කඟවේණ්නුන් සහ ප්‍රීතියේ පරම කෝටිය (The joy of Unicorns) බස්සිගේ නවාතැන මේක බොහෝම වැදගත් රහසක්. බොහෝම දෙනෙක් දන්න, ඒත් නොදන්නවා වගේ ඉන්න රහසක්. අහගන්න ඕනෙ කෙලිත්තියො ඉන්නවනම් ඔය කනේ ගහගෙන ඉන්න අයිපෑඩ් වයර් පැත්තකට විසි කරලා හත් අට පොලකින් ඈඳි ගන්න.මධ්‍යතන යුගයේ, ඒ කියන්නෙ ඉස්සරම ඉස්සර කාලෙටත් ටිකක් ඉස්සරකාලෙ කඟවේන්නු දඩයම බොහොම ජයට සිද්ද උනා. ඒක නිකම් බෝවෙන ලෙඩක් වගේ හැමතැනම පැතිරිලා තිබුනේ. ඒ තරමටම මදි නොකියන්න කඟවේන්නුත් උන්නා. හැබැයි ඒකෙදි ...
රයිනෝසිරස්ලා කියන්නෙ පොළවට කඩා වැටිච්ච කඟවේන්නු වෙන්න බැරිද?? බස්සිගේ නවාතැන "අනුන්ගේ සීනි කිරන එක!"ඔව්. ඒක මහා අප්‍රසන්න අත්දැකීමක්.තමන්ගේ කඩේක උනත්, නැත්නම් අංක හයක වැටුපක් ගෙවන විසාල කඩේක උනත් අනුන්ගේ සීනි කිරන්න වෙන එක තරම් අප්‍රසන්න අත්දැකීමක් තවත් නැති තරම්. අන්න ඒකයි මම අද ඉඳලා ගෙදර නවතින්න තීරණය කලේ.අද ඉඳලා ගෙදර නවතින්න තීරණය කලා කිවුවට ඇත්තටම මම ඒ තීරණය ගත්තෙ ඊයෙ. ඊයෙ හරිම තීරණාත්මක දවසක්. ඇත්තටම ඒ වගේ වැදගත් දවස් නිකම්ම ...
ඈ සින්නතම්බිය. දෙමළිය. බස්සිගේ නවාතැන ස්වාමිනී ඈ සින්නතම්බිය. දෙමළිය.සළු වියන්නිය, කෙසඟ ගාමන්ට් කෙල්ලයමැසින් ඉඳිකටු සිදුරකින් හඳ දකින්නියඑහෙට පායන හඳ උනත් කලු පාටය.මඩකලපුවේය. ඒ නොරට යයාපනේටත් වඩා හම මඩ පාටයපෙම්වතුන්ගේ දිනයය – උන්නේ තනියම ය.පත් සිඳුනු ගස් ආදරේ දන්නැතිය. අපිටනම් කම් නැතිය.හිරවෙලා උන් කෙහෙ කැරැල්ලක් හුළඟෙ පාවියතල් වැටක ආදරේ කෙටු හැටි සිහිවියතුවාලේ හෑරුවේ කොණ්ඩා කටුවයසුසුම් වැද සෙලවුනේ කැටපත් පවුර ය.සින්නතම්බිය ජීවිතේ විත්තිකාරියතුවක්කුව මිස පෑන පැන්සල අහිමි ...
කඳුළු කතාව (Legend of Tears) බස්සිගේ නවාතැන කඳුළ කියන්නේ අපි කාටත් පොදු අත්දැකීමක්. දුක් කඳුළු, සතුටු කඳුළු, කිඹුල් කඳුළු විතරක් නෙමෙයි ෆිල්ම් කඳුළු, ලූණු කඳුළු සහ දූවිලි කඳුළු විදියටත් කඳුලේ විවිධ ප්‍රභේද හඳුනාගන්නට පුලුවන්.බස්සි අද තොරණේ විස්තරේ ගේන්නේ මෙන්න මේ කඳුළු ගැනයි.ඩුං ටුරුටුං ඩුටුං ඩුටුං ඩුම් !!!ඇහැ මුදුනේ අශ්‍රැ ග්රන්ථිකඳුලු දියර හදන්නේයඇහැ සෝදා පහළ අතටගලා පිටට පනින්නේයකඳුළු වැටෙන වැටෙන ගානෙසමහරු කවි පද ලියනවඒ උනාට කඳුළු වලත්කැටගරි බෙදුමක් ...
හිතත් බරවෙයි ඇසුත් උතුරයි සතුටට බස්සිගේ නවාතැන පෙරේදා ඔපීසියේ වැඩ ගොඩක් අස්සෙන් යාන්තම් ඔලුව උස්සනකොටම ෆේස්බුකියට ආ මැසේජයකි."බස්සි, හෙට ඔයා එනවා නේද?"මල හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වාය. ඒ අපේ දිලා නගා ය. බස්සි ගත් කටටම ඇහැව්වේ "කොහේ ද? මොකද්ද?" කියලාය. "නෙළුම් යායට" කී විට තරු පන්ති පිටින් පෙනෙන්නට වූයේ බස්සිගේ අන්දමන්ද මතක ශක්තියේ මහිම ඇස් පනාපිට පසක් වුන නිසා ය.කොහොමින් කොහොම හරි එකට විතර ඔපීසියෙන් පැන්න මං තුමිය ...
හයිකු උණ (Haiku mania) බස්සිගේ නවාතැන පහුගිය කාලෙ බස්සිට හැදුනා උණක්. මේ කියන්නෙ අර උපන්දා ඉඳන් තියෙන මොළේ උණ ගැන හෙම නෙමෙයි. ඒ තරම් දරුණු නැති, හයිකු උණක්.ඉතින් බස්සි කලේ හයිකු කාව්‍ය කලාව ගැන විස්තර හොයා බලපු එකයි. එතනදි බස්සිට තේරුනා අපි බොහොම දෙනෙක් 'මිනි-කවි' සහ 'හයිකු' කියන දෙක පටලවාගෙන ඉන්න බව. හයිකු වෙනුවෙන්ම ලියැවුනු බොහෝ ලිපි වලත්, සිංහලෙන් ලියැවුනු හයිකු කාව්‍යවලත් මේ පටලැවිල්ල දුටු නිසාම ...
ගැබ්බර බැළලි විමලාව බස්සිගේ නවාතැන by Amy Giacomelliගැබ්බර බැළලි විමලායඇක්සයිස් ලැසි ගමන් යනකානු ගැට්ටේ සීතලට නිදියනජෝතිගේ ගීයකටතාලෙට වලිග කොන ගස්සනහාල්මැස්සෝ කෑ හැකිද හැමදාම?කෙලවල්ලො නැද්දැයි විමසනපලා මැල්ලුම් දැක නහය හකුලනඇස් පියාගෙන හාල්මැස්සන්ම ඇහිඳින"ඉස්පිරිතාල වියදම් සැරයනර්ස් බැළලිය තරය නපුරුයඅනේ කන් දිග දොස්තරා සීදේවියෆ්ලැනල් රෙදි දැන් හරි හිඟය"සුදු මහත බලු තෙමඕපාදූප ගෝනියම අහගෙන නිදනකලාතුරකින් යාන්තම් කන් සොලවන"විසිදාහකින් චීස් කෑවැකිසස්ටජන් පිටි ටිකක් බිව්වැකි."දිගට දිගටම කියන"ඒ උනත් රජතුමා නැතිකොටලස්සයක් හම්බුනත් ...
තාත්තා හැමතැනම ඉන්නවා බස්සිගේ නවාතැන යන්නටම ගිහින් බව හොඳටෝම දැනෙනවාහිත කෑලි කැඩී බිම වැටෙනවාකොට්ටයක කමිසයක සුවඳ ඇහැ කෙවනවාතවම ඔබ ඉන්න බව දන්නවාසතියකට එක ගානෙ ගෙනා නවකතා පොත්රාක්කෙන් එබී එබී බලනවාසුදු නැපිය අන්දාපු මහත බෝනික්ක තවපුස්තකාලේ මුරට ඉන්නවාගිහින් එන්නම් කියල කම්මුලක් අතගාපුදිගු ඇඟිලි පහස තව දැනෙනවාගිය උපන්දිනේ මට දුන්නු සුදු ටී කමිසෙහත්දොහේ පිංකමට අඳිනවාවතුර මල ළඟට නාගන්න එන බට්ටිච්චොතාත්තා කෝ කියා අහනවාගියාමයි කිව්වාට නැහැනෙ මම රැවටුනේතාත්තා ...
දොස්තර කානේෂන් සහ අභ්‍යන්තර මල් ගහණ බස්සිගේ නවාතැන හිසරදේ. යාන්තම් කරකැවිල්ලකුත් එක්ක. ඒක කරකැවිල්ලක්මත් නෙමෙයි. අභ්‍යන්තර පද්ධතිවල පොඩි සෙලවීමක් වගේ. ඇඳුම් අල්මාරිය ගාව ඉඳන් අයන් බෝඩ් එක ගාවට යන අතරේ ලා රෝස පාට බිත්ති, භූමිදර්ශන සහිත බිත්ති සැරසිලිත් එක්කම අංශක දෙකතුනක් එහාට මෙහාට පැද්දුනා.රත් වෙච්ච අයන් එක ගවුම් කොලරයට තියනකොටම ආවෙ උඳුනක කරවෙන ඉඟුරු පාන් සුවඳක්. වෙන වෙලාවකනම් ඒ සුවඳ කටට කෙල උණන තරම් ප්‍රණීත වෙන්න ඉඩ තිබුනා. ...
දොස්තර කානේෂන් සහ අභ්‍යන්තර මල් ගහණ බස්සිගේ නවාතැන හිසරදේ. යාන්තම් කරකැවිල්ලකුත් එක්ක. ඒක කරකැවිල්ලක්මත් නෙමෙයි. අභ්‍යන්තර පද්ධතිවල පොඩි සෙලවීමක් වගේ. ඇඳුම් අල්මාරිය ගාව ඉඳන් අයන් බෝඩ් එක ගාවට යන අතරේ ලා රෝස පාට බිත්ති, භූමිදර්ශන සහිත බිත්ති සැරසිලිත් එක්කම අංශක දෙකතුනක් එහාට මෙහාට පැද්දුනා.රත් වෙච්ච අයන් එක ගවුම් කොලරයට තියනකොටම ආවෙ උඳුනක කරවෙන ඉඟුරු පාන් සුවඳක්. වෙන වෙලාවකනම් ඒ සුවඳ කටට කෙල උණන තරම් ප්‍රණීත වෙන්න ඉඩ තිබුනා. ...
කොයි තරම් අපූරුද? කවි හුළඟෙ පාවෙන එක බස්සිගේ නවාතැන කොයි තරම් අපූරුද?කවි හුළඟෙ පාවෙන එකපුස්තකාලෙක ගාම්භීරෙට ඉන්න එකඇණයකින් ලී මිටක එල්ලීපාර අද්දර නටන එකකාරෙකක, බස් එකක, නැත්නම් පයින් හරි ගෙදරකට යන එකආදරෙත් එක්කම ඔතපු බත් මුලකඋණුහුමක් වැදී තෙත් වෙන එකකෑම මේසෙදි ඇස් කොනක දැවටෙන එකයාන්තම් රිදුනටකොයිතරම්නම් මිහිරිදබැදුම් සුවඳක් කැවෙන එකඔන්න පොඩ්ඩක් රිදෙනවා ඇතිහාල්මැස්සෝ, කට්ට කරවලඔතනකොටඒ වුනත් පාඩුවක් නෑ නෙවහාල්මැස්සෙක් උනත්මුහුද පතුලේ මුතු වැවෙන හැටි කියනකොටකොයිතරම් සතුටු දඅලුත් කිරිකැටියෙක් බලන්නටකෑම ...
~ රැලි ~ බස්සිගේ නවාතැන කුඩා සුරඟන තාලයකට හිස නටවමින් කහ පැහැ මුහුදු වැල්ල යාන්තම් ඇවිස්සෙන ලෙස දෙපා සලන්නට වූවාය. ඕ නූස් ය. බුහුටි ය. බටර් පැහැතිය. දුඹුරු පැහැ වටකුරු දෙනෙත් ය. හිස් මුදුනෙහි ගැටගැසූ පොල් මලක හැඩැති අකීකරු හිසකේ ය. මුහුදු රැලි දැරිවිය ඉස්සි ඉස්සී කුඩා සුරඟනගේ නැටුම් තාලය බලා උන්නාය. සුරඟනගේ ලගන්නා සුලු ලණු පැනුම් අනුකරණය කරන්නට ගොස් ගල් තලාවක පයද හප්පා ගත්තාය. ...
ගමන් බිමන් බස්සිගේ නවාතැන "මං හිතන්නෙ මොන්ටිසෝරියෙදි 'නිවැරදිව පාරේ ගමන් කරන්නේ කෙසේද' කියන පාඩම උගන්නපු දවසෙ මං හොර ලෙඩක් අරන් ගෙදර ඉන්න ඇති.""අහා ඒකනම් ඇත්ත. ඔයා එක වසරෙදිත් ඒ පාඩම කට් කරන්න ඇති සුවර් එකටම." බස්සා නොනවත්වාම ලැපට කොටන අතරෙ කියනවා.වෙනදානම් ඔය වගේ කතාවකට උත්තර දෙන්නෙ කොට්ට හෝ මිටිගුලි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් උනත් අදනම් මටත් හිතෙනවා වැඩේ ඇත්ත තමයි කියලා. පාරට බැස්සම මගේ සිහිකල්පනාව ...
කාර්ඩ්, වැලන්ටයින් සහ පඳුරු තැලීම් බස්සිගේ නවාතැන මේ උදා වෙලා තියෙන්නෙ අවුරුද්දේ බොහොම වැදගත් කාලයක්. ඉස්කෝලෙ යන කාලෙනම් මගේ ඩිමාන්ඩ් එක ඉහල යන කාලෙ. කොහොමත් ඒ කාලෙ මං වැලන්ටයින් දවසට සතියකට විතර කලින් ඉඳන් හද්ද බිසී. එකා එකාගේ කාඩ් වලට මැසිම වගේ කවි ලියනවා, හද කම්පා වෙන පඬිවදන් ලියනවා එක විජ්ජුම්බරයයි . මගේ පූරුවේ වාසනාවට වෙන්නැති මගේ කවි බිසිනොස් හැකියාව යුනි එකේ කාටවත් මෙව්වා උනේ නෑ. ඔය ...
රතු දුඹුරු හිතදැඩි බසය බස්සිගේ නවාතැන රතු දුඹුරු කලබල බසයයාන්තම් උඩ පැන පැනගොරව ගොරවා ගාටන'ස්රාස්' හඬකින් පෙරට විසිවී නවතිනගිලගත්තු සිරුරක් දෙකක් වමාරනජනෙල් වීදුරු හෙමින් දිගටම වෙවුලනකාස ඇංජිම මගදිගට කැහැ කැහැ යනඉතා කම්මැලි හෝන් හඬකින්නිදිකිරන ඇස් ඇහැරනමග බලන මල් මුහුණු පෙලකටමහත සැර දුම් ගුලි පිඹිනරතු දුඹුරු කලබල බසයකැස්සකුත් එක්ක හුස්මක් ඇද'අනේ මට ඇති ලෙඩක් නෑ' කියනබෙහෙත් පෙති කොට්ටෙ යට හංගනහිස බමනකොට නතර කර මග කෙලවරඋස කෙට්ටු මිටි ...
"නිල්" අහස යට බස්සිගේ නවාතැන “උර්සුලා තව එක වතාවක් මේ ගැන හිතන්න.” රිචඩ්ගේ කටහඬ උස් බිත්තිවල හැපී දෝංකාර දුන්නා. “ඔයා මේ ප්‍රොජෙක්ට් එකට අත්සන් කලේ මාසෙකට කලින්. දැන් ඒක කැන්සල් කරන්න විදියක් නෑ.”“කරන්න දෙයක් නැහැ රිචඩ්. මම ඉන්න තත්වෙ තේරුම් ගන්න. මේක තවත් එක දර්ශනවාරයක් නෙමෙයි. මාස හයක් තිස්සෙ කැලෑවල් ගානෙ, දිය ඇලි ගානෙ ඇවිදින්න වෙන ලොකු ප්‍රොජෙක්ට් එකක්. මගේ අවසාන තීරණේ මේක.” මං අපහසුවෙන් ...
කැරලි [රස්තියාදුකාර හුළඟකින් බිම වැටුන කවිපදයක්] බස්සිගේ නවාතැන හුදෙකලා සැරියක අතරමග හරිම නිදහස් කොළඹ හුළඟක් එක්වරම ආපස්සටම විත් උයන් කොන කහ මාර ගහ වට කැරකුණා වට අටක් දහයක් 'කෝ කොහිද ඔය මුවග පෙර රැඳුන හසරැල්ල බෝ වෙවී නලරැල්ල හා ඇදෙන ගී ඇල්ල මුළු ඇඟම වැහැරිලා කළුවෙලා හොඳටෝම ඇත්තමයි නෙත් අදහ ගන්න බෑ මට තාම' වෙවුල වෙවුලා කහ මාර ගහ තුනී මල් පෙති දෙකක් හැලුවා හොරෙන් වටපිට - ...
ගල් ගහන අත්වලට පුරහඳ හිතනවට වැඩි දුරයි බං බස්සිගේ නවාතැන අඩ හඳට ගල් ගහන උන්පුර හඳට උඩු බුරන උන්හිතන් උන්නට අහසෙ අයිතියකාට කාටත් සමයි බංඅහසෙ වැටවල් ගහන උන්තරුවලට කෙල හලන උන්දකින ගානේ හඳේ හාවටහිනා හිරවෙනවාලු බංලබන පෝයට මාධවන්ෆාතිමාවත් එක්කරන්එනව කිවුවලු හඳේ හාවටඋඳුපියලි මිටියක් අරංහීන් හඳ පලුවක් අරන්තරු තිතක් නැගුනම ඉතින්අමර නයනා එක්ක ඇවිදින්හඳේ ඔංචිලි පදිමු බංඅහස සින්නක්කර ලියංඔප්පු ගන්නට බෑ ඉතිංගල් ගහන අත්වලට පුරහඳහිතනවට වැඩි දුරයි බං ...
රිදී පාට ආදරේ (4) - අවසාන කොටස බස්සිගේ නවාතැන පළමු කොටස මෙතැනින්දෙවැනි කොටස මෙතැනින්තුන්වැනි කොටස මෙතැනින්හෝරා කිහිපයකට පසු පිරිසිදු කිරීමේ සේවකයෝ කිහිපදෙනෙක් ටැංකිය අසලට ආවා. ඔවුන් මුලින්ම ජල පැලෑටි එකින් එක පරෙස්සමට ඉවත් කලා. අල්යෝශා විගහට සුදු පළිඟු කැබැල්ල මුව තුල රුවා ගත්තා. මලා වගේ පැත්ත වැටිලා උන්නා.“අනේ අසරණ දුප්පතා.” එකෙක් අනෙකාට කිවුවා.නිල් අත්වැසුම් දැමූ අතකින් අල්යෝශාව ඉහළට එසවුනා.“ඌ මැරිල. හොඳටෝම මැරිල.” අනිත් සේවකයා හිස දෙපසට වනමින් කිවුවා.ඉන් පස්සෙ ...
රිදී පාට ආදරේ (3) බස්සිගේ නවාතැන පළමු කොටස මෙතැනින්දෙවැනි කොටස මෙතැනින්“මහ බක පණ්ඩිත ආඩම්බරකාරියක්. ඇසුත් ලොකුයි.” අල්යෝෂා මුහුණ අකුලාගෙන කල්පනා කලා.එක්වරම නිසලව තිබුන ජල තලය මහත රැළි නැංවෙන්න වුනා. දොළ පාරේ මෙන් නොව ඒ මහත දිය රැළි හැම අතටම ගලායන්න වුනේ අල්යෝශාව මවිත කරවමින්.හරියටම ඊට විනාඩියකට පසුව අල්යෝශා ඒ කළබල දියරැලි වලට හේතුව වටහා ගත්තා. සිහින් සිදුරු ඇති කේතු ආකාර කොළ පැහැ දැලක් පොකුණේ ඒ මේ ...