දාං ලෑල්ලේ නීති පල්ලියේ කතා තරුණයන් දෙදෙනෙක් දාං ක්‍රීඩාවෙ යෙදෙමින් සිටියාලු.ඒ අසලින් ගිය මහලු තැනැත්තෙක් ඇසුවාලු " දාං ක්‍රීඩාවේ නීති ඔබ දන්නවාද ? " කියල.එකවර ඇසූ ප්‍රශ්නයෙන් අන්දමන්දව බලාසිටි තරුණයන් හට මහල්ලාම පිළිතුරු දුන්නාලු." පළමු නීතිය : යා හැක්කේ ඉදිරියට පමනයිදෙවන නීතිය : ඉදිරියට යා හැක්කේ වරකට එක පියවර බැගින් පමනයි.තෙවන නීතිය : ඔබ ඉහලටම ගියවිට, ඔබට කැමති තැනකට යා හැකියි. ජීවිතයත් මේ වගෙයි .. ...
නොමිලේ මිලියනයක් පල්ලියේ කතා මිතුරන් සිව්දෙනෙක් ආගිය තොරතුරු කතා කරමින් සිටියා ලු.එක් අයෙක් ඇසුවාලු " ඔබ උදේ අවදිවූ විට, ඔබේ ඇඳ අසල රුපියල් මිලියනයක් තිබුනොත් ඔබ මොකද කරන්නෙ ? " කියල.එක් අයෙක් කිව්වලු " මම කර්මාන්තශාලාවක් අරඹා දියුනුවෙනවා.. " කියල.අනෙකා කිව්වලු " මම කොටස් වෙලඳපොලේ එම මුදල් ආයෝජනය කරනවා.. " කියල.අවසාන තැනැත්තා කිව්වලු" මම නැවතත් නින්දට යනව.. මම නැවත අවදිවන විට තවත් මිලියනයක් මගේ ...
කතුරු ඔන්චිල්ලාව පල්ලියේ කතා මේ කතාව මුල්ල නසරුදීන් ගෙ කතා පෙලෙන් එකක්. මේ කුඩා කතන්දර වල විශේෂත්වය තමයි උපහාසය , මෝඩකම එක්ක හිතන්න ආධ්‍යාත්මික පනිවුඩයක් ගැබ්ව තිබීම.දවසක් මනුස්සයෙක් සැනකෙලි බිමේ යනකොට දැක්කලු මුල්ලා නසරුදීන් කතුරු ඔන්චිල්ලාවෙ ගමන් කරමින් විනෝද වෙනව. එක වටයක් ඉවරවුනාලු. මුල්ලා නැවතත් කතුරු ඔන්චිල්ලාවෙ ගමන් කරනව ලු.මේ දිහා බලන් උන්නු මනුස්සයට තේරුනාලු මුල්ලා එක දිගටම මේ වැඩේ කරන බව. කතුරු ඔන්චිල්ලාවෙන් ...
මෝඩ මාලුවා පල්ලියේ කතා එක විලක සිටියලු මාලු තුන්දෙනෙක්. එකෙක් ඉතා බුද්ධිමත් ලු, අනෙකා අඩක් බුද්ධිමත් ලු, අවසානයා මෝඩයෙක් ලු.දිනක් මේම වැව අසලට මාලු අල්ලන පිරිසක් ආවලු. මාලු දැලුත් අරගෙන.මේක දැකපු බුද්ධිමත් මාලුව සිතුවලු " දැන් මෙහි ජීවත්වීම අනතුරුදායකයි. මම කෙසේ හෝ මුහුදට පිහිනා යා යුතුයි. " මෙසේ සිතා මුහුද කරා පිහිනා ගියාලු.මිනිසුන් දැල් එලා අනෙක් මාලු දෙදෙනා දැලට කොටුවුනාලු.අඩක් බුද්ධිමත් මාලුව සිතුවලු " ...
වැරදිකරු ස්වාමීනී පල්ලියේ කතා විත්ති කූඩුවේ සිටි සිරකරුගෙන් ප්‍රධාන විනිසුරු අහනව ලු" නීතියට පිටින් වැඩකිරීමට මිනිසුන් පෙලඹවීම, සම්ප්‍රදායන් හා අපගේ ශුද්ධවූ ආගමේ ඉගැන්වීම් කඩකිරීමට මිනිසුන් උසිගැන්වීම, යන චෝදනා වලට ඔබ වැරදි කරුද? නිවැරදිකරු ද ? "විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලු " වැරදිකරු ස්වාමීනී "නැවතත් විනිසුරු අහනව ලු " අප ආගම අනුගමනය නොකරන විජාතිකයන්, ගණිකාවන්, ප්‍රසිද්ධ පව්කාරයන්, පගා කරුවන්, හොරුන් යන සමාජ විරෝදී පුද්ගලයන් ලඟින් ඇසුරු ...
වෘකයින් දෙදෙනාගේ සටන පල්ලියේ කතා සීය තම මුණුබුරාට කියල දුන්නලු සෑම මිනිහෙකුගේම ඇතුලාන්තයේ තියෙන සටන ගැන." පුතා .. සෑම මිනිසෙකු තුලම වෘකයින් දෙදෙනෙකු සටනක නියලෙනවා ..""එකෙකු නරකයි. ඌ වෛරය,ඊර්ෂ්‍යාව, දුක, පසුතැවීම, තන්හාව, බොරුව, මමත්වය පිරුනු එකෙක්."" අනිකා හොඳයි, ඌ ආදරය, සාමය, සතුට, බලාපොරොත්තුව, කරුණාව, සත්‍ය, පරිත්‍යාගය පිරුනු එකෙක්."" එතකොට සීයෙ සටනින් දිනන්නෙ මොන එකාද ?? " මුණුබුරා ඇහුවලු." ඔබ පෝශනය කරන එකා .. " සීය ...
ඉටිපන්දමේ උනුසුම පල්ලියේ කතා ශීත කාලයේ සවස් වේලාවක , මුල්ලා තම මිතුරන් දෙදෙනෙක් එක්ක සංවාදයේ යෙදෙමින් සිටියාලු. මුල්ලා කිව්වලු, "මම සීත රාත්‍රියට කැමතියි. මට මුලු රැයම කිසිඳු උනුසුමක් නැතිව එලිමහනේ සිටිය හැකියි " කියල.මිතුරන් ඔහුට අභියෝග කලාලු " හොඳයි, අද රෑ නගරය මැද ඔබ කිසිඳු උනුසුමක් නැතිව සිටියහොත් , හෙට ඔබට අප විසින් රාත්‍රී ආහාරය සපයනව. ඔබට බැරිවුනොත් ඔබ අපට කෑම ලබා දිය යුතුයි." ...
ලැබුණු දේ ඇති ද ? පල්ලියේ කතා ඔබ ඔබගේ ජීවිතය ගැන අතෘප්තිමත්ව පසුවන විට , ඔබේ වන් ජීවිතයක් ලබන්නට සිහින දකින්නන් දහස් ගණනක් මෙලොව වාසය කරයි ...ගොවිපලක දරුවෙකු ඉහලින් යන ගුවන්යානය දෙසබලා එහි ගමන් කිරීමට සුසුම්ලනවිට , ගුවන්යානයේ නියමුවා නිල්වන් ගොවිපල දෙස බලා තම පවුල සමග නිවසේ ගතකරන ජීවිතය සිහිකරමින් විකශෝප වෙයි...එයයි ජීවිතය.. රසවිඳින්න....ධනවත් වීම සතුටේ රහස නම්, සියලු ධනවතුන් පාරේ නට නටා විනෝද වෙවී, නමුත් එසේ ...
ජෙරොම් , යෙහාලි , ජේසුස් වහන්සේ සහ යාච්ඤාව පල්ලියේ කතා යාච්ඤාව මගින් ලබාගත් දේවල් කියනව. මේ දවස් වල හෙන ට්‍රෙන්ඩින් මාතාවක් නෙ මේ ජෙරොම් , යෙහාලි වගේ ජනප්‍රිය චරිත එලියට ඇවිල්ල, ඔවුන්ට දෙවියන් වහන්සේගෙන් ලැබුන පනිවිඩ කියනව, අනාගත වාක්‍ය කියනව. එක එක අයට තියෙන්නෙ එක එක ලෙවල් එකේ ප්‍රශ්න නෙ. ජෙරොම් වගේ ප්‍රොෆයිල් එක මේන්ටේන් කරන කෙනෙක් ට දෙවියන් වහන්සේ වර්ල්ඩ්කප් එක දිනන කන්ඩායම පෙන්නනව වගේ දේවල් කරනව.යෙහාලි වගේ අයට ...
නව ප්රස්ථා පිරුළු පල්ලියේ කතා කිහිප වරක් එකම බොරුවට රැවටී , නැවත වාරයක් එම බොරුවටම රැවටීමට යන පුද්ගලයෙකු හෝ අවස්ථාවක් සඳහා භාවිත කල හැකි නව ප්රස්ථා පිරුළකි ~ කාඩිනල් උන්නාන්සෙ නාමල් රාජපක්ශ එක්ක පාස්කු ප්‍රහාරය ගැන සාකච්චා කලා වගේ.. ...
පව කුමක් මත රඳා පවතීද? පල්ලියේ කතා ප්‍රඥාවන්ත සෙන් ගෙම්බෙක් තරුණ ගෙම්බෙකුට ස්වභාවධර්මයේ සමතුලිතතාවය පැහැදිලි කරමින්, “ඔයාට පේනවද ඒ මැස්සා මදුරුවෙක් කන හැටි?" .. "දැන් මම ඒ මැස්සව කනවා." කියා එකවර එම මැස්සාව ගිල දැමීය.එසේ කර "ඒ සියල්ල සොබාදම් සැලැස්මේ කොටසකි. ” කියා ප්‍රඥාවන්ත සෙන් ගෙම්බා පැවසීය."ජීවත් වෙන්න මරන එක නරක නැද්ද?" කල්පනාකාරී වූ තරුණ ගෙම්බා ඇසීය."එය රඳා පවතියි . . .” සෙන් ගෙම්බාට තම වාක්‍යය අවසන් ...
බුත්තල නත්තල පල්ලියේ කතා ගිනිකොන දිග ගිනි හුළඟ හමා එන ඌවේ දෙසැම්බරේ..සඳ එළියේ කුරගාමින් ඇදෙනා ජුසේගේ ට්‍රැක්ටරේ තිත්ත රසට උස ගිය මස් ගස් ඇති උක් දඬු වනන්තරේ නත්තල මැද්දේ බුත්තල ඉපදුණු ජේසුගේ කතන්දරේ.. කට පුංචාගෙන් ඉඳහිට වෙඩි හඬ ඇහුණා එඬේරු නැති ගොම්බානක ගෙජ්ජි බැඳලා තිබුණා තරු නම් හිස් අහසේ ඔනේ තරම් දිලුණා බිළිඳු හඬට මුලු වෙල්ලසම නිවුණා.. ගව මඩුවේ ඉපදුනත් රජ මැදුරේ ඉපදුනත් ...
නිහඬ භාවනාව පල්ලියේ කතා යෝගීන් හතරදෙනෙක් විශේශ භාවනාවකට සහභාගි වෙන්න එකඟඋනා ලු. සති දෙකක් කිසිම වචනයක් කතා නොකර කරන භාවනාවක්. පළවෙනි දවසෙ භාවනා කර ඉද්දි කාමරේ තිබ්බ ඉටිපන්දම එකපාරටම නිවුන ලු.පලවෙනි යෝගියා : "අයියෝ... ඉටිපන්දම නිමුනා."දෙවන යෝගියා : "අපිට කතා කරන්න තහනම් නේ.. ? "තුන්වන යෝගියා : "ඇයි ඔබ නිහඬතාව කැඩුවේ ?? "හතරවෙනි යෝගියා : සිනහවෙමින් .."හා හා.. මම විතරයි කතා කරේ නැත්තෙ. "කාමරේ ...
රාළහාමි පල්ලියේ කතා ඒක නෙමෙයි,රාළහාමි යාලුවෙලා හිටියලු බං සාපිංගෙ පවුල එක්ක,සාපිංගෙ පවුල සපිරිනා,සැලෝලයිට් වලලු දෑත පුරා දමන්නා,බොඩිය පෙනෙන තුනී හැට්ට අඳින්නා,උකුල සලා සිනා සිසී,එහෙ මෙහෙ කිසි-බිසි ගා යන්නා,"නැත්තං ඕකිට කොයින්ද ඔය හැටි ආයිත්තං ?"වෛවාරන්න වලලු මාල,අරුංගල් කරාබු,පේන්නෑ යන එනකොට,එක එක මෝස්තරේ ඇඳුං ඇඳල,ගස්ස ගස්ස පස්ස,විළිලැජ්ජා නැතිකම බං,මුදලි කමට වඩා ලොකුලු.චික් විතරක්.ඔය කිව්වට කොයි ගෑණිද කැමති නැත්තෙ රාළහාමිට,වාත්තුකල නැහැය, දෙතොල.නියම හොඳ කඩවසම් පුරුෂයා.උපුටාගැනීම : ...
සතුටට අවශ්‍ය දේ පල්ලියේ කතා ජපන් කියමනක් තියෙනව මිනිසෙකුට සතුටුවීමට දේවල් තුනක් අවශ්‍යයි කියලආදරේ කරන්න කෙනෙක් කරන්න වැඩක් හා බලාපොරොත්තු තියාගන්න දෙයක් ඔය තුන තියෙන මිනිහෙක් සතුටින් ඉන්නව කියලයි කියවෙන්නෙ. ...
ඔලු කන ජෝතිෂ්‍ය පල්ලියේ කතා ජෝතිෂ්‍ය සම්බන්ද කථාවකදී මාහට සමබරව කතා කල නොහැක. මන්ද මම ජෝතිෂ්‍ය මාතෘකාවේදී අන්තවාදී ලෙස ඊට විරුද්ධ අයෙකි. ඒ මම විෂය නිසි අධ්‍යනයක් කර ලද ගුජුප්සාවක් නොව මා අවට සිටින්නන්, නෑදෑ හිතවතුන් කෙතරම් මෙම විෂය නිසා විඳවනවාදැයි දැකීම තුලින් හටගත්තකි.ධන සම්පත් , උගත්කම , රුසපුව ඇති මිතුරු/මිතුරියන් කීපදෙනෙකු වයස 40 ආසන්න වනතුරුත් තවම තනිකඩව සිටිනුයේ තවමත් ගැලපෙන සහකරුවා/ සහකාරිය හමු නොවීම ...
ජේසුස් ගහපු සෙල්ෆි එක පල්ලියේ කතා ජේසුස් වහන්සේ සෙල්ෆියක් ගන්නා මෙම රූපය, එය ප්‍රථමයෙන් පිටතට පැමිණි විට තරමක් කැළඹීමක් ඇති කළ නමුත්, මෙම සරණාගතයා සහ කැරලිකාරයා ගැන මා ඉගෙන ගත් දෙය නම්, ජේසුස් වහන්සේ සැබවින්ම විප්ලවකාරී චරිතයක් බවයි. ඔහු සම්පූර්ණයෙන්ම නිදහස්, විනෝදජනක, ආදරණීය සහ උමතු ත්‍යාගශීලී සහ කරුණාවන්ත විය. උන් වහන්සේ කොහේ ගියත් දුප්පතුන්ට සහ රෝගීන්ට සුවය ලබා දුන් සේක. ඒ වගේම ඔහු නිතරම ගැවසුණේ ...
වාස්තු දෝශ සහ ප්‍රාථමික අධ්‍යාපනය පල්ලියේ කතා සිරිපාල සිත්තැවුලකින් පෙලෙනාබව ඔහුගේ මුහුන බලනා ඕනෑම අයෙකුට පැහැදිලිව දැකිය හැක. දුක විමසීමට ඉදිරිපත් වූයේ ජානක ය.ජානක : මොකෝ බං අප්සට් එකෙන්.සිරිපාල : කරන කිසි වැඩක් හරි යන්නෙ නෑ බං. ජීවිතේ කිසි දියුනුවක් නෑ. අපේ ගෙදර ලු ප්‍රශ්නෙ තියෙන්නෙ.ජානක : මොකක් ද බං ඒ හරුපෙ.සිරිපාල : ගෙදර වාස්තු ප්‍රශ්නයක් බං.ජානක : කව්ද බං කිව්වෙ.සිරිපාල : කොච්චර හම්බ කලත් ගෙදර සල්ලි ...
සිංහල බෞද්ද සංස්තිය විසින් ගිලගන්නා පල්ලියේ සංස්තිය පල්ලියේ කතා වසර 500 කට ආසන්න කාලයක් තිස්සේ පෝශිත කිතුනු සංස්තිය විසින් ලාංකීය සමාජයට රැගෙන ආ වටිනාකම් එමටය.සියල්ලන්ට විවෘත වූ අද්යාපන ක්‍රමය , රෝහල් ක්‍රමය , නවීන තාක්ශනය, කුළ ක්‍රම වැනි අසාදාරන සමාජ සම්මුතීන් කඩා බිඳ දැමීම වැනි වටිනාකම් රැසක් ඒ අතර වේ.බටහිරත් ලාංකීය ගැමියාත් යා කල පාලම පල්ලියයි.පල්ලිය තුල වූ නිදහස් නිවහල් සොභාවය මනසට එක්කලේ මහස් සැනසීමකි. සමානාත්මතාව , සාදාරනත්වය ...