මුර පද... - Something About Passwords !!! සෑම්ගේ කතාව පාස්වර්ඩ් යෙදීම යනු ඒ කාලයේ නම් මහා ආරක්ෂිත ක්‍රමයක්ය. බොහෝ විට ඊට යොදන්නේ තමන්ගේම නමය. නැතිනම් එහි කොටසක්ය. එය මහා ආරක්ෂිත ක්‍රමයක් යැයි සැලකුණ කාලයක් තිබුනේය. ඉන් පසුව තමන්ගේ හොඳම හිතවතෙකුගේ නමක්, උපන්දිනය, හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය පවා යොදන කාලයක් තිබුනේය. තවමත් එසේ භාවිත කරනා අය සිටින්නේදැයි සිතිය හැකිය. ඒවා ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකි පාස්වර්ඩ්ය. එහෙත් මෙවැනි ප්‍රාථමික මට්ටමේ ...
නොහඬනු මැන සුරාන්තය ලඟ... - Do not Cry at the Last Drop !!!! සෑම්ගේ කතාව හැඟුම් මතු කරගතම උණුසුම්කළා මොහොතින්ඔබේ සුරතින්උදෑසන නිදිදැහැන් බිඳිමින්රැගෙන සුරතින්පිරිමදී නුඹසයන මත පෙම්හදිසියෙන් මෙන්තබා පසෙකින්අමතකව මාගියා සැනෙකින්නොනැවතී පෙම්හදින් උණුසුම්බලා හිදිනෙම්එනතුරා දැන්පුපුර පුපුරානැගෙන පෙම් දැල්ගිණි දවයි හදපතුරු ගසමින්එනතුරා නුඹබලා සිටිමින්දැවෙයි සියොලඟමහා දුකකින්නැගෙන ගිණි දැල්නිවන්නට දැන්අයෙක් ආවොත්සමුගනිමි මංඋණුසුමින් මාඅවදි කරවාදුරක ගිය නුඹයලිදු එනතුරුබලා සිටිනටවරම් නෑ දැන්නොහඩනෙමි මතුසුරාන්තය ලඟ***********************************නිමිත්ත-උදේ පාන්දර 6ට විදුලි ඉස්තිරික්කය
අද නම් ඇරලා.. - Its Open Today !! සෑම්ගේ කතාව ඉවසුවා..පෙරේදා...වගෙම ඊයෙත්..සෙට්වෙලා..හිටියා..වෙසක් බලන්නට හිතන්..නැවැත්තුවා..ලොරිය..ටික දුරක් ගිහින්...ඇරලා..බාර් එක..වෙනදා වගෙම අදත්..නිමිත්ත - වෙසක් බලන්නට යන ලොරි බාර් එක ලඟ නවත්වනු දුටිම් !Written_by_sAm_ශ්‍රී_perera_16/05/14 ...
වායූ සුවද කරණය නැවත භාවිත කිරීම - Refilling Air fresheners !! සෑම්ගේ කතාව එයාර් ෆෙෂ්නර් වලට සිංහල නමක් මතක් කළද මතක් නොවූ නිසා මෙය වායු සුවදකරණය ලෙස හදුන්වා දෙන්නේය. මෙවැනි සුවදකරණ උපකරණයක් කඩෙන් ගතහොත් අවම මිල රුපියල් 500ක් වන්නේය. එසේම සමහර වර්ග වල සුවද රැදෙන්නේද නැත. එසේම මෙවන් ආකාරයේ සුවද හමන කාඩ්පත්ද වාහන වල එල්ලීමට ඇත්තේය. එහෙත් ඒවාද විශ්වාස නැතිය. ගොඩක් ඒවා හුදු කාඩ් පතක් පමණක් බවට පත්ව කොහේ හෝ එල්ලී තිබෙන මුත් ...
අවුරුද්දට එපා.. අරක්කු.. - No Alcohol for the STN !!! සෑම්ගේ කතාව “අම්මේ... හැම පාරම අපිට තමා නැත්තෙ..““මොනවද දැන් නැත්තෙ?? තොපිට හැමදාම නැහීගෙන කරන්නෙ මම.. අප්ප කියල එකෙක් ඉන්නවද? කියලවත් තේරෙනවද???““එහෙම නෙවේ අම්මෙ.. අර එහා පැත්තෙ රසිකලා ඔන්චිල්ලාවක් බැඳගෙන දඟලනවා.. මම වැට ලගට ගියාම උන් මට දිව උලුක් කළා..““ඔන්චිල්ලා.. දැන් එච්චරයි අඩු...““මහ දෙයක්ද අම්මෙ.. අර තැඹිලි බාන ලණුව තියෙන්නෙ.. කොස් අත්තට තියල බැන්ද නම් ඉවරනේ..““අම්මද බොල මූ මට ඒ ටිකත් කියල දෙන්න ...
සෑම් නළුවෙකු වූ හැටි - How sAm Became an Actor !!! සෑම්ගේ කතාව මෙය වෙඩින් ස්ටෝරියක්ය. වෙඩින් දා පෝස්ට් තුනක් ඔටෝ පබ්ලිෂ් වන්නට දමා සෑමා පිටත් වූයේ බ්ලොග් ලෝකයට ලයිව් අප්ඩේට් එකක් දීමටය. එය හරි ආකාරයෙන් සිදුවූ බව කමෙන්ටු මඟින් පෙනුනේය. ඉන් පසුව හෝම් කමින් දවසේ සිට මෙතෙක් දක්වා හරි හැටි යමක් ලියා ගැනීමට නොහැකි වූයේ කාර්යය බහුලත්වය නිසාය. දැන් දැන් එම කාර්යය බහුලත්වය පහව නව කාලසටහනකට පුරුදුව වැඩ කටයුතු ගලා යන බවක් ...
ආච්චී සිල් ගැනීම ප්‍රතික්ෂේප කරයි.. - Grandma Refused to Observe Sil !!! සෑම්ගේ කතාව හෙට පෝය දවසක්ය. වෙන පෝයවල් මෙන්ම ආච්චී හෙටද සිල් ගත යුතුය. හැම අවුරුද්දකම ඈ නොකඩවා සිල් ගත යුතුය. ඒ හැට පැන්න දා සිට ය. ඊට කලින් නම් ආච්චී ඉස්කෝලෙ යන කාලෙදි වත් සිල් ගත්තා දැයි ඇසිය යුත්තේ සීයා ගෙන්ය. සීයා නම් කියන්නේ ආච්චී ඒ කාලේ සිල් ගත්ත සඳ වාගේ කියාය. හුස්මකට ඉඩ නෑනේ කියාද කිව්වේය. ඒ අතපසු වීමක් නිසා විය ...
සැඟවුණු අමුත්තා සොයා ගියෙමු.. - Searched for the Hidden Guest !! සෑම්ගේ කතාව “සුභ අලුත් අවුරුද්දක් වේවා රට වාසීනී..““සුබ මුහුර්ථයෙන් පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව දැන අපි බලාපොරොත්තු වෙන්නේ ගම හරහා දිවීමේ තරඟය පැවැත් වීමට. ඒ සඳහා තරඟ වදින තරඟ කරුවන් සියළු දෙනාම ප්‍රධාන මාර්ගය අසල සිටින තරඟ සංවිධායකවරු මුණ ගැසෙන්න. ඒ අතරම ලිස්සන ගහ නැගීමට ජව සම්පන්න ගම් වාසී තරුණයන්ට ආරාධනා කරනවා. එම ස්ථානයට පැමිණ තම තරඟ ආරම්භය සනිටුහන් කරන ලෙසට. මට පෙනෙනවා ...
මගේ සඳ ඇවිත්.. - Victor's Full Moon !! සෑම්ගේ කතාව මගේ සඳ ඇවිත්කොඳ කැකුළු තරු ද සතපාරැයෙහි කොපුල් රහසින් සිඹහිරු දිළෙනා මද්දහනේමගේ සඳ ඇවිත්ඇවිත් ඇත්තේ මගේ සඳය. මෙතුවක් පාළු වූ හද රෑ අහස ආලෝකමත් කරනවා නම් පැමිණිය යුත්තේ සඳය. ඒ නම් රෑකය. රහසේමය. දහවල දහසක් නෙතු අවදියෙන්ය. කොපුල් සිඹිනට රැයද දහවල්ද වෙනසක් නැතිය. එහෙත් මේ පෙම අසම්මතය. ඇයට මට නොව, දකින උන්ට අසම්මතය. යෞවනය ඇත්තේ හදවතේ මිස බාහිරව නොවන බැව් ...
සුනීර මැතිවරණ අපේක්ෂකයෙක්ද.. - Is Suneera Election Candidate ?? සෑම්ගේ කතාව සුනීර අයියා අපේ ගමේ එකෙක්ය. ඒ නිසාම හැම එකාම කිව්වේ ගමේ එකාට සපෝට් කරමු කියාය. ඒක ඇත්තය. ගමේ එකෙක්ට වැඩ කළොත් පාරකට තාර ටිකක් බැරි නම් කොන්කිරිට් ටිකක් හෝ වක් කර ගත හැකිය. එහෙම කිව්වේ අපේ අත්තම්මාය. ඒ ඇය ප්ලේන්ටියක් වක් කොරන ගමන්ය. අත්තම්මා පරම්පරා ගත එක්සත් ජාතික පාක්ෂිකාවක්ය. පසුගිය මැතිවරණයකදී අලියා නැතුව හංසයා ඡන්ද පත්‍රිකාවට ආවේය. අවුරුදු අනූවක් ගියත් ...
පෝදින දහම් පඬුර... සෑම්ගේ කතාව පවුලගේ සීයා නැති වූ නිසාත්, සෑමාගේ ආච්චීගේ (අම්මාගේ අම්මා) වර්ෂ පූර්ණ බණ, සහ දානය සැට් වීම නිසාත් සෑමා පසුගිය ටිකේ සිටියේ කලබලකාරී ස්භාවයෙන්ය. ඒ අස්සේ මා නොදුටු බ්ලොග් මිතුරෙකු වන අවන්හලේ මහේෂ් රත්නායක සහෝදරයා පොත් ප්‍රදර්ශණය බලන්න යන්නට කළ ආරාධනය පවා ඉවත දමන්නට වූයේ මළගෙදර කටයුතු සිද්ධ වූ නිසාය. මළ ගෙදර රැදෙන්නටත්, ආච්චිගේ බණ ගෙදර එන්නටත්, නැවත මළගෙදර නයිට ගසන්නටත්, ...
නැති වූ ජොකා නැවත හමුවෙයි.. (2) - Found the Lost Thing !!! (2) සෑම්ගේ කතාව නැති වුණ ජොකාගේ කතාව (මෙතැනින්) ලියන්නට ගොස් අසා ගත් කතන්දර අනන්තය. ලැබූ කමෙන්ට් දැක බඩ දඟලන්නේය. ජොකාගේ ඉතිරිය ලියා දමනවාද මඟ අතෑර දමනවාද කියා කොමඩ් එක මතදී සිතන්නට වූයේ සෑමාය. එවිට බොගක් පෂ්චාත් භාගයෙන් මදක් දුර ගොස්ය, එහෙත් කොමඩ් එකට පහත් වූවා පමණක්ය. එවන් බොගක් ඇතුලට ඔබා ගැනීම වැනි වැඩකට නැති යමක් කරනවාට වඩා, කොමඩ් එක මතට පතිත කිරීම පහසුය. ...
මේසන් බාස් කතන්දර... - Masonry Stories !! සෑම්ගේ කතාව නෝමන් සීයා යනු එච්චර වයස ඩෑල් එකක් නෙවේය. දුරින් නම් අපේ නෑයෝය. නෑකමට අනුව නම් සීයාය. මෑන්ස් මේසන් බාස්ය. සෑමාගේ අම්මා නම් කියන්නේ ‘නෝමන්‘ සීයාට ලැබී ඇත්තේ නියම නම කියාය. මෑන්ස් කොච්චර වැඩ තිබුණත් ඕනෑම වැඩක් භාර ගන්නේය. ඉන් පසුව වැඩ අන්ජ බජල් වී ඉවර කර ගැනීමට නොහැකිව තවත් වැඩක් අතරමඟ දමා යන්නේය. ඒ කාලේදී “නෝ මෑන්“ ය. ඒ අන්දරස්දහන් ...
කටේ නොතබා අතේ තබන්න.. - Keep It In Ur Hand !! සෑම්ගේ කතාව කෑමක්, බීමක් නීරස නම් අපි කෙලින්ම කියන්නේ අපෝ කටේවත් තියන්න බැහැ කියාය. ඒ දිවට දැනෙන රස අඩු නිසා මිසක පෝෂණය පිළිබඳ ගැටළුවක් නොවන්නේය. එහෙත් කටේවත් තියන්න බැරි අනන්ත දේවල් අපේ උන්/ අපේ එකියන් කටේ දමා ගන්නේ දිව කොහේ තියාගෙන දැයි නොදන්නේය. ඒ මනුෂ්‍යන්ගේ කට හෙවත් මුඛයය. සෑමා පොඩි කාලේ දිනක සිරස එෆ් එම් එකේ ගිය (මතක හැටියට දහසක් මල්) වැඩසටහනේ ...
ජපන් කොඩිය දමා දින පහක ටෙස්ට් මැච් එකක් - Test Match Under Japan Flag !!! සෑම්ගේ කතාව ආදී ජපන්නු තම රට වෙනුවෙන් ජාතික නිර්මාණය කිරීමට වෙහෙසුනෝය. කොඩියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පිරිමින්ට වඩා එදා තිබුනේ ගැහැණුන්ටය. ඔවුන් කීවේ තම රට වෙනුවෙන් යම් නිර්මාණයක් කිරීමේ අයිතිය ඇත්තේ කාන්තාවන්ට බවය. ලොවට දරුවන් දායාද කරන්නා සේම, තම රට වෙනුවෙන් කොඩිය නිර්මාණය කිරීමේ වගකීමද ඇත්තේ කාන්තාවන්ට බව පිරිමින් සිතා ගත්තෝය. එසේම දරුවන් බිහි කිරීමේ කාර්යයේ නියැලෙන්නා සේම, නිවැරදි ලිංගික දිවි පෙවතක් ඇති ...
කොල්ලෙක් වෙනුවෙන් බිලි වීම.. - Die for a Friend !! සෑම්ගේ කතාව ඔබට ඔෆීස් එකේ නප්පෙට කෙලවූ අවස්ථාවක් නොතිබූ තරම් නැති තරම් විය යුතුය. එවැනි අවස්ථාවක ඔබේ ඔෆීස් එකේ මිතුරෙක් ඔබ ලඟට පැමිණ ඔබගෙන් මෙසේ ඇසුවේදැයි සිතා බැලිය යුතුය."මචං කේස් එක දරුණුවටම යනවා.. උබට කේස් එකක් පත්තු උනොත් මම වැඩේ බාර ගන්නම් ද? එතකොට උබට බේරෙන්න පුලුවන්.."දරුණු කේස් එකක්ය. පත්තු වුනොත් ගෙදර යන්න වෙන තරම්ය. ඔෆීස් එකේ එකෙක් උබෙ වැරැද්ද, උගෙ කර ...
මහින්ද මාමා පරාදයි...... - MR Lost !! සෑම්ගේ කතාව ඉස්සර කතාවට කියන්නේ පෙරලුනොත් පෙරලෙන්නේ බාල්දියක් කියාය. එය දැන් යල් පැන ඇත්තේ බාල්දි, බකට්, පනිට්ටු භාවිතය තරමක් අඩුව ඇති බැවින් විය යුතුය. මන්ද ඉස්සර උදේ නැගිට්ට හැටියේ මිනිිස්සු අතට ගන්නේ පනිට්ටුවය. එය අතට ගෙන මුලින්ම ලිදෙන් වතුර ටිකක් ඇඳ ගන්නා ඈයෝ ඊට පස්සේ තවත් පනිට්ටුවකට වතුර වත්කරගෙන දුවන්නේ ලැට් එකටය. දැන් කොමඩ් තිබුණාට ඒ කාලේ දණිස් පොල් කටු නවාගෙන, කොන්ද ...
සිහිනය පරම්පරා දෙකක දුරින් ය...!! සෑම්ගේ කතාව අපේ පරම්පරාව පාසැල් සමයේ සිටම වෙනස් කරමු යැයි කියන පරම්පරාව ලෙස හැඳින්වීමට සෑමා කැමතිය. රචනාවක් ලියුවත්, කතාවක් පැවැත්වූවත් අපේ උන් ලිව්වේ කිව්වේ වෙනස් වෙන හැටි ගැනය. රැක ගන්නා හැටි ගැනය. බොහෝ මාතෘකා පරිසරය ගැනය. පරිසර විනාශය ගැන හඳුන්වා දෙන රචනා අවසන් වූයේ පරිසරය රැක ගනිමු කියාය. ඔබ රැකුනොත් අපිත් රැකේ ලෙස කිව්වේද පරිසරය ගැනය. මේ ටික ලියන්නට සෑමාට සිත් වූයේ ...
සිරි ලාංකීය නාට්ටි.. - sRi Lankan Teledramas !!! සෑම්ගේ කතාව ටෙලි නාට්‍ය තිබ්බේ ඉස්සරය. ඒවා බලන්නට අප පොර කෑ සැටි තාම මතකය. ගෙදර බ්ලැක් ඇන්ඩ් වයිට් ඩේට්ට්රෝන් ටීවී එක තිබූ කාලේ ලොකු අම්මලා අපේ ගෙදර ආවෝය. ඒ එයාලාට ටීවී එකක් නොතිබුණ නිසාය. හැමදාම බලන නාට්‍යයක් යන විට “මෙන්න නාට්‍යය පටන් ගත්තා..“ කියා කෑ ගසන විට ඒගොල්ලො අපේ ගෙදරය. හැමදාම බලන නාට්‍ය කිව්වාට ඒවා යන්නේ සතියකට වරක්ය. එක සතියක් මිස් වුනොත් ...
සාධූ ද ? සා‘ඩෝ‘ ද? - Its all about losing the RESPECT !! සෑම්ගේ කතාව ධර්මය යම් දිනයකදී අස්ථාන ගත වන්නේය. ධර්මය විකෘති වීම් මගීන්, තම තමන්ට සැප සුඛ විවරණය සඳහා ධර්මය විකෘති කර ගැනීම මඟීන් දිනෙක ධර්මය අස්ථාන ගත වන්නේය. අධර්මය රජ කරන්නේය. එතැන් පටන් මිනිසුන් පෙරුම් පුරන්නේ මතු බුදුවරයෙකු පහළ වෙන තුරුය. පුංචි කාළයේ සිටම හොඳ දේ කියැවෙන තැනදී අපි සාධූ කියා කියන්නට පුරුදු වුණෙමු. සමහරෙක් සිවුර දුටු තැන අන්න සාධූ.. කීවේ සංඝයා ...