ජීවිතේ දිගු හීනයක් - සොඳුරුබර දිගු හීනයක් බස්සිගේ නවාතැන ජීවිතේ දිගු හීනයක්ජීවිතේ දිගු හීනයක්සැබෑ ලෝකෙදි සැබෑ නොවෙනාසොඳුරුබර දිගු හීනයක්.....අපි කවුරුත් හීන දකිනවා. නින්දෙදි වාගෙම අවදියෙන් ඉඳිද්දිත් අපි හීන දකිනවා. බස්සිට හිතෙන විදියට නම් වඩා රසවත් අවදියෙන් ඉන්නකොට දකින හීන. සිරුර පියවි ලෝකෙ තනිකරලා මනසින් හීන ලෝකෙ සවාරියක් යන මොහොත හරිම සුන්දරයි. ඒක තත්පරයක්, විනාඩියක් වගේම පැයක් දෙකක් වෙන්නත් පුලුවන්. හීන බලන මොහොතෙදි කාලය නවතිනවා. ඒ නිසා හීන දකින්නාට කාලය ...
ක්රෑම දැමීම බස්සිගේ නවාතැන කැම්පස් එකේ මාස හයකට සැරයක් අනිවාර්යෙන්ම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි "ක්රෑම". මේක හැදිලා තියෙන්න Cramming කියන ඉංගිරිසි වචනෙන්. Cramming කියන්නෙ පාඩම් කිරීම කියන එකම නෙමෙයි. මේකෙන් අදහස් කරන්නෙ සියලු ලෞකික ආශා අතහැර අධ්‍යාපනය සමග සමාධිගත වීම වගේ බරපතල සීන් එකක්!!කැම්පස්වල විභාග කාලෙට කරන ක්‍රෑම් වර්ග හතරක් තියෙනවා.නේචර් ක්රෑම :මේ ක්‍රෑමට පරිසරයෙන් ලොකූ බලපෑමක් තියෙන බව නම අහපු ගමන් තේරෙනවා. ...
ජීවිතයට පාට දෙන්න - COLOUR බස්සිගේ නවාතැන "ජීවිතය පුරා පිරී ඇත්තේ හිස් බවකි,මට අප පෙම් කල සමය සිහිවෙයි,මා පෙම් කලේ නුඹටම පමණකි,එය යථා සමාජය තුළ සිදුවිය හැක්කක්දැයි නොදනිතත්,මා අදටත් නුඹ ගැන බලා සිටිමි.දහසක් බලාපොරොත්තු තවමත් මගේ සිත තුළ ඇත.හිමිදිරිය නම් ගෙවී අවසන්ය.ඉතිරිව ඇත්තේ සැඳෑ සමයයි.එහෙත් හිමිදිරිය සේ පිබිදෙන්නට,මා අදත් බලා සිටිමි.ඒ නුඹ එන තුරුය.මන්ද,මට යළිත් හිමිදිරිය ගෙන එන්නේ,නුඹ නිසා පමණක්ම බැවිනි......"විඩාපත් සිරුරේ හදගැස්ම මොහොතකට නවතා දමා, රිදුම් ...
මළ අශ්වයාගේ කතාව බස්සිගේ නවාතැන අහලා තියෙනවාද මේ පැරණි කියමන?"ඔබ ධාවනය කරන්නේ මළ අසෙකු බව දුටු වහාම ගතයුතු හොඳම උපාය උගෙන් ඉවත්වීම ය."මේක මේ පැරණි ඉන්දියානු කියමනක් ලු. බස්සි හිතන විදියට මේ කියන්නෙ යුධ අශ්වයෝ ගැන.ඒ කාලෙ එහෙම වුනත් අද කාලෙ එහෙම වෙන්නෙ නෑ. මැරිච්ච අශ්වයන් ධාවනය සම්බන්ධයෙන් අද කාලෙ රජයන් විසින් මීට වඩා බොහොම දියුණු සහ සංකීර්ණ ක්රමෝපායන් අනුගමනය කරනවා.මෙන්න මේ වාගෙ ;1. පෙරට ...
උපාධිය ලැබුවෙමි - 2 (ඉට්ටැයිල්) බස්සිගේ නවාතැන උපාධිය කරන එක කොච්චර ලේසිද කියල හිතෙනව ඒක ගන්න යන එක දවසට කන්න වෙන චාටර් එක දැක්කම. හොඳ විස්වාසෙට ගන්ට ආයුබෝවං බස්සි සාරි අඳින්ට සැලුන් එකට යද්දි වෙලාව පාන්දර පහයි. මොනවා වුනත් සැලුන් එකේ අක්කා බස්සි යනකොට ගැජමැටික්ස් ටික සේරෝම සූදානං කරගෙන ආයුධ සන්නද්ධ වෙලා හිටපු එකම ලොකු දෙයක්. මූණෙ මේක් අප් උලන ටිකට බස්සිට හීන් නින්දකුත් ගියාලු ඒ තරමට ...
තිස් හයවෙනි කොටස : පාට තුනේ අයිස්ක්‍රීම් බස්සිගේ නවාතැන පූජා මලුවෙන් පහලට බැහැලා බස්සයි බස්සියි යන්නෙ නෙලුම් මලක හැඩේට හදලා තියෙන පොකුණ ගාවට. පෙරහැර කාලෙට ඊට එහා පැත්තෙ තියෙන තණකොල පිට්ටනියට යන්නත් බස්සි හරිම ආසයි. එතන තමයි පෙරහැරේ යන්න ගේන අලි ඇත්තුන්ව බැඳලා තියන්නෙ.වාසනාවන්ත දවසක නම් පෙරහැරේ යන්න එන අලි ඇත්තුන්ව පොකුණ ළඟට ගෙනැල්ලා නාවනවා බලාගන්නත් පුලුවනි. එහෙම දවසට බස්සිව එතනින් අහකට ගන්න එක බස්සාට ලේසි වෙන්නෙ නෑ.වතුර ...
බස්සි බිසී වෙයි බස්සිගේ නවාතැන බස්සිගේ බ්ලොග් නවාතැන ආරම්භ වී තවම මාසයක්වත් ගතවී නැත්තේය. නමුත් නවාතැනට ගොඩවැදුනු කුරුල්ලන්ගේත් කිරිල්ලියන්ගේත් අඩි සළකුනු කියාපාන්නේ බස්සිගේ නවාතැනට ආදරේ කරන්නන් බොහොමයක් සිටිනා බවය.බස්සී බ්ලොග් ලිවීම පටන් ගන්නේ අමාරුවෙන් ඇදගෙන ආ ජොබ් කට්ටට තිත තැබූ නිසාවෙන්ය. ජොබක් සෙට් වෙන තුරු බස්සිගේ පාලුව මැකුනේ මේ බ්ලොග් නවාතැනින්ය. ජොබ් කට්ටට තිත තැබීමේ කතන්දරයත් දවසක කියන්නම්ය. ඒ බස්සිගේ ආදර කතාව ලියා අහවර වූ ...
ආදරය සහ ඉත්තෑ කූරු බස්සිගේ නවාතැන ඒක සීතලම සීතල සීත ඍතුවක්. ගස් වැල් හිම ගොඩවල් අතරෙන් ඉහලට මතුවෙලා තිවුනෙ හරියට ඇටසැකිලි වාගෙ. කෑම හොයාගන්න එලියට බහින්න විදියක් නැතුව සත්තු ගල් ගුහා වලට වෙලා බලාන හිටිය. කුරුල්ලො පිහාටු පුම්බාගෙන ගස් බෙන වලට කොටු වුනා.සීත ඍතුව ඉවරවෙන දවස අහලකවත් නැතුවා වාගෙ. සත්තු කෑම නැතුව, සීතල උහුලගන්න බැරුව මිය ඇදෙන්න පටන් ගත්තා.ගුහාවට වෙලා හීතලේ වෙවුල වෙවුලා හිටපු ඉත්තෑවෝ ...
පස්ස වැහෙන්න සාය අඳින හැටි. (Beware, U are what you wear! -they say so-) බස්සිගේ නවාතැන ඇඳගන්නා හැටි ගැන බස්සි මීට කලිනුත් පෝස්ටුවක් ලියා තිබුනේය. ඒ ඉන්ටවූ යද්දි ඇඳගන්ට ඕනා විදිහ ය. ඒකට නම් පාඨක ප්‍රතිචාර ඉහටත් උඩින් ලැබුනු බව ටොප් සෙවන් පෝස්ට් ලැයිස්තුව සාක්කි දරන්නේ ය. හැබැයි අද කියන්නට යන්නේ ඉන්ටවු ඇඳුං ගැන නෙමේය. නිකං ඇඳුං ගැනලු ය.අපි අඳින ඇඳුමෙන් පැළඳුමෙන් සමාජය අපිව මනින අවස්තා බොහොම ය. බොහෝ වෙලාවට සමාජයේ ඇත්තන්ගේ පාට කණ්නාඩි නිසා අපි ...
මාරාන්තික නිල් චිත්‍රපටය බස්සිගේ නවාතැන කාලෙකට පස්සේ ගොසිපාගේ සයිට් එකට ගොඩවැදුනේ රටේ තොටේ ඕපාදූප ටිකක් කියවීමේ දොළදුකක් හටගත් නිසාය. පුවත් පෙළගැස්ම කියවාගෙන යද්දි එක්වරම බස්සිගේ ඇස් දෙක නැවතුනේ හදවත කීරි ගැහිලා යන ලිපියක් ළඟය. මුල්ම බ්ලූ ෆිල්ම් එක බලා ගෙදරට මාට්ටු වී ගෙදර උදවියගේ බැණුම් දරාගත නොහැකිව සියදිවි නසාගත් උසස් පෙළ සිසුවෙක් ගැන ඒ පුවතේ සටහන්ව තිබුනේය.පෝස්ටුවේ කියැවෙන අන්දමට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාද ඔහුය. මවගේත් ...
දොළොස්දාහක්! - Scifi බස්සිගේ නවාතැන "දැන් නම් මගෙ ඉවසීමේ රතුකට්ට පැනලා අභී." ආලියා දෙතොල නොපිට පෙරලමින් ස්කයිප තිරය දෙස බැලීය. ඇගේ බාහුවලට කිටිකිටියේ සිරවූ ටෙඩිවළසා ඇස් ගෙඩි ඩොගිත්තාගෙන බලාගත් අත බලාගෙනය. නිල් පැහැ ඇඳ ඇතිරිල්ල තැනින් තැන රැළි නැගී ඇති හෙයින්, ලා රෝස රෑ ඇඳුමකින් සැරසුණු යුවතිය දිස්වන්නේ දියපෙතක පිපි නෙළුමක් ලෙසිනි."ඒ ගමන කන්න වගේ බලන් ඉන්නවා. ඇයි අනේ ඔයා විසඳුමක් ගැන නොහිතන්නේ. අපි අන්තිමට ...
නරකම ඉරණම බස්සිගේ නවාතැන අදවත් නැද්ද ඉස්පාසුවක්නැවතිලා දොඩමළු වෙන්න වදනක් දෙකක්මැදිරි කවුලුව අසල - ආසනේ කෙලවරකමටත් දෙන්නට බැරිද ඉඩ ටිකක්?ගී කියනවා තමයි අට අටහමාර ගැනනිදහසේ කරකවා සිහින් අත්හිතනවද මහත් ප්‍රීතියෙන් යැයි මම මෙතැනඔබ දුවනකොට ඔහොම කලබලෙන්"ඩක ඩකස්" හඬ දිදී දුම් පිඹඇස් කොනින් බැල්මකුදු නොම දෙමින්පොඩි කුරුල්ලෙක් දෙන්නෙක්කලාතුරකින් ය ලැගුම් ගන්නෙත්ටියුෂන් ය, රිවිෂන් ය කියකියහදිස්සියකින් ය පියඹා යන්නෙත්පියානෝ එක්සෑමයේ ගීවිතරමයි කටපාඩමින් මුමුණන්නෙත්සාරි, කම්බා, ගවොම්, කලිසම්යන්නෙම ...
අළු සහ ගිනිපුපුරු (කෙටිකතා අංක 01) බස්සිගේ නවාතැන මූසල අලුපාට දුමාරය. පිටිපස්සෙ කැබ් එකේ ඉන්න කාලකණ්ණියා හෝන් එක උඩ හිටගෙන.පිස්සුවෙන් වගේ මගෙ වටේට දුවන වාහන. අමාරුවෙන් නැවැත්තුව අයිනකට කරගෙන. මම නතාෂාගෙ මූණ දිහා බැලුව. "බ්රේක් අල්ලන්නෙ නෑ ටාෂි. හදාගෙන යමු." "What is this සුරේෂ්? ලාස්ට් ෆ්රයිඩේත් මෙහෙමයි. I will call a taxi. You come after the repair." නතාෂාගෙ හීනි කරපු ඇහිබැම දෙක එකට යාවෙලා. ** * * ...
තිස්නමවෙනි කොටස : ගිරා ගහ බස්සිගේ නවාතැන බස්සි බස්සත් එක්ක කාලය ගතකරන්න කැමතිම තැන් කිහිපයෙන් එකක් තමයි 'ගිරා ගහ'. මේකට බස්සිගේ යාලු කුරුල්ලො නම් කියන්නෙ 'පච ගහ' කියලයි. මොකද මේ ගහ යට තමයි එක වසරෙ කුරුලු බබාලට දෙක වසරෙ අයියල බැච් මීටින් තියන්නෙ. (දෙක වසරෙ අක්කලාව මේ වැඩ වලට සම්බන්ධ කරගන්නෙ නෑ. පුරුෂාධිපත්‍ය කැම්පස් ස්ටුඩන්ට් යූනියන් වල ඔඩු දුවල තියන නරකම ලක්ෂණයක්!) ගිරා ගහ කියන්නෙ කාලාන්තරයක් ...
චාටර් දවස බස්සිගේ නවාතැන අදනම් කතා ලියන්නට බැරි තරම් අවුල්ය. හොඳටම අවුල්ය. අවුරුද්දකට වතාවක් දෙකක් කලාතුරකින් පැමිනෙන පට්ට චාටර් දවස් ඇත. අද එවැනි දවසකි.උදේ ඇහැරුනේම පරක්කු වෙලාය. බස්සා වැඩට ගිහින් කෝල් කරනකොට උඩ ගිහින් ඇහැරුනේය. දඩිබිඩි ගාලා අයන් කරන්නට ගිහින් ජැකට් එකත් පිච්චුනේය. ඇඟිලි අටක කියුටෙක්ස් අයින් කොරන විට රිමූවර් ඉවර වුනේය. ඉතුරු ටික යවන්නට වුනේ ඕඩිකොලොං දමා අතුල්ලලාය. ඒ මගුලට ගිහින් නියමලත් කැඩුනේය. ...
විද්‍යා ප්‍රබන්ධ කතා අංක එක්දහස් අටසිය අසූ පහ බස්සිගේ නවාතැන රොමානා අත් පරිගණක තිරයෙන් දෑස මෑත්කර හිස වමට, දකුණට, යලි වමට කැරකෙව්වාය. පුවත්පත් කාර්යාලය, ‘පුවත්සල’ බවට රූපාන්තරණය වූයේ දශක දෙකතුනකට පෙර වුවද, රාජකාරියේ වෙහෙස පෙර පරිදිමය. දැන් සෝදුපත් යන්ත්‍ර ද, පිටු සැකසුම් රොබෝවරු ද සුළු බීප් නාද කිහිපයකින් පසු පුවත් සකසා, සංසරණයට සුදුසු තත්වයට නිමවා දෙන බැව් සැබැවි. නමුත් දවසින් බාගයක් අහවර වෙන්නටත් පෙර උරහිස් දෙපසින් ඇරඹී කොඳු ඇට පේලිය ...
තිස් හතරවෙනි කොටස : බලු පූස් යාලුවෝ බස්සිගේ නවාතැන කැම්පස් ජීවිතේ වැඩිම කාලයක් බස්සයි බස්සියි ගත කරල තියෙන්නෙ ජිම් එකේ. නෑ නෑ මේ ජිම් එක කායවර්ධන මධ්‍යස්ථානයක් නෙමෙයි අනේ. අපි ජිම් එක කියන්නෙ කායවර්ධන මධ්‍යස්ථානයට යාබදව තියන කැන්ටිමට.බස්සි කොහොමත් ලෙක්චර්ස් යන්න කම්මැලි නිසා එයාව ලෙක්චර් හෝල් එකේදි දකිනවට වඩා ජිම් එකේදි දැකගැනීමේ සම්භාවිතාව වැඩියි. නිතරම ගැවසෙන තැනකදි හමුවෙන හැම කෙනෙක්ටම, හැම දේකටම නමක් දෙන එක බස්සිට පුංචි කාලෙ ...
ගඩොල් බාග වලින් ඇන්ත්රැක්ස් මර්ධනය බස්සිගේ නවාතැන වන් ෂොට් වන් තිරගත උනා කාලෙකට කලින්.සමහරුන්ගෙ ලෝකයේ වීරයා, වන් ෂොට්. උඹලා අපි කිහිපදෙනෙක් එහෙම නොහිතපු එක ඇත්ත. ඒ වුනාට අපේ මතය සමස්ත ස්‍රී ලාංකිකයන්ගෙ මතය නෙමෙයි. එක සමාජ තලයකදී වන්-ෂොට් සුපිරි වීරයෙක්. මිනිස්සු වන්-ෂොට් එනකොට හුරේ දානවා. විසිල් ගහනවා. කරේ තියන් පාරක් පාරක් ගානෙ ඇවිදින්න, පණ දෙන්න සැරසුන අපේ අයියලා ඕනෙ තරම්.සමහරු කිවුවේ මේක ගොන් ජෝක් එකක් කියල.සමහරු ඒක ...
වීදුරු බුජම බස්සිගේ නවාතැන සුදු පැහැ නෙට් පියාපත් පැළැඳගත් දේවදූතයෝ, වෛවර්ණ සරුව පිත්තල සැරසිලි, දිලිසෙන කුඩු තැවරූ කුඩා බෝල, වියළි දොඩම් පෙති සහ රතු ඇපල් ස්ටෙෆනිගේ තුරුණු අතැඟිලි අතරින් මිදී පයිනස් රිකිලි මත සීරුවට ලැගුම් ගනිමින් සිටියහ. උඳුනෙන් බට ඉඟුරු පාන් සුවඳ සාලය නහවමින් ඔබමොබ හමා යන්නට විය. ජනෙල් තිර මෑත් වූ හිදැසක් අතරින් කවුළුවෙන් පිටත හිම පියලි පතිත වනු දිසෙයි. කවුළු පඩිය මත ...
කුරුළු පිහාටුව බස්සිගේ නවාතැන ඒකි තනිකරම විකාර කවිකාර වකාරයක්. අපාර සංසාරෙ පුරාම මගෙ පස්සෙන් පන්නගෙන පන්නගෙන ආවයි කියල හිතවන්න පුලුහං විදියෙ පුදුමාකාර සැහැල්ලු කුරුලු පිහාටුවක්. හීනියි සුදුයි ඇබිතිල්ලං කෝලමකට බෙල්ලෙන් අල්ලලා ඉසකුඩිච්චියක් දාන්න වෙන තරමේ දඟකාරකමකුත් එක්කහු උනාම කොහොමද සනීපේ? ඒ තමයි මං ඔය කියපු කුරුළු පිහාටුව. මගෙ කුරුලු පිහාටුව.මං මෙහෙම ‘පපු කුහර කුස්තුර’ පිරෙන්න දිග හුස්මක් කාරිය අරගෙන ‘මගේ කුරුලු පිහාටුව’ කිව්වට මොකද, ...