~ වයින්වල ගැම්ම ~ බස්සිගේ නවාතැන අනේ කුහුඹුවනේඅපේ රටටත්රජෙක් ඉන්නේවැහි නැතිතොසින්නේවතුර වෙනුවටවයින් බොන්නේවයින් වල ගැම්මෙන්අපි රොන්මඩඅදින්නම්පැන්සල් උල්කරන්නම්එන සැරෙත්කතිරයගහන්නම් ...
හතළිස් තුන්වෙනි කොටස : හෙටින් පස්සෙ නිවාඩු කාලේ බස්සිගේ නවාතැන ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම බස්සි පුරුදු වෙලා හිටියෙ නිවාඩු කාලය එනකම් ඇඟිලි ගනින්නයි. හැමදාම උදේ පාන්දර නැගිටලා, ලෑස්ති වෙලා, ඉස්කෝලෙ යන එකයි, උදේ ඉඳන් හවස් වෙනකම් ඉස්කෝලෙයි, ක්ලාස් වලයි පුටු රත් කරකර ඉගෙනගන්න එකයි මොන දුකක්ද කියලයි බස්සි හිතුවෙ. ඒ කාලෙ කවුරු හරි එකෙක් බස්සිට මෙන්න මෙහෙම පචයක් කියාල තිවුන.'ඔහොම කට්ට කාගෙන ඉගෙන ගන්න වෙන්නෙ ඉස්කෝලෙ යනකම් විතරයි. මොන ගේමක් හරි ...
මල් පරවෙලා කෙල්ලේ බස්සිගේ නවාතැන ශේන්යා,පරෙස්සමින් ඉස්සරහට පලයන් උඹේ පැණි වළලු කන්නට කෙළ හලන බල්ලන් නිදැල්ලේ….. හත්පෙති මල් පරවෙලා දැන් බොහෝ කල් නෙව කෙල්ලේ…..ප.ලි.අගක් මුලක් තේරෙන්නේම නැති අය මෙන්න මේ රුසියන් ළමා කතාව බලලාම එන්නකෝ.http://cccp.kylekeeton.com/2008/12/the-rainbow-flower.html ...
බළලෙකුට බැරිද සමනළයෙක්ට පෙම් කරන්න? බස්සිගේ නවාතැන දිගැටි උල් රදනක දත් ද තියුණු මුවහත්කල නිය ද දඩයම් ඇස් ද ගෙරවුම් ද අතර සැඟවෙන්නට බැරිදබොළඳ ආදර හදවතක් අළුවන් දෘෂ්ටියක් ඇතැයි කිවුවට ඇස් පියාගෙන බලනවත් ඇති දේදුනු පාට හීනයක් ඉඟිමරන්නේවත් නැතුවම ආදරේ සීරුවට තවරා හුළඟෙ පා කරනවත් ඇති උණුසුම් බළල් හාදුවක් සීරුවෙන් නිය පහුරු හකුළා ඉතා හෙමිහින් - මද තිගැස්මෙන් පිරිමදිනවත් ඇති මුදු පියාපත් කෙලවරක් පොරවගෙන දම් පාට ...
දළඹු මතකයෙ සදා සිරවුණ - ළදරු සමනලයෙකුගේ වැලපුම බස්සිගේ නවාතැන ගගන සරන්නට කියාබිඳුණු අත්තටු හඬයිදිරාපත් කොළ තිබේවිඩාපත් මං වගේකදෝ කිණි රුපු වගේරැයට ඉඩ දී යමිකල් කුසුම් ගෙනෙනාසුවඳ සුළඟක් වී එමීඒ වුණත් සුහදේවිඩාපත් මං වගේසමනලුන් එන මගේසිහින විසිරී තිබේබිඳුණු සිත් ගෙනෙනාමිහිරි ගීයක් වී එමීඒ වුණත් සුහදේවිඩාපත් මං වගේ වාදිශ දේවම්න්ද වික්‍රමනායක ඒකපාර්ශ්වික ආදරයක තවත් එක් අවාසනාවන්ත උරුමක්කාරයෙකු ලෙස හැඳින්විය හැකිය. ඒ උරුමය වාදීශට ආශිර්වාදයක් වන්නේ වේදනාව පදවැලක සඟවන්නටත්, ගී තනුවක ...
පුංචි දිය බිංදුවේ සුවිසැරිය බස්සිගේ නවාතැන මට හිරු එළිය නාන්නෙ නැතුව ඉන්න බැරි වුනා. කොයිතරම් අන්තරාදායකයි කියලා කසුකුසු කනට වැටිලා තිබුනත්, මට හිතුනෙම ඉර කියන්නෙ හොඳ ආදරණීය, උණුහුම් ගෝලයක් කියලයි. එහෙම හිතෙන්න වැඩියෙන්ම හේතු වුනේ මේ ජරා, ලිස්සන සුළු පාසි. ඒවා හැම විනාඩි බාගයකට වරක්ම මගේ ඇඟේ ඇතිල්ලි ඇතිල්ලී ආල ලීලා පාන්න ගත්තු නිසා මම උන්නේ මහ නොසන්සුන්කමකින්.ඉතින් මම තීරණය කලා හිරු රැස් නාන්න. එහෙමත් නැත්නම් ...
නික්මන බස්සිගේ නවාතැන වැහි බිංදු නිය තුඩින්තට්ටු කරන්නෙය කවුළුවටආචාරශීලීය 'චිටිචිටි චිචිටි' නදමේ වගේ වැසි වියඔබ පැමිණ ගිය හැමදාමආවොතින් යායුතු බවනොගොස් එන්නට බැරි බව'චිටිචිටි චිචිටි' නදින් දොඩමින්නෑ ඒ ඔබේ කටහඬ!"මං කැමති මීදුමට නික්මෙන්න.පෙනී නොපෙනී ලැගුම්ගෙනඑලි තිතක් මෙන් නිවි නිවී දිදුලන්න.නත්තල් ගහේ එල්ලූ - පොඩි විදුළි බුබුළු අර නිවෙන්නේ, දිලෙන්නේඒ වගේ!"මං ගැයුවෙ නික්මන ගැනයිඒ දීර්ඝම සැඳෑ සාදය අවසනදෙව්දාර රිකිලි අගඔංචිලි පැද්දෝහ සිඟිති පිණි බිඳුඔබේ ඇස් ...
තිස්පස්වෙනි කොටස : සුදු නෙලුම් බස්සිගේ නවාතැන කැළණි පන්සල බස්සිගෙයි බස්සගෙයි ජීවිතත් එක්ක ගොඩාක් ලොකු බැඳීමක් තියෙන තැනක්. ගෙදර යන්න බැරි වෙන හැම පෝය නිවාඩුවකටම වාගෙ බස්සයි බස්සියි කැළණි පන්සල් වඳින්න යන්න අමතක කරන්නෙ නෑ.හුඟක් වෙලාවට බස්සටයි බස්සිටයි කැළණි යන්න පෝය නිවාඩු ඕනෙත් නෑ.කැම්පස් එකේ ඉඳන් පන්සලට තියෙන පැය භාගයකටත් අඩු කාලයක ගමනට බස්සි හරිම කැමතියි. ඒ බස්සගෙ අතේ එල්ලිලා හුරතල් වෙවී නිදහසේ කිච්බිචි ගගා කියවකියවා ...
සොඳුරු කොට ජීවිතේ (good things always come in small packages) බස්සිගේ නවාතැන මම එදා මෙදාතුර අහපු වටිනාම පඬි වදන තමයි “වටින දේවල් එන්නේ පොඩි පැක්වල” (good things always come in small packages) කියන එක. ඇත්තටම ඔය පඬි වදන කියාපු කෙනාගෙ කටේ කිඹුල් හූනෙක් දාන්න වටිනවා. මොකද ඒ වගේ රුවන් වැකි කියන්න තියා තේරුම් ගන්නවත් තීක්ෂණ බුද්ධියක් තියෙන මිනිස්සු හරිම අඩුයි අද කාලෙ.අහන්නත් දෙයක් යැ. ඔය රුවන් වැකිය නිසාමයි මම මේ තරම් කොට ...
නා කපනා වැහි වැටෙන වෙලේ - මට ඉන්නට බෑ නිසංසලේ බස්සිගේ නවාතැන ෆෝන් එකේ එලාර්ම් එක අතපත ගාල ඕෆ් කලේ කේන්තියෙන්. ඊයෙ රෑ ඉඳන් වැටෙන චුරු චුරු වැස්ස තාමත් ඉවරයක් නෑ. ඇස් දෙකට මහන්සියි. පැය හතරක් එක දිගට නිදාගත්තත්, තවමත් ඇස් දෙකට කාන්දු වෙන්නෙ හිතේ මහන්සිය වෙන්න ඕනෙ. "මට අද නිවාඩුවක් දාන්න හිතෙනව බන්." "එකපාරටම." "මගෙ හිතට මහන්සියි බන්" "හෙහ්! හිතට? උඹට පිස්සු යකෝව්! උයන්නැද්ද අද?" මගේ අලුත් රූමා. ඒකාකාර ජීවිතෙන් කොහෙත්ම ...
හතළිස් අටවෙනි කොටස : ලොකුම වරද බස්සිගේ නවාතැන බස්සි බස්සාව අඳුනාගෙන ගෙවෙන පළමු පෙම්වතුන්ගේ දිනය. ඒ කාලෙ බස්සිට ඔය තෑගිබෝග ලස්සනට හදලා ඇඳලා දෙන ඒවා ගැන ලොකු වැටහීමක් තිවුනෙ නෑ. වැලන්ටයින් දිනයට කලින් දවසෙ බස්සා බස්සිව බෝඩිමට ඇරලවලා ගියාට පස්සෙ බස්සි ආපහු ඇවිත් හොරෙන්ම බස් එකක නැගලා කිරිබත්ගොඩ ගියේ තෑග්ගක් තෝරා ගන්න. පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන්ම හදාපු රතු පාට, රෝස පාට විසිතුරු හදවත් හැඩේ සුකුරුත්තම් වලින් කඩවල් වල රාක්ක ...
ඔයා - එයා සහ මම බස්සිගේ නවාතැන මම ජනෙල් තිරය මෑත් කරලා කළුවරට එබුනා. මල් වට්ටියක් ඉහිරිලා වගේ අහස පුරාම නිවි නිවී දැල්වෙන තාරකා. වෙලාව රෑ එකොළහට විතර ඇති. නිවාස සංකීර්ණයේ ගොඩාක් ගෙවල් අඳුරුයි. මුලු ලෝකෙම නිදි ඇති. මගෙත් ඇස් පිහාටු බරයි. ඒත් ඉතින් හෙට chemistry ක්ලාස් යනකොට ඉවර කරගෙන යන්න පතරංග ජාතකයක් වාගෙ ටියුට් එකක් තියෙනව නෙ. මම ආයෙමත් පෑන අතට ගත්තා.ජනෙල් තිරය වහලා දාන්න ...
මගේ පුංචි බස්සෝ...... බස්සිගේ නවාතැන මගේ පුංචි බස්සෝ......,ඔයා මගෙත් එක්ක සමරන හතරවැනි උපන්දිනය හෙට උදා වෙන්නෙ. බස්සාට අවුරුදු විසි හයක්! හෆොයි සෑහෙන්න වයසට ගිහින්!මතකද අපි දෙන්නා සමරපු පළවෙනි උපන්දිනය. අතිශය රස්තියාදුකාර විදියට කැම්පස් එකේ බැමි උඩ හාල් වෙවී...... එදා අර චිත්‍ර උගන්නන ලෙක්චරර්ගෙන් බැනුං අහපු ටික මම ආදර අන්දරයේ ලිවුවෙ නෑ ඒකෙ රොමැන්ටික් ගතිය නැති වෙන නිසා.හැම උපන්දිනයකදිම මම ඔයාව සර්ප්‍රයිස් කලා. ඒවා මම ප්ලෑන් ...
ඔයාටත් මැරෙන්න හිතිලද??? බස්සිගේ නවාතැන පහුගිය සති කිහිපය පුරාවට ඇහුන පුවත් අතරින් බොහොමයක් සියදිවි නසා ගැනීම්, නැත්නම් සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම්. මේ පුවත් අන්තර්ජාලය තුල සංසරණය වෙනකොට බහුතරයක් දෙනා කලේ මැරිච්ච මනුස්සයාගෙ මිනීවලට ඇඟිල්ල දිගු කරන එක. ඒ අතරින් ඉතාම අල්පයක් දෙනා නැගූ එක් පැනයක් තිවුනා. ඒ තමයි;“ලංකාවේ විශාදයෙන් පෙලෙන මානසික රෝගීන්සංඛ්යාත්මකව ඉහළ යාම මෙයට හේතුවක් විය හැකිද?” ඉතින් මම හිතුවා විශාදය ...
මං කවිකාරිලු බස්සිගේ නවාතැන මං කවිකාරිලු මං කවිකාරිලුගජමන් නෝනට වැඩි කවිකාරිලුආලවඩන කවි සිංදු ගොතන්නටඉස්සර ඉදලම මං කවිකාරිලු ඔව්. මට හිතෙන විදියට මං කවිකාරියක්. කවිකාරියක් වෙන එකේ කිසි ලල් එකක් නෑ නේද? දක්ෂ සංගීතකාරියෙක්, නැට්ටුක්කාරියෙක්, සිත්තරියක්, නිරූපිකාවක් උනා නම් ඒ වගේද! යාන්තම් වයලින් එක කුරුටු ගාන්න, ඕගන් එක කෑගස්සවන්න ගියාට මට ඒ හැටි දෙයක් බෑ. ඩී.ජේ එකක් වෙලාවට නැට්ට හපාගෙන උඩ පැන්නට මම නැට්ටුක්කාරියෙකුත් ...
ටූත් මදින බුරුසුව සහ තවත් කතා බස්සිගේ නවාතැන මේ සති දෙකතුනකට කලින් ලියපු එකක් හොඳේ....පොසොන් පෝයත් අල්ලලා සිකුරාදත් නිවාඩුවක් හෙම දාල බස්සි බදාදා හවසම ලෑන්ඩ් කලා නෙව ගෙදරට. ඔය යන අතරමගදි අර ගාලුවාවත් සැට්උනාලු අහම්බෙන්. ඔන්න බ්ලොග් ගෙට්ටු වලට සහභාගි වීමේ ප්‍රතිපල. පිටකොටුවේ මහා ජන ගංගාවක් මැද්දෑවේ හේයි බස්සී...බස්සී... යනුවෙන් ආමන්ත්‍රණයක් ලැබීමත්, ඒ අසන ජනතාව බස්සෙකේ යන බස්සන්ව හොයන විමසිලිමත් බැල්මට හසුවීමේ විලිලැජ්ජාව අත්විඳීමේ භාග්‍යය.අයියෝ සල්ලි.ඔන්න ඉතින් පොසොන් ...
බස්සිගෙන් විරිදු පාඩමක්!! (Fun with Science - 1) බස්සිගේ නවාතැන හැමදාමත් බස්සි කියන්නෙ මොකාක් හරි පිස්සු මඥ්ඥං කතාවක් නෙව. ඉතින් බස්සි හිතුවා අද කුරුලු යාලුවන්ට හරයක් ඇති, දැනුමක් ලැබෙන කතාවක් කියාදෙන්න. කතාව කියා දෙද්දී සුපුරුදු පිස්සු ගති මතුවුවහොත් සමා වුව මැනැවි.අපේ ලෝකය හැදුනේ කොහොමද?ඉතින් සුපින්වතුනි, බස්සි මෙතැන් සිට ඒ හද කම්පා කරවන ඉස්ටෝරිය විරිදු සුරල් වලින් ඔබතුමන්ලාගේ සවන්පත් මතට අතාරින්නයි සූදානම.පෘතුවිය මැවුනේ කොහොමද පණ්ඩිතයෝ කතා වෙනව වෙනස් වෙනස් මත ...
ලස්සන වීමේ රහස් මංජුසාව බස්සිගේ නවාතැන කෑම පාලනය ගැන අපූරු බ්ලොග් පෝස්ට් දෙකක්ම මම කියවල තිවුන. එකක් දිනේෂ් අයිය ලියාපු උපදේශාත්මක පෝස්ට් එකක්. අනික ඩූඩ් අංකල් ලියාපු විනෝදාත්මක ලිපියක්.සාමාන්යෙන් කටු කනකොට වෙන්න ඕනෙ කෙට්ටු වෙන එක නෙව. ඒත් ජොබ් කට්ට කන්න පටන් ගත්තු දා ඉඳන් බස්සි ඉතා සීග්‍රයෙන් මහත් වෙන්න පටන් ගත්ත.පිම්බුනා පිම්බුනා පිම්බුනා.ඉස්සර කියවාපු මනමැවි කතන්දර වල වගේ අන්තිමේදි පිම්බිලා පිම්බිලා පිපිරුනොත්!! බස්සිට බය ...
තිස් අටවෙනි කොටස : පොඩ්ඩාගේ ස්තූති කථාව බස්සිගේ නවාතැන "මොනවද බස්සියෝ අපි හොස්ටල් එකේ යාලු කුරුල්ලන්ට දෙන්නෙ?" උපන්දිනේ දවසෙ හවස් වෙනකොට බස්සා බස්සිගෙන් ඇහුවා. උපන්දින කියන ඒව තමන්ට අමතක වුනත් යාලුවන්ට අමතක වෙන්නෙ නෑ නෙව.බස්සා මල්පැණි බොන්නෙ නැති නිසා යාලුවන්ට 'සාමාන්‍ය' පාටියක් දෙන්න විදියක් නෑ. කේක් තමයි පහසුම විසඳුම."වාසනා බේකර්ස් එකෙන් කේක් ගේමු." බස්සි යෝජනාව ගෙනාවා. 'වාසනා කේක්' ගැන අහලා නැති කුරුල්ලෙක් ඉන්නවනම් බස්සිගෙන් අහලා දැනගෙන ගිහින් කාලා ...