොමද හොයාගන්නේ? ජීවිතේ කියන්නේ වෙන සුත්තක් නෙවෙයි. කරකවලා කරකවලා අතෑරියාම වටයක් දෙකක් තුනක් කැරකිලා ජීවිතේ හොයාගන්න අපිට පුලුවන් වෙන්න ඕනෑ. ඒකට ඉතිං ට්‍රෝනේඩෝවක් අස්සේ උනත් පියවිසිහිය රැකගැනීමේ මිකැනිසම් එක අභ්‍යාස කරලා තියෙන්න ඕනී. කොහොම වුණත් දුක දියවෙලා ගංවතුර ගලන නිමේශයෙන් බේරෙන්න උස්බිමක් හොයනකොට මට පෙනුනේ මහරගම පරණපාරේ ෆිල්ම් හෝල් එකට අල්ලපු බාර් එක.

    උදේ ඉදලා තිබුණ අවුල එක්කම ගල් කාලක් ඕඩර් කරේ අමුවෙන්ම ගසන්න හිතාගෙන.. වයිඩ් පෝක් නැතිවුණත් කළුවට කළු ගැහුන ටවුන් පෝක් ප්ලේට් එකක් එක්ක වැඩේ යන්න පටන් ගත්තා. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකද්ද හැමදාම වගේ අදත් හිතන්න පටන් ගත්තා. උත්තරයක් නෑ. ඩන්හීල් එකක් ගැහුවා ඒත් උත්තරයක් නෑ. ජීවිත සුළි සුළඟ උඩ පාවෙන්න කෙසෙල් කොට ඕවිල්ලක් හදාගන්න මම හිතුවා. මම හිටිය මේසේ හෝස් ගාලා එළියේ එළිය මූනට ගහන තැනක්..

    මම සයිඩ් වෙන්න කල්පනා කළා...මේසේ මාරු කළා... ඒක මන්දාලෝකය වැටෙන කළුවර බිම් පෙදෙසක්. ඔහේ ඉදගෙන කාල ගහනකොට ඒක ඉවර වෙලා ඊළඟ කාලත් මේසෙට ඇවිත් තිබ්බා. මම මෙතනට නිතරම එන්න කැමති රස්සාව ආදරෙන් කරන වේටරයෙක් අපි එනකම් මඟබලාගෙන හිඳීම. ඌ හැම වෙලාවෙම අපි දිහා බලලා මොනාද කෙරෙන්න ඕනෑ කියලා අහන ගම්කැම්‍රියෙක්. අපි ඉස්සර ගමේ ඉන්න කාලේ ඉදලා ඉස්කෝලේ යන කාලේ ඉදලා ඉතිං මොනාද කෙරෙන්න ඕනී කියලා අහන එවුන්ට මාර කැමතියි. මූත් ඒවගේ කන්කාසියෙක්.

    කොහොමහරි ටික වෙලාවකින් අල්ලපු මේසෙට පොරොක් ඇවිත් ගල් සීයක් එක්ක ස්ප්‍රයිටෙක් සැන්ඩි කලා. මම ඔහේ බලාගෙන හිටියා. කැසට් එකේ ප්‍රින්ස්ගේ සිංදු සෝවක් ඔහේ සුළඟට මුසු වුණා.
    ප්‍රින්ස් ගැන මම ගොඩක් දේවල් දන්නවා. ඒ ඌ මම දැන් ජීවත්වෙන ගෙවල් හතාටකට එහා ජීවත් වුණ නිසා. ඒ රස කතා අතරේ කිමිදෙන ගමන් සයුරු කොනක හිඳ බලා සිටින්නෙමි ඔබ එනතුරු මා පවන් සලා.. අහගෙන ඉන්නකොට අල්ලපු මේසේ ගල් සීයේ හාදයා තවත් දෙසීයක් වීදුරුවට හලාගන්න ගමන් මෙහෙම ඇහුවා.

    මහත්තයා හින්දි දෙමළ සිංදුවලට ආසද?

    විනාශේ පටන් ගත්ත තැන එතන. මම ඔහේ හිනාවක් පාකලා. අපි බීලා වෙරි වෙන්න අතරමඟ මිනිස්සු. මම එහෙම උපේක්ෂාවක් දල්වාගෙන මගේ අලුත් මිත්‍රයාගේ කෝච්චියට බෙල්ලම තිබ්බා.
    කාදල් රොජරේ.. මිනිහා කැසියර් එක ඇත්තට බෙල්ල කරකෝ කරකෝ කීවා. හොරෙන් බල බල කීවා. එතකොට තුනේ කනිසම වදින්න පැය බාගයක් ඇති. බාරුවේ වැඩකොරන්නෝ වැඩ නතර කරන්න හීන බලන වෙලාවේ. ඒ අස්සේ මේකා සිංදුවක් පටන් අරං. ඊළඟ සිංදුව මම ආසම ඒක් පූල් දෝමාලි ෆිල්ම් එකේ. එක මලට බඹරු දෙන්නයි. කතාව ඒකයි.

    මගේ පළවෙනි චිත්‍රපටි බැලිල්ල. රත්නපුරේ ජෝති හෝල් එකේ තමයි බැලුවේ. ඒ ඉතිහාසයම මහරගමට ඇවිත් මාත් එක්ක ගලක් ගහන්න සෙට් උනා. ඒක වෙනම ආතල් එකක්. දැන් ඉතිං නොනවතින භාරත ගීත මේලා වගේ තමයි. හරිහරන්, ආශාබෝස්ලේ ලතා මංගෙෂ්කාර්, කිශෝර් කුමාර්, එස්පී, මුකේෂ්, වගේ අයගේ සිංදු කෑලී මිමිනිලි ඇහෙන්න ගත්තා...

    මහත්තයා කොහේද? මම රත්නපුරේ

    ආ මැණික් පුරේ...

    මම මාතලේ.. මම ට්‍රින්ටි කොලේජ් එකට ගියේ. 1985 තමයි ඉස්කූල් අවුට් වෙලා කොළඹ ආවේ. බොම්බේ කොම්පැනියක වැඩකරන්න තමයි ආවේ. දැන් ඉතිං ජීව්තේ මහරගම තමයි ගෙවෙන්නේ..
    නම මොකද්ද? මට නිකමට අහන්න හිතුනා.

    මම නිත්‍ය අනානන්දන්.. හැමදාම ආනන්දයෙන් තමයි මම ඉන්නේ. මේ බාර් එකේ ඔය පරණ අයගෙන් අහන්න මම එදා ඉදල මෙතනට තමයි බොන්න එන්නේ.. ජීවිතේ කොයි වෙලාවෙද කියන්න බෑ.. සුටුස් ගාන්න පුලුවන්. මගේ ජීවිතේ හැමවෙලාවෙම ගෙවෙන්නේ ආනන්දයෙන්..

    මිනිහා ආයෙත් සිංදු කියන්න පටන් ගත්තා. ඒ කටහඬ.. ආයේ ඉතිං කතාකරන්න දෙයක් නෑ..දවසේ තිබුණ සියලු ප්‍රශ්න අකාමකා දැම්මා...!!!

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු යකෝ ඒක ❤️❤️❤️

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]