සමු අරන් ගිය දිනේ
පැතුවත් හුරු ලෙසට
හමු වෙමු යම් දිනෙක
යහළුවන් ලෙසින් හෝ
හමු වුනු දා තමයි
දැනුනේ එහි ගැඹුරු බව
අතර මග හමු වෙලා සිනාසුනත් අපි
කඳුළු කැට නොවැටෙයිද අතීතය මතක් වී
කෙසේ නම් පවසම්ද සිතේ ඇති සියළු දේ
අසන්නට හැකි වේද ඔබ හිතේ ඇති දේ
ඔබට මා මටද ඔබ අහිමි වුවත් එදා
ඇයිද අපි හමු වුනේ එදා පැතු ලෙසේ
මුව පුරා හසරැලි අවදි වුවත් සැනින්
හදේ නැගී වේදනා මැකිය හැකිදෝ එයින්
වෙනදා සේ ඔය දෙනෙත් දෙස බලා
සැනසෙන්න නැලවෙන්න වරම් නැත හිමිවෙලා
සිහින් ලෙස මිමිනුවත් ගිහින් එන්නම් කියා
කෙසේ නම් යන්නේ මා සිත නුඹ ළඟ තබා
No comments:
Post a Comment