ගල් ගෝනිය පල්ලියේ කතා කඳු මුදුනක තිබූ ගමක ජීවත් වුන ළමයෙකු තම පියා සමග කන්දෙන් බැස පහලට එමින් සිටියාලු. ඔවුන් දෙදෙනා ඉදිරියට හමුවුනාලු බෑවුම දිගේ ඉහලට ගමන් කරන මහල්ලෙක්.ඔහුගේ කරේ තිබ්බලු තරමක් ලොකු ගෝනියක්.ඉතා විඩාපත්ව සිටි ඔහු ගමන් කලේ ඉතා අපහසුවෙන් ලු.ළමයා ඇසුවලු " මොනවද මාමෙ ගෝනියෙ තියෙන්නෙ ? " කියල. මහල්ල පිළිතුරු දුන්න ලු " ගල්.. මගෙ ගෙදර චිමිනිය කැඩිල, ඒක හදන්න පහලින් ...
ආබාධිත නරියා පල්ලියේ කතා දවසක් මිනිහෙක් කැලයක් මැදින් යද්දි දැක්කලු , කකුලක් නැති තුවාල වලින් පිරුන නරියෙක් ගල්තලාවක වැටිල ඉන්නව. මේ නරිය කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ කියල බලාගන්න මිනිහට ලොකු කුතුහලයක් ආවලු.ම්නිහ මේ ගැන විපරමින් ඉද්දි දැක්කලු , මස් කෑල්ලක් කටින් ගත්තු කොටියෙ ඇවිල්ල , මස් කෑල්ලෙන් කොටසක් කාල ඉතුරු ටික නරියට දීල යනව, මේක දිනපතාම වුනාලු.මිනිහ හිතුවලු, "දෙවියන් කොච්චර කාරුනිකද, මමත් අර නරිය ...
අතේ ඇති බිත්තරය පල්ලියේ කතා නසරුඩීන් කලේ බිත්තර කඩයක් පවත්වාගෙන යාම ලු.දවසක් මිනිහෙක් කඩේට ඇවිල්ල කිව්වලු "පුලුවන් නන් මගේ අතේ තියෙන්නෙ මොකක්ද කියල කියන්න " කියල.නසරුඩීන් කිව්වලු "මට පොඩි ඉඟියක් දෙන්න " කියල.එවිට මිනිහ කිව්වලු" ඒකට බිත්තරේක හැඩය තියෙනව. ඒක බිත්තරයක ප්රමාණය තරම්ම වගේ ඇති. ඒකෙ පෙනුමත් බිත්තරයක් වගේ. රසත් ඒ වගේ. එය පිසීමට පෙර උකු දියරමය ගතියකුත්, පිසීමෙන් පසු දැඩි ගතියකුත් ගන්නව " කියල.ටිකක් ...
ඇඳෙන් බිමට පල්ලියේ කතා තවත් මුල්ලා නසරුඩීන් කතාවක්.මුල්ලා කසද බැන්ද ලු. ඇය කලින් සැමියා මියගිය කාන්තාවක් හෙවත් වැන්දඹුවක්.යහපත් බිරිඳක් වුනත් ඇය නිතරම තමන්ගේ මියගිය සැමියා සිහි කරනව ලු. ඔහු කල දේ කියනව ලු. ඔහු සිටියනම් කල හැකිව තිබූ දේ කියනව ලු.දිනක් රාත්රී යහනේදී ඇය තම මියගිය සැමියා ගැන කතා කරන්න ගත්ත ලු. මුල්ලා එකවරම ඇයව ඇඳෙන් බිමට තල්ලු කලා ලු.මෙයින් කෝපයටත් කලකිරීමටත් පත් කාන්තාව ...
ඉන්න්න විදිහටම එන්න පල්ලියේ කතා " ජේසු අපිට කියනවා.. වෙනස් වෙනකන් ඉන්න ඕනෙ නැහැ. දැන් එන්න.ඇයි එහෙම කියන්නෙ ?සමහරු ඉන්නව, ඒගොල්ලො කියනව " මම ටිකක් බෝතලේට ඇබ්බැහිවෙලයි ඉන්නෙ.. අත් ඇරපු දවසට මම ඇවිල්ල සේවය කරන්නංකො නියමෙට..." නැද්ද ?තවත් සමහරු කියනව "මම අර වැරදි සම්භන්ද කමකයි ඉන්නෙ, ඒක මම අත ඇරපු දවසට මම ජේසු ලඟට එන්නංකො "තවත් සමහරු කියනව මම අර සල්ලි හොයන්නෙ වැරදි විදිහට. පොඩි ...
හිඟාකෑම පල්ලියේ කතා කාලයක් තිස්සේ පල්ලිය ඉදිරිපිට සිඟමන් යදිම යාචකයෙක් කාටත් සුපුරුදු දසුනක් වුනාලු. අසලින් යන සැමට තම අත දිගුකර යමක් ඉල්ලා සිටීම මොහුගේ පුරුද්ද වුනාලු.මෙම පල්ලියට නිතර පැමිනෙන පුද්ගලයෙක් දිනක් මෙම සිඟමන් යැදීමේ වෙනසක් දැක්කලු. වෙනදා මෙන් නොව මෙම යාචකයා අත් දෙකම දික් කරමින් , වෙනදාටත් වඩා තම දුක කියමින් සිඟමනේ යෙදෙනවා ලු.යාචකයාට කිට්ටුකරපු මෙම තැනැත්තා ඇසුවාලු " වෙනදාට එක අතක් දිගුකරමින් ...
රජතුමාගේ සිහිනය පල්ලියේ කතා අපේ අන්දරේ සහ රජතුමා වගේ ඉන්දියානු ගැමි කතා සම්ප්රදායේ තියෙනව අක්බාර් රජතුමා සහ බිබල් ( Akbar and Birbal) ගෙ කතා එකතුවක්. මේක ඒවායින් එකක්.අක්බාර් රජතුමා දවසක් සිහිනයෙන් දැක්කලු, රජතුමාගේ කටේ එක දතක් හැර අන් සියලු දත් හැලී ගොස් ඇති ආකාරය.රජතුමා තම රාජකීය සිහින තෝරන්නා කැඳවා මෙහි අරුත විමසා සිටියාලු.මඳ වේලාවක් සිහිනය විමර්ශනය කල සිහින තෝරන්නා පැවසුවාලු " රජතුමනි, මා හට ...
ඉතුරු කිරි ටික පල්ලියේ කතා අපේ අන්දරේ සහ රජතුමා වගේ ඉන්දියානු ගැමි කතා සම්ප්රදායේ තියෙනව අක්බාර් රජතුමා සහ බිබල් ( Akbar and Birbal) ගෙ කතා එකතුවක්. මේක ඒවායින් එකක්.දවසක් රජතුමා ලොකු රාජ භෝජනයක් සූදානම් කරල බිබල් ඇතුලු පිරිසකට ආරාධනා කලා ලු. බිබල් උත්සවයට ආවෙ අන්තිමටම ගොඩක් පරක්කු වෙලා ලු. මේ ගැන රාතුමා බොහොම කෝප වුනාලු.රජතුමා කෝපයෙන් ඇහුවලු " ඇයි ඔබ පරක්කු වුනේ ? " කියල.බිබල් ...
බෝට්ටුව හිල්කිරීම පල්ලියේ කතා මගීන් පිරිසක් බෝට්ටුවක ගමන් කරමින් සිටියාලු.එම පිරිසෙන් එක් අයෙක්, සිදුරු විදින උපකරණයක් ගෙන, බෝට්ටුව පතුලේ සිදුරක් විදීම ආරම්බකලා ලු.වටේ සිටි පිරිස මඳක් කලබල වුනාලු මොහු කරන කටයුත්ත සම්බන්දව. ඔවුන් ඇසුවාලු " ඇයි ඔබ මෙසේ කරන්නේ ? " කියල.සිදුර සදමින් උන් තැනැත්තා පිළිතුරු දුන්නලු " ඔබ ඒගැන වද වෙන්නේ ඇයි ? මම සිදුර විදින්නේ මම ඉන්න තැනට යටින්නෙ " කියල.අප අතරත් ...
පිරිච්ච කළගෙඩියක් වගේ පල්ලියේ කතා " සාස්ත්රය එක්ක බොරු කරන්න එපා. එතකොට සාස්ත්රය පිහිටන්නෙ නෑ. පොතට වැන්දට සාස්ත්රය පිහිටන්නෙ නෑ. මහන්සි වෙලා පොත කියවලා තේරුම් ගැනීමයි නිතරම කල යුත්තේ. සාස්ත්රය ගෑඹුරට ලබාගන්න තනියම ඉගෙන ගන්ඩ ඕනෑ. තනියම ඉගෙනීම කියන්නෙ පොත් කියවීමයි. හිත නිතරම පිරිසිඳු වීදුරුව වගේ තියාගන්ඩ ඕනෑ. කිසි දේකට කලබල වෙන්ඩ නාකයි. ගමන යන්ඩ ඕනෑ හෙමින්. බොහොම හෙමින්. එතකොට හරි දුර යන්ඩ පුලුවන්. දැනීම ...
දොර ඇරීම පල්ලියේ කතා එක පෙම්වතෙක් තමුන්ගෙ පෙම්වතියගෙ ගෙදරට ගියාලු, ගිහිල්ල ගෙදර දොරට තට්ටු කරාලු.එතකොට නිවස තුල සිටි පෙම්වතිය ඇහුවලු "කව්ද මේ ? " කියල.එතකොට පෙම්වතා පිලිතුරු දුන්නලු "මේ මම.." කියල.එතකොට නිවස තුලින් පිලිතුරු ලැබුනලු, "කරුනාකරල යන්න, මේ නිවසේ අප දෙදෙනෙකුට ජීවත් වීමට ඉඩ මදි.. " කියල.මෙම සිද්දියෙන් කැලඹුන පෙම්වතා බොහොම දුකෙන් ආයෙ හැරිල ගියාලු, ශෝකයෙන් කාලයක් ගතකරපු ඔහු දවසක් ආයෙ පෙම්වතියගේ නිවසට ආවලු,නැවතත් ...
මම කව්ද ? පල්ලියේ කතා ඔබ ඉදිරියට හමුවන සියල්ලන් මිනිසුන් ලෙසම දකින්න.ඔවුන් මුස්ලිම්, බෞද්ධ හෝ හින්දු ද යන්න අසන්නට ඔබේ හදවතට ඉඩ නොදෙන්න.ඔබගේ ගනුදෙනුව අවසන් කර හැරී යන විට ඔබගේම හදවතින් අසන්නඑම හමුවීමේදී ඔබ කිතුනුවෙකු ලෙස හැසිරුනා ද ? නැතිද ? ...
සොක්රටීස්ට කේලම් කීම පල්ලියේ කතා දිනක් සොක්රටීස් ට මුන ගැසුනු අසල්වැසියෙක් ඔහුට කිව්වලු " ඔබ දන්නවද මට ඔබගේ හොඳම මිතුරා ගැන දැනගත් දේ .. " , මෙහෙම කියල ඔහු ලොකු කතාවක් ආරම්භ කරන්න සැරවුනාලු." හෝව් හෝව්, ඔබගේ කතාව පෙරනයන් තුනකින් පෙරා මම අසන්නම් " සොක්රටීස් ඉක්මනින් කිව්ව ලු."පෙරනයන් තුනක් .. " අසල්වැසියා ටිකක් අප්රසන්නව පැවසුවාලු.සොක්රටීස් " ඔව්. පළමු පෙරනය, සත්යක් ද ? , ඔබ මගේ ...
උනුසුම ලැබීමේ ක්රම පල්ලියේ කතා සීත සෘතුව පැමිනිවිට පරිසරය අධික සීතලකින් මුලු පරිසරයම වෙලී යයි. මෙහිදී යමෙකුට කලහැකි දේවල් දෙකකි.එකක් නම් ගිනිගොඩක් දල්වා ගැනීමයි.අනෙක නම් ශීත කබායක් පොරවා ගැනීමයි.මෙම අවස්ථා දෙකේදීම අදාල පුද්ගලයා උනුසුම් වෙයි.නමුත් ගිනිගොඩ දැල්වූ තැනැත්තා වටා සිටිනා පිරිසද ඉන් උනුසුම ලබන අතර, කබාය පොරවාගත් විට ඉන් උනුසුම ලබනුයේ එම තැනැත්තා පමනි.ජීවිතයේ අප මුහුන දෙන යම් යම් ගැටලු වලදී , ගිනිගොඩක් දැල්වීම හෝ ...
සාම නියමය දෙසූ ජේසුනි ! පල්ලියේ කතා කිතු සමිඳ ඔබ නො ආවානම් පොළෝතලයට මනු වෙසින් අනාවරණය නොවේ කිසිදා මනුසතට සාමයේ මං ඇසට ඇසකුත් දතට දතකුත් කියූ නීතිය වළලනූ වම් කොපුල ලත් අතුල්පහරට දකුණු කොපුලද හරවනූ උතුරු සලුපට අයදිනා හට දයාවන්තව සලකනූ වරද කරනා සැමට ඔබහට යහපතම ඉටු කරලනූ දොම්නසින් නොසතුටින් වියැකුණු සිත් සතන් සුව කලාවූ සාම කුමරුනි මෙලෝ සත හට සාම නියමය දෙසාලූ ඔබ දෙසූ දම් ...
හැප්පෙන්න යන නැව පල්ලියේ කතා ලොකු නැවක කපිතාන් ට නැවේ පනිවිඩ හුවමාරුකරු හදිසි පනිවිඩයක් ගෙනත් දුන්නලු.එහි සඳහන් වුනේ " ගැටීම වැලැක්වීම පිනිස නැව උතුරට අංශක 15 ක් හරවන්න " කියල ලු.සිනාසුන කපිතාන් පනිවුඩ ක්රියාකරුට උපදෙස් දුනලු ප්රතිචාර පනිවුඩයක් යවන්න. " මම විශාල නැවේ කපිතාන්, කරුනාකර ඔබේ නැව අංශක 15 ක් දකුනට හරවන්න " කියල.එයට පිලිතුරු පනිවිඩය ලැබුනලු " අපි මේ ප්රදීපාගාරයෙන් " කියල.කුමන තරාතිරමක අයෙකුට ...
තම්බපු කඩල පල්ලියේ කතා උපහාසය , මෝඩකම එක්ක හිතන්න යමක් ඇති තවත් මුල්ල නසරුදීන් ගෙ කතාවක්.මුල්ලා වැඩ ඉවර වෙලා රෑ කෑමට ගෙදර ආවලු. කෑම මේසෙ වාඩිවුනාම මුල්ලගේ බිරිඳ තම්බපු කඩල දීසියක් ගෙනල්ල මුල්ලගෙ ඉස්සරහින් තිබ්බලු.මුල්ලා දැඩිව කෝපයට පත් මුල්ලා කඩල දීසිය අරගෙන වීසිකරල දැම්ම ලු. වියරුවෙන් කෑගැසුවලු.විශ්මයටත් තැතිගැන්මටත් පත් මුල්ලාගේ බිරිඳ ඇහුවලු .. " මුල්ලා.. ඔබ සඳුදා ඉතා ආසාවෙන් කඩල කෑවා, ඔබ අඟහරුවාදාත් කැමැත්තෙන් ...
මූනු පොතේ වීරයෝ පල්ලියේ කතා මූනු පොතේ බිත්තිය දිහා බලපුවහම , මටත් ඉන්නව රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පුදන්න ලෑස්ති , වීර හදවත් තියෙන යාලුවො ටිකක්. කව්ද මන්ද බිත්තියෙ බෙදාගෙන තිබ්බ අපූරු පින්තූරයක්.එහි අදහස වුනේකන්දක් මුදුනට යාමට මාර්ග සිය ගනනක් තිබිය හැක,ඒ සියල්ලක්ම යොමුවන්නේ කඳු මුදුන දෙසටමය.එබැවින් ඔබ යන මාර්ගය කුමක්දැයි එතරම් වැදගත් නිවේ.කන්ද වටේ දුවමින්, අනුන් යන මාර්ගය වැරදි බවත්, තමුන් තෝරාගත් මාවත හරිබවත් ...
අපේ ආච්චී හෙවත් මම්මා පල්ලියේ කතා අපේ අම්මාගේ අම්මාට ඇයගේ දරුවන් හැර අන් සියල්ලන් අමතන්නේ " මම්මා " කියාය. හේතුව මම නොදනිමි. වයස 16 දී පමන විවාහ වුනු ඇය තරුණ වියේදීම වැන්ඳඹුවක් වනව්ට, තිදරු මවක් වූවාය.එතැන් පටන් දරුවන් හදාවඩා ගැනීම, ඔවුන් විවාහ කරදීම වගකීමෙන් යුතුව ඉටුකල ඈ, අද රටේ බඩපිනුම් ගසනා ගොංපාට් දේසපාලුවන්ට වඩා , සැබෑ වීර චරිතයකි.ඇය 8 වසර අසමත් ය. නමුත් ජීවන දැක්ම ඉතා ...
මීගමුව නත්තල් කලාපය 2013 පල්ලියේ කතා 2013 දෙසැම්බර් 22 දා මෙවර මීගමුව නත්තල් කලාපය සාර්ථකව අවසන් වුනා. අපිත් ගියා මොකක්ද වෙන්නෙ බලන්න. ඒ ගිය ගමනෙදි ගත්තු ඡායාරූප කීපයක් , වීඩියෝස් දෙකක් මේ පෝස්ට් එකේදි ඔයාල එක්ක බෙදා ගන්නව.මුලින්ම ඇතුල්වෙන ස්ථානයේ තිබුන නත්තල් තොරණ කාගේත් වැඩි අවධානයක් දිනාගත්ත. පහලින් තියෙන්නෙ එතන වීඩියෝ එකක් සහ ඡායාරූප කීපයක්.තව බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් අංහයක් වුනේ ගවලෙන් තරඟයට ඉදිරිපත් කල සජීවී ...