මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy (http://beyond-the-galaxy.blogspot.com/) Latest Posts Most Popular Posts
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව - මේ වැසි සමය යි! මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy උල්කාපාත වර්ෂාවන් අතර රජු ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ වාර්ෂික ආගමනයට නියමිත කාලය එළඹ තිබේ. සෑම වසරකම දෙසැම්බර් මස 4 - 17 දින කාල පරාසය තුළ සක්‍රීය වන මෙම උල්කාපාත වර්ෂාව මෙවර දෙසැම්බර් 13 දින රාත්‍රියේ සහ 14 දින අළුයම එහි උපරිමයට (peak time) ළඟා වෙයි. ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව තාරකා විද්‍යා ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත්ව ඇත්තේ එය ලොව පුරා ...
හැලොවීන් සැමරීමට අභ්‍යවකාශයෙන් ආ මිනිස් හිස්කබල මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy හැලොවීන් යනු එංගලන්තය හා අයර්ලන්තය වැනි රටවල බිහිවී පසු කලෙක ලෝකය පුරාම ජනප්‍රිය වුණු, මෑත කලකදී පෙරදිග රටවලටද ව්‍යාප්ත වුණු උත්සවයකි. කෙල්ටික (Celtic) රටවල අස්වනු නෙලීමේදී පැවැත්වුණු උත්සව පසු කලෙක ක්රිස්තියානිකරණය වීමෙන් හැලොවීන් උත්සවය බිහිවන්නට ඇතැයි සැලකේ. සෑම වසරකම ඔක්තෝබර් මස 31 වනදා පැවැත්වෙන මෙම උත්සවය සැමරෙන්නේ මිනිසුන් බොහෝවිට භූත අවතාර, රාක්ෂයින්, සොම්බීස් වැනි භයංකර චරිත ආකාරයට වෙස්වළා ගැනීමෙන් සහ ...
නිහාරිකා - ඇරඹුමත් අවසානයත් එතැන ය. මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy විශ්වයේ ඇති සුන්දරතම ආකාශ වස්තුව කුමක්දැයි ඇසුවහොත් බොහෝ තාරකා විද්‍යා ලෝලීන්ගේ පිළිතුර වන්නේ නිහාරිකාව හෙවත් නෙබියුලාව යි. ඉතා වර්ණවත්, අලංකාර හැඩවලින් යුක්ත වූ නිහාරිකාව දුහුවිලි, හයිඩ්රජන්, හීලියම් හා ප්ලාස්මාවෙන් සමන්විත වූ වළාකුළු වැනි ව්‍යූහයකි. විවිධ දීප්තිමත් වර්ණවලින් යුතු දුමාරයක් ලෙස ඡායාරූපවල සටහන් වන නිහාරිකා අභ්‍යවකාශයේ ඇති අනෙකුත් බොහෝ ආකාශ වස්තූන් මෙන්ම ප්‍රමාණයෙන් අතිදැවැන්ත වන අතර බොහෝවිට ආලෝක වර්ෂ සියගණනක විශ්කම්භයකින් ...
ක්ෂිතිජයන් ඉක්මවා ප්ලූටෝ වෙතට... මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy වසර ගණනාවක් තිස්සේ ග්‍රහලෝකයක් ලෙස හැඳින්වී පසුව වාමන ග්‍රහලෝකයක් බවට පත් වුණු ප්ලූටෝ පසුගිය ජූලි 14 වනදා ප්‍රථම වතාවට තමන් නිරීක්ෂණය කිරීමට පැමිණි පෘථිවියේ නියෝජිතයෙකු දැකගත්තේය. නාසා ආයතනයට අයත් New Horizons යානය එදින ප්ලූටෝට ඉතාම ආසන්නයෙන් ගමන් කරමින් ප්ලූටෝ හා එහි චන්ද්‍රයන්ගේ අධි විභේදන ඡායාරූප ඇතුළුව මිනිසා මෙතෙක් නොදැන සිටි තොරතුරු සම්භාරයක් පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කරන ලදී.2006 වර්ෂයේ ජනවාරි 19 ...
බ්‍රිතාන්‍යය සලිත කළ අත්භූත පිපිරුම් හඬ මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy මීට සති දෙකකට පමණ පෙර, පසුගිය නොවැම්බර් 29 සෙනසුරාදා දින රාත්‍රියේ ට්විටර් සමාජ ජාලය හදිසියේම පිරී ඉතිරී ගියේ තමන්ට අභිරහස් පිපිරුම් හඬ කිහිපයක් අසන්නට ලැබුණු බව පවසමින් එන්ගලන්ත වැසියන් විසින් #loudbangs, #omgwereallgoingtodie වැනි හෑෂ්ටැග්ස් සමග පළකරන ලද ට්වීට් සටහන් වලිනි. ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ, බටහිර සසෙක්ස්, බෙඩ්ෆෝර්ඩ්ෂයර්, උතුරු ඩෙවොන් වැනි ප්‍රදේශ දක්වා වූ විශාල වපසරියකට ශ්‍රවණය වූ මේ පිපිරුම් හඬ හේතුවෙන් ...
සොඳුරු නිහාරිකා මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy නිහාරිකාවන් පිළිබඳව විද්‍යාත්මක තොරතුරු බොහොමයක් පසුගිය ඔක්තෝබර් මස මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළ වූ නිහාරිකා - ඇරඹුමත් අවසානයත් එතැන ය. ලිපියෙන් සාකච්ඡා කෙරිණි. මේ එහි දෙවැනි කොටස හෙවත් අලංකාර නිහාරිකාවන් දහතුනක් පිළිබඳව ලියැවෙන ඡායාරූපමය ලියැවිල්ලයි.සම්පූර්ණ ලිපිය කියවන්න »මෙම ලිපිය මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළවූවකි. වැඩිදුර කියවීම සඳහා http://beyond-the-galxy.blogspot.com වෙත පිවිසෙන්න. ...
දමනය (පස්වන කොටස) මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy 'දමනය' යනු බස්සිගෙ නවාතැන බ්ලොග් අඩවියේ යශෝධා සම්මානි ප්‍රේමරත්න සොයුරිය විසින් කොටස් දෙකක් වශයෙන් ලියා පළකරන ලද කෙටිකතාවකි. එබැවින් කතාවේ පූර්ණ අයිතිය ඇය සතුවේ. පසුව දමනය මුල් කතාවේම දිගුවක් ලෙස තවත් කොටස් දෙකක් ඉවාන් පවුලූෂා සහ තුශානි විසින් ඔවුන්ගේ බ්ලොග් අඩවිවල ලියා පළකරන ලදී. එහි පස්වන කොටස වෙනත් කෝණයකින්, විද්‍යා ප්‍රබන්ධයක් ආකාරයට ලිවීමට සිතුවෙමි. මෙයින් කතාවේ රසයට හා ගලායෑමට හානියක් ...
ඔබ අහසේ දකින්නේ වර්තමානය නොවේ! මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy විශ්වයේ උපත: මහා පිපිරුම් වාදය - දෙවන කොටස ලිපියේ අඩංගු සමහරක් කරුණු පැහැදිලි කරගැනීම සඳහා මෙම සංසිද්ධිය වටහා ගත යුතු වන බැවින් මෙම ලිපියට පසු දෙවන කොටස පළ වේ.අහස දෙස බලන්න. දහවල් කාලයේදී නම් ඔබ සූර්යයා දකිනු ඇත. රාත්‍රී කාලයේ නම් චන්ද්‍රයා සහ තාරකා දකිනු ඇත. ඔබත්, මමත් එලෙස පියවි ඇසින් ආකාශ වස්තූන් නරඹන අතරතුරේ විද්‍යාඥයන් අති ප්‍රබල දුරේක්ෂ ආධාරයෙන් ...
දෙදරා ගිය තුන්ගුස්කාව මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy මේ උදෑසන කාලයයි. සයිබීරියාවේ පිටිසරබද ප්රදේශයකි. මහා ජල කඳක් උසුලා ගත් තුන්ගුස්කා ගංගාව නිහඬව ගලා බසිනු පෙනේ. ගංගාවට එපිටින් ඇත්තේ විශාල වනාන්තරයකි. මෙපිටින් සාරවත් ලෙස තිරිඟු වගා කළ ගොවිබිමකි. ගොවියන් කිහිපදෙනෙකු යුහුසුළුව යම්කිසි කාර්යයක නිරතව සිටිනු දිස් වේ. කාලය ගත වෙයි. එක්වරම සුළං කපාගෙන යන ශබ්දයක් ඇසේ. තම වැඩකටයුතු මදකට නතර කරන ගොවීහු විමතියෙන් වටපිට බලති. තත්පර කිහිපයක් නිහඬවම ගෙවී ...
වසර දෙකක් පිරීම නිමිත්තෙනි මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළමු ලිපිය පළවී අද දිනට වසර දෙකක් ගතවන බව දැනුම් දී සිටින්නේ ඉතාමත් සතුටිනි.සම්පූර්ණ ලිපිය කියවන්න »මෙම ලිපිය මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළවූවකි. වැඩිදුර කියවීම සඳහා http://beyond-the-galxy.blogspot.com වෙත පිවිසෙන්න. ...
වසරකට පසු... [ප්‍රථම වර්ෂ පූර්ණය] මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy මන්දාකිණියෙන් ඔබ්බට පිය නගන සංචාරය ආරම්භ කොට වසරක් ගත වී ඇති බවට මෙලෙසින් සටහන් තබන්නේ ඉමහත් සතුටිනි. අධ්‍යාපන කටයුතු නිසාවෙන් මාස 12ක් තිස්සේ බ්ලොග් අඩවිය ලිපි 13කට පමණක් සීමා වුවද , (ඔක්තෝබර් මසට පෙර පළ වී තිබුණේ ලිපි 10කි.) ලිපි කියැවූ වාර ගණන දසදහසකට ආසන්න වීමද සතුටට කාරණයකි. බ්ලොග් අඩවියේ ආරම්භය සහ මෙතෙක් ආ මග පිළිබඳව ලිවීමට සුදුසුම අවස්ථාව මෙය ...
විකිරණ දඩයම්කරුවෝ මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy මීට පෙර පළවූ මහා පිපිරුම සනාථ කළ අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය ලිපිය මගින් අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය පිළිබඳව පැහැදිලි කෙරිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ කටයුතු කිරීම සඳහා විවිධ වර්ෂයන්හිදී විවිධ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයන් මගින් චන්ද්‍රිකා කිහිපයක්ම උඩුගුවනට යවා ඇති බවද ලිපිය අවසානයේදී සඳහන් කරන ලදී. මේ එහි සවිස්තර විවරණය යි.අභ්‍යවකාශ ඉතිහාසයේ ඉහත පරිදි අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම නිරීක්ෂණය ...