දූවිලි (කෙටිකතාව) බස්සිගේ නවාතැන වැස්ස එක සීරුවට උස් වීදුරු කවුළුවට පහර පිට පහර දෙයි. මංගල ආරාධනා පත් සැකසීම ආරම්භයේදී හිත අරාගත් උද්යෝගය වැස්සට හේදී ගියා වැන්න. ලියමින් සිටි ඇරයුම් පත එහෙමම මේසය මත දිගහැර දැමූ මම වීදුරුවට මෙපිටින් වම් කම්මුල වැහි හීතලට තද කරගෙන බේරේ වැවේ ලා කොල පැහැති දිය සේලය මත වැස්ස අඳින බින්දු රටාව දෙස අනිමිසලෝචනයෙන් බලා හිඳිමි. ආතතියෙන් දැවි දැවී හුන් ...
චූටි සුරතලාගේ සත්ව කරුණාව බස්සිගේ නවාතැන ගොඩක් කුරුලු යාලුවො දන්නවත් ඇති බස්සිට ඉන්නවා චූටි හුරතල් නංගි කෙනෙක්. චූටි හුරතල් කිවුවම මට මතක් උනේ අපේ කැම්පස් එකේ සමහර බැචාලට කාර්ඩ් දාල තිවුනු විදිය. අපේ ෆැකල්ටියෙ හිටපු උස…..ම බැචාගෙ කාර්ඩ් එක තමයි “කොටා”. විසාලම ගෑල්ලමයගෙ කාර්ඩ් එක “සිඟිති”. ඇයි බස්සගෙ බැචෙක් හිටිය ඒ අයියා කලුම කලු, දැකුම්කලු උනාට නම “සුදු පුතා”.තව දිගට මේ නම් ලිස්ට් එක ලියන්න ගියොත් ...
බළලෙකුට බැරිද සමනළයෙක්ට පෙම් කරන්න? බස්සිගේ නවාතැන දිගැටි උල් රදනක දත් ද තියුණු මුවහත්කල නිය ද දඩයම් ඇස් ද ගෙරවුම් ද අතර සැඟවෙන්නට බැරිදබොළඳ ආදර හදවතක් අළුවන් දෘෂ්ටියක් ඇතැයි කිවුවට ඇස් පියාගෙන බලනවත් ඇති දේදුනු පාට හීනයක් ඉඟිමරන්නේවත් නැතුවම ආදරේ සීරුවට තවරා හුළඟෙ පා කරනවත් ඇති උණුසුම් බළල් හාදුවක් සීරුවෙන් නිය පහුරු හකුළා ඉතා හෙමිහින් - මද තිගැස්මෙන් පිරිමදිනවත් ඇති මුදු පියාපත් කෙලවරක් පොරවගෙන දම් පාට ...
ජීවිතය හිම කිරමකි බස්සිගේ නවාතැන ජීවිතයහිම කිරමකිනොඑක් පැහැ ගැවසී ඇතිකැරමල්ද කජු පියලිදඝනවු චොකලට් කැබැලිදවියළි මුද්‍රික ඵලදතැන තැන විසුරවා ඇතිසරත් සමයෙහි නිතිසිහිල් සුව ගෙනදෙනු ඇතිදිවගා උරනු රිසි වෙතිඑළඹුන පසුව සිසිරයදෙතොල හිරිවට්ටනු ඇතිසියොළඟම වෙව්ලුම් දෙතිජීවිතයහිම කිරමකිදින දින දියව වැගිරෙතිඅත තබා කල්මරන්නෝ වෙතිරස තැන් උන්ට නොදැනිමගැලැවී බිම පතිත වෙතිරසින් පැහැයෙන් වියැකුනසුවඳක් රැඳුන නොරැඳුනසිහින් කෙටි ලී පතුරක්අතැඟිලි අග ඉතිරි වෙති~~~~@~~~~ ...
පරිණත යාත්‍රිකයෝ සහ නුපුරුදු පිහිනුම්කරුවෝ බස්සිගේ නවාතැන අද කාලෙ හැමදේම යන්නෙ රැල්ලට. රැල්ලට යන්න එපා කියල නවකයන්ට බනින එකත් එක්තරා විදියක රැල්ලක් වෙලා. ඒ කියන්නෙ මුලු ලෝකෙම යන්නෙ රැල්ලට.මම හිතන විදියටනම් දෙයක් කරන්න රැල්ල ස්පර්ශ නොකර බැහැ. වැල්ලෙ ඉඳගෙන රැල්ල නරඹන උදවිය වෙනුවෙන් රැල්ලට බහින්නම වෙනව. මේක කවියට, සංගීතයට, නර්තනයට, රංගනයට, චිත්‍ර මූර්ති වලට විතරක් නෙමෙයි, සකලවිධ කලාවන්ටම පොදුයි. සකලවිධ කලාවන්ටම පොදුයි කියන ප්‍රකාශයේ ඉඳන් බලනකොට ඉවුම් ...
රන් කැඩපත, මේ අහන්න ! (Mirror mirror - on the wall) බස්සිගේ නවාතැන කැඩපත, හොඳ රන් කැඩපතමේ අහන්නනයිට් ක්‍රීම් තැවරනකොටකුරුලෑ ලප වියැකෙනකොටහැඩයි නේද මගෙ නළලතමට කියන්නකැරළි වැටුන දිග කෙහෙරැලිඋරහිස තෙක් ලේයර් කරරීබොන්ඩින් කලා මමත්මේ බලන්නඉර අවුවට – ටැප් වතුරටමැකෙනව කෙස්වල දිස්නයයන්න වේවි ඉක්මනටමෂැම්පු ගන්නඔයිල් ගන්නඉරිදත් මම යනවාඕ ටී කරන්නරෑට නොකා ඉන්න එකෙන්පිරිමහගන්නට පුලුවනිඇහිබැම දෙක හදා ගන්නපෙඩිකියු එකකුත් කරන්නකොලර් බෝන් පේන තරම්ස්ලිම් වුනාම හැඩයි නේද?ඒකලු ලේටස්ට් ට්‍රෙන්ඩ් එකසුමාලි අද ලන්ච් වෙලේකිවුව ඔන්නකැඩපත, හොඳ රන් ...
දෙබිඩි අහස බස්සිගේ නවාතැන දියලුමේ වතුරයිලැයිමෙ දහදිය බිඳුයි කඳුළුයිමහ දවාලෙම ඉහල ඇදගෙනඅඳුරු වැහිකළු තර වුනාබදුලු අහසම බර වුනාලපැටි තේ දලු යාය අතරේරිදී උල්පත් ඉපැදුනාඑයින් කුස සතපන සියොත් කැලඉරට ඉහළින් ඉගිලුනාඋණුහුමට ඝන වළා සළුපිළිඋන්ගෙ උරමත දැවටුනාවිසල් වැහි පිරි වලා සළුවක්ශිඛර මුදුනක ඇමිණුනාදියලුමේ දිය සමග මුහුවුනකඳුලු මිහිමත විසිරුණාඅහස් වත අතගාන කඳු හිසකඳුළු ගඟ දැක හෙල්ලුනාකන්ද පාමුල පුංචි බිම්මල්පස් ගොඩක් යට වැළලුනාලැයිමෙ මල්වල සෝ විලාපයහෙමින් ඇහුනා නෑහුනාඅමුතු ...
දෙබිඩි අහස බස්සිගේ නවාතැන දියලුමේ වතුරයිලැයිමෙ දහදිය බිඳුයි කඳුළුයිමහ දවාලෙම ඉහල ඇදගෙනඅඳුරු වැහිකළු තර වුනාබදුලු අහසම බර වුනාලපැටි තේ දලු යාය අතරේරිදී උල්පත් ඉපැදුනාඑයින් කුස සතපන සියොත් කැලඉරට ඉහළින් ඉගිලුනාඋණුහුමට ඝන වළා සළුපිළිඋන්ගෙ උරමත දැවටුනාවිසල් වැහි පිරි වලා සළුවක්ශිඛර මුදුනක ඇමිණුනාදියලුමේ දිය සමග මුහුවුනකඳුලු මිහිමත විසිරුණාඅහස් වත අතගාන කඳු හිසකඳුළු ගඟ දැක හෙල්ලුනාකන්ද පාමුල පුංචි බිම්මල්පස් ගොඩක් යට වැළලුනාලැයිමෙ මල්වල සෝ විලාපයහෙමින් ඇහුනා නෑහුනාඅමුතු ...
පිනෝකියෝ බස්සිගේ නවාතැන බැරිවෙලාවත්උඹ පිනෝකියෝ උනා නං,මෙලහකට මමහඳේ ගේකුත් හදලඑවරස්ට් වලින් පස් ගෙනිහිංලයිට් වෙනුවටඑල්ලන්න තිබුනතරු කැට කඩන්ඇත්තමයි, අපරාදෙ බං:(
බෝඩිම් කට්ට (tips for boarding life - 1) බස්සිගේ නවාතැන මේ ලිපිය ලියන්නේ මගේ සූටි සුරතල් නංගියා වෙනුවෙන්.අපේ සූටි සුරතල් නංගියා ජීවිතයේ ප්‍රථම වතාවට ගෙදරින් පිටවෙන්නයි ලකලෑස්තිය. මම වගේ ඇට්ටර ඇම්බැස්ටයෙක් නොවුන නිසාම උන්දෑ උපන් දා හිට මේ වෙනකම් නිදාගන්නෙ අම්මයි තාත්තයි මැද්දෙ. ඉතින් පොර සත්‍ය වශයෙන්ම වුවමනා ප්‍රමාණයට වඩා බොහොම වැඩියෙන් හුරතල් වී ඇති නිසාත්, තනියම ජීවත්වීම කියන එක උන්දැට බිහිසුණු සිහිනයක් වෙන්න ඉඩ ඇති නිසාත් මම අපේ නගාත්, ...
සොඳුරු කොට ජීවිතේ (good things always come in small packages) බස්සිගේ නවාතැන මම එදා මෙදාතුර අහපු වටිනාම පඬි වදන තමයි “වටින දේවල් එන්නේ පොඩි පැක්වල” (good things always come in small packages) කියන එක. ඇත්තටම ඔය පඬි වදන කියාපු කෙනාගෙ කටේ කිඹුල් හූනෙක් දාන්න වටිනවා. මොකද ඒ වගේ රුවන් වැකි කියන්න තියා තේරුම් ගන්නවත් තීක්ෂණ බුද්ධියක් තියෙන මිනිස්සු හරිම අඩුයි අද කාලෙ.අහන්නත් දෙයක් යැ. ඔය රුවන් වැකිය නිසාමයි මම මේ තරම් කොට ...
වචනයෙන් නොකියූ ආදරේ..... බස්සිගේ නවාතැන “අන්න එනවා” මෙලීසා මගේ වැළමිටට ඇන්නේ නොහිතපු වෙලාවක. අතේ තිබුන ෆයිල් බෑග් එක මහ හඬක් නගාගෙන පේව්මන්ට් එකට වැටුනා.“කලබල නොවී ඉන්නව මැට්ටි. මාත් එක්කම බිමට නැමුනු මෙලීසා විසිරුන කඩදාසි කිහිපය එකතු කරමින් කිවුවා. මම හිටියෙ ඉරට පොඩ්ඩක් ඉහළින් තිවුන වළාකුලක් උඩ ඇවිදිමින්. ඒ තරම් ගැබුරු හීනෙකින් ඇහැරෙන්න අමාරුයි.මෙලීසා මගෙ අතින් අල්ලා ගත්තා. මගෙ අත්ල දහදියෙන් තෙත්ව ඇති බව මට හදිසියේම ...
වියෝ ගී ගැයෙනා හදේ ජෛවරසායනය (Science behind break up) බස්සිගේ නවාතැන බස්සි කලින් වතාවෙ තොරණෙ විස්තරේ දුන්නෙ ආත්මීය ආදරේක ජෛව රසායනය ගැන නෙව. අනේ ඉතින් අපේ පින්වත්තු ඒකෙන් සෑහීමට පත් වුනේ නෑ. ඒ වෙනුවට එයාල තව තවත් උනන්දු වෙනව විද්‍යා ගවේශණයට.ඒ පෝස්ට් එකේම කමෙන්ට් කරල අපේ චාමික මල්ලි අහනවා බූට් පාරකින් හද බිඳීමේ ක්‍රියාවලිය විද්‍යාත්මකව පැහැදිලි කරන්නෙයි කියල. ඇයි අපේ ප්‍රා අහනව බ්රේක් – අප් වලදි ස්රාවය වෙන්නෙ ඔක්සි-ටොක්සින් ද කියලා. ...
ආත්මීය ආදරයේ රසායන විද්‍යාව (Chemistry Behind Love) බස්සිගේ නවාතැන “ඈ ළඟ හිඳින වේලෙහෘදෙ සාදයක් සේමා ලෝකෙ පාරාදීසෙමැවේවි හයිලෙවල් පාරෙ”මේ අකරතැබ්බෙ හයිලෙවල් පාරෙදි විතරක් නෙමෙයි ලෝකෙ ඕනෙම තැනකදි අත්විදින්න පුලුවන්. හෘදෙ සාදයක් උනාට පස්සෙ තමනුත් නොදැනිම කියවෙන්නෙ මෙන්න මේ වගේ ගී පද;“ඔබෙ නීල නෙත් නිම්නයේමගෙ ආදරේ සඳ නැගේහසරැල් සැලේසංසාරගත ප්‍රේමයේ”ඔන්න ඔය “සංසාරගත" මෙවුවා එකටම තමයි "ආත්මීය ලෙංගතුකම" කියල කියන්නෙ. ඉතිං බස්සි පොඩ්ඩක් හොයල බැලුව ඔය කියන ආත්මීය ඇන්නෑවක් හැබෑවටම ආදරේ, ...
නිද්‍රාව (sleeping beauty) බස්සිගේ නවාතැන සිහින් ඉඳිකටු තුඩකින්හදවතේ ඉරි ඇඳුනාසියුම් සීරුම් අතරින්ලේ බිඳුවකුත් නැගුනාවේදනාබර ස්වප්නයක් මැදනිදි වගේ මං ඔහේ උන්නාසී මැදුරු කවුලුවට එපිටින්ඔබේ පෙම් ගී ඇහුනාඒත් මං ඔහෙ උන්නානෑහුනා වගෙ පෙන්නාමදනලක කවි අමුණ අමුණාඔයා එතැනම උන්නාඔබේ කවි පද මුමුණ මුමුණානිදි වගේ මං උන්නාවිවර කල කවුලුවෙන් මෙපිටටසුදු අසෙක් පිමි පැන්නාකුමාරයෙකැයි කියන මිනිහෙක්දෙතොල් සිඹිනව දැනුනාතිගැස්මට ඇස් ඇරුනාඇස් අරින්නට කලින් දෑතටරෝස පොකුරක් දුන්නාසුදෝසුදු දිගු වේල් පටකින්හිසත්, මුහුණත් වැසුනාමගුල් ...
එලවේටරන් අත්භූතං - එස්කැලේටර් භයංකාරං බස්සිගේ නවාතැන මේ කතාව මතක් උනේ අපේ උපේක්ෂා ලියාපු ඇඩ්වෙන්චර් පෝස්ට් එක හින්දයි.මම සහ විදුලි සෝපාන අතර තියෙන්නෙ මේ ලෝකෙ කිසිම කෙනෙකුට හිතාගන්නවත් බැරි තරමේ හෘදයාංගම බැඳීමක්. ඔව්, ඇත්තටම ඒක සංසාරෙන් සංසාරෙට පතාගෙන ඔතාගෙන ආපු ආත්මීය ලෙංගතුකමක්ද කියලත් මට වෙලාවකට හිතෙනව.විය යුතු පරිද්දෙන්ම මම පුංචි කාලෙ ඉඳන් බොහොම උනන්දුයි ඉහළ යන්න. ඔව් ඉතින් මම වගේ පැහැදිලි ඉදිරි දැක්මක් ඇති, දූරදර්ශී, ප්‍රඥාවන්තයෙක් එහෙම ...
~ අපිට කොහෙ හරි වැරදුනා බං ~ බස්සිගේ නවාතැන බාල් නැටුමෙන් පස්සෙහීන් හිරිපොද වැස්සෙසපත්තුව මග දාලනික්මුනා මංපාන්දර ඉඳලාමපාර බලමින් උන්නෙරජ වාසලින් පණිවිඩේ ගේනකංහතහමාරේ නිවුස් යද්දිවත්පෙන්නනවා දැක්කෙ නෑකුමාරයො අල්ලාපු තාල නංසන්තකේටම තිබුනරන් අරුංගල් ජෝඩුවඋගස් කරලයි ගත්තෙසපත්තුව මංලිං පඩිය උඩ ඇනතියාගෙනහිතේ ගින්දර තුනී කෙරුවාහූල්ලන සුසුමිංලිං පඩිය පිටිපස්සෙන්කොලපාට තඩි ගෙම්බෙක්කිට්ටු කරලා ළඟටකෙඳිරුවා මෙහෙම රහසිං"නැටුමට ආවෙ උඹද කියපං?හාදු ගන්නයි ආවෙ මං.උඹේ රන් පාවහන් දැක්කමකුමාරියකැයි හිතුන බං!කඳුලු හලන්න එපා දැංඅපිට කොහෙ හරි වැරදුනා බංඋඹේ ...
මුතු ඇටේ දැන් කාකි පාටය බස්සිගේ නවාතැන ~ Torture is not a crime, it’s a way of life in Sri Lanka! ~"පෙරදිගම මුතු ඇටය මේකයඅපේ රට පින් පාටය"ඉස්කෝල හාමිනේ කී හැටිතාම බට්ටිට මතකයඒ වුනත් බට්ටිගේ නිවහනකලු අඟුරු දැලි පාටයතාල නැති සිංදුවක් අල්ලනඅප්ප මරුමුස් පාටයලිපේ ගින්දර වැදිල වැදිලමඅම්මත් අඟුරු පාටයවළං කටු කුස්සියේ ඉහිරුනදවස් බඩගිනි පාටයප්රජාචාරය උගන්නනකොටකෑලි ගිය බත් වළඳ වාගෙමඅකුරු එහෙ මෙහෙ විසිවියඇහිඳගන්නට පණත් මදිවියහදවතේ අළු දුඹුලු මැද්දටරෝස ...
ආයුබෝවේවා මහරජාණෙනි!! (කෙටිකතාව) බස්සිගේ නවාතැන ඩොමිනික් පුරු පුරු ගාමින් මවගේ සිරුරේ ඇතිල්ලුනේය. මහ බැළලියගේ රෝස පැහැ රළු දිවේ ස්පර්ශය උණුහුම් ය. පාන්දර හීතලට උගේ ලොම් කබාය පිම්බිලා ය. මවගේ සාත්තුවෙන් හැඩවුන තැඹිලි පැහැ ලොම් දිලිසෙන්නේ රිදී කෙඳිති මෙනි."ඩොමිනික් මගෙ ලොම්බෝලේ, අද පාඩමට ලෑස්තිද?" මහ බැළලිය රැවුල් කෙඳි නැටෙවුවාය.ඉතින් ඩොමිනික් ශිල්ප උගැන්මට සූදානම්ය. සහෝදර සහෝදරියන් සියල්ලෝම එක එක ගොවිපළවල්වලින් රැගෙන ගිය නිසා දැන් ඩොමිනික් ඉගෙනගන්නේ තනියම ...
ආයුබෝවේවා මහරජාණෙනි!! (කෙටිකතාව) බස්සිගේ නවාතැන ඩොමිනික් පුරු පුරු ගාමින් මවගේ සිරුරේ ඇතිල්ලුනේය. මහ බැළලියගේ රෝස පැහැ රළු දිවේ ස්පර්ශය උණුහුම් ය. පාන්දර හීතලට උගේ ලොම් කබාය පිම්බිලා ය. මවගේ සාත්තුවෙන් හැඩවුන තැඹිලි පැහැ ලොම් දිලිසෙන්නේ රිදී කෙඳිති මෙනි."ඩොමිනික් මගෙ ලොම්බෝලේ, අද පාඩමට ලෑස්තිද?" මහ බැළලිය රැවුල් කෙඳි නැටෙවුවාය.ඉතින් ඩොමිනික් ශිල්ප උගැන්මට සූදානම්ය. සහෝදර සහෝදරියන් සියල්ලෝම එක එක ගොවිපළවල්වලින් රැගෙන ගිය නිසා දැන් ඩොමිනික් ඉගෙනගන්නේ තනියම ...