සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ.. මා සිතූ හා මා ලියූ දේ... මම runaway bride සිනමා පටය ප්‍රථම නැරඹුවේ campus එකේ NAT ශාලාවේ පෙන්නුව අවස්ථාවේ. Angelina Jolie මගේ සිහින කුමරිය ලෙස අභිෂේක ලැබීමට පෙර එතැනට හිමිකම් කිවේ Julia Roberts ය. ඒ නිසා මේ චිත්‍රපටය ගැන විශේෂිත වූ ඇල්මක් මා හට තිබුණි. ප්‍රදර්ශනය ආරම්භ වීමට පෙර, මා සහ මිතුරන් දෙදෙනෙක් 'පීචම'ට වෙලා ප්ලේන්ටියක රස බලමින් සිටි අතර එක වර මගේ මිතුරෙක් එකවර මෙසේ ...
Jenny's Wedding - සමලිංගික විවාහයට එහා දෙයක්... මා සිතූ හා මා ලියූ දේ... පසුගිය දිනෙක 'Jenny's Wedding' නැරඹුවෙමි. අප නිතර දකින ඇමෙරිකානු සිනමා පට වල මෙන් ත්‍රාසජනක ක්‍රියා, ඉල ඇදෙන විහිළු හෝ රාගික දර්ශන කිසිත් නැත. නමුත් සෑම රූප රාමුවක්ම බොහොම සංයමයකින් නැරඹිය හැක.සාමාන්‍ය පවුලක තුන්වන දරුවා වන Jenny සමලිංගික කාන්තාවකි. ඇය සමලිංගික බව පවුලේ උදවිය නොදනී. දෙමාපියන් ඇයට විවාහයක් ගැන සිතන්න බල කරන අතර, ඇය විවාහවීමට පවුල් ජීවිතයක් ඇරඹීමටද තීරණය කරයි. ඇය ...
මහින්දට තුන්වරක් බැරි උනොත්... මා සිතූ හා මා ලියූ දේ... 'මහින්දට තුන් වරක් බෑ' යනු දැන් ප්‍රකට මාතෘකාවකි. ජනතා විමුක්ති පෙරමුණ කාරනා තර්තිකය. ප්‍රධාන වශයෙන් ඔවුන් කරුණු දෙකක් ගැන සාකච්ඡා කරයි. පළමු වැන්න ජනාධිපතිවරණයක් කැඳවීම නීති විරෝධී යන්න ය. දෙවැන්න මහින්ද තෙවන වර ජනාධිපතිවරණයට ඉල්ලීම නීති විරෝධී බවය. මේ කාරනා දෙකටම පක්ෂව හා විපක්ෂව කරුණු දැක්විය හැක.කෙසේ වෙතත් ප්‍රායෝගිකව සියල්ල මහින්ද ට පක්ෂව සිදුවීමට ඇති අවස්ථා බහුලය. ජ.වී.පෙ. කාරනා දෙකෙන් ...
ගල් වඩුවගේ කතාව මා සිතූ හා මා ලියූ දේ... ඔන්න එකෝමත් කාලයක ගල් වඩුවෙක් හිටියා. මේ ගල් වඩුවාගේ ප්‍රතිමා හැබෑම ලස්සනයි. විශේශයෙන් කාන්තා ප්‍රතිමා. මේකා කසාදයක් කරගෙන නැති උනාට ඕන කරන අන්ග උපාන්ග නියම ආකරයට නෙලනවා. දවසක් දිව්‍යන්ගනාවක් නෙලලා තිබුනා පාරේ අයිනේ. කොහේදෝ වල් ටුවර් එකක් යන අතර මගදී මහ බබා මේ පිලිමේ දැක්කා. පොරට වල් ටුවර් එක අමතක වුණා පිලිමේ දැක්ක ගමන්. පටස් ගාලා මාතලී ට කියලා ...
අමතනු මැන මගේ දුරකථනය අංකය 24.... මා සිතූ හා මා ලියූ දේ... මේ ගීතයේ සිදුවීම බොහෝ දෙනෙකුට සුලභය. එක්කෝ 'wrong number' දුරකථන පණිවිඩ ලැබී ඇත. නැති නම් කතා කර ඇත. එහෙත් යලි යලි කතා කිරීමට තරම් ලෙන්ගතු වන කටහඩක් ඇසීමට ලැබීම නම් ඉතාමත් දුබලය. එසේ ලෙන්ගතු වූ කටහඩක් ඇසුණත් නැවත නැවතත් කතා කිරීමේදී ලැබෙන අත්දැකීම් ගීතය තරම් සුමිහිරි නොවනු ඇත.'දැන් එකසැරයක් කිව්වනේ එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ බොහෝ විට දෙවනවර කතා ...
ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ.. මා සිතූ හා මා ලියූ දේ... රන් කෙන්දෙන් බැඳඅතැඟිලි එක්කල ආදරයයි..පෙම් රැහැනින් බැඳසිතුම් වසඟ කල ආදරයයි..//කිරිලියසේ දුර පියා සලාලාඅත්තටු රිඳුනා පමණයි..දෑල විදාහල දෑත මගේඔබටත් ඔහුටත් උරුමයි..හිරු සඳු එකවර දෙපස නැගේ..කළුවර ඇයි විජිතයම මගේ..රන් කෙන්දෙන්..කනාටු සුළඟේ දුහුල් මලකි අදවල්මත් වී පාවෙන්නේ..ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝමා හෙට දින සමුගන්නේ...///https://www.youtube.com/watch?v=-RJo99_nefYමා මහප්‍රාණ සිනමාවට වඩා සලර සිනමාවට කැමතියි. මට ලෙස්ටර්ගේ 'ගම්පෙරලිය', 'නිධානය' ට වඩා 'දෙලොවක් අතර' ලස්සන එකයි. ධර්මසිරිගේ 'තුන්වෙනියාමය' භව ...
ප්රශ්නය හරි තැනින් අල්ලා ගනිමු. මා සිතූ හා මා ලියූ දේ... ඉන්දියාව සමග එළඹීමට නියමිත වෙළඳ ගිවිසුම පිලිබඳ සැම තුල පවතින්නේ විරෝධයකි. එය විවිධාකාර හේතුන් මතය. බොහෝ පිරිස් කියනුයේ ඉන්දියානුවන්ට ලංකාව තුල රැකියා කිරීමට ඉඩ ලැබීම තුලින් ලාංකිකයන්ට රැකියා අවස්ථා අහිමි වන බවය. හේතු වශයෙන් පසනුයේ, ඉන්දියානුවන් ලංකාවේ සුළු වැටුපකට රැකියා වල නිරත වීම නිසා ඔවුන්ට වැඩි වාසියක් ඇතිවන බවය. කතාව ඇත්තය. නමුත් ඔනෑම රැකියාවක වැටුප තීරණය වනුයේ කරුණු කිහිපයක් මතය. ...
මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා.. මා සිතූ හා මා ලියූ දේ... කැම්පස් යන්න ගත්තු දවසේ ඉඳන් රස්සාවට යනකම්ම මගේ ප්‍රවාහන මාධ්‍ය වුයේ දුම්රිය. මේ සිදුවීම වුයේ මා කැම්පස් යන කාලයේදී. උදේ වරුවේ පානදුර දුම්රිය ස්ථානයේ සියළුම දුම්රියන් නැවතීම එකල සුලභ කරුණක්. අප යන වෙලාවල් වලට පැමිණෙන සීග්‍රගාමී දුම්රිය අතර 'සමුද්‍ර දෙවි' තමයි වැඩිපුර දෙනා ගමන් පහසුව සලසා ගන්නේ. ඉන්පසුව 'සාගරිකා'. බොහෝ විට 'සාගරිකා' දුම්රියෙන් පසුව පානදුරෙන් ආරම්භ වන දුම්රියෙන් කැම්පස් එකේ ...
සුළං රොදක් සේ නොසිතු මොහොතක.... මා සිතූ හා මා ලියූ දේ... මා මේ ගීතය ගැන ලියන්නට පටන් ගත්තේ, එය අසා මාස තුනක් පමණ පමණ ගත වූ පසුය. මේ ගීතය ගැන කුමක් ලියම් ද? සත්තකින්ම මා විඳි දේ ගැන ලිවිය යුතුද? නැති නම් ගීතය ගැන ලිවිය යුතුද? දහසකුත් සිතුවිලි හා ප්‍රශ්න මගේ මනසේ හොල්මන් කර අවසානයේ සිදු වුයේ කිසිම වැදගත් කමක් නැති සටහන් කිහිපයක් තැබීම ය. එය ලියා, මකා, නැවත ලියා එතැනින් ...
IQ සමාජවාදයේ සිට EQ සමාජවාදයට.... මා සිතූ හා මා ලියූ දේ... මේ ගැන සිතන්නට වුයේ ජ.වී.පෙ. නායක අනුර කුමාර තම සහෝදරයෙක් හා මිත්‍රයෙක් 88-89 කාලයේදී අතුරුදහන් වීම හා ඝාතනය කිරීම පිළිබඳව ප්‍රකාශ කරන සංවේදී කතාව නැරඹීමෙන් පසුවය. තම මවත් පුංචි අම්මත් නැති වූ දරුවන් නැවත පැමිණෙතැයි හෝ ජීවත් වෙතැයි දක්වන සුබවාදී විශ්වාසය ඔස්සේ ලාංකීය සමාජ ඛේදවාචකය ගැන ඔහු ගේ කතාව ගලා යයි.මා කුඩා කල සිටම අපේ ගෙදර සැලකිය යුතු ප්‍රමාණයක් මාක්ස්වාදී, ...
Lenin in Paris මා සිතූ හා මා ලියූ දේ... 'Lenin in Paris' මොස්කව් Art Gallery එකේ තියෙන චිත්‍රයක්. සමහරු කියන්නේ ඒ චිත්රයේ ඉන්නේ ලෙනින් ගේ බිරිඳ සහ ලෙනින් ගේ පසුව සෝවියට් සමුහාණ්ඩුවේ බලයට පැමිණි ජෝෂප් ස්ටාලින් කියලා (https://m.facebook.com/.../a.1239205.../1708812335923218/...). මේ කතාව නිවැරදි නම් චිත්රයේ අර්ථය සත්‍යයි. එනම් ස්ටාලින් පාලනය ලබා ගත් ආකාරය සහ පාලනය ගෙනගිය ආකාරය. වරෙක Nadezhda Krupskaya ඒ කියන්නේ ලෙනින් ගේ බිරිඳ ස්ටාලින් ට ලියනවා රෝගී වෙලා ...
මා එක්කලා අමනාපව වී දබර මා සිතූ හා මා ලියූ දේ... මා එක්කලා අමනාපව වී දබර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර...වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා...හඳමාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ හඳමාමා අතෙම ඒ පණිවුඩ යවමූ හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ...මේ ගීතයේ රචකයාත්, සංගීත නිර්මනකරුවාත්, ...
මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ... මා සිතූ හා මා ලියූ දේ... මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේඅපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේහිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේකුසේ ගින්න සනසන්නයි අතුරේ පිය නගින්නේමලට කලින් අපි තෑලිලයි පූදින මල් තලන්නේඅපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේමලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ..පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයිනැති බැරි කමයි උඩු හුළඟේ ළණු දෙපොටින් වැනෙන්නේසවුදිය පුරන මහ පොළොවට අපි ...
හීන් සැරේ ඔබ ආවා..... මා සිතූ හා මා ලියූ දේ... 1979 වසරේදී 'වසන්තයේ දවසක්' චිත්‍රපටයේ T M ජයරත්න ගායනය කල 'මාල ගිරා..' ගීතයට හොඳම ගීතය ලෙස සරසවි සම්මාන හෙමිවේ. කේමදාසයන් සංගීතයෙන් ඔපවත් වූ වසන්තයේ දවසක් හි සංගීතය හා එහි ගීත හැරුණු කොට වඩා වැදගත් දෙයක් නැති තරම්ය. එම චිත්‍රපටයේම 'හීන් සැරේ ඔබ ආවා' ගීතය මේ අතරින් විශේෂිතය.හීන් සැරේ ඔබ ආවා......ආවා.....රෑ සයනෙන් පිබිදී ....ඔබ....ආවා...ආවා......යාන්තමින් මා සිත ඇදි පිළිරුව.......ඔබ ආවා......වැතිරී පෙම් සිරි ...
හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්... මා සිතූ හා මා ලියූ දේ... ජීවිතයේ නව යෞවන වියේ ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් නැවුම්ය. සුන්දරය. පිවිතුරුය. මා මුලින්නම මේ ගීතයේ ඇසුවේ මා නව යෞවනයෙකු ලෙස සිටි කාලයේදී ය. සිතේ ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් ප්‍රකාශ කිරීමට නොහැකිව ඒ හැගීම් තුලින්ම තමාම වින්දනය ලැබූ හෝ ලබන සිදුවීම් සත්‍යකින්ම යලි යලිත් මතක ආවර්ජනය තුලින් අපව අතීතයට ගෙනයයි. මේ ගීතය පුරාවටම තිබනුයේ ඒ දඟකාර නැවුම් ප්‍රේමයේ වින්දනීය පෙළහරය.නිල් නුවන් පෙගෙන අදුර ...
සුද්දි නගේ නුඹෙ හිනාව.... මා සිතූ හා මා ලියූ දේ... කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රඟේතිඹිරි ඉදී රතු පාටින් පල බර වී නැමේහිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේසුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ //වක්කලමේ තොටමුණ ලඟ දිය රල සැඩ නැතේගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැවේලැජ්ජාවෙන් මුව රතුවී නෙත් ඔබාන බිමේනාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ //කුඹුක් ගහේ...උණ පඳුරේ සිලි සිලියෙන් මුමුණන සීපදේමට විතරක් ඇහුණම ඇයි හොඳ ...
ප්‍රණීත මී පැණි ගෙන ආවත්..... මා සිතූ හා මා ලියූ දේ... ප්‍රණීත මී පැණි ගෙන ආවත්විෂ ඇත බඹර තුඩේඋදා එළිය පුබුදා සිය නෙත්පිබිදෙයි නෙළුම් මඩේපිපෙන පිපෙන හැම මල් නෙලුවත්ගස මල පුබුදනවාගලන සියලු රළ කරදියරෙයිගඟ රැළි නංවනවා...බිඳින බිඳින තරමට සුවඳයිසුධවල සඳුන් ගසේපිසින පිසින තරමට උපදයිකඳුළැලි බිඳුත් ඇසේ...මිනිසුන් පිය සටහන් තැබුවත්නොබිඳෙයි කිරණ සඳේමහද ආදරය තව උපදයිඔබ රිදවුවත් ළඳේ....https://www.youtube.com/watch?v=4GwipyPVRT4මේ ගීතය රචනා කලේ ප්‍රේමකීර්ති. සංගීත හා ගායනය ප්‍රියා සුරියසේන. අන්තිම පේලි කිහිපය හැර අනිකුත් සැම ...
යලි හමු වීම.... මා සිතූ හා මා ලියූ දේ... සමු අරන් ගිය දිනේ පැතුවත් හුරු ලෙසටහමු වෙමු යම් දිනෙක යහළුවන් ලෙසින් හෝහමු වුනු දා තමයි දැනුනේ එහි ගැඹුරු බවඅතර මග හමු වෙලා සිනාසුනත් අපිකඳුළු කැට නොවැටෙයිද අතීතය මතක් වීකෙසේ නම් පවසම්ද සිතේ ඇති සියළු දේඅසන්නට හැකි වේද ඔබ හිතේ ඇති දේඔබට මා මටද ඔබ අහිමි වුවත් එදාඇයිද අපි හමු වුනේ එදා පැතු ලෙසේමුව පුරා හසරැලි අවදි වුවත් සැනින්හදේ නැගී ...
දඟකාර ඔය දෑස දුටුවා එදා ... මා සිතූ හා මා ලියූ දේ... දුරකථනය නාද වෙන්නට විය.'හලෝ..'කිසි හඬක් නැත..මම ස්වල්ප මොහොතක් නිහඩව සිටියෙමි. එක වර ඉකිබිඳ අඩන හඩක් අනෙක් කෙළවරින් ඇසෙන්නට විය.'හලෝ... කවුද මේ..' මම නැවත හඬ අවදි කලෙමි. දුරකථනය විසන්ධි විය. මම ඇමතු අංකය දෙස බැලුවෙමි . මා හට හුරු අංකයක් නොවේ. නැවත ඒ අංකයෙන්ම දුරකථනය නාදවෙන්නට විය. මා විසන්ධි කරන්න සිතුවත් නැවතත් ඒ අංකය හා සම්බන්ධ විය. මෙවර මම වචනයක්වත් නොකෙලෙමි.'හලෝ ...
කුමක් ලියන්නද සමරු පොතේ.... මා සිතූ හා මා ලියූ දේ... සිහිවටනය සේ කුමක් ලියන්නදඔබේ සුවඳ රැඳි සමරු පොතේසිතිවිලි සහසින් සිතක උපන්නත්කුමක් ලියන්නද සමරු පොතේදේදුනු පාටැති පිටුවෙන් පිටුවටආසිරි රේඛා සුහද පැතුම්ඔබේ නුවන් මට කී දේ රහසින්ලියන්න ආසයි මියුරු සිතින්ඈත දිහාවක ආදර වෙරළේඅපි හමුවූයෙමු අරුණෝදේඑවන් අපේ පොඩි කතන්දරේ මමලියා තියන්නද සොඳුරු ලඳේhttps://www.youtube.com/watch?v=5tyWsJRELZUසමරු පොත... අර floppy ඩිස්ක්, කැසට් පටි වගේ 70 දශකයේ ඉපදුනු අය මුහුණු පොතට පෙර භාවිත කල තවත් අපුරු පොතක්. ගැහැණු ...