සාදය... ~සිතුවිලි~ මීවිතෙන් මත් වූමියුරු නාදෙන් පිනවූසිනා කැන් පිරවූසාදයකි සැම දෙනා රැස්වූකිසිදා නොමැති සතුටක් කිසිදා නොතිබු සෙනෙහක් මවා පාමින් තවත් ගෙවා දමනා නිසරු දිනයක්! ~නෙතුපුල්~ ...
ජීවිතය... ~සිතුවිලි~ කඳුළැලි වැටී ඇති ගංගා දිය තරමදුක් සෝ සුසුම් ඇති සැඩ සුළගක් තරමහද ඉරි තැලී ඇති රළු කතරක් තරමදිවි මග අතරමන් වී දෝ මේ තරම...~නෙතුපුල්~
බලාපොරොත්තුව... ~සිතුවිලි~ දහස් වර සිහින දුටුසොඳුරු වූ ඒ දවස...උදා වේවී කියාබලා සිටිනෙමි තවම...~නෙතුපුල්~
මලක් හිරුට කිව් කව... ~සිතුවිලි~ පෙති විදාලන මලක රොන් බිඳුඋරන්නට බමරුන් සිටියිමගේ පෙති වල දැවටි යන්නටදහස් බමරුන් මෙහි ඇදෙයි...හිරු කිරණ ලද මලේ පෙතිවලරැඳුනු උණුසුම තව තියෙයිපෙම් කරන්නේ හිරුට පමණයිඇවිත් යන බමරුට නොවෙයි...~නෙතුපුල්~...කලින් මම ලිව්ව කවියට ඇනෝ කෙනෙක් ලියපු පිළිතුරු නිසදැස නිසා මට මෙහෙම අදහසක් හිතට ආවේ... ...
බොඳ වූ සිතුවිලි... ~සිතුවිලි~ කෑගසා නොකීවට ඉකි ගසා නොහැඬුවට මගේ සිත, මගේ ගතරිදෙන බව නොපෙනුනිද...නුඹේ එක් වදනකටහැඟුම් බර වන මසිතවේදනා විඳින වග නොදැනුනේ ඇයි නුඹට...?~නෙතුපුල්~
නුඹ ගැන මතක... ~සිතුවිලි~ සිඟිති සියුමැලි නුඹේ අත ගෙනපාසලට නුඹ රැගෙන ගිය කල...ළපටි නෙත් යුග කඳුළු බොඳ කරබලා සිටියා මගේ අත ගෙන...පළමු පාඩම මගේ මග හැරනුඹේ නෙතගේ කඳුළු සිප ගෙන වැළඳ ගත් කල මා නුඹේ හිසසැනසුනා නුඹ නගා මද හස...කොස් ඔටුනු ලා රජ කරා නුඹ මල් දමින් මා හැඩ කලා නුඹකෙලි කවට සිනහා මැදින් අප ගෙවූ කල් මතකයි සදා මට...ගෙවී ගියමුත් බොහෝ කල් අදසිතේ ...
අසම්මත පෙම... ~සිතුවිලි~ හවස බැස යන හිරුගෙ කිරණටපෙම් කලෙමිමගෙ යැයි සිතා එහිරු කිරණතරැදුන උණුහුමමගේ පෙතිවිකස#
සෙනෙහසේ කඳුළු... ~සිතුවිලි~ ආදරය කල තරම් සෙනෙහසක් ලැබුනි නම් කඳුළු වැල් නොගලාවිදුක් සුසුම් නොසැලේවිනුඹ දමා හැර යන්නකිසි දිනක නොසිතේවි...~නෙතුපුල්~
... ~සිතුවිලි~ හිරුට පමණක් උරුම අහසේතරු කැළුම් නොපෙනේ...හිරු සයුරු ඉම සිඹින මොහොතේතරු පිපී දිලිසේ...පිපී දිලිසෙන නුඹේ තරු යුගමගේ නෙත් මත හෙලන මද හසබැඳුනු අතැඟිලි රැඳුනු උණුහුමගෙන දෙවයි මා සිතට සැනසුම...නුඹේ සුසුමක වෙලෙන මා ගතසදා සැනසුම ගෙනෙයි මා හට සදා කල් නුඹ සමග රැඳුමට කියයි මා සිත කොඳුරමින් මට...~නෙතුපුල්~ ...
කඳුළු... ~සිතුවිලි~ සිතක් පුරවනපැතුම් පොදි බැඳනුඹට කැප කලමගේ පෙම් මලනුදුටු දෑසින්ඉවත බලමිනනුඹේ සෙනෙහසඇයට පුද දෙන...නුඹට නොදැනෙනමසිත රිදවනනුඹට වෙන් කලමගේ දිවි මගනුඹෙන් ඉල්ලනඑකම එක දෙයනොලැබ තනිවමසොවින් වැලපෙන...~නෙතුපුල්~ ...
සඳ දියවී සුනිල දියේ... ~සිතුවිලි~ සඳ දිය වී සුනිල දියේඅහස යටින් ඉරක් පිපේ.තරු මිලින ව අහස තලේපිණි බිඳු වී බිමට වැටේ.තරු ගණිනා අතරතුරේපුර හඳ මට මග නොහැරේ.සඳ දිය වී සුනිල දියේඅහස යටින් ඉරක් පිපේ..මල් පිබිදී හදගිස්සේකොඳ සිතුවිලි ලිහී වැටේපියුම් පිපී සිතුම් විලේමුවරද මුසු පවන් රොදේසුවඳ දැනේ ආදරේ...සඳ දිය වී සුනිල දියේඅහස යටින් ඉරක් පිපේ.තරු මිලින ව අහස තලේපිණි බිඳු වී බිමට වැටේ..වන වදුලේ තුරු අතරේකඳු ...
එදා, අද සහ හෙට... ~සිතුවිලි~ යහපත් කාලයක් උදා වුනාම...හිතට කරදරයක් වැඩිය නැති උනාම...මිනිස්සු තමන්ගේම අතීතය වගේම ඒ අතීතයෙන් වර්තමානයට එන්න විඳපු දහසකුත් කරදර දුක් වේදනා අමතක කරලා දාන බව මේ දවස් වල ඇහෙන දකින කතා බහින් හොඳට පැහැදිලි වෙනවා...ඒවා ඇහෙද්දී හිතට දුකයි...ඇයි මේ මිනිස්සුන්ට මේ කෙටි කාලීන අතීතය අමතක වෙන්නේ?මිනිස්සු වැඩිපුර කතා කරාට තමන්ගේ මතය ගැන විශ්වාසය තියන්න...කවුරුත් ආවේගයෙන් කතා කරපු පලියට, හිතට එකඟව තමන්ට ...
දිවියේ අරුත සොයමින් වෙහෙසෙන අප... ~සිතුවිලි~ සොඳුරු ගී වැල් මිහිරි වන්නටපද බඳින නුඹ සොඳුරුමයි අඳුරු තිර පට ඉරා ලන්නටවෙර දරන නුඹ පියකරුයි...වේදනා දහසකින් පිරවූපෙම් කඳුළු උල්පතක් වැනි වූ අපේ පෙම් දම් මලින් පරවූ අතීතය සිහිනයක් වැනි වූ... පැටලෙනා දිවියකින් නිමවූඅපේ ප්‍රේමය සදා බොඳවූ නෙතු සිනා කැන් කඩා බිඳ ලූ අපේ මං පෙත් වසා රිදවූ... ඒ කඳුළු රැළි පිසදලන්නට වැසුණු මං පෙත් හෙළි කරන්නටසිහිනයන් හැර දමා යන්නටමං ...
හිස් වුනු මගේ සිත... ~සිතුවිලි~ කාලෙකින් කිසි දෙයක් ලියවුනේ නැති උනාට ජීවිතේ නම් ගොඩක් වෙනස්කම් වෙන කාලයකුයි මම ගත කරමින් ඉන්නේ...ලියන්න දෙයක් හිතට එන්නෙම නැති තරම්...හිත මේ තරම් හිස් වෙලා තියෙන්නේ පහු ගිය කාලෙදි මම මගේ ජීවිතය ගැනම ගත්තු තීරණ ගැන මට අපැහැදිලි හැඟීමක් දැනෙන නිසා කියල මට දැනෙනවා....මාව හොඳින් අඳුරන අය වගේම...මගේ බ්ලොග් එක මුල ඉඳන් කියවපු අයත් දන්නවා ඇති මගේ ජීවිතේ ගොඩක් සිදුවීම් ...
රහස... ~සිතුවිලි~ කිසිඳු දින කිසිවෙකුට නොදැනෙනකිසිම විට කිසිවෙකුත් නොසිතනඅපේ රහසේ සොඳුරු සිතුවමඇඳී ඇත තරු සපිරි නෙත් තුල...කිසි කෙනෙක් නොදකිනා මොහොතකනුඹේ නෙත් තුල දිලෙන සෙනෙහසවිඳින මා සිත තිබෙන සැනසුමකිසි විටෙක නොදැනේවි වෙනෙකුට...~නෙතුපුල්~ ...
අත්වැලක් නොවුනාට සෙවනැල්ල වූ නුඹට... ~සිතුවිලි~ ගතින් දෙදෙනක් වෙමින් සිත් පෙමින් බැඳුනාට සිතින් එක තැන් වෙමින් වදන් නොම කිව්වාට නෙතින් නෙත පටලමින් පෙමින් ලං නොවුනාට සිතින් මා තනි නොකළ සෙවනැල්ල නුබයි මට...~නෙතුපුල්~ ...
සුභ අළුත් අවුරුද්දක් වේවා! ~සිතුවිලි~ ඝණඳුර නිවා හිරු කිරණක් මතු වේවාසැනසුම විනා දුක් කිසිදා නොම වේවා...සිතනා පැතුම් එම ලෙසකින් ඉටු වේවාලබනා අවුරුද්ද කිරියෙන් ඉතිරේවා...~නෙතුපුල්~
සුභ නව වසරක් වේවා... ~සිතුවිලි~ නව පැතුමන් සදා ඉහලින් ඉටුවන්නනව හැඟුමකින් සිත් මල සනසා ගන්නනව වසරකට සුබ ආසිරි ගෙන එන්නනව පදවැලක් ගොතනෙමි හිමිදිරියෙන්ම...~නෙතුපුල්~
ආදරණීය අම්මේ... ~සිතුවිලි~ කිරි කැටි බිලිඳු වයසෙදි මා රැක ගත්තාකිරි බිඳු පොවා මා ඇති දැඩි කරගත්තා කවි ගී කියා මා නිදි කරවා ගත්තාහැකි හැම දේම මා හට දී සිප ගත්තා...නුඹ පෙව් කිරි වලට සැමදා ණයගැතිය නුඹ දුන් සෙනෙහසට කවි ලීවට මදියඑනමුත් මා දිවිය හිමි නම් මා හටය වෙනසක් කිරීමට නම් මා හට නොහැක...~නෙතුපුල්~ ...