ආත්මීය ආදරයේ රසායන විද්‍යාව (Chemistry Behind Love) බස්සිගේ නවාතැන “ඈ ළඟ හිඳින වේලෙහෘදෙ සාදයක් සේමා ලෝකෙ පාරාදීසෙමැවේවි හයිලෙවල් පාරෙ”මේ අකරතැබ්බෙ හයිලෙවල් පාරෙදි විතරක් නෙමෙයි ලෝකෙ ඕනෙම තැනකදි අත්විදින්න පුලුවන්. හෘදෙ සාදයක් උනාට පස්සෙ තමනුත් නොදැනිම කියවෙන්නෙ මෙන්න මේ වගේ ගී පද;“ඔබෙ නීල නෙත් නිම්නයේමගෙ ආදරේ සඳ නැගේහසරැල් සැලේසංසාරගත ප්‍රේමයේ”ඔන්න ඔය “සංසාරගත" මෙවුවා එකටම තමයි "ආත්මීය ලෙංගතුකම" කියල කියන්නෙ. ඉතිං බස්සි පොඩ්ඩක් හොයල බැලුව ඔය කියන ආත්මීය ඇන්නෑවක් හැබෑවටම ආදරේ, ...
හද සනහන නළරැල්ලක් බස්සිගේ නවාතැන මගේ නෙතග කඳුලැල්ලත්මුවග නැගෙන හසරැල්ලත්සෙනේ සිතින් ඉවසන ඔබහද සනහන නළරැල්ලක්ගිනියම් රන් අවුරැල්ලත්ඇස් කකියන දූවිල්ලත්මට සිහිලයි දුටුවිට ඔයමුව හසරැල් මල් ඇල්ලක්හද සයුරේ දියරැල්ලත්පෙණපිඬුවක නැලවිල්ලත්සිනහ කවඩි බස් තෙපලනහැම මොහොතම සැනසිල්ලක්හද කකියන සිතුවිල්ලත් නෙත තෙමනා ලතැවිල්ලත්නිවාලන්න දෝරෙ යවාආදරයේ වැහි ඇල්ලක්කවි කාරියක් කිවුවාට කවි කෝ? කවි කෝ?? කිය කියා කිචි බිචි ගාන කුරුල්ලන්, කිරිල්ලියන් වෙනුවෙන්ම පළකරන ලද බස්සිගේ තවත් කවි ගෙත්තමක්. ...
"නිල්" අහස යට බස්සිගේ නවාතැන “උර්සුලා තව එක වතාවක් මේ ගැන හිතන්න.” රිචඩ්ගේ කටහඬ උස් බිත්තිවල හැපී දෝංකාර දුන්නා. “ඔයා මේ ප්‍රොජෙක්ට් එකට අත්සන් කලේ මාසෙකට කලින්. දැන් ඒක කැන්සල් කරන්න විදියක් නෑ.”“කරන්න දෙයක් නැහැ රිචඩ්. මම ඉන්න තත්වෙ තේරුම් ගන්න. මේක තවත් එක දර්ශනවාරයක් නෙමෙයි. මාස හයක් තිස්සෙ කැලෑවල් ගානෙ, දිය ඇලි ගානෙ ඇවිදින්න වෙන ලොකු ප්‍රොජෙක්ට් එකක්. මගේ අවසාන තීරණේ මේක.” මං අපහසුවෙන් ...
විසිඅටවෙනි කොටස : මෙතැන්සිට ඉදිරියට..... බස්සිගේ නවාතැන ඔන්න ඔහොමයි බස්සිගෙයි බස්සාගෙයි ආදර අන්දරයේ පළමු සීසන් එක ගෙවෙන්නෙ. මෙතැන්සිට ඉදිරියට කතාව ගලාගෙන යන්නෙ චුට්ටක් වෙනස් ආරකට. බස්සගෙයි බස්සිගෙයි ආදර අන්දරයේ රසමුසු තැන් ඉදිරි කොටස් වලදී ඔයාලට කියවන්න ලැබේවි, හැබැයි ඒ මෙච්චර කල් කියෙවුවා වාගෙ දින වකවානු පිළිවෙලට නම් නෙමෙයි. එහෙන් මෙහෙන් ඇහිඳගත්තු සුන්දර මතකයන් කොටස් වශයෙන් ලියන්නම්. ඒ විදිය හොඳයි නේද?නැත්තම් මේක මෙගා ටෙලි නාට්‍යයක් හරි දිනපොතක් ...
කිරිහාමිගේ ඇණ බස්සිගේ නවාතැන ඉක්කෝලෙ කාලෙ කතා ලියන්නෙයි කියල දත කට මැදගෙන සූදානම් උනාට මොකෝ තාම කතා දෙකයිද කොහෙද ලියාගන්ට ලැබුනෙ. ඉතිං බස්සි හිතුවා දෙදාස් දාහතරටත් මුල්වරට ඉක්කෝලෙ කාලෙ කතාවක් අතාරින්ට.අපේ සැට් එකේ හිටපු අති විශේෂ චරිතයක් තමයි අද කතාවේ මේන් ඇක්ටර්. පොර තමයි කිරිහාමියා. ආයෙ අහන්නත් දෙයක් යැ. ඔව්, උගේ වැඩ වලට ගැලපෙන්නම තමයි ඒ නම වැටුනෙ. ආ දැනුයි මතක් උනේ… මේ ...
කටකාර කෙල්ලෝ සහ ගණන්කාර කොල්ලෝ... බස්සිගේ නවාතැන "කෙල්ලො කියන දේවල් තේරුම් ගන්න වෙනම ඩිග්රි එකක් කරන්න වෙනවා බං." මගේ බැචෙක් දවසක් මගෙත් එක්ක කියනවා එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක වලියක් දා ගත්තු කතාවක්. ඌ කියන කියන වචනයක් ගානෙ මට බොහොම පැහැදිලිව තේරෙනව කෙල්ල මොනවද අදහස් කරල තියෙන්නෙ කියන එක. ඒත් මේ මැට්ටාට ඒ ගැන වගේ වගක් නෑ. කෙල්ල මෙහෙම කෙරුවෙ මේකයි, අරම කිවුවෙ මේ නිසයි, කියලා මම ...
රහ එක – හොඳ එක බස්සිගේ නවාතැන අඬන දොඩන ගෑනු මූණුකඳුළු පිහින පිරිමි මූණු අතිපණ්ඩිත පැහුණු මූණුමඩ තැවරුණු ඇනෝ මූණු ධීර වීර ගැහැණු මූණුඅධම දුෂ්ට පිරිමි මූණු එෆ්.බී.අයි. , පොලිස් මූණුහොරෙන් කාපු පූස් මූණු ලාබායි ලාබායිරහ එක – හොඳ එක!!! ...
ඒ 'ලෙවල්' කුඩු කර ඔබ ඔබම වෙන්න! බස්සිගේ නවාතැන මේ කතාව මම හොඳින්ම දන්නා කෙසඟ, සුදු පිරිමි ළමයෙක් ගැනයි.ඒ එක්දාස් නමසිය අනූ ගණන්වල අග භාගයයි. අපි හඬකැවූ ටෙලි කතා මාලාවන්ට වහ වැටී උන් පොඩි එවුන්ව සිටි කාලයයි. ඔය කාලයේ ටීවී එකේ ‘පරිඝණක දඟයෝ’ (Crash Zone) නමින් කතා මාලාවක් විකාශය වෙයි. ඒ වීඩියෝ ගේම් නිෂ්පාදනය කරන සමාගමක රැකියාව කරන teenagersලා පස් දෙනෙක් ගැනයි.කෙට්ටු, සුදු පිරිමි ළමයාගේ ගෙදර පිහිටියේ කතා පොත්වල ...
වෙනස බස්සිගේ නවාතැන අතීත කතාව මේක බස්සිට ඇහුන කතාවක්ය.හිරු හිනැහෙන්නේය. හිරු රැසින් කහ පැහැ ගැන්වුන වෙරළ දිගේ ඇවිද යන්නේ තරුණ ගැටවු පිරිසක්ය. පෙනෙන නොපෙනෙන මානයේ ඈත එක් පුද්ගලයෙක් වෙරළත් මුහුදු රැළි බිඳෙන මානයත් අතරතුර හදිසියෙන් මෙන් සක්මන් කරන්නේය.වෙරළේ මද දුරක් ඉදිරියට යන ගැටවු පිරිසට දිස්වන්නේ වෙරළ තීරය දිගේ පැතිර ගිය තාරකා මාලුවෝ රෑනක්ය. කලින් දවසේ රෑ වඩදියත් සමග වෙරළට ඇදී ආ තාරකා ...
අද දවස හරි රහයි බස්සිගේ නවාතැන හෙට බස්සිගෙ උපාධි ප්රදානෝත්සවය. බොසාගෙන් නිවාඩු ඉල්ලලා පච වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ නිසා බස්සි මේ සතියේ සෙනසුරාදාත් වැඩ කලා. බස්සිව බස් එකට නග්ගවන්නයි කියල බස්සාත් ආවේ බස්සි බෑග් මලු එක්ක කොටුවේ පේවුමන්ට් එකේ කරණමක් ගහාවි කියන බයෙන් වෙන්න ඕනෙ. "බස්සෝ....""හ්ම්ම්ම්......................." බස්සා සුපුරුදු පිලිවදන දෙනවා."අනේ මාව කටුනායකටම ඇරලවන්නකෝ.......""අද මට වැඩ ගොඩයිනෙ බබා...""අනේ බස්සෝ.... ඔයාගෙ පුංචි හුරතල් බස්සි කටුනායකට යනකම් පාලුවෙ ...
හුදෙකලා මියැසිය (part three) බස්සිගේ නවාතැන පළමු කොටස මෙතනින්දෙවැනි කොටස මෙතනින් එයා එකපාරම මාගෙ දිහාට හැරුනා. මගේ වම් කම්මුල දිගේ ඉහලට දබරැගිල්ලෙන් ඉරක් අඳිමින්. ඒ ස්පර්ශය රළුයි.ඔහු තමන්ගේ ඇඟිලි තුඩු දිහාත්, මගේ ඇස් දිහාත් මාරුවෙන් මාරුවට බලන්නට වුනා. “කඳුළු?”“වෙන්නැති.” “හවස ලෙක්චර්ස් තියෙනව කිවුව.” “හ්ම්ම්ම්… දැන් පරක්කු වැඩියි.” මම ඔහුට පෙන්නුව දුරකතන තිරය. “මං යනව.”ඔහු එක්වරම කිවුව මං බලන් උන්නා.හීන් වැහි පොදක් වැටෙන්න අරන් ආයෙමත්. පිට්ටනිය වටා ...
කවි ලොසින්ජර (බසු කවි පිටුව) බස්සිගේ නවාතැන වාරණයක් නැතුව එක දිගටම කවි ලියන්න බස්සි කවි පිටුවක් හදාගත්තා. ඒකෙ පළ කරන්නෙ කවි විතරයි. මූණු පොතේ අතන මෙතන කුරුටු ගාන, බ්ලොග් කමෙන්ට් කොටු ඇතුලේ අතෑරල දාල යන කවිවලින් ටිකක් හරි එකතු කරල තියාගන්නයි බලාපොරොත්තුව.නිවාඩුපාඩු වෙලාවට පොඩ්ඩක් ගොඩවෙලා යන්න එන්න කියල හැමෝටම ආරාධනා කරනවා එහෙනම්!කවි ලොසින්ජර - http://basukavi.blogspot.com/ ...
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. බස්සිගේ නවාතැන මේ පෝස්ටුව දාන්නෙ on behalf of අපේ පියතුමා. නැතහොත් "බස්සි ඩැඩා" වෙනුවෙන්. බස්සිගේ තාත්තාට බස්සිටත් වඩා තිවුනා ඔය ලිවීමේ උණ. ඉතින් "බස්සි ඩැඩා" ගත්තා පෑන අතට. ලියනවා, ලියනවා, ලියනවා. ඒ කාලේ සිට අද දක්වාම "බස්සි ඩැඩා" කවි, ගීත, වේදිකා නාට්‍ය පිටපත් වාගෙම කෙටිකතාත් ලියලා තියෙනවා බර ගානක්. ඒත් ඉතින් තාත්තා අපි පුංචි කාලෙ ඉඳන් ලියන නිසා ඒ ගැන බස්සිට කිසිම ...
එක්ස්-ඒලියන් (ex-alien) බස්සිගේ නවාතැන ජාලයේ හෝ ෆේස්බුකියේ සැරිසරන බස්සීට කාලයෙන් කාලයට අපූරු ගීත ශෙයාර් වී තිබෙන ආකාරය දක්නට ලැබෙන්නේය. බස්සිත් ලින්කුවට කොටා ගීතය බාගෙන අසන්නේය. කොලවෙරි, ගන්නම් ස්ටැයිල්, හනීබනී වැනි බස්සිගේ ප්‍රියතම ගීත බොහොමයක් එසේ බාගත් ඒවාය.ළඟදී දවසක බස්සිට කවදාවත් නොඇසූ ආකාරයේ අපූරු ගීතයක් රසවිඳීමට සිදුවුනේ එසේ ලින්ක් වලට කෙටීමේ ප්‍රතිඵලයක් විදියටය. ගීතයේ නම එක්ස් ඒලියන්ය. දැන් ඉතින් නම කියවූ වහාම කුරුල්ලෝ සැට් එක ...
හතළිස්වෙනි කොටස : අධ්‍යයන නිවාඩුව බස්සිගේ නවාතැන හැම සමාසිකයකම අවසානයේ, විභාගයට සති දෙක තුනකට කලින් කුරුලු ඉස්කෝලෙට අධ්‍යයන නිවාඩු ලැබෙනවා. බස්සයි බස්සියි ඔය අධ්‍යයන නිවාඩුවලින් සැලෙනවද? නෑ! සුපුරුදු විදියට කැන්ටිමට වෙලා කාටුන් බල බලා, ගිරා ගහ හෙවණට වෙලා කිචිබිචි කියකියා දවස ගෙවනවා. බස්සගෙ ලැප් මල තුරුලට අරන් ෆිල්ම් බැලීමත් අමතක කරන්නෙ නෑ. ඔහොම දවස් හත අටක් යනකොට විභාග කාලසටහන් දැන්වීම් පුවරු වල ඇලවෙනවා. එදාට නම් බස්සි ...
තිස්ස නවතින්න! (කවියක් සහ සහෘද සටහනක්) බස්සිගේ නවාතැන තිස්ස නවතින්න!එක්ස්ට්රීම්ලී සොරී - නවතින්න නම් බැරීමෙන්න මගෙ කාර්ඩ් එක, අටෙන් පසු අමතන්න!සැරිසරත් මෙ'වනයෙහි යොවුන් මුව පොව්වෝකළුදියෙත් කිමිද උන් සිප් කිරිම සෙව්වෝබැනර්-කටවුට්-පෝස්ටර්-හෑන්ඩ් බිල් විදිමිනොපිට පෙරැලූ වදන් ඇමිණු දුනු දිය අදිමිඑහෙ තිබුන අඹ ගසුත් කැපුවාමෙහෙ තිබුන අඹ ගසුත් කැපුවාඅඹ ලෑලි ඩෙස් බංකු තනවා -හෝල් ඇතුලට ගාල් කෙරුවාවනමලින් පිරි - සමනලුන් සැරි - හරිත සිතුවම් එඩිට් කරවාලැමිනේට් පිටකවර තනවා - ටියුට් බෙදුවාඔව් ...
මැරුනත් සැපයි බස්සිගේ නවාතැන ඔව් ඕයිපට්ට ලස්සනයිහැබැයිදුර ඉඳන් බලන්න වෙයිමොකද, ඔලුවෙ නයිඒකට කමක් නෑ ඕයිකන නයෙක් කයිඒ තොල් මාර හැඩයිඉඹින්නම හිතයිඉන් පස්සෙමැරුනත්සැපයි.......
ඇඳගත්තාට පසු... (බස්සිගේ ඇඩ්වයිස් මාලාව) බස්සිගේ නවාතැන ඊයෙ කිවුවෙ ඉන්ටර්විවු යනකොට අඳින පළඳින විදිය නෙව. අද කියන්නම් අර බෙල්ල මුලින් හිරවෙන ප්‍රශ්ණ සහ ඒවායින් ගැලවෙන විදිය. තවත් දෙයක් කියන්නත්, සමාව අයදින්නත් වෙනවා. මේ ඉන්ටර්විවු කියන මගුල ගොඩක් වෙලාවට කෙරෙන්නෙ කඩ්ඩෙන් නෙව. ඉතින් සිංහල බ්ලොගක් වුනත් මේ ලිපියෙදි බස්සිට කඩු හරඹ ටිකක් පාවිච්චි කොරන්න වෙයි. භාෂා විද්වත්හු කේන්ති නොගනිත්වා!! කඩු හරඹ පවා වැරදී බස්සි හොට කපා ගත්තොත් සමාව ...
කුරුල්ලාව/කිරිල්ලීව පුදුම කරන උපන්දින තෑගි බස්සිගේ නවාතැන තෑගි බෝග ගැන බස්සිගෙ දැනමුතුකම් ඉදිරි ලිපි පෙලකින් ඔයාලත් එක්ක බෙදා ගන්නම් කියල බස්සි දුන්න පොරොන්දුව මතක ඇතිනෙ? අද බස්සි සූදානම් වෙන්න අන්න ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්නයි.කඩසාප්පු ගණනාවක ඇවිදලා, රුපියල් දහස් ගාණක් වියදම් කරලා අරන් දෙන තෑග්ගකට වඩා වටිනාකමක් තමන්ගෙ අතින්, තමන්ගෙ කාලය වැය කරලා, ආදරේ මුහු කරලා හදලා දෙන පුංචි තෑග්ගක ගැබ්වෙලා තියනවා කියලයි බස්සි හිතන්නෙ.තෑග්ගක්, සිහිවටනයක්, අත්කමක් ...
කූඩු ජාතකේ බස්සිගේ නවාතැන වැඩි දෙනෙක් අටපට්ටම්තවත් සමහරු තරුවක්තවත් උන් සුපිපුන නෙලුම් මල්තව තව නේක හැඩයන්සුදෝ සුදු පාටෙන් සමහරෙක්ෂඩ් වර්ණයයි තවෙකෙක්ද්වි වර්ණ, ත්‍රී වර්ණ කලවම්කෙනෙක් අලවයි කැටයම්රැලි ලෙළෙයි නෙක හැඩයෙන්එක්කො නෑ එක රැල්ලක්පැටව් එහෙමත් හැදුවොත්පිරිවරත් උන් බෝ උඩඟුවෙන්සමහරු තියයි පහනක්නැති උනොත් ඉටිපන්දමක්විදුලි බුබුලක් යොදයි තවෙකෙක්කොහොමහරි දෙනවාලු එළියක්කැරකෙන එකක්නම්හැඩ බලන්නට බෝ දෙනෙක් එත්චාමෙට තියෙද්දිත්හැඩයි කියනා ටිකදෙනෙක් වෙත්සමහරු එක රැයින්පහන පෙරැළී ඇවිලෙත්පාන්දර වැස්සොත්තෙමී හැකිලී වේය ...