නින්දා...ප්‍රශංසා... ~සිතුවිලි~ පාප් වහන්සේ ලංකාවට සැපත් වෙලා. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සලස්වන්න කොළඹ විවිධ ස්ථාන වල මාර්ග වසා දැමුනා. ඒ සියලු දේවල් අතරෙදි අපිත් වෙනද වගේම අපේ රාජකාරි කටයුතු වලට ඇවිත්, සුපුරුදු වෙලාවට නිවෙස් බලා යන්න සුදානම් වුනා. සුපුරුදු මාර්ගයේ 138 බසයකට නැගුනු මම හැමදාමත් තියෙන මාර්ග තදබදය දිහා බලන් හිටියා...වෙනද හිමින් සැරේවත් ඉදිරියට ඇදෙන වාහන ඊයේ එකම තැන තිබුනේ පාර ඉදිරියෙන් ...
පැතුම්... ~සිතුවිලි~ සැමදා ඔබෙ වදන් මුදු සුසිනිදු වේවාසැමදා නුඹේ සුසුම් උණුසුම ගෙනදේවාසැමදා පෙම් පැතුම් හදවත ඇති වේවා සැමදා මේ පැතුම් මල් අපෙ පිබිදේවා...~නෙතුපුල්~
බිඳුණු සිතුවිලි... ~සිතුවිලි~ නුඹ නිසා මා නෙත් අගින් ආකඳුළු ගැන නුඹ නොදන්නේනුඹ නිසා මා පැතු පැතුමන්කිසි දිනෙක නෑ දැනෙන්නේ...අහස ඉල්ලා හඬන දරුවෙක්වගෙයි මට මා දැනෙන්නේබිඳුණු දිවි මග සොයන බවකුයිමෙදින මා හට සිතෙන්නේ...සෙනෙහසින් මා සිතින් බැඳුනත්නොමැත පාරමි පුරන්නේ නුඹ මගේ නොව මා නුඹේ නොවඑයයි උරුමය මේ භවේ...~නෙතුපුල්~ ...
සයුරු දිය... ~සිතුවිලි~ අවැසි වුයේ දිය බිඳක් නම්නුඹ පුදන්නේසමුදුරක්වියලි ගිය මා දැවුණු දිවියටනොලැබුණා මට දිය පොදක්...තෙරක් නොපෙනෙන නුඹේ කඩඉම්කරක් ගසනා නුඹේ දිය රැල්ඉමක් නොපෙනෙන නුඹේ ඕවදන්නුඹත් නොදනී නුඹේ සිත් රැල්...දිගක් පළලක් මනින්නට බැරිදිය බිඳක් වත් පුදන්නට බැරිමට නොවෙයි සැම දෙනටමත් හිමිනුඹේ දියමට නොදෙයි හසරැලි...හිතට හරි නැති උනාට අද කවියක්වත් නොලියවෙන දවසක් වෙලා...මේක ලියල ගොඩක් කල්...අහම්බෙන් හම්බ උනේ...~නෙතුපුල්~ ...
තනිකමේ සිතුවිලි... ~සිතුවිලි~ ඝනදුරු රැයක සීතල නැති කරලන්නබියකරු සිහිනයෙන් මා මුදවා ගන්නපියකරු වදන් මා සවනත මුමුනන්න කෙදිනද එන්නෙ මා තුරුලට අරගන්න...සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට දෙතොලත රැඳුනු පිණි බිඳුවක් පිසින්නට ගං දිය රැලක සිසිලස ගත වෙලන්නට හෙට දුර වැඩිය මග බලමින් හිඳින්නට...~නෙතුපුල්~"සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට" කියල මට ලියල දුන්න කළු හිම ගැන නොලිව්වොත් මම ආත්මාර්ථකාමී වෙනවා...මම හිතන්නේ ඒක තමයි මේ කවියට තියෙන ...
සඳ ~සිතුවිලි~ පුර පොහෝ දිනදිදුලනා සඳපෙන්නුවත්නුඹ නොදුටු ඒ සඳඅමාවක දිනරිදවමින් නෙතසොයා වෙහෙසීහඬනු කුමටද...~නෙතුපුල්~
තනිකම... ~සිතුවිලි~ මතකෙන් නොමැකේවි කිසිවක් කිසිදාකසිනහව රැව් දේවි සවනත හැමදාමසුසුමක් ගිලිහේවි තනියට නැතුවාම උණුහුම අරන් එන්නේ නුඹ කවදාද...~නෙතුපුල්~
නොපැවසුනු ප්‍රේමය... ~සිතුවිලි~ දස වසකටත් පෙර දිනයක මුණ ගැසුනනුඹ අද තවම මා වෙනුවෙන් සිත තවනනුඹ සිත පතුලෙ මා වෙනුවෙන් ඇති හිඩැසපුරවනු නොහැකි වෙයි මා හට කිසි දවස...~නෙතුපුල්~
අතීතාවර්ජනය... ~සිතුවිලි~ සලමින් සෝ සුසුම්දරමින් මහද තනිකම්හෙලමින් කඳුළු උණුහුම්මග බලා සිටියා... එනකම්...නොදුටු ඒ කඳුළැලිනොඇසුනා කිසිදාක...ඒ ඉකිනොබැලුවා ඔහු නිති මුලා වූ කල ඇගේ දිවියෙහි...හෙලු කල කඳුළැල්නොමැති වූ කල හසරැල් නොලද ඒ පෙම් මල්බලා හිඳිනේ කිමද...තව කල්?~නෙතුපුල්~ ...
මෙරුවෙක් පන් සිලට කිව් කව... ~සිතුවිලි~ අඳුරු රැය දිදුලනසිත් තුටින් පුරවනමද සුළගෙ නැළවෙන නුඹ තරන් වෙන කිසිත් සොඳුරුද?නැවත යන්නට බැරීවෙනතක් බලනු නොහැකීදිවි අඳුරු මැකුනී මගේ දිවි නුඹ හටම පුදමී...සතුට හිමි මොහොතයිඑහෙත් නුඹ තව දිදුලයිමියැදුනත් සතුටුයි නුඹේ උණුසුම සදා මතකයි...~නෙතුපුල්~මගේ පරණ පොස්ට් එකකට ඇනෝල දෙන්නෙක් ලියපු දේවල් නිසයි මට මේ කවිය ලියවුනේ...පරණ කවිය මෙතනින් බලන්න...http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html ...
පිණි බිඳුව... ~සිතුවිලි~ අඳුරු රැය ගෙවෙනා තුරාසොඳුරු සිතුවම් හද පුරාතුරුළු කරගෙන - නුඹේ උරහිසමා සුසුම් රැල් දැවටුණා තුෂර බිඳු තණ පියලි මත්තේ මුතු පබළු සේ දැවටුණාහිරු කිරණ ඒ පබළු ඔස්සේසුසම් රැල් විහිදාලුවා...සඳුට පමණක් පෙනෙන සෙනෙහසහිතේ කොනකට සිරවුණා හිරුට හිමි ලොව පිණි බිඳුව මමබලා ඉමි රැය එන තුරා...~නෙතුපුල්~ ...
නුඹ නොමැති මා දිවිය... ~සිතුවිලි~ නුඹේ දෙතොලග රැඳුනු මද හසමගේ සිත අග තනි රකින සඳනුඹේ සුසුමක රැඳුනු උණුසුමමගේ මතකය පාරවයි අද...නුඹේ රළු අතැඟිලි වලින් නුඹමගේ අත ගෙන ගෙවූ ඒ දින නුඹේ අත්වැල නොමැති අද දිනමගේ දිවියට නොමැත හිරු සඳ...නුඹේ වදනක පහස ලබනටමගේ දෙසවන බල කරයි මටනුඹේ සෙනෙහස නැවත දකිනටමගේ නෙතු යුග මග බලයි අද...~නෙතුපුල්~ ...
මගේ සදාදර මිතුරියට... ~සිතුවිලි~ වැසි වසින විට හිරු කිරණ නුඹහිරු දරුණු විට වැටෙන පොද නුඹ හිස් අහස යට දිලෙන තරු නුඹ නිල් දියක් වෙයි සදා මට නුඹරළු වළා පරදවා සැම විට සිත් තොසින් පුරවලා එම විට මල් දමින් සරසනා දිවියම නුඹ මගේ සොයුරියයි සැම දින...~නෙතුපුල්~ ...
නෙතුපුල්ගෙන් දෙවෙන්ද්රෙරා සං වෙත... ~සිතුවිලි~ ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව නාට්‍යයේ මෙහෙම සංවාදයක් තියෙනවා...මාලිනී: ...එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නේ අද විතරයි...අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නා ඉන්නවා. හෙට මම විතරයි...හෙටත් අනිද්දටත් කවදාටත් මම විතරයි......මොකද්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා. කනවා බොනවා. වැඩට යනවා. කතා බහ කරනවා. මාත් මේ ඔක්කොම කරනවා. එත් මම විතරයි...ඔබ නෑ...සාහිත්‍ය ගුරුතුමා:තව කල් දැම්මත් ...
තනිකමේ උණුසුම... ~සිතුවිලි~ මට නුඹ දැනෙන තරමට නුඹ හට මමදදැනෙනා තරන් තව කිසිවක් සුන්දරද...නුඹ හෙට ගියත් දුර ගමනක් තනිකඩවඔබෙ හද තබා ගමි මා ළඟ උණුහුමට...~නෙතුපුල්~
සමාජ සම්මත ~සිතුවිලි~ සමාජ සම්මත මුලාවේ පැටලුනු ඔවුන්මා දෙසට ඇඟිලි දිගු කරඅසම්මත යැයි චෝදනා කළහසම්මතය වර්ණනා කළහ...එහෙත්...අවස්ථාවක් ආ කලසම්මතයට පිටුපාඅසම්මතය රස විඳිනට ඇති ඇල්මසඟවා ගැනීමට නොපොහොසත් විය...~නෙතුපුල්~ ...
:( ~සිතුවිලි~ රිදුණු මා සිතසනස ගන්නටකිවූ වදනෙන්රිදුන නුඹ සිතදකින මා හදදවන රිදුමකතරම නුඹ හටදැනේවිද අද...
එදා සහ අද... ~සිතුවිලි~ සීත අහසෙන් වැටුණු කඳුලැලිනීල දිය දහරක් වුනා පෑවූ අවු රැස් එකට එක කර සුසිඳු හසරැල්ලක් කළා...හීන දහසක් මකා දමමින් ජීවිතය ජීවත් කළාවාරු නැතිවූ ජීවිතය අද සොඳුරු බිම් මඩලක් වෙලා...~නෙතුපුල්~ ...
නුඹ හා මම... ~සිතුවිලි~ ලැබුනොත් ඉඩක් යන්නට මා හැර දුරටයනවද මා දමා නැවතත් නොඑන්නටමිදුනොත් නුඹේ සිත මාගෙන් මොහොතකටනැවතත් හැරී නොම ඒවිද මා වෙතට...සිහිලැල් පවන වෙන්නට වියලුනු සිතටමිහිරැති දසුන වන්නට නුඹ මා නෙතටසෙනෙහස් වදන් අසනට මා සවනතට පමණයි අවැසි වුයේ මා හදවතට...වෙනසක් කරන්නට නම් නුඹේ දිවි මගටකිසිදා නොසිතුවෙමි මා එක් මොහොතකටසෙනෙහස පිරුණු දිවි මග නුඹ හට උරුමසැමදා විඳින්නට පතනෙමි පිවිතුරුව...~නෙතුපුල්~ ...