Gladiator ප්‍රේමය _ ( නැරඹුවා'ද..??? ) හරක\'ගෙ බ්ලොග් එක 'වේදිකා නාට්‍ය' කියන්නෙ සජීවී මාධ්‍යක්. අපි නාට්‍ය ශාලාවක බලන නාට්‍යක ' ස්වභාවිකව ඇහැට පේන, කනට ඇහෙන රූප හා ශබ්ද එක්ක ඈඳුනු රංග වින්‍යාසය නාට්‍යකරුවෙක් විසින් ගොඩනගන්නේ, නාට්‍යය වේදිකා ගත'කරන නාට්‍ය ශාලාවට සාපෙක්ෂවයි. මොකද, නාට්‍ය ශාලාවක අවකාශයේ ජ්‍යාමිතිය ;- වෙන විදිහකට කියනවනම් ' වේදිකාවේ ප්‍රමාණය හා හැඩය, හඬ සම්ප්‍රේෂණය වන ආකාරය, ප්‍රේක්ෂකයා හා වේදිකාව අතර ඇති දුර, ප්‍රේක්ෂකයා අසුන්'ගන්නා වපසරියේ ...
සිංහබාහු නීච වූ පසු දික්තලා රජ'වීම හරක\'ගෙ බ්ලොග් එක මාලඹේ රාහුල බාලිකා පාසලේ ළමයි මනමේ නාට්‍ය කරපු නිසා, නාට්‍යයෙ වර්තමාන අයිතිකාරයගෙ නැට්ට ගිනි'අරං කියල සයිබර් අවකාශෙ කීප තැනකම චූටි news එකක් තියෙනව දැක්ක. අද හරකගෙ ලිපියට මුල් වෙන්නෙ පහල link එකේ තිබුණු ඒ news එක...(කොටන්න)මනමේ ට එරෙහිව ලලිතා සටනට හොරණ ශ්‍රීපාලි campus එකේ, 2009 batch එකේ නාට්‍ය හදාරන කොල්ලො'කෙල්ලො ටික 2011 වසරේ එයාලගෙ final year production එක විදිහට කරල ...
ජීවිතය ජාල'ගත කර කෙලවා'ගැනීම : Disconnect හරක\'ගෙ බ්ලොග් එක ගාල්ල-කොළඹ අධිවේගී මාර්ගය විවෘත වෙලා මාස දෙකකට විතර පස්සෙ මුල්'වරට හරක ඒ පාරෙන් ගාලු ගියා. යන අතරමගදි මනුස්සයෙක් අඩි දෙකක්වත් උස නැති යකඩ වැටෙන් පැනලා එළුවො තුන් දෙනෙකුත් පන්නගෙන, දක්කගෙන පාර මාරු උනා. අපි සාමන්‍යයෙන් පාර මාරු වෙද්දි එන වාහනේට නවතින්න අතින් සංඥා කරනවා වගේ, මේ මනුස්සයත් හරකට අත දික්'කරගෙනයි පාර මාරු උනේ.ලෝකෙ කොහේ උනත් අලුත් දෙයක් සමාජගත වෙද්දි, ඒ ...
නත්තල් සීයා වෙත , හරක\'ගෙ බ්ලොග් එක අනේ නත්තල් සීයේ,මං උඹ ගැන දැනගනිද්දි මට වයස අවුරුදු දෙකයි. එදා ඉඳං අද වෙනකං අවුරුදු විසිපහක් තිස්සෙ උඹ එනකං මං බලං ඉන්නවා කියලා උඹ තාම දන්'නැද්ද ? අද දවස ඉවර'වෙන්නත් තව ටික වෙලාවයි තියෙන්නෙ.හ්ම්ම්ම්... උඹ අද එන්නෙත් නෑ සීයෙ..උඹේ බොස් ඉපදුනෙත් මං ඉපදුනා වාගෙම ගව'මඩුවක සීයෙ. පොර හැමෝටම ආදරේ කරන්න කිව්වට උඹ වැඩ කරන්නෙත් පංගු'පේරුවටමයි නේද ? මොනම දේකදි'වත් පංගු'පේරුවට ...
අත්තම්මලා'ගේ තේරීම - අත්තානං හරක\'ගෙ බ්ලොග් එක ජාතික යෞවන නාට්‍ය උළෙල අවුරුදු පතා පවත්වන්නෙ ජාතික තරුණ සේවා සභාව මගින්.(හැමෝම කටවහරෙ කියන 'යූත්' එක මගින්.) උළෙලේ 1, 2, 3 ස්ථාන ලබන කෙටි නාට්‍ය තුන ' රට වටේ පෙන්නන්න දිස්ත්‍රික්ක 25හේම දර්ශණ 25ක් සංවිධානය කරදීමේ වැඩපිළිවෙලක් යූත් එකෙං පටං ගත්තා 2007'දි. හැම රජයේ වැඩකටම වෙනවා වගේ මේ ප්රොජෙට්ටුවෙත් අව කැපිලා, ඇස්වහ'කටවහ දුරු වෙලා, තන්ත්රයට තැලිල'පොඩිවෙලා, ලොකු පුටු වල ඉන්න ...
දොරට වඩින දා... REALITY හරක\'ගෙ බ්ලොග් එක මේ ලිපිය ලියන මේ මොහොතේ, කොළඹ මහජන පුස්තකාලෙ "REALITY" නමින් කෘතියක් එලිදැක්වීමේ උත්සවයක් පැවැත්වෙමිනුයි තියෙන්නෙ...කාලයක් තිස්සෙ එකමුතුව දරපු උත්සාහය සඵල වෙන අවස්ථාවෙදි, හරක ඉන්නෙ ඊට සහභාගී වෙන්න බැරි තරම් දුරක නිසා මේ කෙටි සටහන ලියන්න හිතුනා."REALITY" කෘතියෙ තියෙන්නෙ නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය විසින් නිෂ්පාදනය කරපු "REALITY" , "සීගිරි කාශ්‍යප" , "තුන් මාසෙ දානෙටවත්" යන කෙටි නාට්‍ය තුනේ පිටපත් සහ ඒ නාට්‍ය වෙනුවෙන් ...
නිවන් සැප ලැබේවා...! _ (1 කොටස) හරක\'ගෙ බ්ලොග් එක භානු අයියා ගියා...ඒ සරල සුන්දර මිනිහ ගැන මොනවහරි කුරුටු ගාන්න ඕන'උනත් , ඔහුගේ සමීපතම මිතුරෙක්(ධනංජය කරුණාරත්න) ලිව්ව ලිපියක් උපුටලා දාන'එක ඊට වඩා ගොඩක් සුදුසුයි කියල හරක හිතුවා...බොහිමියානු භානුවා තමන්ට සමීප කෙනෙක්, හිතවතෙක්, එහෙම නැත්තං මොනයම් විදිහකින් හෝ තමන්ට link එකක් තියෙන කෙනෙක් මියගියාම තමන්ට දැනෙන හැඟීම අපි එක එක විදිහට එලියට දානවා. එහෙම වෙලාවට නිවන් සැප පතන එක, වැඩි පිරිසක් ...
"වීරයා මකරව මැරුවා. ඉතිං මිනිස්සු තව ජනප්‍රිය උනා" - මකරටක වෙසෙන සිරිවර්ධන පවුලක් (2කොටස) හරක\'ගෙ බ්ලොග් එක ...මේ මකර ලංකාවේ සිරිවර්ධන පවුල් බොහෝ වෙයි. ඒ කෙසේද යත්,ඔන්න එකෝමත් එක රටක නපූරු වීරයෙක් හිටියා. එයා ටික කාලෙකින් ලොකූ මකරෙක් උනා. ඉතිං මේ මකරා බොහෝම කාලයක් සාමකාමීව ඒ එකෝමත් එක රට පාලනය කරා. ඉතින් ඒ රටේ මිනිස්සුත් මකරට බොහෝම යටහත් පහත් විදිහට ජිවත් උනා. මකරත් හරි හරියට වැඩ කරා. ලොකු ලොකු මිනිස්සු සතුටු උනා. අනින් මිනිස්සුන්ටත් අමුතුම සතුටක් ලැබුණා. ...
නෝනිසාලංකාරය... හරක\'ගෙ බ්ලොග් එක දැන් හැමෝම ක්‍රිස් නෝනිස් ආතල් එක අරං හිතේ හැටියට ඉවර ඇතැයි කියල හිතන නිසයි මේ ටික ලියන්නේ (කොහොමත් ඔය චුවිංගම් එකෙන් අපිට ආතල් එකකට කියල ඉතුරු වුණේ සිරිකොතේ ත්‍රාසජනක සටන් ජවනිකාවයි, නෝනිස් මහත්තයගෙ පට්ට කඩ්ඩයි විතරයි.)ක්‍රිස් නෝනිස් කියන්නේ තානාපතිවරයෙක්. ඔහුගේ රාජකාරිය කොන්දේසි විරහිතව සිය මාතෘ භූමියේ ප්‍රතිපත්ති, විවේචනයෙන් ආරක්ෂා කිරීම. ඔහු ඒ රාජකාරිය අන්තිම විශිෂ්ට මට්ටමින් කළා. ඒකෙ සැකයක් නෑ. ...
සත් වසරක් ගෙවී ගිහින්... හරක\'ගෙ බ්ලොග් එක දැං වෙලාව රෑ 11යි. තව පැයකින් හරකාට විෂේශ දවසක් ඉවර වෙනවා. 2006 දෙසැම්බර් 27 වෙනිදා , ඒ කියන්නෙ හරියටම අදින් වසර 7කට පෙර අද වගේම දවසක කොළඹ ලුම්බිණි රඟහලේ හවස 6.30 සිට කෙටි නාට්‍ය 4ක් වේදිකා ගත වුනා. ඒ.., හරක ජීවිතේ මුලිංම බලපු කෙටි නාට්‍ය හතර. අවුරුදු 7කට පස්සෙ ආපහු හැරිල බලද්දි, එදා හවස් වරුවෙ ගත කරපු ඒ පැය කීපය ...
හූනා චිකයි... හරක\'ගෙ බ්ලොග් එක ටික'කාලෙකට කලිං හරක The Babymakers කියල ෆිල්ම් එකක් බැලුව. දරුවො නැති විවාහක යුවලක්, තමංගෙම දරුවෙක් හදාගන්න ගන්න උත්සාහයයි කතාවෙ තියෙන්නෙ. ඒකෙ, හරකගෙ හිතට වැදුනු දෙබසක සිංහල අනුවර්තනයයි මේ..,"යකෝ තොට පිස්සුද ?අපි අඳින ජංගියෙ ඉඳං හැම ඇටයක්ම හදන්නෙ උං. මට නං මේ made in china මගුල් ඇති වෙලා.රෙද්ද... දැං උං අපිට ළමයිනුත් හදලා දෙනවද ?"දවස් කීපෙකට කලිං BBC news වල කියපු ...
"විෂ්" එක මුල් වී සුබ පැතුම යට යාම...!!! හරක\'ගෙ බ්ලොග් එක අද දිනය යනු තොරතෝංචියක් නැති ව සුබ පැතුම් ලැබෙන දිනයකි.උදේ හමුවන එකාගෙන් වෙලාව කීයදැයි ඇසුවද “සේම් ටු යූ“ කියන තරම් අංජබජල් දවසකි....!!මේ සුබ පැතීමේ සම්ප්රදාය කවදා කොහේ ඇතිවිණිදැයි සොයා දැන ගන්නට නැති වුව ද, ඉඳුරාම එය අපට ලැබුණේ නම් අපව ආක්‍රමණය කොට අපගේ හරු බස්සම අතගාගෙන ගිය පරදේශක්කාරයන්ගෙන්'වගනම් ඉර හඳ වගේ විශ්වාස ය.. ඔවුන්ට අලුත් අවුරුද්දකට වඩා තිබුනේ නත්තල ය. ...
මකරටක වෙසෙන සිරිවර්ධන පවුලක් (1කොටස) හරක\'ගෙ බ්ලොග් එක “තම දරුවා ලොකු මිනිහෙකු, ගැහැණියකු කිරීමට උත්සුක නොවන්න. මන්ද ලොව සියල්ලන්ටම ලොකු මිනිසුන්වීමට බැරිය. නමුත් තම දරුවාගේ දක්ෂතාවයේ උපරිමයට ඔහුව හෝ ඇයව ගෙනයාමට හෙවත් කරනා දෙයින් ලොව උපරිමයට..... යාමට පාර පෙන්වන්න.”- ඒබ්‍රහම් ලින්කන් -සංවේගයෙන් දැනුම්දෙන වගනම්, ශ්‍රී ලංකාව නම් සුන්දර දිවයිනේ වෙනත් ශිල්පයක් ඇත්තේම නැතුවාක් මෙන් තරු මානසිකත්වයක් ඇතිකර තරුණ පරපුරේ අනාගතය කියා නොකියා අඳුරේ දැමීම නැවතී නැත. දියණියන්ගේ මව්වරුන්ගේ ...
ප්‍රසිද්ධිය කන්නද ඕයි !!! හරක\'ගෙ බ්ලොග් එක J.Lo...තවමත් කීදාහකගෙ නං හීන කුමරියද...හරකත් නාඹර වෙන්න පටන්ගත්ත කාලෙ පිස්සු වැටිලා හිටියා. තාමත් හීනියට ඒ පිස්සුව තියෙනවා. ලිංගික ආකර්ශනේ ගැන කතා කරන්න නම් මරු අකුරු තුන...J.Lo.පහුගිය දවසක FB එකේ රස්තියාදු ගහනකොට දැක්ක J.Lo'ගෙ fan page එකෙන් ෆොටෝ එකක් දාල. ඒ වෙද්දි අප්ලෝඩ් කරල මිනිත්තු 37යි. 77262 දෙනෙක් like කරල තිබුණ. ආයෙ ටික වෙලවකින් බැලුව. මිනිත්තු 44යි. like 83171යි.(හරකගෙ කැල් එක ...
හොටැන් ස් පයිසි ප්ලයිං පිෂ් හරක\'ගෙ බ්ලොග් එක අතවරයක් වෙලා උසාවි ගියාම, වෙච්ච සිද්දියට වඩා ඇඳං හිටපු ඇඳුම ප්‍රශ්නයක් වෙන රටක්නෙ මේක... ඕනම දේකදි ප්‍රධාන කාරණාව පස්සට දාල වෙන සුළු සුළු කාරණාවල් මුලට අරං පිස්සු කෙලින එක ලංකාවෙ අපි වැඩිදෙනෙකුට පොදු ගතියක්. අපේ ජීවිත ඇතුලෙ හෝ සමාජීයව හෝ දේශපාලනිකව , මේ ගතිය එක එක ස්වරූප වලින් අඳුන ගන්න පුලුවං.කොටින්ම හරකට හිතෙනව මේ ගතිය ලංකාවෙ සංස්කෘතික කාරණාවක් කියල. හරක ...
මුකවාඩමෙන් එබී බලමි... හරක\'ගෙ බ්ලොග් එක මොරටුව සරසවිය තුල නිකාබය තහනම් කිරීම 'නොකල යුත්තක්' බවට මේ දිනවල විවිධ අදහස් බුකිය තුල හුවමාරු වෙමින් තිබේ. එහෙත් ඊට එකඟ වන්නට නම් බැරිය. මම ඔය හුජ්-ජාතිවාදී සෙට් එකේ හෝ ජාතිකවාතකාර සෙට් එකේ හෝ නොවන බව උඹහැ දන්නවා ඇත. ඒ ඇරත් මට මුස්ලිම් එව්වෝ එක්ක අමුතු මළක් නැතිය. උනුත් මිනිස්සු ය. මට මනුස්සකම අනිත් සේරටම වඩා වටින්නේ ය. මා එක්ක ...
ස්වභාමෑණියෝ...!!! හරක\'ගෙ බ්ලොග් එක එකමත් එක කාලෙක...,අපේ ඉස්කෝලෙ, 7 වසරෙදි හිටපු අපේ පන්ති භාර සර්'ගෙ නම බන්දුල. අපි හුරතලේට කිව්වෙ බාබු කියල. මිනිහ ටිකක් යාතුකර්ම පැත්තට බර හාදයෙක්.මිනිහ ලඟ ලඟ දවස් 2ක් ඉස්කෝලෙ ආවෙ නෑ. ඊලඟ දවසෙ එද්දි ගුරු මේසෙ උඩ තියෙන ප්ලාස්ටික් මල් පෝච්චිය නැතිවෙලා." දවස් 2ක් වෙනව සර්.. තාම හම්බුන් නෑ.." ඒ පන්ති නායකය.බාබු කතා කරන්න පටන් ගත්ත."මේ ලෝකෙ ඕනම කෙනෙක් අතින් ...
විවාහය සඳහා ගණිකාවක් සොයමි. හරක\'ගෙ බ්ලොග් එක මේ.., අවුරුදු දෙක'තුනකට කලිං හරක බුකියේ දාපු ස්ටේටස් එකක්.ඒකත් එක්ක වෙච්චි පොඩි සිද්දියක් ලියන්න හිතුනා.''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''විවාහය සඳහා ගණිකාවක් සොයමි.සමාජය විසින් ඔබව හඳුනාගන්නේ හිගන්නියකගේ සිට එග්සෙකටිව් තනතුරක් දක්වා ඇති කුමන නමකින්'ද ? නැත්නම් ගණිකාවක් නමින්'මද ? ඒ කෙසේ වුවත් කම් නැත. ඔබ ගණිකාවක් නම්, මේ අවස්ථාව ඔබටයි.ඔබේ ආගම කුමක් වුවත් කම් නැත. කුලය කියා දෙයක් මා දන්නේ'ද නැත. උස , කොට / ...
උරුමයක කරුමය හරක\'ගෙ බ්ලොග් එක ක්‍රිස්ටෝපර් කොලොම්බස් 1492 වසරේදී ඇමරිකාව සොයාගන්නා විට ලංකාවේ තිබී ඇත්තේ කෝට්ටේ රාජධානිය වන අතර වීර පරාක්‍රමබාහු viii ගේ පාලන කාලය විය. අද වන විට නන් දෙසින් පැමිණි පෘථිවි වාසීන් ගේ එකමුතුවකින් සැදුම් ලත් ඇමරිකාව ලෝකයේ ප්‍රධානම බලවතා වී සිටි. මේ සිංහල අපගේ රටේ උපන් මිනිස්සු බුරුතු පිටින් ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරමින් එහි යාමට පෙරුම් පුරති. හැකි හැම කෙනාම මේ ...
තරුවක් වෙයං සුදේශ්... හරක\'ගෙ බ්ලොග් එක තව සතියකින් නිහඬව අමතක වන්නට නියමිත සුදේශ් පීරිස් ක්‍රීඩකයා වෙනුවෙනි.. සුද්දා ලංකාවට ආවේ ය.. ඇවිත් තේ වැවුවේ ය.. තේ වවා නිකං හිටියේ නැත.. වත්ත වටේට සුදු ජාන ටිකක් ද දන් දී ගියේ ය.. අපේ එව්වෝ සුද්දාගේ ජාන ආඩම්බරෙන් බාරගත්තා සේ ම, සුද්දා අපට දී ගිය තවත් බොහෝ දේ ආඩම්බරෙන් බාරගත්තෝ ය.. ඉන් එකකි, ක්‍රිකට්.. අප ක්‍රිකට් ගහන්නේ ක්‍රිකට් ලොකු නිසා ...