මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy (http://beyond-the-galaxy.blogspot.com/) Latest Posts Most Popular Posts
නිරීක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩ කළ WT1190F මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy බොහෝදෙනා උනන්දුවෙන් බලා සිටි WT1190F මුහුදට කඩා වැටීම අවසානයේදී සිදු වූයේ නැත. විද්‍යාඥයන් ගණනය කළ දිශානතියෙන්ම, ගණනය කළ වේලාවට ආසන්න වේලාවකදීම පෘථිවි වායුගෝලයට ඇතුළු වූ මේ ආකාශ වස්තුව ඉහළදීම ගිනිගෙන විනාශ වී ගියේය.සම්පූර්ණ ලිපිය කියවන්න »මෙම ලිපිය මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළවූවකි. වැඩිදුර කියවීම සඳහා http://beyond-the-galxy.blogspot.com වෙත පිවිසෙන්න. ...
පියවරක් ඉදිරියට... මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy මාස 10ක් ගත වී තිබේ. නොවැළැක්විය හැකි හේතූන් නිසා සම්පූර්ණ කාලය තුළ අඛණ්ඩව ලිපි පළ කළ නොහැකි වුවද, මේ ආ මග තුළ මන්දාකිණියෙන් ඔබ්බට වටා එක් වූ පිරිස බොහෝ ය. ලැබූ ප්‍රතිචාර බොහෝ ය.බ්ලොග් අඩවියේ පෙර තිබූ ස්වරූපය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව ඔබ දකින්නට ඇත. බාහිර ස්වරූපයේ පමණක් නොව අඩවි අන්තර්ගතයේද වෙනසක් ඉදිරියේදී සිදුවන බව දැනුම් දෙනුයේ සතුටිනි. ...
වොලී සමග තරු වටා - 1 කොටස මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy එදා අමාවක දවසක්. හඳ පායලා නැති නිසා මුළු අහසම එළිය වෙලා තිබුණෙ පුංචි පුංචි ලස්සන තරු වලින්. "සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා....."පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ ගාථා හඬ ගම පුරාම පැතිරෙනව. අද නිමාෂගෙ සීයගේ තුන්මාසෙ බණ දවස. ජීවත් වුණ කාලේ ගමේ හැමෝත් එක්කම බොහොම සමගියෙන් සමාදානයෙන් හිටපු සීයා වෙනුවෙන් අද මුළු ගමේම කට්ටිය නිමාෂලගෙ ගෙදරට එකතු වෙලා. ධර්ම දේශනාව ඉවර වෙලා ...
පියාඹන පීරිසි..??? |පළමු කොටස| මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy අද වනවිට ඕනෑම පුද්ගලයෙකු, "පියාඹන පීරිසියක්" යැයි කියූ පමණින් මේ කතා කරන්නේ කුමක් ගැනදැයි වටහා ගැනීමට තරම් මෙම වචනය ප්‍රචලිත වී තිබේ. එහෙත් වඩාත් හොඳින් විමසා බැලුවහොත් මෙම වචනය යෙදීම යම් පමණකට දෝෂසහගත බව පෙනී යනු ඇත. මුල් ලිපියේ ද සඳහන් වී ඇති ආකාරයට "පියාඹන පීරිසි" යන වදන බිහිවූයේ 1947 දී කෙනත් ආර්නල්ඩ් කළ ප්‍රකාශයක් හරහාය. නමුත් මේ වනවිට ...
නොවැම්බර් 13 වනදා ශ්‍රී ලංකා මුහුදට වැටෙන ආකාශ වස්තුව කුමක්ද? මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy පසුගිය ඔක්තෝබර් 3 වනදා ඇරිසෝනාවේ පිහිටි කැටලිනා ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ සේවයේ නියුතු විද්‍යාඥයෝ පෘථිවිය දෙසට ඇදී එමින් ඇති හඳුනා නොගත් ආකාශ වස්තුවක් (UFO) නිරීක්ෂණය කළහ. මෙම ආකාශ වස්තුව මීට පෙරද 2009 හා 2013 වසරවලදී දුරේක්ෂවලට හසුවී තිබුණු අතර ඒ ඒ අවස්ථාවන්හිදී පිළිවෙලින් 9U01FF6, UDA34A3 සහ UW8551D ලෙස නම් කෙරී තිබිණි. සම්පූර්ණ ලිපිය කියවන්න »මෙම ලිපිය මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළවූවකි. ...
හඳුනා නොගත් පියාසර වස්තු සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘති මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy පිටසක්වළ ජීවය පිළිබඳව මිනිසා සිත යොමන්නට පටන් ගත්තේ ඈත අතීතයේ සිටම වුවද, එය උන්මාදයක් වන තරමටම පැතිරී ගියේ 1950 දශකයේ මුල් භාගයේ සිටය. එම කාල වකවානුවේදීම මෙවැනි සිදුවීම් විශ්ලේෂණය කිරීම සඳහා විවිධ පර්යේෂණ ව්‍යාපෘතීන් ආරම්භ කෙරුණි. මින් බහුතරයක් ඇමෙරිකාවේදී ක්‍රියාත්මක කෙරුණු අතර ඒවාද සියල්ලම පාහේ ඇමෙරිකානු ගුවන් හමුදාව යටතේ පැවතිණි. ඒවා පහත දැක්වේ.සයින් ව්‍යාපෘතිය (Project Sign)1947 ජූනි 24 වන ...
බර්මියුඩා ත්‍රිකෝණයේ සැඟවී ගිය Flight 19 බලගණය මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy දිනය: 1945 දෙසැම්බර් 5වේලාව: සවස 4.30 ට පමණස්ථානය: බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහස මෙහෙයුම: Navigation Problem Number One පාලක මැදිරිය: ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale ගුවන් පාලක මධ්‍යස්ථානය"පාලක මැදිරිය, මේ Flight 19 බලගණයේ FT-36 ගුවන් යානය යි. අවසන් බෝම්බය ඉලක්කය වෙත පතිත කිරීමට සූදානම්.""FT-36, ඔබට අවසර ලැබෙනවා.""බෝම්බය සාර්ථකව පතිත වුණා. මෙහෙයුම සාර්ථකයි. Flight 19 බලගණය නැවත මූලස්ථානය වෙත පැමිණෙනවා."මිනිත්තු 40 කට ...
ගමනක ආරම්භය...! මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy කෙනත් ආර්නල්ඩ්"මම ඒ වෙලාවේ මගේ ගුවන් යානය පදවමින් සිටියේ රේනියර් කන්ද අසල ඇති කුඩා ගමකට අඩි 2000 ක් ඉහළ අහසේ. ඊළඟ මොහොතේ මම ගුවන් යානය වටයක් කරකවා සෙමින් ඉහළට නැග්ගේ කන්ද වටා තවත් වරක් යෑමේ බලාපොරොත්තුවෙන්. අඩි 9200 මට්ටමට ඉහළ නැගීමෙන් පසු එක්වරම අතිවිශාල ආලෝකයක් මගේ ඇස් මතට වැටුනා. එක් මොහොතකට මට සිතුණේ එය මා අසලින්ම ගමන් කල යුධ ගුවන් ...
තාරකා පරිණාමනය මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy තරු සෑමකල්හිම එකම ආකාරයෙන් නොපවතින බවත් ඒවා බිහිවෙමින්, විවිධ ජීවන අවධි පසුකරමින්, මිය යන බවත් තාරකා පෙළින් එහා... ලිපියෙන් පැහැදිලි කෙරිණි. ඒ අනුව සියළුම තාරකාවල බිහිවීම සිදුවන්නේ නිහාරිකාවන් (Nebulae) තුළදී ය. නිහාරිකාවේ යම් කොටසක ඇති වන ගුරුත්වජ බිඳවැටීමක් හෙවත් ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් නිහාරිකා කොටසේ අණුක සැකැස්ම බිඳවැටී සිදුවන හැකිළීමක් නිසා නව තාරකා බිහිවේ. මෙය බලා සිටිද්දී සිදුවන්නක් නොව වසර දහස් ...
විශ්වයේ උපත: මහා පිපිරුම් වාදය - පළමු කොටස මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy හැඳින්වීමේ ලිපිය මෙතැනින්: අසිරිමත් විශ්වයවිශ්වයේ උපත පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතී. විවිධ යුගයන්හිදී එළි දැක්වුණු මෙම මතවාදයන්ගෙන් සමහර ඒවා පසුකලෙක බිඳ වැටුණු අතර තවත් සමහර ඒවා තවදුරටත් කල්පිත ලෙස පවතියි. මේ අතරින් වර්තමානයේදී ලොව පුරා විද්‍යාඥයන් බහුතරයක් විසින් පිළි ගැනෙන්නේ මහා පිපිරුම් වාදය යි.වර්ෂය කුමක්දැයි නිශ්චිතව කිව නොහැක. වර්ෂ ගණනය කිරීමේ ක්‍රම පමණක් නොව මිනිසාද, මිනිසාගේ නිවහන වන ...
පියාඹන පීරිසි..??? |දෙවන කොටස| මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy "අමුතුම හැඩයකින් යුතු වස්තූන් කිහිපයක් ඉහළ අහසේ ගමන් ගනිමින් තිබුණා. මේවා අධික වේගයකින් ගමන් කළත් කිසිදු ශබ්දයක් නිකුත් වූයේ නැහැ.""මගේ ගුවන් යානය පසුපස අති දීප්තිමත් ගෝලාකාර ආලෝකයක් හඹා එමින් තිබුණා. විනාඩි කිහිපයක් පුරාවට ගුවන් යානය ඉලක්ක කරගෙනම පැමිණි මේ අභිරහස් ආලෝකය ඊළඟ මොහොතේදී අතුරුදන් වුණා.""දහවල් කාලයකදී මෙන් හාත්පස ඒකාලෝක කරමින් විශාල යානයක් ගෙවත්තේ නවතා තිබුණා. එක්වරම ඉන් පිටතට ඇරුණු දොරක් ...
මිනිසා ද පිටසක්වළ ජීවියෙකු නම්...? මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy පිටසක්වළ ජීවය පිළිබඳව වූ විෂය ක්ෂේත්රය මූලික වශයෙන් සරල හා සංකීර්ණ ලෙස කොටස් 2 කට බෙදා වෙන් කර දැක්විය හැකිය. හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම්, අත්භූත ජීවීන් දර්ශනය වීම් සහ වෙනත් පැහැදිලි කළ නොහැකි, අබිරහස් සිදුවීම් ආදිය ඉහත සඳහන් කළ සරල කොටසට අයත් වන අතරේ සංකීර්ණ කොටස ජීවයෙන් සපිරි වෙනත් ග්‍රහලෝක සොයා දියත් කෙරෙන පර්යේෂණ මෙහෙයුම්, විශ්වයේ අඳුරු පදාර්ථ ...
ලොව කැළඹූ බර්මියුඩා ත්‍රිකෝණය මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy ලෝක සිතියමක් ගෙන එහි පුවටෝ රිකෝ දිවයිනුත්, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දූපතත් එකිනෙකට යා කිරීමෙන් ත්‍රිකෝණයක් ලැබේ. මේ බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil's Triangle) යි. ලොව තවමත් නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්‍රිකෝණාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකි. ඉන් සිදුවීම් කිහිපයක් ලෙස,1945 දෙසැම්බර් ...
සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද? මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy අද වනවිට ඉතාමත් ජනප්‍රිය විෂය ක්ෂේත්රයක් වී ඇති පිටසක්වළ ජීවය පිළිබඳව හැදෑරීම මිනිසුන් තුළ ඇති කර ඇත්තේ නොසන්සිඳෙන කුතුහලයකි. එමෙන්ම මෙය නවතම සිද්ධි වාර්තා වීම්, නව සොයා ගැනීම්, උණුසුම් මතවාද හා තර්ක විතර්ක මගින් නිරන්තරව යාවත්කාලීන වන විෂයයක් බවට පත් වී ඇත. 20 වන ශතවර්ෂයේ සිට වර්තමානය දක්වාම විද්‍යාඥයන් විසින් විවිධාකාර තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් විවිධ ආකාරයේ පර්යේෂණ කර ඇතත් ...
මහා පිපිරුම සනාථ කළ අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy "විල්සන්, මම රේඩියෝ සංඥා ග්‍රහණය අයින් කළා. ඒත් තාමත් රේඩාර් සංඥා නම් අහුවෙනව වගේ.""පුළුවන් තරම් අනිත් සංඥා කපාහරින්න ඕන. නැත්නම් අපිට අවශ්‍ය චන්ද්‍රිකාවෙ රේඩියෝ තරංග හසුකරගන්න වෙන්නෙ නෑ. ඒක බොහොම දුර්වල සංඥාවක්.""හරි. උෂ්ණත්වය කෙල්වින් 4 දක්වා අඩු කළා. දැන් අපේ සංඥාව ලැබිය යුතුයි.""රිසීවරයෙන් අමුතු ශබ්දයක් එන්නෙ ඇයි? අපිට අවශ්‍ය සංඥාව මීට වඩා බොහොම දුර්වල එකක්.""ඇත්ත. මොකක්ද මේ? පරෙවියන්ගෙ ශබ්දෙ ද ...
අසිරිමත් විශ්වය මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy "තාත්තේ, මොනවද අර අහසෙ තියෙන ලස්සන පුංචි බෝල?""ඒ තමයි පුතේ තරු. ඉර මාමා හවසට ගෙදර ගියාම එයාලා අහසට එනවා.""ඇයි ඒ? එයාල ඉර මාමට බය ද??"ඒ ඔබේත්, මගේත් ළමා කාලයයි. පාසල් අවධිය ඇරඹීමටත් පෙර සිටම අපි රාත්‍රී අහස දෙසට නෙත් යොමු කළෙමු. දැනුම් තේරුම් නැති කාලයේදී හඳ මාමා ගෙනෙන කිරි පැණි, හඳේ හාවා, තරු නැන්දා සහ තරු මාමා ගැන කතා අසමින් ...
තාරකා පෙළින් එහා... මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy අභ්‍යවකාශය පුරා විසිරී ඇති විශාල, දීප්තිමත්, ගෝලාකාර ශක්ති ප්‍රභවයන් අපි තාරකා ලෙස හඳුන්වමු. අප සෞරග්‍රහමණ්ඩලයේ ඇති එකම තාරකාව වන සූර්යයාගේ විශාලත්වය මෙන් දහස් ගුණයකටත් වඩා විශාල තාරකා මෙන්ම හාරසිය පනස් ගුණයක් පමණ කුඩා තාරකා ද විශ්වය තුළ පවතී. මෙම තාරකාවන්ගේ විශාලත්වය හා ස්කන්ධය අනුව ඒවායේ හැසිරීම් රටාව හා ජීවිත කාලය ද එකිනෙක වෙනස් වන බව මේ වන විට හඳුනාගෙන තිබේ. ...
සත්‍යයත් අසත්‍යයත් අතරින් අතුරුදහන් වූ ආගන්තුකයා මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy රාත්‍රිය උදා වී ඇති බැවින් මුළු මාර්ගයම පාළු බවක් උසුලයි. එකදු මිනිසෙක්වත් දක්නට නැත. ඉඳහිට වාහනයක් දෙකක් මංසන්ධිය හරහා ඒ මේ අත යයි. එක්වරම ඉදිරිපසින් මංසන්ධිය වෙත අධික වේගයකින් පැමිණෙන්නේ ලොරි රථයකි. ඒ සමගම වම්පසින් බයිසිකල් රික්ෂෝවක් මංසන්ධියට ඇතුල් වෙයි. බයිසිකල් රික්ෂෝව අධික වේගයකින් යුතුව ඉදිරියට එන ලොරි රථයේ හැපී සුණුවිසුණු වී යාමට මොහොතකට පෙර දකුණුපසින් රික්ෂෝව දෙසට විදුලි එළියක් ...
"මම ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටිමි." මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy අඟහරු වටා කක්ෂගත වී භූමිය පිරික්සීමේ අරමුණින් යුතුව නාසා ආයතනයේ Viking-1 යානය දියත් වූයේ 1976 දීය. තම ඉලක්කයට ළඟා වූ Viking යානාව පෘථිවි පාලක මැදිරිය වෙත අඟහරු පෘෂ්ඨයේ ඡායාරූප එවීම ආරම්භ කරන ලදී. මේවා එකින් එක පිරික්සන ව්‍යාපෘති භාර විද්‍යාඥයන් ගල් ගැසී ගියේ එහි තිබූ එක් ඡායාරූපයක් දැකීමෙනි. සැතැපුම් 2ක පමණ දිගින් යුතු වූ අතිවිශාල මිනිස් හිසක් අඟහරු භූමිය මත ...
තාරකා අතරට... (Interstellar චිත්‍රපට විවරණය) මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy අහස් කුසට යොමු වූ මීටර් සියගණනක උසින් යුතු ගොඩනැගිලි තවදුරටත් පෘථිවිය මත දක්නට නැත. මංතීරු ගණනාවකින් සමන්විත ජනාකීර්ණ මංමාවත්, ප්‍රේක්ෂක ඔල්වරසන් නදින් පිරී ඉතිරී ගිය දැවැන්ත ක්‍රීඩාංගණ ආදිය අයිති වී ඇත්තේ අතීතයට ය. ඒ වෙනුවට බැලූ බැලූ අත දක්නට ඇත්තේ අක්කර ගණන් පැතිරිණු වගාබිම් සහ ඒවාට උඩින් පැතිරුණු දුහුවිල්ල පමණි. පෘථිවිය ශීඝ්‍රයෙන් වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත් වෙමින් ඇති අතර ...