ලංකාවට යනවද?.... පිස්සුද? මා සිතූ හා මා ලියූ දේ... මා සමග එකට වැඩ කරන මිත්‍රයකු දීර්ඝ සේවා නිවාඩුවක් ලැබීමට නියමිතය. එය සති දහයක් පමණය. දිවා විවේකයේ දී ඔහු අප සමග මේ ගැන කතා කළ අතර ඔහු විදේශ සංචාරයක් යාමට තීරණය කර ඇති බව පැවසිය. මා ඔහුට ලංකාවට සංචාරය සඳහා යන ලෙස දැන්විය. ඔහු 'මොන වගේද' යන්න විමසිය. මා ඔහුට ලංකාවේ අලි ගැනත්, සිගිරිය ගැනත්, ලංකාවේ කකුළුවෝ සහ කෑම ගැනත් ...
මුලාග්ගාය හැදුණු දේශපාලකයිනි ක්ලින්ටන්ගෙන් ඉගෙන ගන්න... මා සිතූ හා මා ලියූ දේ... ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ගේ නිර්දේශ ලියුම හා ඒ ගැන අසු මාධ්‍යවේදියා නිසා මළ පැනීම දැන් හැමෝම දන්නා කරුණකි. ඒ ලිපිය මගින් කැබිනට් ඇමතිවරයෙකු නිකම්ම නිකම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තත්වයට වඩා පහල තතවයකට පත්වීමට ඔහුට හැකි විය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු එවැනි ලිපි ලබා දෙන්නේ වැවේ මසුන් මැරීමට හෝ කැලයේ දර කැඩීමට ප්‍රාදේශීය ලේකම්ට නිර්දේශ කිරීමටය. කෙසේ හෝ අපගේ අධ්‍යාපන ක්රමයේ ...
පළමු වරට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කලෙමි මා සිතූ හා මා ලියූ දේ... ඔව් එය මගේ පළමු දක්ෂිණ අධිවේගී මාර්ගයේ චාරිකාවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වුයේ ගැලනිගම interchange ස්ථානයෙන්. පාන්දර 5 ට පමණ ඇත. තද අඳුරක් නොතිබුනත් අවට දර්ශන පැහැදිලි නැත. එසේම වුවද බලන්න තරම් විශේෂ වූ දර්ශනද ඒ ප්‍රදේශයේ නැත. ටිකෙන් ටික අඳුර මැකී යන්නට විය. දොඩන්ගොඩ interchange සඳහා වූ දුර ගෙවි යාමට වැඩි කාලයක් ගත වුනේ නැත. අඳුර බිදෙනවාත් සමග අවට ...
බට්ලර් ගේ දුර්වල කම ඔබටත් තිබේද...? මා සිතූ හා මා ලියූ දේ... මෙම නිර්මාණය කාගේදැයි නොදනිමි. මුහුණු පොතේ මිතුරෙකු විසින් share කරන ලද්දකි.බට්ලර් ගේ දැවියාම දැන්වීමකට යොදාගත් අයුරු... නිර්මාණශිලිත්වය ගැන කවර කතා ද?
සමනල සංධවනිය - සිනමාව සිනමාවක් ලෙස.... මා සිතූ හා මා ලියූ දේ... ජයන්ත චන්ද්‍රසිරි යනු ජාතිකවාදයෙන් මුසපත්ව අතීත කාමයෙන් යුතුව සිංහල සංස්කෘතියේ විවිධාකාර තේමාවන් ඔස්සේ නිර්මාණ කරන සිනමාකරුවෙකි. මෙසේ සිතා සමනල සංධවනිය බැලුවහොත් කියන්න වෙන්නේ 'බම්බුව තමයි' යන්නය. ජයන්ත චන්ද්‍රසිරි යනු මෙන්න මේ වගේ නිර්මාණ කරුවෙකුයි කුලක කිරීමට නොහැකිවන තරමටම සමනල සංධවනිය විවිධාකාරය.එක්තරා විදිහක ෆැන්ටසියකුත් තවත් ආකාරයකම වූ රොමැන්ටික් බවකුත් මුළු චිත්‍රපටය පුරාවටම දිව යයි. එහෙත් පරිකල්පන ලෝකයක ප්‍රේක්ෂකයා අතරමං නොකර ආදරය, ...
සුදු ඇඳගෙන කළු ඇවිදින්.... මා සිතූ හා මා ලියූ දේ... එක දවසක් පළඟැටියෙක් සිතුවමක් අන්දාසිතුවමක් වගෙ සිතියමක් අන්දාසිතියමෙ උන්නු සමලයා ම්ංමුලා උනා මල් හොයලාගහා කොළ විතරයි පෙන මානේසුලග හමනවා. සුවදක් නැනේ සිතියමෙ උන්නු සමලයා ම්ංමුලා උනා මල් හොයලාබොරුව ලග වැඩි මෙ ලොකේ එක zoom කරලා අපි බලලත් නැනෙ පළගැටියා කන්නේ ගස් වල කොළ. ඒකාට චිත්‍ර අඳින්න බැහැ. හැබැයි කාපු කොළ සිතුවමක් වගේ. සමනලයා හොයන්නේ මල්. එත් පළගැටියා අඳින සිතුවම් වල ...
SAITM නඩුවෙන් වත් ඉගෙන ගනිමු.... මා සිතූ හා මා ලියූ දේ... අධිකරණය SAITM පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන තීන්දුව දී අවසානය. මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන හොඳ හෝ නරක ගැන දැන් ඕනෑවටත් වඩා කතා කර ඇත. නමුත් අවසාන ප්‍රථිපල ය වුයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පිළිගන්නා ලෙස අධිකරණ නියෝගය ලබාදීම ය. මෙය ඉහල උසාවියකදී අභියෝගයකට ලක් විය හැකිය. එවිට මේ තීන්දුව වෙනස් වීමටද පුළුවන. නමුත් මෙහෙමෙ වූ යේ ඇයි.අපි විශිෂ්ට ඉතිහාසයක් හා ...
කාර් රේස් තියන්න නුවරම ඕනනේ ඇයි? මා සිතූ හා මා ලියූ දේ... රටේ ජාතික ප්‍රශ්න ඕන තරම් තිබේ. එත් ආණ්ඩුවටත් විපක්ෂයටත් ලොකුම ප්‍රශ්නයක් වන්නේ නුවර කාර් රේස් ය. නුවරට කාර් රේස් අවශ්‍ය ඇයි. මෙය උභතෝකෝටික ප්රශ්නයකි. මන්ද නුවර මාර්ග රේස් තියා ගම හරහා දුවන්නවත් සුදුසු මාර්ග නොවේ. ඒ මදිවට කාර් රේස් නැරඹීම සඳහා සුදුසු පරිසරයක් ද නැත. එත් නුවරට කාර් රේස් අවශ්‍යය. මන්ද මහින්ද රාජපක්ෂ යන රේස් එක දිවිමේදී ප්‍රතිවාදියාට යම් රිදිවිමක් ...
නිර්මාල් ට රුපියල් දෙක දී අපට ඇරපියව්...... මා සිතූ හා මා ලියූ දේ... නිර්මාල් නියෝජනය කරන මතය හා දේශපාලන කණ්ඩායම පිළිබඳව විශ්වවිද්‍යාලයේ සිටම මගේ එකගතාවයක් නැත. එහෙත් ඔහු කඩ හිමියෙකු සමග ඉතුරු සල්ලි සඳහා ඇති කරගත් ආරෝව ගැන නම් මා හට ඇත්තේ ඔහු පිලිබඳ පැහැදීමකි. ගෞව්රවයකි.පළමුව කිව යුත්තේ මෙවැනි සිද්ධීන් අපට ඕනෑ තරම් සුලභය. මෙය සමාජ ජාල හා වෙබ් අඩවි වල පුවතක් වුයේ සිද්ධියට සම්බන්ධ නිර්මාල් ට ඇති සිවිල් බලය නිසාය. මෙය ලියන ...
මොහාන් රාජ් ගේ 'ලොවිනා' ගැන මා සිතෙන හැටි... මා සිතූ හා මා ලියූ දේ... කලක සිට මොහාන් රාජ් ගේ 'ලොවිනා' නවකතාව ගැන යමක් ලියම්දෝ නොලියම්දෝ යන දෙගිඩියාවෙන් පසු වුනි. මොහොන් රාජ් වෙනත්ම මාවතක් සොයන කතුවරයෙකි. ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන 'බෝදිලිමා' තුලින් කිසිවකු ගමන් නොගත් මාවතකට ඔහු පිවිස ඇති බව පසක්විය. නමුත් 'මාගම් සෝලිය' නවකතාව තුලින් ඔහු සොයා ගත් නව මාවතේම ඔහු අයාලේ යාමක් සිදුව ඇත යන්න මගේ හැඟීමයි. 'මාගම් සෝලිය' ලියමින් නවකතාවට ළදරුවෙකු ...
හූ...හූ .....මෙදා පාරත් රැවටුණා නේද...? මා සිතූ හා මා ලියූ දේ... මා මේ බ්ලොග් එක පටන් ගත්තේ දේශපාලනය ගැන ලියන්නේ නැත යන අදහසින්ය. එත් මේ සිදුවන විපිරියාස දැක නො ලියා සිටීමට බැරිය. කිසිදු සැකයක් නැත. මෙවරත් අති සාරවත් ලෙස මහින්ද රාජපක්ෂ මහජන මතය වෙනතකට යොමු කළේය. ඒ ගැන පුදුමයක් නැත. ඔහු සමග දේශපාලන ගේම් ගැසීමට සිටින්නේ ලිලිපුට්ටන්ය. අඩුම තරමේ මේ ගේමක් කියලවත් සිතා ගත නොහැකි බබ්බුය.බස්නාහිර දකුණ පළාත් සභා ඡන්දය අවසන් ...
ඒ දවස් අමතක ද කියන් දඟකාරියේ ... මා සිතූ හා මා ලියූ දේ... IELTS exam එක ඉවර වෙලා මා විභාග ශාලාවෙන් පිටතට පැමිණි විට හොඳටම හවස් වී තිබුණි. ඒ මදිවට සිහින් පොද වැස්සක් සමග හාත්පසම අඳුරුය. වැස්ස පායන තුරු පොඩ්ඩක් ඉවසා සිටීමට මම අසල තිබු වහල් පියස්සකට මුවා වුනිමි.තව බොහෝ දෙනෙක් මා මෙන්නම වැස්ස නිම වන තුරු එතන බලා සිටින්නට වුහ. මා ඉදිරියේ අනිත් පස කෙල්ලෝ රංචුවකගේ සිනහා හඬ හොඳට ඇසේ. ඔවුන් එකිනෙකාට ...
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය... මා සිතූ හා මා ලියූ දේ... අද පොඩි කොල්ලා ඉස්කෝලේ යන පළමු දවස. ඌ වයසින් වගේම උස මහතින් උනත් පොඩි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්න්ම පොඩි එකා. ගෙදර හැමෝගෙම හුරතලා... වෙලාවකට අත දරුවා... තව වෙලාවකට බලු පැටියා... තවත් වෙලාවකට හොර පුස් පැටියෙක්. පොඩ්ඩක්අ සද්ද නැති නම් අම්මයි මමයි දන්නවා මොනවහරි ගේමක් තමයි කියලා...අයියා තමයි පුර්වාදර්ශයට ගන්නේ... ඒ කියන්නේ අයියා කරන හැම දේම එයටත් කරන්න ඕනනේ. හැබැයි අයියා කරන ...
සුළං රොදක් සේ නොසිතු මොහොතක..... මා සිතූ හා මා ලියූ දේ... මා මේ ගීතය ගැන ලියන්නට පටන් ගත්තේ, එය අසා මාස තුනක් පමණ පමණ ගත වූ පසුය. මේ ගීතය ගැන කුමක් ලියම් ද? සත්තකින්ම මා විඳි දේ ගැන ලිවිය යුතුද? නැති නම් ගීතය ගැන ලිවිය යුතුද? දහසකුත් සිතුවිලි හා ප්‍රශ්න මගේ මනසේ හොල්මන් කර අවසානයේ සිදු වුයේ කිසිම වැදගත් කමක් නැති සටහන් කිහිපයක් තැබීම ය. එය ලියා, මකා, නැවත ලියා එතැනින් ...
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා.... මා සිතූ හා මා ලියූ දේ... පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියාදකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයායහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියාඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියාසෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවාවල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවාසැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරීමට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරීඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියාසිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ...
තොටිල්ලේ ලී වටෙන් එහා... මා සිතූ හා මා ලියූ දේ... අද ලොකු එකා මුලින්නම ඉස්කෝලේ ගිය දවස. එයා ගේ ජීවිතේ ලොකුම ලොකු පරිච්ඡේදයක ආරම්භය. මම දන්නවා මට වගේම එයාටත් මේ පරිච්ඡේදය ලොකුම ලොකු එකක් කියලා තේරෙන්න ගන්නේ සෑහෙන්න කාලයක් ගිහිල්ලා. ජිවිතයේ මේ පරිච්ඡේදය ලියාගන්නා විදිහ අනුව තමයි අනිත් පරිච්ඡේද ලියවෙන්නේ. කාටවත් ඒක මෙන්න මෙහෙම ලිවිය යුතුයි කියලා තීරණය කරන්න බැහැ. අපට පුළුවන් දන්නා විදිහට සෝදුපත් බලන එක විතරයි.මට තාම මතකයි ...
ලා සඳ එළියේ නා පෙති හැලිලා මා සිතූ හා මා ලියූ දේ... https://www.youtube.com/watch?v=zGZGT89he7Mවිවාහයේ ප්‍රථම රාත්‍රිය ගැහැණියෙකු ට ඇතිවන සතුට,බලාපොරොත්තුව හා චකිතය කියවන වෙනත් ගීතයක් මේ ගීතය හා සැසදීමට නොහැකි තරම්ය. දයා ද අල්විස් නම් ගීත රචිකාවියගේ ජිවන අත්දැකීම් මේ ගීතය සමග මුසු වී ඇතැයි මට සිතේ. ඇයගේ පළමු විවාහය අවසන් වන්නේ ස්වාමියාගේ අකල් වියෝවෙන්ය. පසුව ඇයගේ ජිවිතයට ඇතුළුවන්නේ ප්‍රේමකීර්ති වුවද ඒ විවාහයත් සාර්ථක වන්නේ නැත. මා හට සිතනුයේ මේ ගීතය දයා ද ...
වැදි රජ දිසාපාමොක් ට ලියු ලිපිය... මා සිතූ හා මා ලියූ දේ... රැලෙන් වෙන් වී අවේ ඔබ වෙතශිල්ප උගෙනුම පතාඔබේ සැලකිලි වැඩියි මනමෙටරජ අනුහස් ඇති නිසාතවත් ඉන්නට හිත් නොදෙයි මටතක්සලාවේ දුක දරාමාව වැද්දෙක් කලේ නුබමයිදිසා පාමොක් ගුරු තුමාදන්න දා සිට දුනු හිය සමගින්ගෙවුණු මගේ මේ ජිවිතේකෙසේ නම් ධනුද්දර වුනාදෝමනමේ අපේ මේ දිසාවේදහසකින් බැඳී පියලි නැති මුත්පුදන්නට ඔබ ඉදිරියේතක්සලාවේ හොඳම සිසුමා නොවේද ගුරු තුමානේලොවට රහසින් ගෙතූ පෙම් දම්නුබේ දුලා සමග මාකෙසේ නම් පවසම්ද ...
නාම විශේෂණ මට නැත ඔබ ගැන.... මා සිතූ හා මා ලියූ දේ... ගුරු ගීතයේ අල්තීනායි, තම ගුරුවරයා වූ දුයිෂෙන් ට ආලය කරන බව ලියා දැන්වූ කල දුයිෂෙන් කලේ අල්තීනායි ව මග හැරීමය. ඇයට ලිවිම නතර කිරීමය. තම සිසුවියගේ නිබඳ දියුණුව පැතු පරමාදර්ශී ගුරුවරයෙකු ලෙස දුයිෂෙන් ගේ ක්‍රියාව සමග මට නිරන්තරව සිහිවනුයේ අපේ කාලේ ගුරුවරුන් ගැනය. බොහෝ tution ගුරුවරුන්ගේ බිරිඳ, දෙවැනි බිරිඳ, හොර ගෑණි, ඇතුළු මෙකි නොකී සියළු දෙනා බොහෝවිට තමන්ගේ සිසුවියක් ය. ...
මගේ දුකට නුඹ නාඩන් පාන්කිරිත්තෝ.... මා සිතූ හා මා ලියූ දේ... ඇය නවාතැන් ගෙන සිටියේ තමන්ගේම නිවසේ නොවේ. තමන්ගේ ගෙදරින් පිට නවාතාගෙන් සිප්සතර හදාරා, ඇය සරසවි වරම් ලබන්නේය. එය ප්‍රීතිමත් හේතු කාරනවක්ය. එහෙත් අපේ කතා රචකයාට ඇත්තේ අසීමිත දුකකි. එය ඇය සරසවි වරම් ලබූ නිසා නොව නවාතැනින් යාම නිසාය. අසල ගසක හඬ නගන පාන්කිරිත්තා ගෙන දෙන්නේ ඒ ශෝකී බව සමග මුසල කමකි.නවාතැනින් ඇය යනවා වරම් ලබා සරසවියටමගේ දුකට නුඹ නාඩන් පාන්කිරිත්තෝ....අපේ ...