බස්සි නැවතත් කරළියේ! බස්සිගේ නවාතැන හරියටම මීට අවුරුදු හතර හමාරකට කලියෙන් බස්සි කැළණිය විශ්වවිද්‍යාලයේ ෆ්රෙශියෙක්. ඔය කාලේ සෑන්ස් එවුන්ගෙත් ආර්ට් සර්කල් එකක් තියෙනබව දැනගැනීමෙන් උද්දාමයට පත්වෙන බස්සි කලා කවයට හොට දාන්න යාමේ ප්‍රතිඵලයක් විදියට සෙකන්ඩ් ඉයර් අයියලාගේ ෂෝර්ට් ෆිල්ම් එකක නිළියක් වීමේ මරාලයක් හිස මතට කඩාපාත් කරගන්නවා.ඔය කැම්පස් එකේම දෙක වසරේ අයියෙක් ඉන්නවා නිතරම කොම්පීටරේ ඇතුලෙ හැංගිලා ඉන්න, පොඩි පොඩි රොබෝ කෑලි ඇටවීමේ උණෙන් පෙලුන, ...
විසදෘශ | Unparalleled බස්සිගේ නවාතැන නිර්මලා කෑලි හතරෙන් මහතට ගොතාපු කොණ්ඩ කරල් දෙක බෙල්ල පිටිපස්සට දාල හැඩ බැලුවා. ආයෙමත් අත් දෙක කරකවලා කෙහෙ කැරලි අවුල් නොවෙන්න සීරුවට කොණ්ඩා කරල් දෙක අරන් පපුව උඩින් පහළට වැටෙන විදියට දමාගෙන පැත්තට හැරිලා බැලුවා. නළලට වැටෙන අකීකරු කෙහෙමුදුවක් කීකරු කරපු කොණ්ඩ කටුව හෙමින් ඇදලා ගලවලා දැම්මේ කුඩා කෙහෙමුදුවක් දෙකක් හුළඟේ යනකොට ලස්සන බව ඇයට ඇහිලා තිබුන නිසා. ආයෙමත් ඈ ...
තිස්ස නවතින්න! (කවියක් සහ සහෘද සටහනක්) බස්සිගේ නවාතැන තිස්ස නවතින්න!එක්ස්ට්රීම්ලී සොරී - නවතින්න නම් බැරීමෙන්න මගෙ කාර්ඩ් එක, අටෙන් පසු අමතන්න!සැරිසරත් මෙ'වනයෙහි යොවුන් මුව පොව්වෝකළුදියෙත් කිමිද උන් සිප් කිරිම සෙව්වෝබැනර්-කටවුට්-පෝස්ටර්-හෑන්ඩ් බිල් විදිමිනොපිට පෙරැලූ වදන් ඇමිණු දුනු දිය අදිමිඑහෙ තිබුන අඹ ගසුත් කැපුවාමෙහෙ තිබුන අඹ ගසුත් කැපුවාඅඹ ලෑලි ඩෙස් බංකු තනවා -හෝල් ඇතුලට ගාල් කෙරුවාවනමලින් පිරි - සමනලුන් සැරි - හරිත සිතුවම් එඩිට් කරවාලැමිනේට් පිටකවර තනවා - ටියුට් බෙදුවාඔව් ...
හෙලුවෙන් වැනීම සහ තැටිය රත් වූ වෙලාවේ රොටි පිලිස්සීම. බස්සිගේ නවාතැන අපි අපි ගැනම ලැජ්ජා විය යුතුය. වාසු සීයා උත්තරීතර පාර්ලිමේන්තුව තුල හෙලුවෙන් වනද්දී අපි කලේ උන්දෑට බැන අඬගහන එකය. පර සුද්දාගේ බස්වහර කරපින්නාගෙන බටහිරට ඔජෝ වඩන කරුමය හේතුවෙන් අපිට ඒ සත්ක්‍රියාවේ වැදගත්කම වැටහුනේ නැතුවා වෙන්නට ඇත. ඉතින් අපි දිගට හරහට අර අසරණ වයසක මනුස්සයාට බැන වැදුනෙමු ය.හැමෝම බනින්නට පටන් ගත් වනම වාසු සීයා කලබල උනාය. කොහොමත් උන්දෑගේ වයසට එහෙම කලබල ...
මගෙ ලේ කකියනව යකෝ! – මරාගෙන මැරෙනවා යකෝ!!! බස්සිගේ නවාතැන විත්‍යා මියගියාය. අපි කට තදකර වසාගෙන සිටියාය. ඇත්තෙන්ම එය එසේ විය යුතුය. ඈ දෙමලියක් ය. ඉගෙනගත්තේ පුන්කුඩුතිව් වලය. අපි නම් එහෙම ගමක් අහලාවත් නැතිය. සමහරවිට ලෝක ගෝලයේ උතුරු කෙළවරේ තියෙන නොසැලකිය හැකි තරම් කුඩා දූපතක් වෙන්න ඇති ය. ඉතින් අපිට පාන් ද?ඒ මදිවාට උතුරේ උන් මැරුණාය කියන කෙල්ලට සාධාරණයක් ඉල්ලලා පාරට බැහැලාය. සැකකාරයන්ට ගහන්නත් ගිහින්ලුය. උසාවියේ වීදුරුත් කඩලා ය. මැරිච්ච ...
ඉරිදා පොහොට්ටු - 2 බස්සිගේ නවාතැන පළවෙනි කොටස මෙතනින්"මට ඉරිදා මලක් ඕනේ......!!"එයා අත් දෙක මිටි කරගෙන බෑඟිරි තියනවා. ඒ සද්දෙට මුලු ගේම හෙල්ලෙන්ඩ ගත්තා. ලිප්බොක්කෙ නිදාගෙන උන්නු බල්ලා හිටන් බයේ නකුටෙන් කන්දෙක වහගත්තා."පොඩ්ඩක් ඉවසලා ඉන්නකො."මං පරණ මුරුච්චි දෙකක් කන් දෙකේ ඔබා ගන්න ගමන් කිවුව. කොහොමත් එයාගෙ සද්දෙට කර්ණ පටහ පටලය තුවාල නොවී බේරගන්න නම් එක්කො මුරුච්චියක් ගහගන්න ඕන, නැත්තම් බොලොක්කයක් දෙකට කඩල කෑලි දෙක කන්දෙකේ ඔබා ...
කවි ලොසින්ජර (බසු කවි පිටුව) බස්සිගේ නවාතැන වාරණයක් නැතුව එක දිගටම කවි ලියන්න බස්සි කවි පිටුවක් හදාගත්තා. ඒකෙ පළ කරන්නෙ කවි විතරයි. මූණු පොතේ අතන මෙතන කුරුටු ගාන, බ්ලොග් කමෙන්ට් කොටු ඇතුලේ අතෑරල දාල යන කවිවලින් ටිකක් හරි එකතු කරල තියාගන්නයි බලාපොරොත්තුව.නිවාඩුපාඩු වෙලාවට පොඩ්ඩක් ගොඩවෙලා යන්න එන්න කියල හැමෝටම ආරාධනා කරනවා එහෙනම්!කවි ලොසින්ජර - http://basukavi.blogspot.com/ ...
යුද්ධය ගැන මගේ මතක බස්සිගේ නවාතැන “මම ඉස්සර හිතාගෙන හිටියෙ ඉස්කෝලෙන් අස් වුනාට පස්සෙ ආර්මි එකට බැඳෙන්න.” තාත්තා කියමින් උන්නා. “ඉන්ටවිව් ගියා. ඒ කාලෙ යුද්දෙ තිබුනෙ නෑ. ඉතින් හමුදාවට බැඳෙන්න අවශ්‍ය සුදුසුකම් හරියටම බැලුවා. මං ඒ කාලෙ කෙට්ටුයි. හොඳටම කෙට්ටුයි. ඉතින් මාව තෝරගත්තෙ නෑ.”“හොඳ වෙලාවට.” නංගි එකපාරටම කිවුවා.“ඇයි?” මම ඇහුව.“එහෙම උනානම් අපිට මොකද වෙන්නෙ???”අන්න ඒක තමයි කාලයක් අපේ හිත්වල රණවිරුවො ගැන තිබුනු ආකල්පය. හැමෝම එහෙම නොවෙන්න ...
මාධවී කියන්නෙ මම විතරමද? බස්සිගේ නවාතැන මාධවී ඔබටත් ඇහෙනවද?සංගීත සාදයෙහි සල්ලාල වස්දඬුව,ඔබේ නම නැවත නැවතත් ගයන.මුල් ස්වරය ගැඹුරෙන්ද, අවසන් ස්වරය මෘදුවද ,මා ඔබේ නම උසුරුවන විදියටම.නිල් කෙහෙ කැරලිවල සුවඳද,මල් හිනාවක කිකිණි ස්වරයද,දුල් දෙනෙත් විලෙහි ගැඹුරද,මං මිසක් වෙන කවුරුවත් දැන ගත්තෙ කොහොමද?මං හිතන්නෙ මාධවී,අපේ ආදර කතා අහගෙන,හොරෙන් බල බල ලත වෙවී උන් ගඟ දිය,රහස් සේරම කියන්නැති බට පඳුරු ගොන්නට.මුල් ස්වරය ගැඹුරෙන්ද - අවසන් ස්වරය මෘදුවද ,මා ඔබේ ...
ටාරා (බසු ගීත) බස්සිගේ නවාතැන වැඩ අධික දවස්! ඔපීසියෙ වැඩවලින් කරවෙලා තියෙන මොළේ ටිකක් නිවා ගන්න ගොඩවදින බස්සිගේ නවාතැන දිහාවත් බලන්න බැරිතරම් වැඩ ගොඩගැහෙන එක ඇත්තෙන්ම අවාසනාවක්. ඇරත් ෆේස්බුකේවත් කවියක් කුරුටු ගාන්න බැරි තරමට මනස අවිවේකී වෙන එක?හැබැයි නිකම්ම හිටියේ නැහැ. යාලුවො දෙන්නෙක්ගෙන්ම ඉල්ලීම් ලැබුනා සිංදු වගයක් ලියල දෙන්න කියල. දෙන්නම බ්ලොග් ලියන්නෝ. එක්කෙනෙක් අපේ මනා. මනාගේ පින්තාරුව බ්ලොග් අඩවිය කොහොමත් මියුසික් වලටම වෙන්වුන බ්ලොග් ...
නරකම ඉරණම බස්සිගේ නවාතැන අදවත් නැද්ද ඉස්පාසුවක්නැවතිලා දොඩමළු වෙන්න වදනක් දෙකක්මැදිරි කවුලුව අසල - ආසනේ කෙලවරකමටත් දෙන්නට බැරිද ඉඩ ටිකක්?ගී කියනවා තමයි අට අටහමාර ගැනනිදහසේ කරකවා සිහින් අත්හිතනවද මහත් ප්‍රීතියෙන් යැයි මම මෙතැනඔබ දුවනකොට ඔහොම කලබලෙන්"ඩක ඩකස්" හඬ දිදී දුම් පිඹඇස් කොනින් බැල්මකුදු නොම දෙමින්පොඩි කුරුල්ලෙක් දෙන්නෙක්කලාතුරකින් ය ලැගුම් ගන්නෙත්ටියුෂන් ය, රිවිෂන් ය කියකියහදිස්සියකින් ය පියඹා යන්නෙත්පියානෝ එක්සෑමයේ ගීවිතරමයි කටපාඩමින් මුමුණන්නෙත්සාරි, කම්බා, ගවොම්, කලිසම්යන්නෙම ...
මුහුණු (කෙටිකතාව) බස්සිගේ නවාතැන සන්දීරා බස් එකේ ඇගේ ප්‍රියතම ආසනයේ වාඩි වෙලා උන්නා. දකුණු පැත්තේ තුන්වෙනි යුගල ආසනය. කවුළුව අසල. තුන්වෙනි යුගල ආසනය වෙනුවට හතරවැනි ආසනය ලැබීම ඒ තරම් ප්‍රශ්ණයක් නෙමෙයි. පස්වැනි ආසනය වුනත් තරමක් නොමනාපයෙන් දරාගන්න පුලුවනි. හැබැයි දෙවෙනි ආසනය කියන්නේ කවදාවත් හිඳ නොගත යුතු තැනක්. ඒක වෙන්කරලා තියෙන්නෙ ගැබිණි මවුවරුන්ට. එතන ඉඳ ගැනීම අනවශ්‍ය අවධානය ලැබෙන දෙයක්. සන්දීරා අකමැතිම දේවල් අතරෙ ඉහළින්ම ...
ෂාරොන්හි සෙව්වන්දියට, අහස් පෙම්වතා කී කව බස්සිගේ නවාතැන පෙනෙන නොපෙනෙන දුරින්ඒත් හොඳටම ළඟින්ඔබ වටා නීල පවුරක් බඳිමිදිවා කල හිරු දියරපෙරා සිහිලැල් කරනවළාකැටියෙන් රිදී තිර අදිමිපළොල් පැහැ කොපුල් පෙතිවිසිර යන හිත නිවයිතනුක කර රුහිරු බිඳුවළා මත ඉහිරවමිඔබේ පැහැයම ගැවසිසැඳෑ ස්වප්නෙක ගිලෙමිසහස් ගව් දුර පැතිරිසිහිලැල් වු සුවඳක් යබිළිඳු හසරැලි තරම්ඒ සුවඳ පිවිතුරු යනෙත් පියා ගැඹුරටම කිමිදෙමිමත් බවින් මෙන් සිත් රැහැන් බිඳරත් දෙතොල් සිපගනිමිලා සඳේ දාරයක්පිණි දියෙන් දියකරන්ශ්යාම කැන්වසය මත තරු ...
මනුස්සයො! අපිට ප්‍රසිද්ධ වෙන්න පුලුවනි! බස්සිගේ නවාතැන “ඔන්න. ඔන්න බලාගෙන!”“කරාස්!!!” තදබල බ්රේක් පහරකි. “ඒ බල්ලො දෙන්න පොරකාගන්නව. මට හොඳටම විශ්වාසයි අර දුඹුරු තිත් වැටුනු සුදු පාට එකා ට්‍රයි කලේ ගුරු පාට කෙට්ටු එකාව වාහනේ යටට තල්ලු කරන්න.”“ම්හ්! මටත් හිතුනා. හොඳ වෙලාවට අපි කල්පනාවෙන් ආවෙ. නැත්නම් අපිට තමයි ඔය මරණෙට වගකියන්න වෙන්නෙ.” “මම ඒකනෙ කියන්නෙ, ඔය කසිකබල් මෙගා නාට්‍ය යන වෙලාවට ටී.වී. එකක් දාල තියන්නවත් හොඳ නෑ කියල. ...
සුපිරි වෙළඳසැල ඉදිරිපිට ආච්චිලා රබන් වයති (Anti-අවුරුදු කවි) බස්සිගේ නවාතැන "අවුරුදු මේසෙට දෙන්න දෙයක් නැතරබාන තැලුවොත් තුට්ටු දෙකක් ඇත." "වීදුරු ඇතුලෙන් මං දැක්කාඒ.සී. කරාපු වට්ටක්කාමේ තරමට ඉර සැර මක්කාඋන් පින් කරාපු වට්ටක්කා" "බොලං පොඩි නංගි ටිකක් හිටපංඅදත් මයෙ කොන්ද හුඟක් ඇවිලුං" "රන් සපත්තු ජෝඩුවයිපොඩි පැටවුන් තුන් දෙනයිඋන්ගේ දෝත දැකපු සැනින්හිච්චි එකී සිහිවුනයි""උඩින් උඩින් වර පෙත්තප්පූබිමින් බිමින් වර පෙත්තප්පූඋඩින් උඩින් වරබිමින් බිමින් වරකොහා හොයන් වරපෙත්තප්පූ!"~~~~~~~ ...
කොණ්ඩ කැවුමත් යනව වයසට (Anti-අවුරුදු කවි) බස්සිගේ නවාතැන ගෙවෙනකොට අවුරුදු පනහ හැටකොණ්ඩ කැවුමත් යනව වයසටකොණ්ඩෙ හැලුනම කොහොම එන්නදපුරුදු විදියට කෑම මේසෙටකොකිස්, අතිරස, අග්ගලා වුවයාන්තම් පැනි බිඳක් තැවරුවසීනි පැනිරහ කෑම තහනම්ඩයබිටික් හැදුනාම තදටම ...
කොටුරූල් ගම (Anti-අවුරුදු කවි) බස්සිගේ නවාතැන කොටුරූල් පොතක් වැනිකතා නැති ගමතම තමන්ගේ කොටුවලකන බොන, ටෙලිවිෂන් බලනහුදෙකලා රතිඥ්ඥාවක්හිටිගමන් කොටුවක් අද්දර පුපුරන
මහ දාංගල්කාරයෙක් නෙව මේ ඉර! (Anti-අවුරුදු කවි) බස්සිගේ නවාතැන නිස්කාංසුවෙ එකලස්ව ඉන්න බැරුවටරාශියෙන් රාශියකටබට්ටො පනිනවද මන්දාමේ ඉර! රතිඥ්ඥා සද්දෙටගොලුවෙලා වෙන්නැති කොවුල් නදඒත් අඩුවක් නම් දැනෙන්නෑ"කොහෙක්" අඬවයි රූප පෙට්ටිය කුරුලෑ ගෙඩි වලටකැවුම්, අතිරස, කොකිස් අගුණයකාබයිට් කහ කෙසෙල් ඇවරියමකයි සුදු කිරිබතක පාලුව එරබදු ගමේ නෑ දැන්ගිහින් රට රස්සාවටනිවාඩුත් නැතුවැතිරතු ගවොම් ඇඳ ගමට එන්නට ඉන්න බැරිවද එකතැන!මොකට එහෙමෙහෙ පනිනවදමහ දාංගල්කාරයෙක් නෙවමේ ඉර! ...
වසන්තයේ මගේ කොටස සමග අන්නාසි සහ කඩලගොටු බස්සිගේ නවාතැන මේ අවුරුද්දේ සිංහල බ්ලොග් කලාවට වසන්තය උදාවෙලාය. මෙහෙම සිද්ධියක් දකින්නට ලැබුනේ බස්සිගේ බ්ලොග් ජීවිතයේ පළවෙනි වතාවටය. ඉතින් බස්සි අමන්දානන්දයට පත් වූවේය. ඒ රම්පෙට පොරි හැලෙන්න දවස ගානේ ලියන්නම් කියලා හිතාගෙන නෙමේය. දැන් අපිට වසන්ත නිවාඩුවේ කැවුමක් කකා අලුත් වී එන ප්‍රවීණ සිංහල බ්ලොග් හඳුනාගන්න හැකි නිසාය. ඒ නිසා බස්සි වසන්තයේ මගේ කොටස විදියට ඒ බ්ලොග් පෝස්ටු හැකි තරම් කියවමින් ...
හිරු කිරණකට රවන එක බස්සිගේ නවාතැන පහසුයැයි හිතනවදහිරු කිරණකට රවන එක?දිගැටි ඇහිබැම හැකිලීම වුවරිදවන සුලුය නළලතඊට වැඩියෙන් බරයි හදවතවසන්තාරම්භය අභියසබුම්මගෙන ඉන්න පුලුවන්ද මල් මුවකටමින්ට් සුවඳක් කැවුන, සුළඟ ගත වදිනකොටබැලේ රැඟුමක් රඟයි සිතුවිලි නොදැනිමඒ වුනත් ඔබ කියන විදියටහඳක් මෙන් ඉඟිමරනු නොහැකියඋගුල්ලා හැඩ ඇඳපු දෙබැමටඔබ දන්නෙ නැතුවටරොන් හාදු නීතියෙන් තහනම්යමුල් දුවනකොට පාලු හරිතාගාරෙක~~~~~~~~~~~~~~~~~~~ප.ලි.අපේ නුවර කුමාරි ලිවුව මෙන්න මේ කවියට තමයි ඔය පිළිතුර ලිවුවෙ. ...