මා කලොත් හරි! නුඹ කලොත් එය වැරදි... ~සිතුවිලි~ මේ කාලේ තරන් මිනිස්සු අනික් අයට මෙත් වඩන කාලයක් බුදු හාමුදුරුවන්ගේ දවසේදිවත් තිබුනද කියල මටනං ලොකු සැකයක් ඇතිවෙලා තියෙනවා...පන්සිල් පද පහ හරියට පිළිපදින්න නොදන්න අපේ මිනිස්සු වැරදි කරන අයව නිවැරදි කරන්න ඕනි කියල කට පුරා කියන්නේ හරියට තමන් රහත් පල ලබාපු උත්තමයින් කියල හිතාගෙනද මන්දා...තමන්ගේ ජීවිතේ තියෙනකල් තමන්ගේ ගැනිට දස වද දුන්නු මිනිස්සු අද අවනීතිය ගැනත්, යහ පාලනයක් ගැනත් කියවනවා...බලය ...
rural middle-class Sinhalese idiots! ~සිතුවිලි~ ජනාධිපත්වරණ ප්‍රතිපල අහල හිත කලකිරිලා බ්ලොග් අවකාශයේ සැරිසරමින් ඉන්න අතරේදී ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු ලිපියක් මම දැක්ක. හිතට බොහොමත්ම අමාරු උනේ කටමැත දොඩන්නේ නැතුව, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මහින්ද මහත්තයව දිනවන්න තමන්ගේ අහිංසක චන්දය දීපු කොළඹින් පිට පළාත් වල ඉන්න සිංහලයව හඳුන්වන්න යොදපු යෙදුමටයි. විරුද්ධ මත මට ඉවසන්න පුළුවන්. නමුත්, මේ අහිංසක මිනිස්සුන්ට rural middle-class Sinhalese idiots කියල කියනවටනම් මම බොහොමත්ම විරුද්ධයි.මම ...
මා අමතක කර දැමූ නුඹට... ~සිතුවිලි~ පිදුවෙමි ආදරය නුඹ හට නිකැළැල්ව පැතුවෙමි සිටින්නට එක්වී සැම කල්ම සිතුවෙමි ලබන්නට නුඹ දිවි ඇති කල්ම දුටුවෙමි සිහින නුඹ ගැන මා සැම කල්මපිදුවත් ආදරය නුඹ එය නොදුටුවෙදපැතුවත් ඒ පැතුම් නුඹ හට නොදැනුනිදසිතුවත් මගෙ සිතුම් නුඹ හට නොපෙනුණිදදුටුවත් මා සිහින නුඹ එය නොසිතුවෙද...?~නෙතුපුල්~ ...
ජීවිතය සහ මනුස්සකම... ~සිතුවිලි~ සුජී දීපන් ෆෝන් එක ළමයෙකුට...මේ වීඩියෝව දැකපු පලවෙනි වතාවේම මට හිතුන ඇයි මේ මනුස්සයට මෙච්චර හිනා වෙන්නෙ කියල...පහු වෙලා හරි මුණු පොතේ සාධාරණ පොස්ට් එකක් දාල තිබුන...ඒ ලින්ක් එක මෙතනින් බලන්න:https://www.facebook.com/801928453229889/photos/a.810756802347054.1073741829.801928453229889/895914413831292/?type=1&__mref=message_bubbleගොඩක් දෙනා මනුස්සකමක් ඇතුව මේකට කොමෙන්ට් දාල තිබුනත් එක්තරා පුද්ගලයෙක් මෙහෙම ලියල තිබුන:මමනම් මේ කතා කරන විදිය දකින්නේ ඒ අම්මගේ අසරණ කමක් හෝ දුප්පත් කමක් විදියට නෙවෙයි, දෙනෝදාහක්
මටම දොස් පවරන නුඹට... ~සිතුවිලි~ හැරදා ගියා නුඹ මා එක මංසලක හැඬුවා මා මගේ දිවි අතහැර කලක දුටුවා, නොදුටුවා මා විඳි දුක් ගැහැට කිසිදා නොසිතුවා සනසන්නට මසිත...කිසිදා නොදැනුනිද මා තනිවූ බවට කිසිදා නොසිතුනිද මා අසරණ වගට කිසිදා නොපැතුවා යලි එන්නට මවෙත දුටුවේ නැතිද මා මෙහි මිය යන බවට...හැඬුවා වැලපුණා තනියම සැම දිනක පැතුවා කැළඹුනා සැමදා මේ ලෙසට හැරදා ගියත් මා ගත මේ දුක් ගැහැටකිසිදා නොදුන්නා ...
නුඹ නොමැති කල... ~සිතුවිලි~ වැහි නැති වුවොත් ගං දිය වියලී යාවීපිනි නැති වුවොත් මල් පෙති මැලවී යාවීහිරු නැති වුවොත් පිපි මල් පරවී යාවීනුඹ නැති වුවොත් මා දිවි විසීරී යාවී...~නෙතුපුල්~ ...
අද අවසන් ගමන් ගිය මගේ ආදරණිය සීයා ගැන මතක... ~සිතුවිලි~ හිතට කිසිම බරක් නැති කිසි දෙයක් නොතේරෙන පුංචි කාලෙදි, අද වගේ සල්ලි යහමින් නොතිබ්බ නිසා මටත් වඩා පුංචි මගේ නංගි බලාගන්න අම්ම මුළු දවසම දඟලද්දී...මාව ඉස්කෝලෙන් අරන් පන්තියට ගිහින් දැම්මේ, පන්ති ඉවර උනාම මාව ගෙදර එක්කරන් ආවේ මගේ සීයා...පරණ කාලේ විදුහල්පතිවරයෙක් වගේම ගමේ සමිති සමාගම් හැම එකකම වගකීම් දරපු කෙනෙක් විදිහට ඒ කාලේදී අපි සීයාව දැක්කේ බොහොම තද ගතිගුණ තියෙන ...
සුභ නව වසරක් වේවා! ~සිතුවිලි~ පතනා සියලු පැතුමන් ඔබෙ ඉටු වේවාසිතනා සියලු දේ එම ලෙස සිදු වේවා කරනා සියලු දේ හට ජය අත් වේවාලබනා නව වසර සුබ වසරක් වේවා...~නෙතුපුල්~
ජනාධිපතිවරණය සහ සිංහලයාගේ පැරදුම... ~සිතුවිලි~ කිසිදා නොතිබුනා මේ රට නිදහස්ව සැමදා සැමදෙනා බැලුවේ සොලවන්නඅපගේ නිදහසේ සලකුණු කරලන්න නුඹ හට හැකි වුනා ලක් මව ජය ගන්න...කල කී දේ මතක නැත අප හෙළයන්ටකල ගුණ සැලකුමක් ඕනෑ නෑ රටටසෙන්කඩගලත් පරදා දැමුවයි නුඹව හෙළ පැරදුමයි පෙන්වන්නේ මේ තරම...නුඹ හෙළ රජෙකි කිසි දින අමතක නොවෙනහරි සිංහලුන් සැමදාමත් නුඹ සමගනුඹේ ගුණ වරුණ අප හද තුල ඇත තවම නුඹ සැමදා දිනයි අප ...
නුඹ වෙනුවෙන් ලියැවෙන මගේ සිතුවිලි... ~සිතුවිලි~ මතකය පිරී ඇත නුඹ ගැන සිතුම් රැලින්සවනත පිරී ඇත නුඹ කිව් වදන් වලින්සැමදින පිරී ගිය නුඹ සිත සෙනේ මලින් අමතක නොවේ එය කිසි දින මගේ සිතින්....හැරදා පැමිණි මුත් නොගියෙමි නුඹේ සිතින්හැරදා ගියත් නුඹ ගියෙ නැත මගේ සිතින්සැමදා මා නුඹට ආලය කරමි සිතින්සැමදා සුබ පතමි නුඹ හට මගේ සිතින්... ~නෙතුපුල්~ ...
මට ආදරය නොකරන නුඹට.... ~සිතුවිලි~ පැතු මාලිගා දිය කර පා කරලන්න සිතු චේතනා ගුලි කර විසි කරලන්න විඳි වේදනා නිම කර දිවි රැකගන්න සිතුවිලි වලින් මගෙ නුඹ ඈතට යන්න... නුඹ කියු වදන් මට බැහැ තව ඉවසන්න නුඹ ගැන සිතා බැහැ මට තව දුක්වන්න නුඹ ගැන පතා බැහැ තව මට වෙහෙසෙන්න දැන්වත් මගේ දිවියට සැනසුම දෙන්න...~නෙතුපුල්~ ...
මා වෙනුවෙන් දුක් වන අම්මාට... ~සිතුවිලි~ කොහොමත් දිරා යන මගෙ කය රැක ගන්නමොකටද තවත් දීගෙක යන්නේ හනිකතනිකම පොදුයි සැම හට මැරෙනා දිනකඒ වෙනුවෙන් කුමට වදවෙන්නේ සැවොම...සිතනා බව දනිමි නුඹ මා ගැන නිතරඑනමුත් මවුනි නැත ඉඩ තව කෙනෙකුන්ට දිවි මග හරිම සරලයි තනිකඩ කමටඒ දිවි මගට වෙනසක් ඕනෑ කුමට...?~නෙතුපුල්~ ...
අපේ දුක්බර සංවාද.... ~සිතුවිලි~ ~කළු හිම~සඳ පමණක්ද තරු වල තනියට ඉන්නේහිත හඬවන්න ඇයි ඔබ මසිතට එන්නේ?~නෙතුපුල්~සඳ පමණක්ය තරුවේ තනිකම දන්නේදුක් දෙන්නට නොවේ ඔබ සිත මා ඉන්නේ....~කළු හිම~සීතල සොයා පිනි බිඳු මා වෙත එද්දීදවසක් ගෙවාගන්නට මා වෙහෙසෙද්දීහදවත් ඔබම ඉල්ලා මා රිදවද්දීමොහොතින් මොහොත මිය යමි යලි ඉපදෙද්දී~නෙතුපුල්~පුද දුන් ආදරය ඔබ හට නොදනුනිදදිය කල ජීවිතය නිමි බව නොපෙනුණිදහිමි වූ සියලු දේ නැති බව නොහැඟුනිදතවමත් නුඹේ සිත යලි ...
මගේ නොවන මගේ ආදරය... ~සිතුවිලි~ නිකැලැල් සිනාවෙන් පිරි නුඹෙ මුව මඩලපිබිදී යාවි දුටු කල මා සැම දිනමවිහිදා දෑත පටලා මා ග
එදවස... ~සිතුවිලි~ ගලා එයි කළුවරමැකී යයි හිරු සයුරු දිය මත..බොඳව යයි දසුනදහිස්ව යයි මී බඳුන් එකිනෙක...වදන් රැල් මතුවීසිතෙහි කුසුමන් පිබිදීසිනා කැන් ඉතිරීකලා පැතුමන් නුඹත් එක්වී...පැතු ඒ පැතුමන්සැබෑ කරනට මතු සදාකල්වෙහෙසුනත් මා සැමකල්නොසිටියා නුඹ මගේ ලඟ නම්~නෙතුපුල්~ ...
සාපේක්ෂ සත්‍යය... ~සිතුවිලි~ වද කහද බිව් පසුසුදු විය නොහැකි වූ කලඅවට උන් කළු කරසතුටු වුනි උන් පිටුදැක...!~නෙතුපුල්~
සිහිනය... ~සිතුවිලි~ නිදි නැති රැයේ තනියට නොව හඬවන්නකිසිවෙකු නොදන්නා තරමට රිදවන්නරිදුමක වේදනා මේ යැයි පවසන්න සිහිනය පුරා නුඹ සිටියා සැමකල්ම...~නෙතුපුල්~
නුඹ වෙනුවෙන් ලියැවෙන අවසන් කව... ~සිතුවිලි~ මතකයෙ සියලු දේ කැටි කොට යලි දෙන්නඅවසන් වතාවට නොදැකම ඔබ යන්න...ඔබෙ දිවි මගට යලි හිරු සඳු නැග එන්නමගේ තරු එලිය සඟවමි යලි නොපෙනෙන්න...~නෙතුපුල්~