තාරකාවක් යට බස්සිගේ නවාතැන ඈත තනිවුනපුංචි තරුවක්දැවි දැවී යලි නිවෙනවානිවි නිවී යළි දැවෙනවාහඳත් නෑ අදඔයත් නෑ ළඟමගේ නෙතු යුග තෙමෙනවාඔයත් දැක්කදපුංචි තරුවක්අපිට ඉහළින්දිලෙනවාපෙරේදා හිටඑකම ඕසෙටමෙහෙට හිම කැටවැටෙනවාලන්ච් අරගෙනයන ගමන් මමදවල් තරු නම් පේනවාරෑට ඇහිපියබරයි හරියටනිදිමතට ඇස් ඇලෙනවාහීන ලෝකෙදිතාරකා වන්උඹේ ඇස් මට පේනවා ...
මේතරම් සෙක්සි ද ඉලෙක්ෂන් ? බස්සිගේ නවාතැන 1. මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!මනාප තුනක් හොඳටෝම මදි මටමං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!හොරුන්ට, කුඩ්ඩන්ට, හංදියේ චණ්ඩින්ටපිස්තෝලෙකින් වතුර බෝතල් මවන අරුම විජ්ජාකරුවන්ටවෙඩිබෙහෙත් දුමට පිඹිනකොට, පිහියකින් බෙල්ල පිටුපස කසනකොටඅත්ල සීතල වුනත් මොනතරම් සෙක්සිද!ඇයි අපිට බැරි පක්ෂ දෙකතුනකටම ඡන්දය දෙන්න.ඡන්දයක් කියන්නේ කැමැත්තටමං කැමති මනමැවි කතා කියවන්ටසී එස් ලෙවිස්ට – ජේ කේ රෝලින්ග්ට – එච්.සී. ඇන්ඩර්සන්ටඑක සමානව ආදරේ කරන්න තහනම්ද?රතු සහෝදරවරු කියන දේ ...
විසිපස්වෙනි කොටස : කැම්පස් මඟුල් ගෙවල් හෙවත් බකට් බස්සිගේ නවාතැන "ආ බස්සා....""බස්සා, ගොඩ ගිහින් වගේ ආ...""අඩෝ නාන්න ලෑස්ති වෙලාද ආවෙ?"කන්ද නැගලා බේස් කැන්ටිමට පියාඹනකම් මග දිගටම හමුවුන කුරුල්ලො කීවෙ ඔය වගේ කතා විතරමයි. එකෙක් අහපන් වෙන මොනව හරි, නැද්ද මං අහන්නෙ?ඒ වෙලාවෙ තමයි බස්සිට මතක් වුනේ 'නාන්න ලෑස්ති වෙලාද ආවෙ?' කියන එකේ තේරුම.කැම්පස් මඟුල් ගෙවල් හෙවත් බකට් කියන්නෙ කැම්පස් සංස්කෘතියෙ හමුවෙන පට්ට ආතල් උත්සවයක්. මේක හැම කැම්පස් එකකම ඇත්තෙත් ...
මහ රෑ පාර්ටිය (18+ කට්ටිය විතරක් බලන්න හොඳේ.) බස්සිගේ නවාතැන “නැගිටින්න නැගිටින්න!”කවුද යකෝ මේ උදේ පාන්දරම මගෙ කකුලෙන් අදින්නෙ!! මම නිදිමරගාතෙ අනිත් පැත්තට පෙරලුනා.“ඇහැරෙන්නකෝ අනේ….” ඒ පාරනම් දකුණු කන් පෙත්තෙ මොකෙක් හරි සතෙක් ඇවිදිනවා වගේ. නෙට් එක ඇතුලට සත්තු කොහොම රිංගන්නද. මං හීනෙන් වගේ කන් පෙත්ත පිහලා දැම්ම.‘සැක්. නින්දත් ඉවරයි. මොන මගුලක්ද මන්ද. මට පේන හීන!’ මං කොට්ටෙ යට අතපත ගාලා ෆෝන් කට්ට හොයාගෙන වෙලාව බැලුව.ඒ ගමන මොකද්ද මේ ඇඳ ...
~ අරුන්දතී ~ බස්සිගේ නවාතැන අරුන්දතී,ඔව්.උඹ කෙල්ලෙක්. ගමෙන් නගරෙට ආපු කෙල්ලෙක්.කැම්පස් ආපු කෙල්ලෙක්.මාස තුන හතරක වෙලේ හිට,නිතර නුඹ මා ඇමතුවා.කඳුලු හිරවුනු පෙම් කතාවක්,උඹට ඇති බව පැවසුවා.මගෙ බැචෙක් ඌ – උඹත් එහෙමයිමෙතෙක් කල් මං ඉවසුවාසද්ද නොකරම – මැද්දෙ ඉඳගෙනහිත හැදන්නට තැතනුවා....අරුන්දතී,උපාධියකින්,විෂය දැනුමෙන්,ඔලුගෙඩිය බර වුන පමණකින්,හතර වරිගෙමඑතෙර කරන්නබෑ මචං.පොළවෙ දෙපයම තියල බලපංහොඳට ඇහිපිය ඇරල බලපංමම කියාපුව උඹම දැකපංමලට බඹරුන් ඇදී ආවට – උන්ගෙ වරදක් නෑනෙ බංඋඹෙත් වරදක් ...
සුදු පසුබිමේ හඬලන උදාරම් නිල් කුකුළා - GLF2017 බස්සිගේ නවාතැන සුදු පසුබිමක උදාරම් ලීලාවෙන් නැගී සිටින්නේ නිල් පැහැ කුකුළෙක්. ඒ තමයි අපි ගාලු කොටුවට ඇතුල් වූ තැන. කුකුළත් අතෙන් අරගෙන හතටත් කලින් අපි පාදුර්භූත වී තිබුනේ ගාලු සාහිත්‍ය උළෙලට.පාර දෙපැත්තේ ඉහළ නැගුණු විසිතුරු කොඩි. ඒ අතරේ ගුම් නගන්නේ නිල් පැහැ ටී ෂර්ට්වලින් සැරසී උදැහැනැක්කේම වැඩ ඇල්ලූ, ගැටවර පොදි. ගාලු සාහිත්‍ය උළෙලට ඇදෙන රසවතුන් එන්න එන්නම ගණනින් වැඩි. ඒ නොදැක්කා වගේ ...
පැටලිල්ල බස්සිගේ නවාතැන හිරුගෙ උනුසුම හදම පුබුදාසදා සොම්නස් සුවය දුන්නේහිරු රැසින් මිදෙනා ඇසිල්ලෙහිනෙත් කොනින් තරු රුව සොයන්නේ.....මහරු මිණියෙන් දිවිය හැඩකරරනින් කිරුලක් පළන්දන්නේඅඳවු දෙනෙතින් - කිරුලු නොතකාතිරිවාන කැටයක් සොයන්නේ......වරද කොතැනද?සැලෙන හදකද?කෙලෙස පැටලුමලෙහා ගන්නේ? මෙයද නිවරද?නොවෙන මන නඳඑයද මනුසත්ගතිය වෙන්නේ? නෙතු පියන් තදකර වසන්නේසවන්පත් දොරගුළු දමන්නේහදට තරවටුවක් කරන්නේහිරු රැසිනි මම ලොව දකින්නේ අනේ සඳ සිසිලක් දියන්නේ..........! ...
හුදෙකලා මියැසිය (part one) බස්සිගේ නවාතැන ඇනෙක්සිය අඳුරුයි. පුංචි හතරැස් කවුලුවෙන් පේන්නෙ වැහිබර අහස. යාන්තමට නැහැතුඩ අග දැවටෙන පුස් ගඳ හිතට ගෙනාවෙ අපුලක්.මං වෙලාව බැලුවා.හයයි හතළිස් පහයි.කන් පෙති මත තැවරෙන වැහි පොදවල සිරිසිරියත්, වැස්සත් එක්ක තුරුල් වෙච්ච හීතලත් හොඳහැටි ගුලි ගැහිලා නිදාගන්න කියාපු උත්තේජක. ඒත් කෝ තුරුල් වෙන්න උණුහුමක්. පොරෝණය ඇතුලට කාන්දු වෙන හීතල මාව අවදි කෙරෙවුවා.උදෑසන දේශන නැතත් මම ලහිලහියේ සූදානම් උනේ විශ්වවිද්‍යාලයට යන්න.සීතල වතුර ...
නොපිරවෙන හිස්තැන්! බස්සිගේ නවාතැන “මට ඔයාව අමතක කරන්න බෑ.” එයා දාහත්වෙනි වතාවටත් එවලා තිබුනා. මේ වතාවෙ ඒ මැසේජය ආවෙ ෆේස්බුක් සල්ලාප පෙට්ටියට. එදා නත්තලට පස්සෙ දවස නිසාද, නැත්නම් දාහත කියන්නෙ වාසනාවන්ත අංකයක් නිසාද කියන එක හරියටම පැහැදිලි නැතත්, මං මැසේජය කියවලා මිනිත්තුවක් ඇතුලත එයාගෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා තිබුනා.එදා විය යුතු පරිද්දෙන්ම තෙතබරිත දවසක්. කවුළුවෙන් එපිට හොඳටෝම වැස්ස. මම ඇඳන් උන්නේ නිල් ඉරි ...
අඩෝ ඒ අපේ බොස්!!! බස්සිගේ නවාතැන බස්සි-ඩැඩා ගැන කලින් පෝස්ටුවකත් කියලා තිවුනා මතක ඇතිනෙ. ඕන් ඉතින් මීට මාස කීපෙකට කලින් බස්සි ඩැඩාලගෙ ඔපිස් එකේ කස්ටිය සංවිධානය කලා මහා පරිත්‍රාණ ධර්ම දේශනාවක්. මොකාක්? පිරිතක් මෙයා පිරිතක්.බස්සි-ඩැඩාත් ඉතින් ඔය වගේ එවුවාට පණ ඇරලා නෙව. බස්සිත් කැම්පොස් එකේ ස්ටඩි ලීව් එකට ගෙදර ගිය ගමනෙ තාත්තාගෙ අතේ එල්ලිලා ගියාලු පිරිත් මණ්ඩපේ හදනවා බලන්න. ඔපීසියෙ පිරිමි නේවාසිකාගාරයෙ කස්ටිය පිරිත් මණ්ඩපේ හදන්න ...
ඉතා කෙටි කලබල සිහින බස්සිගේ නවාතැන නීරස මීටිමක,උණුසුම් වාද පිටියක,විඩාබර දෙසුමක,නෙත් පියන් බරවෙන ඇසිල්ලක,පිටු අගිස්සක කුරුටු ගෑවෙයි,ඉතා කලබල සිහින.හැල්මේ දුවන නගරෙක,අධිවේගයේ දුවන බසයෙක,ජනේලයකට කොපුල තදකර,හිත ඈත ඇවිදින විරාමෙක,ජංගමය තුල බිහිවෙයි,ඉතා කෙටිකම්මැලි සිහින.බත ඉදෙන තුරු හනික,වර්ණ ගැන්වෙන සිහින...ගවුම් කොලරය මදින අතරෙත්,සෙමින් මිමිණෙයි,අමුතු තනුවක සිහින...විටින් විට උඳුනේ පියන හැර,බේක් කල නීරස,කේක් ගෙඩියක් වැන්න,තැනින් තැන කඩතොලු වුන,මම ලියන - මගෙ සිහිනසීත සෘතුව එලඹි කාලෙක,මටත් මවතැකි දිග සිහින.ගෙලෙහි මෆ්ලරයක් බැඳ,කිමිදෙමින් ...
නිවැරදි කිරීමක් බස්සිගේ නවාතැන කැම්පස් යන කාට කාටත් අනිවාර්යයෙන්ම උරුම වෙන දෙයක් තමයි කාඩ් එක කියන්නෙ. කැම්පස් ජීවිතේදි සැබෑ නම පාවිච්චි වෙන්නෙ හරිම අඩුවෙන්. ගොඩක් වෙලාවට අපි අවුරුදු තුන හතරක් ළඟින් ආශ්‍රය කරපු යාලුවන්ව පවා නමින් අඳුනනවා අඩුයි. කාඩ් එක කියාපුවාම තමයි ටක් ගාලා පුද්ගලයාව මීටරේ මාර්ක් වෙන්නෙ.බස්සිට වගේම බස්සාටත් කැම්පස් එකෙන් උරුම වෙච්ච කාඩ් තිවුනා. අපේ බස්සාට කැම්පස් එකෙන් උරුම වුන කාඩ් එක ...
ඉරයි මමයි (4) බස්සිගේ නවාතැන ඉරයි මමයි (1)ඉරයි මමයි (2)ඉරයි මමයි (3)එයා ලියන වචන හැම එකකම තියෙන්නෙ මොකක්ම හරි යටි අරුතක්. අවුරුදු ගානක් ඉඳන් එයා ගැන දන්න නිසා මට දැන් ඒක හුරුවෙලා. ඒත්, අදත් එයා ලියපු දේ තේරුම්ගත්තු බව පිලිගන්න බැහැ කියලමයි හිතුනෙ."කියෙව්වද?"වයිබර් පණිවුඩයක් දුරකථන තිරය මත පොප් අප් උනා. ඒත් එක්කම සුරංගනා මුහුණක්."නෑ"මම එහෙම කියන්න හේතුව මමවත් දැනගෙන හිටියෙ නෑ."ඇයි?""වැඩ තිබුන. ටිකක් කියෙව්ව, එහෙන් ...
විසිනමවෙනි කොටස : චාටර් අගුළ සහ සුපිරි යතුර බස්සිගේ නවාතැන "ආපෝ මමනම් ඒ කුරුල්ලගෙ වැඩ වලට කැමතිම නෑ. කෙල්ලොම කී දෙනෙක්ද? පව් අර අසරණ කිරිල්ලි. එහෙම උනත් කැම්පස් එකේ ගොඩක් කුරුල්ලො එයාගෙ වැරැද්ද දකින්නෙ නැහැනෙ. සමහරුන්ට එයා මාර වැඩ්ඩෙක්. ඒ ඔක්කොටම හපන් සමහර කිරිල්ලියො. එයාලත් මේ කුරුල්ලගෙ හැටි දැන දැනම යනවනෙ මුකුළු කරන්න." බස්සි කැම්පස් කුරුල්ලෙක් ගැන යාලුවෙක් කියාපු ඕපදූපයක් රහ කරකර බස්සට කියනවා. බස්සත් ළඟට වෙලා හ්ම්ම්ම් හ්ම්ම්ම් ...
යුද්දෙට නැති කඩුව බස්සිගේ නවාතැන දැනට සති දෙක තුනකට කලියෙන් බස්සිට ඉක්කෝලෙ පලාතෙ රස්තියාදුවක් ගහන්න චාන්ස් එකක් වැදුනා. ඉක්කෝලෙ අවට පාරවල් වල පරණ මතකයන් එක්ක රස්තියාදු වෙද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර සනීපයක්.ඒ.ලෙවල් කාලේ එකට ක්ලාස් ගිය, දහම් පාසලේ අයියෙක් බස්සිට මුණගැසෙන්නේ ඒ වෙලාවෙ."හලෝ නංගි..... අඳුර ගන්නත් බැරි වුනා එකපාරටම. කාලෙකින් දැක්කෙ." "ආනේ.... අයියා වෙනස් වෙලා හොඳටම. ළඟට එනකම් මමත් ඇඳින්නෙ නෑ. දැන් කැම්පස් එකෙන් අවුට් ...
මැන්ටල් ද? (Are you craZy???) බස්සිගේ නවාතැන මැන්ටල් ද???ඒක මට නුපුරුදු ප්‍රශ්ණයක් නෙමෙයි. ඇත්තම කිවුවොත්, මගෙ නමටත් වඩා අහල පුරුදුයි. ඔය ප්‍රශ්ණෙට මම හැමදාම දෙන්නෙත් එකම පිළිතුරක්.ඔව්. මැන්ටල්!එහෙම කියල මෙහෙමත් අහනව.“අද ද දන්නෙ? අයියූ…..”මැන්ටලේ කියන්නෙ මොකද්ද කියල ඇහුවම ගූගලය කියන්නෙ “දුම් කවුලුව”කියලයි. “උඳුන් හිස” කියලත් කිවුව. හැබැයි අපි ජෛව විවිධත්වය ප්‍රැක්ටිකල් එකකදි අර ජරා ගඳ ගහන බෙල්ලො වගයක් ඇඳල උන්ගෙ කවච ලකුණු කලෙත් මැන්ටල් කියල.ඒ කියන්නෙ බෙල්ලන්ටත් ...
තොරණෙන් බැස සිල්ගන්නා මකරු – "මකර තොරණ" බස්සිගේ නවාතැන සාහිත්‍ය මාසය සහ කියවීමේ මාසය වෙනුවෙන්, අලුත් පොත් ගැන පෝස්ට් කිහිපයක් එකතු කරන්නයි බලාපොරොත්තුව.“2016 වසරේ නිකුත්වුන හොඳ කෙටිකතා පොත් මොනවද?” මම පහුගිය දවසක ‘පොත් කියවන අය’ FB සමූහයෙන් ප්‍රශ්ණයක් ඇහුවා. ප්‍රභාත් ජයසිංහගේ මකර තොරණ කෙටිකතා පොත ගැන මම මුලින්ම දැනගන්නේ එවිටයි.‘මකර තොරණ පොත කියවන්න. මම ඒකෙන් අදහස් කරන්නේ එහෙව් කෙටිකතා නොකියවන ඇස් මොකටද වගේ දෙයක්’ කාංචනා අමිලානි කියද්දි, ‘මකර තොරණට ...
දූවිලි (කෙටිකතාව) බස්සිගේ නවාතැන වැස්ස එක සීරුවට උස් වීදුරු කවුළුවට පහර පිට පහර දෙයි. මංගල ආරාධනා පත් සැකසීම ආරම්භයේදී හිත අරාගත් උද්යෝගය වැස්සට හේදී ගියා වැන්න. ලියමින් සිටි ඇරයුම් පත එහෙමම මේසය මත දිගහැර දැමූ මම වීදුරුවට මෙපිටින් වම් කම්මුල වැහි හීතලට තද කරගෙන බේරේ වැවේ ලා කොල පැහැති දිය සේලය මත වැස්ස අඳින බින්දු රටාව දෙස අනිමිසලෝචනයෙන් බලා හිඳිමි. ආතතියෙන් දැවි දැවී හුන් ...
හසරැලි මැදින් නව වසරක් උදාවේ........!!! බස්සිගේ නවාතැන ඔන්න ඉතින් දෙදාස් දහතුන අවුරුද්ද ගෙවිල ගෙවිල නැට්ටටම ගෙවිලා ඉවර වෙලා යන්නයි හදන්නෙ. ඒත් දුක් වෙන්ඩ එපා දෙදාස් දාහතර අවුරුද්ද එල්ලිලා ඉන්නවා දෙදාස් දහතුනේ නැට්ටෙ. අපි ඔයාකාර රතිඤ්ඤා පුපුරෝලා, අහස් කූරු උඩ ඇරලා, නිලා කරකෝලා සුභපතන්නෙ 2013 ගෙවිලා යන නිසාද, 2014 පටන් ගන්න නිසා ද කියන එක හරිම ප්‍රහේලිකාවක් බස්සිට නම්.කොහොමින් කොහොම වෙතත් දෙදාස් දහතුන මගෙ ජීවිතේ එක පරිඡ්චේදයක අවසානයත්, ...
පොත් ඇතුලේ නයි (කකුල් උඩට අරන් කියවන්න) බස්සිගේ නවාතැන තවත් සාහිත්‍ය මාසයක්. මේ බස්සි පොත් ගන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට ගිය පහළොස්වෙනි වතාව.ඉස්සර නම් බුක් ෆෙයාර් යන්නෙ බස්සි-ඩැඩා එක්ක නෙව. මේ පාර එහෙම බෑ නිසා බස්සියි බස්සයි බසු නංගියි තමයි ඕන් බුක් ෆෙයාර් ගියෙ.පොත් ගන්න යන අයට පුංචි උපදෙසක් දෙකකුත් දෙන්නම්කෝ. පොතක් ගන්නවානම් අදාළ ප්‍රකාශකයාගෙ ස්ටෝල් එකෙන්ම ගන්න. එතකොට 30% වට්ටමක් ලැබෙනවා. බොහොමයක් ප්‍රකාශකයො සාහිත්‍ය මාසය පුරාවටම ඔය ඩිස්කවුන්ට් ...