රිදී පාට ආදරේ (2) බස්සිගේ නවාතැන පළමු කොටස මෙතැනින්දොළ පාර කෙළවර ඇත්තේ කොහේදැයි කිසිවෙකුත් දැන හිටියේ නැහැ. ඉතින් අල්යෝශාට පාර අහගන්න කෙනෙකුත් නැහැ. ශාලියා ආච්චි අම්මාගේ පරණ මාලිමාව ඉල්ලාගෙන ආවානම් යන අතවත් තීරණය කරගන්නට තිබුණා නොවේදැයි අල්යෝශාට පසුතැවිල්ලක් ඇතිවුනා. ඒත් ඔහු ගමනට නම් විරාමයක් තිබ්බේ නැහැ.හෝරා කිහිපයක් ගෙවුනට පස්සෙ අල්යෝශා දැක්කේ මින් පෙර කවදාවත් නොදුටු පුදුමාකාර දර්ශනයක්.ඉර හෙමිහිට දොළ පාරට පහත් වෙනවා. පුංචි කාලෙ කතන්දර වල ...
එක්වෙමු - වෙනසක් කරමු! බස්සිගේ නවාතැන සියල්ල සිදුවී හමාරය. මහින්ද ජනාධිපතිවරණයෙන් පරාද ය. ඔව්. මම මෛත්‍රීපාල ජයග්‍රහණය කලා යැයි කියන්නට ඉක්මන් නොවෙමි. මන්දයත්, මගේ මානයන්ට අනුව මෛත්‍රීට ඇති සැබෑ අභියෝගය ජයගත යුත්තේ ඉදිරියටය.මහින්ද රාජපක්ෂ පළමුවර ජනාධිපති වන සමයේ මට ඡන්ද අයිතිය නොතිබුනි. නමුත් එකල අපි ඔහු වෙනුවෙන් මහත් ආඩම්බරයෙන් 'කඩේ ගියෙමු'. කඩේ ගිය අපි ගෙදර ආවේ හිස් අතින් නොවේ. වසර තිහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව තුල ...
රිදී පාට ආදරේ (1) බස්සිගේ නවාතැන හිතුවක්කාර දිය රැලි එක්ක දඟකරන දිග තෘණ පත්‍ර ගොන්නක් අතරින් අල්යෝෂා හිස එලියට දැම්මා. වතුරට වැටෙන හිරු කිරණ කණිකා උණුහුමයි. ප්‍රබෝධමත්. අල්යෝෂා තෘණ පඳුරු අතරින් ඉදිරියට පිහිනා ගියා. ඔහුගේ වරල්වල පැටලුන තද කොල පැහැ දිගු පත්‍රයක් පීත්ත පටියක් වාගෙ ලෙලදෙමින් ඔහුත් සමගම ඉදිරියට ඇදුනා.ගල් දෙබුක්කාවක් අතරින් පහළට ගලා හැලෙන දියකඳ පිරිසිදුයි. නැවුම් වා බුබුළු කැලතුන පැහැදිලි වතුර කරමල් හරහා ගලා ...
විශ්ව ගම්මානයක්? බස්සිගේ නවාතැන අපිලෙලි බාටා දෙක ගෙවෙනකම්ඇවිද යනකොටහන්දියක් හන්දියක් ගානේඋන්පියාපත්වල අලුත් සායම්පොලිශ් කරනවදවස ගානේබාගවෙලාවටලෝකෙ ඔය කියනවා වගේවිශ්ව ගම්මානයක්නෙමෙයි වෙන්නැති ...
කෝපි හදවතක් බස්සිගේ නවාතැන අංශුවක් අංශුවක් පාසාසිනා සරදම් බුබුලනය වෙනපැහි පැහි නටන වතුරකටඝන වු සුවඳම මුසු කරනඋණු කෝපි මේ තරම්මිහිරිද?නට නටා සියොළඟ පුළුස්සනදයා විරහිතවම යලි පැහෙනනීරසවු උණු වතුරකටඅමුතු රසයක් කලතවනකෝපි ඔබ මේ තරම්ආදරේ දන්නෙ කොහොමද?වියළි තොල්පෙති පොපියවනගෙල දිගේ මිදුන අලස සීතලදුම් දදා එලියටම එලවනඋණුවතුර බෝතලේ එක්කමරැය පහන් වෙනකම් තනිරකිනකෝපි,මට ඔය තරම් උණුහුම්හදවතක් හොයාදෙන්න පුලුවන්ද?~~~~~~ ...
ශාරුක් ඛාන්ට ජයවේවා! බස්සිගේ නවාතැන මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය ය. නහය උඩින් වතුර ගියත් ඇඟිලි තුඩු වලින් හිටගෙන උඩ පැන පැන ජෝගි දමන පට්ට අභිමානවත් ජාතියක් වෙසෙන අමුතු ඇටය මේකය.ස්වාධීනත්වය කියන වචනය සිංහල හෝඩියෙන් අහක් කල යුතු බව අපි උදක්ම අපේක්ෂා කරනවා ය. ඇත්තටම ඔය "ස්වා" අකුරු දෙක බල්ලෙක්ගේ අධෝමුඛයේ ගසා "දීනත්වය" ලැමිනේට් කර හන්දියක් හන්දියක් ගානේ එල්ලනවාට අපි පට්ට මනාපය. කොහොමත් මාර අභිමානවත් ...
ආදරේ මූනිස්සමක් ගෙන - හදවතට වෙඩි තියපං! බස්සිගේ නවාතැන විවර කර හදවත පතුල තෙක්මුවහත්ම නිය සැතකින්කොනහමින් මෘදු පටක එකිනෙකරැස් කලෙමි ලේ සායම්තදින් පිඹ ඝන හුස්ම ධාරාඋණු රුහිරු අවුළුවමින්පදම් කර නිවැරදිම මිනුමටතැනූයෙමි මූනිස්සම්හද දොරේ යතුරද ගලවගෙනමයිනහම ඇද තව වැරෙන්ලෝහ උණු කර අච්චුවක ලාතුවක්කුව නිමැවූවෙම්කරදහිය ආදරේ ලයිසන්ඔබ සුරතෙහිම තැබුවෙම්දැන් ඉතින් හති වැටෙනකම් හරිහදවතට වෙඩි තියපංලෙයට ලෙය හඳුනන නිසාවෙන්වහා සුවපත් වෙයි මංපෙනී නොපෙනෙන කුඩා කැළලක්ලය මත ඉතිරි වීමෙන්ඉසි ක්‍රෝධ විස තවර තවරාතුවක්කුව ...
ශීත පිළිස්සුම් (නත්තල් කෙටිකතාව) බස්සිගේ නවාතැන මම කෙලවරක් නොපෙනෙන දිග බරාඳයක අරමුණක් නැතුව ඔහේ ඇවිදිමින් උන්නා. ඉදිරියට තියන පියවරක් පියවරක් පාසා දශමයෙන් දශමය හැකිලෙමින් උන්නා.හරියටම අර ඇඳුම් සාප්පුව ඉස්සරහ ආරුක්කුවේ එල්ලලා තියෙන හදවත් හැඩේ බැලුම් බෝලයක් වගේ. නත්තල් සැරසිලි තොග ගනනට එල්ලාගෙන ඉන්න නිසා පුරුදු කඩසාප්පු එක්වරම අඳුනා ගන්නත් අමාරුයි. බරාඳය දෙපස එල්ලා ඇති උස් හා පැහැදිලි කැඩපත්වලින් පරාවර්තනය වෙන නිල් හා සුදු පැහැ විදුලි ආලෝකය ...
ශීත පිළිස්සුම් (නත්තල් කෙටිකතාව) බස්සිගේ නවාතැන මම කෙලවරක් නොපෙනෙන දිග බරාඳයක අරමුණක් නැතුව ඔහේ ඇවිදිමින් උන්නා. ඉදිරියට තියන පියවරක් පියවරක් පාසා දශමයෙන් දශමය හැකිලෙමින් උන්නා.හරියටම අර ඇඳුම් සාප්පුව ඉස්සරහ ආරුක්කුවේ එල්ලලා තියෙන හදවත් හැඩේ බැලුම් බෝලයක් වගේ. නත්තල් සැරසිලි තොග ගනනට එල්ලාගෙන ඉන්න නිසා පුරුදු කඩසාප්පු එක්වරම අඳුනා ගන්නත් අමාරුයි. බරාඳය දෙපස එල්ලා ඇති උස් හා පැහැදිලි කැඩපත්වලින් පරාවර්තනය වෙන නිල් හා සුදු පැහැ විදුලි ආලෝකය ...
හීන් හිරිකඩයක් වගේ බස්සිගේ නවාතැන හීන් හිරිකඩයක් වගේයාන්තම් ඇවිත් නෑවිත් යන්නපරණ ආදර කහට පැල්ලම්හෙමින් දිය කර නික්මෙන්නආයෙමත් එකම එක හීනයකමොහොතකට පෙනී නොපෙනී ඉන්නහීන් හිරිකඩයක් වගේඇහිපියන් තෙමා නොතෙමා යන්න ...
මහන්සි නැද්ද ඇත්තට? බස්සිගේ නවාතැන පරණ සටහන් පොතකදුඹුරු පිටුවකනිසඳැසකදිගැටි කුරුමිණි අකුරු අතරේමෙච්චරක් කල් හැංගිලා උන්නෙ කොහොමද?මහන්සි නැද්ද ඇත්තට?හිර ඩෙනිම් සායකකෙලවරේ සාක්කුව පතුලකපැහැය වියැකුන බස් ටිකට් කොලයකමෙච්චරක් කල් එල්ලිලා උන්නෙ කොහොමද?මහන්සි නැද්ද ඇත්තට?පොත් මල්ල තුලම අමතක වුනතැනින් තැන පොඩිවුනඉරුන කැන්ඩොස් කොලයකමෙච්චරක් කල් දැවටිලා උන්නෙ කොහොමද?මහන්සි නැද්ද ඇත්තට?මටනම් මහන්සියි හරියට.හිතන තරමට ලේසි නෑ නෙවකඳුලු හංගන්හිනාවෙන එක ...
ජන-අධිපති-වාරණය බස්සිගේ නවාතැන පුරන් වී ගිය පාලු කුඹුරකපඹයො දෙන්නෙක්ද්වන්ධ සටනකිණයට ගත් බත් ඇටද විළඳදවිසුරුවා සියොතුන්වරවටතිවී කරල් පූදින්න ඉඩදෙනගොවියෙකුත් බිහි නොවෙනහැටියකිඅළුත් කුඹුරක් හොයාගන්නටසියොතුනේ කාලයඑළඹ ඇති~~@~~ ...
මට ඕනෙ ලාවා කේක් එකක් වෙන්න බස්සිගේ නවාතැන පිට අයට පේන්නටවිනීතව එකලස්ව ඉන්නචාම් සුදු සීනි මල්හිස වටේ සීරුවට පළඳින්නසිහින් චොකලට් සුවඳ තැවරුනනැවුම් උණු කවි පබඳින්නඔබේ මුදු ස්පර්ශයන් මැදහදවතේ දොරපියන් හැරලන්නමිහිරිතම චොකලට් ගඟක් මෙන්උණුම උණු ආදරෙන් නහවන්නඔව් ඔබට විතරක්ම පුලුවන්මගෙ හිතේ පතුලටම කිමිදෙන්නඋකුම උකු සිනහවක දැවටෙන්නනිසල ප්රාවරණයක සැඟවුනකෙලිලෝල ආදර ගඟක් ගැනමිහිරි රහසක වචනයක්වත්කිසිම කෙනෙකුට නොකියන්න~~~~~~~~~~~~~~ ...
සුදුම සුදු හිස් පිටු බස්සිගේ නවාතැන ඔබේ දිනපොත්වලත්ඔහේ අතහැර දැමූලියන්නට දෙයක් නැති හිස් පිටුතැනින් තැන හැංගිලා තියෙනවද?දෙනෙත් යුග දිදුලවන - ලොකුම ලොකු හිනාවන්දෙතොල් පෙති වෙවුලුවන - සොවින් බර කතාවන්කොපුල් රත් පැහැ ගැනුන - නොඑක් රූ ලතාවන්අතරමැද - හුදෙකලා හිස් පිටුහිතේ පතුලට කිමිදි කිමිදීහිස්බවම අතගාපු සුදු පිටුඔබේ දිනපොත්වලත් තියෙනවද?ඒ වුනත්,අන්න ඒ හිස් පිටු,වචන දසදහසකට වඩා වැඩියෙන් වටින බවසුමුදු සමනළ පියාපතකට වඩා වැඩියෙන් ඉහිල් බවමහ ගැඹුරු කතාවක්නිහඬවම කියන ...
නිමාවක් නැති හීන ඉපදුනේ මෙතැනය. බස්සිගේ නවාතැන ඇහැළ ඇතිරිය නොපෑගෙන්නටහෙමිහෙමින් අඩි තියා එනකොටකතා අඩු සීනියර් කොල්ලාබලා උන්නේ මෙතැනයඋදේ ලෙක්චර් දෙකක් කට් කරතියාගෙන බර අතක් උර මතදකුණු කන් පෙත්තට හුස්ම පිඹආදරෙයි මිමිණුවේ මෙතැනයතල් වැටේ හෙවනට මුවාවීතව් මැරූ ලොකු කෙසෙල්කොලයකඑතූ බත්මුල ලිහා හෙමිහිටඅනා කැව්වේ මෙතැනයපුස්තකාලේ හුස්ම ගන්නටනීරසයි කම්මැලියි හිතුනමඋකුළ මත හිස තබා ඇලවීකුප්පි දැම්මේ මෙතැනයමහා ලොකු රණ්ඩුවක් අවසනක්රිකට් මැච් එක අතරමගදීකඳුලු වල ලුණු රහක් තැවරුනදෙතොල් සිම්බේ මෙතැනයස්ටේජ් ඩ්‍රාමා නිමාවීපඩි ...
ගෑල්ලමයි සහ තෑගි බස්සිගේ නවාතැන මේ ගැන අපේ ප්‍රොෆා මල්ලිගේ ඉල්ලීම උඩ මල්මි කලින්ම ලියලා තිබුනා. මට නම් ඉතින් ප්‍රොෆා මල්ලි ප්‍රසිද්ධ වේදිකාවේ ඉන්වයිට් කලේ නෑ හැබැයි මෙහෙම ලිපියක් ලියන්න කියලා ඉන්බොක්ස් කරල තිබුනා. ඉතින් ඔන්න සේරටම කලින් මාතෘකා කොපි කලා කියන චෝදනාව හෝ පැනපැන දෙනව කියන චෝදනාවට වග උත්තර බැඳලාම වැඩේ පටන් ගත්තා.නත්තල කියන්නෙ තෑගි දෙන, තෑගි ලැබෙන මාසයක්. මමත් මේ දවස්වල දාහක් වැඩ ...
සීතලට කෙටි කවි බස්සිගේ නවාතැන බෑඟිරි තියාඅඬනකොටනිහඬ බවහදවත කැඩී ගියකෑලි ගානවත්ගණන් තියාගන්නේකොහොමද?~ බස්සි ~හදවතක් තියෙන්නේ රිදෙන්නයනිහඩබව ලැබෙන්නේ හඬන්නයකටහඬක් ආවොතින් බනින්නයවසන්තය එන්නේම දුවන්නය.~ කල්ප ~මහා කඩිමුඩියකින්නික්ම යන්නට කලින්බෝතල් කල යුතුයමීළඟ වසන්තයඉන් පසුව එලැඹෙනසිසිරයේ දිගු සැඳෑවන් මතවසන්තය බිඳු දෙකක්ඉහිරවන්නට හැකිය,සීතලම හිම වුනත්අවුලුවන්නට හැකිය.කෝපි තිබුනත් නැතත්කවි ලියන්නත් හැකිය.~බස්සි~ටිකක් වැඩිපුරබෝතල දහ පාලොහක්පුරවා ලේබල් ගසා ගත්තොත්ඊ බේ එකේ ලංසු දම්මවාවිකුණන්නත් පුළුවන.නරක් නොවීපිළුණු නොවීකල් තියා ගන්නාක්රමයක්
නාන බාල්දි (බස්සිගේ විස්මලන්තයෙන්) බස්සිගේ නවාතැන මං ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන්.ඔෆිස් ඇරිලා ගෙදර යනවා කිව්වට ඇයි දන්නෑ ගෙදර ඇරිලා ඔෆිස් යනවා කියන්නෙ නැත්තෙ. ගෙදර ඇරිලා ඉස්කෝලෙ යනවා. ගෙදර ඇරිලා ක්ලාස් යනවා. නැත්නම් බෝඩිම ඇරිලා කැම්පස් යනවා. අපි භාෂාවේ වටිනාකම අවප්‍රමාණය කරනව කියන්නෙ ඔන්න ඕකනේ.කොහොමහරි මම මේ ඔපිස් ඇරිලා ගෙදර යන ගමන්.මේ දවස්වල වැඩ වැඩියි. 'වැඩ වැඩියි' කියන වචන දෙක ආංශික අනුකලනය කලාම 'මහන්සියි' කියන ප්රකාශනය ...
ඉරිදා පොහොට්ටු (බස්සිගේ විස්මලන්තයෙන්) බස්සිගේ නවාතැන ඊයෙ රෑ නිදාගත්තෙ කීයටද කියලා මට මතක නෑ. දහයට, එකොළහයි තුන්කාලට, නැත්නම් පාන්දර එකයි දශම තුනයි අටට වෙන්න ඇති. හැබැයි කොහොමින් කොහොමහරි ඇහැරෙද්දි මං හිටියෙ සල්මලක් මැද්දෑවෙ. එකපාරටම සමනලයෙක්ගේ අත්තටු කෙලවරක් කම්මුලේ වැදිලා මං ගැස්සිලා ඇහැරුනා."අද ඉරිදා!" ඌ මගේ කනට මිමිණුවා. මිමිණුමක් උනාට උගේ කටහඬ මහා සද්දයි. මං ඔය ඇහැව්වමයි කෑ ගහන සමනලයෙක්ගෙ සද්දෙ. මහ ගොරහැඩි කටහඬක්. කන ඇදුම් කෑව ...
දූවිලි (කෙටිකතාව) බස්සිගේ නවාතැන වැස්ස එක සීරුවට උස් වීදුරු කවුළුවට පහර පිට පහර දෙයි. මංගල ආරාධනා පත් සැකසීම ආරම්භයේදී හිත අරාගත් උද්යෝගය වැස්සට හේදී ගියා වැන්න. ලියමින් සිටි ඇරයුම් පත එහෙමම මේසය මත දිගහැර දැමූ මම වීදුරුවට මෙපිටින් වම් කම්මුල වැහි හීතලට තද කරගෙන බේරේ වැවේ ලා කොල පැහැති දිය සේලය මත වැස්ස අඳින බින්දු රටාව දෙස අනිමිසලෝචනයෙන් බලා හිඳිමි. ආතතියෙන් දැවි දැවී හුන් ...